Menu Close

Category: Travelers Blog

පොළව ගැඹුරෙන් නික්මෙන හඬ – දොස්තොව්ස්කි

 “මම ලෙඩෙක්…. මම නපුරු මිනිහෙක්. මහ එපාම කරපු ජාතියෙ එකෙක්. මම හිතන්නෙ මගෙ අක්මාව වේදනා දෙනව. මොනාවුණත්, මගෙ ලෙඩේ ගැන තඹ සතේක දෙයක් මම දන්නෙ…

තව එක රැයක් පමණයි..

තනිවම ආකාසෙ කෙළවරක එල්ලුණු අඩ සඳ පොකුරක එක්තරා තරුවකට  යන්තමින් හිනැහෙයි.. සර සර හඬින් සෙළවෙන අඹ අතුපතර අතහැර කොහේදෝ යන සුළඟින් බිඳක් ගෙට එයි.. මේ…

The Babadook – 2014

යම් දෙයකට බය වීම සැහෙන පීඩාකාරී මනෝභාවයක් බව අපි දන්නෙ අත්දැකීමෙන්ම යි. තර්ජානාත්මක යමක්, ජීවිතයෙ යම් නුහුරුදායක තත්ත්වයක් හමුවෙ බිය ජනක හැඟීම් ඇතිවෙන මේ සහජ…

Clouds (2020)

 5 Nov 2020 “ලංකා” පුවත්පත වෙනුවන්, Clouds (2020) චිත්‍රපටය ගැන ලියූ සටහන.. “බොහෝ අයට, ජීවිතයෙ තැමන්ට ලැබී තිබෙන දේවල් වල අගයක් නැහැ. සමහරු ඒ දේවල්…

Dead man walking (1995) – ආගම, ආධ්‍යාත්මය, සදාචාරය

 “ආගම” සහ “ආධ්‍යාත්මිකත්වය” බැලූ බැල්මට බොහොම එක සමානව පෙනුණත් මේ දෙක වෙනස් කාරණා දෙකක්. ආගම, මූලික වශයෙන්, සමූහයක් විසින් අනුගමනය කරන, පොදු ඇදහිලි, විශ්වාසයන්, සිරිත්…

බිතෝවන් ගේ සදාතනික ප්‍රේමවන්තිය – Immortal Beloved (1994)

 වර්ෂ 1827 මාර්තු 26 වන දා, වයස 56 ක් වුණු ඔහු ඇඳේ වැතිරී සිටියා. අක්මාවේ හටගෙන තිබුණු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු සිටියේ ඉතාම අසාධ්‍යව. ජීවිතය…

The Machinist (2004)

 “තවත් කෙට්ටු වුණොතින් නම් ඔයාව පේන්නෙවත් නැතුව යාවි” Stevie  එහෙම කියන්නෙ Trevor ට. Stevie  විතරක් නොවෙයි කාර්මිකයෙක් වුණු Trevor Reznik ව දකින ඕනෑම කෙනෙකුට හිතෙන්නෙ…

Jacobs Ladder (1990)

 ජිවිතය සහ මරණය එකිනෙකාගෙන් වෙන් වෙන්නෙ බොහොම පටු සහ ඕනෑම මොහොත බිඳවැටිය හැකි ඉඩ ප්‍රමාණයකින් බව කිව්වොත් ඒක පැවැත්ම ගැන කරපු ඍණාත්මක ප්‍රකාශනයක් බව ඔබට…

වයර් පොටක සෞන්දර්ය

 තරිඳු ශ්‍රී ලොකුගමගේ, මුහුණු පොතෙන් මම හඳුනාගත්ත හොඳම ලියන්නන් අතර ඉහළම තැනක තියන්න පුලුවන් කෙනෙක්. පොත පත ගැන, වාහන, සුරතල් සත්තු මේ ආදී නොයෙක් දේවල්…

නගරයේ මේ විසල් ඝෝෂාව

නගරයේ මේ විසල් ඝෝෂාව  ඇසෙන්නෙද කොයිතරම් ඉහළට..? උස කුළුණු මුදුන් දැවටෙන මීදුම් ඉසව්වෙන් එපිටට.. ලිහිණින් පියාපත් සලන අවකාශයෙන් ඔබ්බට.. මනරම්ව සත්පාට තැවරෙන දේදුණු රැඳුණු ඉම…

Inside man (2006)

 “මගෙ නම ඩෝල්ටන් රසල්. “කවුද?” කියන ප්‍රශ්නෙට තියන උත්තරේ ඒක. “වුනේ මොකක්ද?” කියන එක හරිම ලේසියි. කිසිම අඩුපාඩුවක් නොහිටින්න සර්ව සම්පූර්ණ  බැංකු මංකොල්ලයක් මම සැලසුම්…

කෘමී ලොවේ දැවැන්තයෙක් Titan Beetle

දකුණු ඇමරිකානු වැසි වනාන්තර කියන්නෙ නොයෙක් ආකාරයේ අරුම පුදුම සත්ත්වයින්ට නවාතැන් දෙන පාරාදීසයක් වගේ කිව්වොත් වඩා නිවැරැදියි. කෘමි සත්ත්වයන් අරගත්තත් ඒ වගේ අපූරුම විශේෂ ගණනාවක්…

නිම්නාගේ ඉතිහාසය

 ෆේස්බුක් එකවුන්ට් එකක් පටන් ගන්න එක ඉතාම ඓතිහාසික සිදුවීමක් වේවි කියල කවදාකවත් හිතුවද? සාමුහික මිනිස් පැවැත්මක ඉළඟ පියවර තීරණය කරන අතිශ්‍ය වැදගත් මොහොතකට තමන් දායක…

ඔව් ඒ ඔබ….

