Menu Close

Tag: Avifauna

හිස කළු කොණ්ඩයා/ශ්‍රී ලංකා කළු ඉසැසි කොණ්ඩයා (Pycnonotus melanicterus)

පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම ප්‍රදේශ දක්වා වනාන්තර, වෙනත් එවැනි  ගස් කොළන් බහුල ස්ථාන සහ ආශ්‍රීත ගෙවතු වල ස්ථානීය වශයෙන් සුලභ මෙරටට ආවේනික…

ඇටිකුකුලා (Centropus sinensis)

 දිවයින පුරා ගෙවතු, වගා බිම්, ලඳු කැලෑ, තෙත් කලාපයේ වනාන්තර මායිම් සහ වියලි කලාපීය වනාන්තර තුලද හමුවන සුලභ දේශිය පක්ෂියෙකි. බොහෝවිට භෞමිකව ගොදුරු සොයා යන…

ඉන්දු දියකාවා (Phalacrocorax fuscicollis)

පහත රට වියලි කලාපයේ ඉතාමත්ම සුලභ දේශීය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේ මෙන්ම කඳුකරයේ පහල කොටසේද තරමක් දුර්ලභ ලෙසින් හමුවේ. කුඩා රංචු වශයෙන් පුංචි දියකාවන්…

සිවුරු හොරා (Terpsiphone paradisi)

 බෞද්ධ භික්ෂූන්ගේ සිවුරේ පඬු පැහැයට සමාන පැහැයක් සහිත පිහාටු සහිත හෙයින් පොදු ව්‍යවහාරයේ සිවුරු හොරා ලෙසින් හැඳින්වෙන මෙම පක්ෂියා උප විශේෂ දෙකක් ලෙසින් මෙරටදී හමුවේ.…

කහ හැලපෙන්දා (Motacilla flava thunbergi)

 මෙරටට පැමිණෙන සංචාරක පක්ෂියෙකු වන කහ හැලපෙන්දන් උප විශේෂ කිහිපයක්ම මෙරටින් වාර්තා වී ඇති මුත් ඒ අතරින් වඩාත්ම සුලභ වන්නේ දිවයින පුරාම තෘණභූමි සහ වගුරු…

කහ කුරුල්ලා (Oriolus xanthornus)

 පහතරට සිට කඳුකරයේ මධ්‍යම ප්‍රදේශය දක්වා වනාන්තර, ගෙවතු සහ වෙනත් එවැනි ගස් කොලන් සහිත ප්‍රදේශ වල සුලභව හමුවන දේශීය පක්ෂියෙකි කහ කුරුල්ලා. ජෝඩු වශයෙන් හෝ…

කන කොකා (Ardeola grayii)

 දිවයින පුරාම පාහේ බහුලව කුඹුරු වල දැකිය හැකි සුලභ පක්ෂියෙකි. එසේම වැව්, වගුරු බිම් සහ කලපු වලද හමුවේ. දිවා කාලයේ ගොදුරු සොයන අතරතුරේ තනි තනි පක්ෂීන්…

ලතුවැකියා/ඇඹල මානකොකා (Mycteria leucocephala)

 පහතරට වියලි කලාපයේ වැව්, වගුරු බිම් සහ කලපු ආශ්‍රිතව හමුවන දේශීය පක්ෂියෙකි ලතුවැකියා. දෙහිවල සත්වෝද්‍යානයෙන් පලාගිය පක්ෂීන්ගෙන් පැවතෙන කොළඹ සහ ඒ අවට තෙත්බිම් වලට සීමා…

කලපු කිරලා/කළුපිය ඉපල්පාවා (Himantopus Himantopus)

 පහත රට වියලි කලාපයේ කලපු, වගුරු බිම්, වෙරල ආසන්නයේ පිහිටි මඩ වගුරු සහ රට ඇතුලට වන්නට පිහිටි වැව් වලද දැකිය හැකි දේශීය පක්ෂියෙකි කලපු කිරලා.…

