Menu Close

Category: යාං හෑල්ල

ඔපිස් එකේ කොරෝනාගෙන් බේරෙන හැටි – How to avoid Corona at office

ඡායාරූප අනුග්‍රහය ප්‍රදීපා තෙන්නකෝන් රස්තියාදුකාරී මං දන්නා වෙදකමක්වත්, වෙන ඉටිගෙඩියක්වත් නැති බව පළමුවෙන්ම කියන්න ඕනා. මං දන්නා එකම වෙදකම වෙදමහත්තයෙක්, නෝනෙක් දෙන බෙහෙතක් උඩ බලාගෙන…

නිදහසට කරුණු – Reasons for freedom

හෝව් පොඩ්ඩක් හොව්…. ඔයි හිටු පෝලිං පයින්නැතුව. පළමුවෙන්ම මෙන්න මේ සබැඳිය හරහා ඔබනලයට (Youtube) යන්න. ඒ ගෙහුං අටංපහුර සබ්ස්ක්‍රයිබ් කරලා ලයික්කෙක් දාලා අටමාගේ යුටියුබ් චැනල්…

කංචුක රේඛා – 1

මෙහි අඩංගු සියලු ඡායාරූප ප්‍රවීන ඡායාරූප ශිල්පී ම.ලි.ර. සුරංග මයා විසින් ජංමග දුරකථනයෙන් ලබාගත් දුර්බල ඡායාරූපයෝය. පොටෝ කොපි ගැසීම, අච්චු ගැසීම, ගල් අච්චුවේ මුද්‍රණය, ලඟ…

beauty of a wire thread

වෑර් පොටවල් හිංදා මං බොහෝ දේවල් කා ඇත්තෙමි. මුලින්ම කෑවේ ගුටි වෙන්න ඕනාය. “තොගෙ මේ කැවුතු කැටි වෑර් කෑලි ගිහිං ඕන බිබික්කමක් අස්සෙ ගහගනිං. ආයි…

හිච්චි මැන්ඩිස් පුතා වෙත ආදරයෙන් ලියමි

පුතේ,මේ ලියමන පුතාගෙ දෑහිම්ම කියවාගන්නටත් තේරුං ගන්නටත් තව අවුරුදු පහලොවක් විතර යන බව මං දන්නවාය. ඒ උනත් ඒ කාලෙට පුතාට මෙව්වා කියා දෙන්නට මේ සුරං…

චිත්‍රපටි හෙවත් drawings tapes – 1

ඉස්සර වාරෙකට එකක් විතර අපේ තාත්තා මාරාන්තික ලෙස වලි ඇදගෙන අපිව ගෙදරින් එලෝලා දවසක් දෙකක් අපිට ගේ පැත්ත පලාතෙ යන්නට නොදෙන කාලයක් එනවා. ඒ කාලෙට…

ඉඩං හෙවිල්ල – බ්‍රොකර්ලා

Add caption “ෂෝක් ඉඩමක් තියෙනවලු පොතුපිටි දිහාවෙ, තේයක්කරයයි ගේයි.““කීයක් කියනවද?““ගානක් නං කිව්වෙ නැහ්ලු““කාගෙද ඉඩම?“ “මට කිව්වෙ මේ අපේ ගෙවල්ගාවයිය කෙනෙක්. ඒ ගොල්ලංගෙ මල්ලිගෙ පවුලගෙ මහ…

නින්ද, ගෙදරින් පැනීම සහ පීතු පාදං නමා මහං

නින්ද මනුස්ස සරීරෙට අත්‍යාවශ්‍ය මෙව්වා එකක් බව පිටරටවල විද්‍යාඥයන් හිට කිව්වත් අපේ මාමා ඇතුළු සකල ලංකා වාසී ගුරුභවතු, පවුලේ අය, පාරෙ යන මිනිස්සු සේරම හිතන්නෙ…

දානෙ 3

ඊළඟ වටේ පටං ගත්තෙ රෑ අටට විතර. “අම්මෙ මට ලොකු තාච්චියක් එහෙම ඕනි“ චූටි මැණීකේ තමුංගෙ මෑණියන්දෑ ඇමතුවා. “දැං මොකටෙයි සුදු පුතේ තාච්චි? උදේට තිවුනං…

දානෙට යාම, ට්‍රැපික් පෙරහැර, මාර්ග නීති සහ දිගංචියා අතුරුදහන් වීම (Attending to alms giving, traffic Perahera, traffic law and disappeared tall man)

දං දීම සෑහෙන පින් සිදුවන දෙයක් බව දහම් පාසලේ දී අපට කියා දී තිබුණත් මේ දං දීම කියන්නේ ලඳු කැලෑ වල හැදෙනා දං ගහෙන් කඩාගන්නා…