ඉමිහිරිම ගීයක  පාළුවක් හිතට කැන්දන ශෝක බර තනි ස්වරය.. සිනා හඬ ඉහිරෙන ප්‍රිය තෙපුල් වෑහෙන සාදයක අතර මැද  නොහෙලන සුසුම.. උදෑසන රෑ දහවල මුව අගින්…

අසන් බමරුනි..

අසන් බමරුනි රොද බඳින සීගිරි ශිඛරයෙහි රළු පර්වත බිත්ති මත කිමද නුඹ නතර නොවනුයේ මඳකට ඒ බිතුසිතුවම් අසල ? විඳ නෙක වර්ණ හැඩතල නොකියවන්නෙ ඇයි…

සමාජ මාධ්‍යවල නොපෙනෙන මුහුණ. The Social Dilemma (2020)

 කොහේ හරි පොදු තැනක, සමාජයෙ යම් පිරිසක් ගැවසෙන අවකාශයක ටිකක් වටපිට බැලුවොත් දකින්න ලැබෙන බොහොම සුලබ දර්ශනයක් තමා බොහෝ අය ඉන්නෙ තමන්ගෙ දුරකථන තිරයට එබිල,…

කවිකම – Pablo Neruda

 (පැබ්ලෝ නෙරුදා ගේ poetry කවියේ පරිවර්තනය) නොසිතූ ලෙස ජීවිතයෙ එක් යුගයක පැමිණියා කවිය මා සොයාගෙන.. නමුත් කොතැනක සිටද ? ශීත ඍතුවේ පවන සමඟ ද? ගංගාවේ…

උඳුපියලි

පය තබන පොළවේ පෑගෙන. ළංව බැලුවොත් මිස නොපෙනෙන.. ආසා නැතිද මේ උඳුපියලි පතකට වැඩෙන්න ඉහළට මෘදු හාදු අතුරන්නට සුළං නළලත.. උදෑසන  පිනි බිංදු වැළඳ ගෙන…

තවමත්….

ඔබ නික්මගොස් දහ වෙනි ශතවර්ෂය ද ගෙවී අවසන් විය.. සමහර ගීයක පද පේළි අතර මැද හුස්ම නවතින තැන් එළෙසම ය.. යන එන බොහෝ තැන් වල…

සුශාන්ත්..

සුශාන්ත්.. මට උඹව පේනවා.. සාද කතා මැද මහ හඬින් හිනාවෙන මිනිස් මුහුණු මැද උඹේ ඇසිපිය සැලෙනවා.. උස ගොඩනැගිලි වල සීත කාමර ඇතුළේ පරිඝනක යන්ත්‍ර මැද…

ශෝකයේ තැනි බිම

නිබඳ සියොතුන් යන එන වෛරයේ උස ගස් උගුළුවාලූ පසුව ඉතිරි වන්නේ පඬු පැහැති ශෝකයේ තැනිතලා බිම පමණි.. අව් වැසි සැඩ මාරුත එක ලෙස  හුරු වූ…

NoCall

මුතුකැට අකුරෙන් ලියා ඈ දුන්න ලයිස්තුව රැගෙන සාක්කුව පතුලෙන් නැමුම් දිග හැර තුනට හතරට නැමුව ඇවිද යමි පොළ පුරා හෙට්ටු කර වෙළඳුන් සමඟ සොයමින් ලාබ…

සයුර සහ රළ

අතින් අත අල්ලගෙන කිසිම දවසක නැවතුනේ නැතත් ළඟින් එක මොහොතකට.. කිරි කවඩි මුතු පබළු අහුරක් වෙරළ දෝතට තබා යනවාමයි සයුරු රළ…

වර්ණ

පාට බඳුනක් අරගෙනඉර ඇවිත් උදෑසනහීන් කෙදි පින්සල අගින්ලා නිල් පාට ගෑවමකොයිතරම් ලස්සනද අහසට..මිමිණුවා උඳුපියලි පතක්තම සගයෙකුට..හතර අත විහිදුණඉපල් අතු ඉති වහගෙනලා කොළ පාට සළුව ඇන්දමමොනතරම්…

හිතනවද ඔබ එහෙම…

අන්තිම හමුවීමේ අවසන් වැළඳගැන්ම අවසානෙ ඔබ වෙන්වී ගියාට පස්සෙ ආයෙමත් කොතැනක කොයි විදිහකට  හමුවෙවියි හිතනවද.. මහ පාරක බස් රථයක කොහේ හෝ උත්සවයක හරිම සාමාන්‍ය විදිහට…