නිල්පෙඳ බිඟුහරයා/මහ කුරුමිණිකුරුල්ලා(Merops philippinus)

ප්‍රධාන වශයෙන් දිවයින පුරාම පාහේ ඝන කැලෑ වල හැර සෙසු ප්‍රදේශ වල දැකිය හැකි සංක්‍රමණික පක්ෂියෙකි නිල්පෙඳ බිඟුහරයා. වසරේ අගෝස්තු මාසයේ මෙරටට පැමිණෙන නිල්පෙඳ බිඟුහරයා…

කළුකුරුල්ලා/කළු බිම්සැරියා (Turdus merula)

 මීටර් 1000 ට වඩා උස කඳුකරයේ පමණක් හමුවන දේශිය පක්ෂියෙකි. වනාන්තර යටිරෝපනයේ, මනාව තුරු ගොමු සහිත ගෙවතු වල මෙන්ම තේ වතු වලද වැඩිවශයෙන් පොළොව මත…

වයිරපිය මැසිසැරටිත්තා/පුංචි කොවුල් ඇස් පටියා (Hemipus picatus)

සියළුම දේශගුණික කලාප වල පාහේ වනාන්තර සහ මනාව තුරු ගොමු සහිත පරිසර වල තරමක් දුර්ලභව හමුවන දේශිය පක්ෂියෙකි.නමුත් කඳුකරයේ සුලභව හමුවන අතර වියලි කලාපයේදී ගංගාධාර…

ගෝමර සිටිබිච්චා/ගෝමර බට්ටි කුරුල්ලා (Saxicola caprata atrata)

 තරමක් දුර්ලභ දේශීය පක්ෂියෙකු වුවත් කඳුකරයේ මධ්‍යම උස් මට්ටමේ සිට ඉහල කඳුකරය දක්වා තෘණ භූමි, පතන් බිම්, ගෙවතු සහ විවෘත භූමි වල සුලභව දැකිය හැක.…

ශ්‍රී ලංකා කහකන් කොණ්ඩයා/ගුරු කොණ්ඩයා (Pycnonotus penicillatus)

කඳුකරයේ මධ්‍යම උස් මට්ටමේ සිට ඉහල කඳුකරය දක්වා වනාන්තර සහ වනාන්තර ආශ්‍රිත ගස් කොළන් බහුල ගෙවතු වල සුලභව හමුවන මෙරටට ආවේනික පක්ෂියෙකි. බොහෝවිට ජෝඩු වශයෙන්…

පොළොස් කොට්ටෝරුවා (Megalaima Zeylanica)

 සියළුම දේශගුණික කලාප වල පාහේ සුලභව දැකිය හැකි පක්ෂියෙකු මුත් ඉහල කඳුකර කලාපයේ තරමක් දුර්ලභය. ඝන වනාන්තර වලට වඩා ගෙවතු සහ විවෘත ප්‍රදේශ වලට වැඩි…

අළු කොකා/කලපු කොකා (Ardea cinerea)

පහත රට වියලි කලාපයේ වගුරු බිම්, කලපු, වැව්, කඩොලාන සහ මෝයවල් වැනි තෙත් බිම් ආශ්‍රිතව සුලභ ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේ සහ කඳුකරයේද…

කෙටි පෙඳ කුරුමිණිකුරුල්ලා/තඹල හිස් බිඟුහරයා (Merops apiaster)

සීමිත ප්‍රදේශ වල පමණක් දැකිය හැකි තරමක් සුලභ නොවන දේශීය පක්ෂියෙකි. පහත රට සිට කඳුකරයේ මධ්‍යම ප්‍රදේශය දක්වා වනාන්තර සහ ගස් සහිත විවෘත ප්‍රදේශ වල…

විල් කුකුලා/කෝරාවා(Gallicrex cinera)