මගේ ලිවිල්ල, වාසගම ආ හැටි හා ඊජිප්තුවේ මැටි පුවරු

කාලෙකින් මොකවත් ලියන්නට බැරිවීමත්, ලියන එව්වා මටම එපාවීමත් හංදා කාලයක් තිස්සේ හරි හමං ලිපියක් පළ කරන්න බැරිවුනා. අද ලියන එකවත් අවසන් කරන්න පුළුවං වෙයිද බලමුකො.…

තොරණ හෙවත් Pandol – 7 වලිය

ලිපෙන් බාපු හැලියකින් පිඟානට බෙදපු මයියොක්කා කෑලි ටිකක් වගේ අපිත් ඇඟේ දාඩිය නිවෙනකං බලාගෙන ඉන්නව. ඒ අතරෙ අපේ පියසේන මාමා විතර උස මිනිහෙක් ඔලුව වටේට…

තොරණ හෙවත් Pandol – 5

හිඟන්නෙක්ට යමක් දුන්නත් පිං දෙනව ඇහෙන්නෙ අහල පහල ඉන්න අයට විතරයි. පන්සලේ හාමුදුරුවන්ට දුන්නත් සමහර වෙලාවට ‘පිංසිද්දෙච්චාවෙ’ කියනව විතරයි. එව්වා දිවිය ලෝකෙට ඇහෙනවද කියල ෂුවර්…

තොරණ හෙවත් Pandol 2

තොරණෙ පලවෙනි දවසෙ එන සෙනග මදි වගේ කියල හිතුනොත් දෙවෙනි දවසෙම ‘ලයිස්පීකරකට්ටක්’ බැඳපු වෑංකට්ටක් අහලපහල ගංවල කෑගගහ ඇවිදිනව. “අඤඤා ඤාඤ ඤා ඤඤඤඤ ඤඤඤාඤේ………….. ඤාඤා ඤාඤ…

තොරණ හෙවත් pandol – 1

“මේ ගමන වෙදමහත්තෙයෑ තොරන ගහන්නැහ්ලුද?” කටත් ඇද කරගෙන පුවක් ගෙඩියක් කපන අපේ ආතා ඉස්තෝප්පුවෙ ඉඳං ඉන්න නිමල් අයියගෙං අහනව. “ගහයි ගහයිඊඊ. ඔයියකා ඕක නොගහ ඉන්නෑ…

කෙල්ලො පස්සෙං යාම හෙවත් following girls

“අපි ඉතිං ජීවිත කාලෙම මාන්සිවෙන්නෙ ළමයින්ගෙ දෑස පාදන්න තමයි.” ළමයිංගෙ දෑස් පාදන එක මෝය කට මැද්දෙ පොල්වලක් කපනව තරං අමාරු බවක් පෙන්නන ගමං හුඟක් ගුරුවරු…

චන්ඩි සහ බට්ටා

මෙන්ඩයියා පහුගිය කාලෙ ලියාගෙන ආපු පාසල් කාලේ ප්‍රේම කතාව කියවාගෙන යද්දි මට මං ගැනම “ඉදකිං” කියල හිතුනා. අනික් අය කියන දේවල් එක්ක බැලුවත් ඉස්කෝලේ දහය…

කනපිට මාකෝනි

පහ වසරෙ දරුවෙක්ගෙන් රේඩියෝව හොයාගත්තේ කවුද කියලා ඇහුවොත් උත්තරේ ලැබෙන්නේ “මාකෝනි” කියලයි. රූපවාහිනිය හොයාගත්තෙ කවුද ඇහුවොත් කියන්නෙ  “ජෝන් ලොගී බෙයාඩ්”  කියලයි. ඒ දැනුමට තවත් යමක්…

දානේ….

මේ වෙසක් මාසේ පිං කරගන්න ඕනෑ. පිං කරන හොඳම ක්‍රමේ නං දාන දීම. ගෙදරක සාංඝික දානයක් දෙනවා කියන්නේ තව ඉඩමක් ඇරං ගෙදරක් හදන්න තරං වියදං…

ගුවන් විදුලිය හෙවත් Air Electricity – 3

ගෙදර මිනිහ බීල ඇවිල්ල රණ්ඩු කරද්දි ගෙදර ගෑනිගෙ දත් එකිං එක අඩුවෙනව වගේ කලක් යද්දි අපේ තාත්තගෙ අඩන්තේට්ටං හිංදා රේඩිවේකෙ කෑලිත් අඩුවුනා. මාසෙකට දෙතුං පාරක්…

ගුවන් විදුලිය හෙවත් Air Electricity – 2

රේඩිවේක ආයිමත් කට අරින්නෙ රෑට හතට විතර. තාත්තා ගෙදර ඇවිත් එයාගෙ ධර්ම දේසනාව පටං අරගෙන ටිකක් වෙලාවක් ගියාට පස්සෙ හදිස්සියෙම “ර්ර්රංග…. අද සේඩිවේකෙ නාට්ටි තියෙනවද?”…