තරමක් දුර්ලභ දේශිය පක්ෂියෙකු වන විල් කුකුලා වගුරු බිම් සහ පන් ගාල් වල මෙන්ම ඇතැම් විට කුඹුරු ආශ්‍රීතවද පහත රට ප්‍රදේශ වල දිවයින පුරාම පාහේ  හමුවේ.…

බඹර උකුස්සා/සිළු බඹරකුස්සා (Pernis ptilorhynchus)

තරමක් දුර්ලභ දේශීය පක්ෂියෙකු වන බඹර උකුස්සා දිවයින පුරාම පාහේ දැකිය හැකි පක්ෂියෙකි. දේශීය පක්ෂීන්ට අමතරව සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන නොවැම්බර සිට අප්‍රේල් දක්වා මාස වල විදේශයන්හි…

නිල් මහගොයා (Ducula aenea)

දේශීය පක්ෂියෙකු වන නිල් මහගොයා මෙරට තුල හමුවන පරවි කුලයේ විශාලතම සාමාජිකයාද වේ. පහතරට සිට කඳුකරයේ පහල ප්‍රදේශය දක්වාම වූ වනාන්තර සිය වාසභූමිය කරගන්නා නිල්…

විවරතුඩුවා/බෙල්ලන් කොකා (Anastomus oscitans)

හොටේ උඩු සහ යටි කොටස් එකට තබා ගත් විටද මැදින් විවරයක් දක්නට ලැබෙන හෙයින් විවරතුඩුවා ලෙසින් හැඳින්වෙන මෙම දේශීය පක්ෂියා මෙරට දැකිය හැකි ප්‍රමාණයෙන් විශාල…

පුංචි දියකාවා (Phalacrocorax niger)

පහත රට ජලාශ්‍රිත පරිසර වල ඉතාමත්ම සුලභ පක්ෂියෙකි. වියලි කලාපයේ විශාල රංචු ලෙසින් හමුවන අතර කඳුකරයේ කලාතුරකින් පහත රට ප්‍රදේශ වල සිට සංක්‍රමනය වන පක්ෂීන්…

මාල කොබෙයියා (Streptopelia decaocto)

වයඹ දිග වෙරල කලාපයේ සිට උතුර හරහා ඊසාන දිග වෙරල තීරුව දක්වා සීමිත ව්‍යාප්තියක් සහිත දේශීය පක්ෂියෙකි. යුගල වශයෙන් හෝ විසිරුණු රංචු ලෙසින් පොලොව මතු…

අටු වැහිලිහිණියා (Hirunda rustica)

ඊසාන දිග මෝසම් සුලං ආරම්භයත් සමග මෙරටට පැමිණ අප්‍රේල් අවසානය දක්වා පමණ දිවයින පුරාම පාහේ දැකිය හැකි ඉතාමත් සුලභ සංචාරක පක්ෂියෙකි. ඉතා වේගයෙන් පියාඹමින් අහසේදී…

කළු කොණ්ඩයා/කළු පිරි-කොණ්ඩයා (Hypsipetes leucocephalus)

පහත රට තෙත් කලාපයේ සහ පහල කඳුකරයේ වනාන්තර සහ වනාන්තර ආශ්‍රිත ගස් කොළන් බහුල ගෙවතු වල සුලභ දේශීය පක්ෂියෙකි. ඉහල කඳුකරයේ සහ වියලි කලාපයේ ඇතැම්…

පුංචි සුදුකොකා/පුංචි අනු-කොකා(Egretta garzetta)

ඉතාමත් සුලභ ලෙස වගුරු, කුඹුරු, ඇල මාර්ග, කලපු කඩොලාන සහ වැව් ආශ්‍රිතව හමුවන දේශීය පක්ෂියෙකි. පහත රට තැනිතලා ප්‍රදේශ වල සිට කඳුකරයේ පහල ප්‍රදේශය දක්වාම…