ඔව්, මං සතුටින්! මේ ලෝකෙ ඉන්න කාටත් වඩා සතුටින්. කෑලි කපන්න පුලුවන් කට්ට කලුවරයි, උණහුම් සයනයයි, නිනව්වක් නැතිව ඇදහැලෙන මහ වරුසාවෙ සද්දෙයි… ඒ ඔක්කොම අස්සෙ…
බබා, ෂැල් වී මැරි නව්? වෙලාව මැදියම් රැයට ආසන්නයි. මං ඇහුවෙ වෙලාවට ගැලපෙන ප්රශ්නයක් නෙමෙයිද මංද. ඒත්, මට තව තත්පරයක්වත් නාස්තිකරන්න ඕනි උනේ නෑ. නව්? යාහ්, අන්ඩර් දිස් ස්ටාර්ඩ් ස්කයි… යාහ්, ෂුවර්… ටේක් මයි හෑන්ඩ්… ඩාලින්, ආර් යු රෙඩි… යර්ස්……
විදදරා ගනිමින් අනේක දුක්ඛ දෝමනස්සයන් රුදුරු අපහාසයන් රැවුම් ගෙරවුම් චිත්ත පීඩාවන් ගතකලෙමි කාලය උදෙසා පමණක් රන් කහවුණූ නමුදු, ගතවුවත් කාලය උදේ රෑ යලි උදේ…
මචං මට මේ උදව්ව කරලා දියන් කොහොමහරි, එච්චරයි මං උගෙන් ඉල්ලුවෙ. උතුරු පලාතෙ වැඩ කරපු තැනේ හැටියට තව සති දෙක තුනකටවත් මට අලිමංකඩින් මෙහාට එන්න කිසිම චාන්ස් එකක් තිබුනෙ නෑ. ඒකයි මං මගෙ අතිජාත මිත්රයට කෝල් එකක් ගත්තෙ. ඒ වෙනකොට ගිමාගෙ ෆෝන් නම්බර් එකක්වත් වැඩ කරන තත්වෙක තිබුනෙ නෑ. එකම එක දවසක් ක්ලාස් එකේදි හම්බුන යාලුවෙක්ගෙන් මැසේජ් එකක් එවපු නොම්මරයක් ඉන්බොක්ස් එකේ තිබිලා ඒකට කතා කරලා වැද වැටිලා තමයි මේ කිව්ව විස්තර ටිකත් හොයාගත්තෙ. එයා කිව්වෙත් එයාලා “යාලුවො” නොවන බවත් එකම එක දවසක් එක ලගින් ඉදගත්ත යාලුවො(?) විතරක්ම බවත්… පෙම්වතුන් උනාට පස්සෙ අපේ පලමු හමුවීම සිද්ධ වුනේ බස් එකක පෙම් මුල්ලකවත්, පාක් එකකවත් නෙමෙයි. ඒක හරිම අමුතු කතාවක්. කිලෝ මීටර් 159 ක් දිග ලස්සන ආදර කතාවක්. අපේ පලවෙනි නැවතුම උනේ කොත්මලේ යන අතරමග තිබුන වැල් පාලමක්. මං එයාව පරිස්සමින් වැල් පාලමින් එහාට මෙහාට එක්කගෙන ගියා. පහලින් ගලාගෙන ගිය ඔයයි, කාත් කවුරුවත් නැති මනස්කාන්ත පරිසරයි අපි දෙන්නයි, ඒක හරි ලස්සන ගැලපීමක් උනා. ආපහු එන ගමන් වැල් පාලම මැදදි, මං එයාගෙ නලලත සිපගත්තා. එයා ඇස් වහගත්තා. ඒක තමයි අපේ ආදරේ ප්රකාශිත මොහොත… පලමුවරට… මං ලග සාක්ෂි විදියට කාටහරි පෙන්නන්න තියෙන්නෙ එදා මං ගත්ත ෆොටෝ කීපයකුත් මගේ මතකයත්, වට්සැප් මැසේජ් ටිකත් විතරමයි. ආරංචිය ආපු විදියට එයාගෙ තාත්තා හදිසියෙම අන්තරා වෙච්ච එකත් එක්ක එයා ෂොක් උනා වෙන්න බැරි නෑ. ඒත් එයාට මේ වෙලාවෙ මාව ඕනෙ. ඊටත් වඩා මං මේ වෙලාවෙ එයා ලග ඉන්නෝනි. ඉතිං ඒ නිසයි මං මගෙ අතිජාත මිත්රයාට මේ වැඩේ බාරදුන්නෙ… මිනිහා කොළඹ ගිහින් එන ගමන් මං දුන්න විස්තර ඔක්කොම ගලපලා කෑගල්ල ආදාල ඒරියා එක වටේම කරක්ගහන්න පටන්ගත්තා. මං දුරකථනයේ එහා කොනේ එල්ලිලා සර්චින් ඔපරේෂන් එක කෝඩිනේට් කරනව යමරෙට. මිනිහා හතර වටේ ගෙවල් කීපයකින්ම ඇහුවත් පුදුමයට කාරණාව උනේ ඒ කවුරුවත් එහෙම කෙනෙක්ව අදුරන්නෙවත් නැති එක. කෙල්ල කෙසේ වෙතත් අඩුමගානේ තාත්තා ගැන විස්තරයක්වත්? මේ විදියට පැයක් එකහමාරක් විතර හොයලා බලල හෙම්බත් උන මිත්රයාට හොයාගන්න පුලුවන් උනේ පොරගෙම වටෙන් ගොඩින් දන්නා අදුනන පවුලක් විතරමයි. ඒකත් ඌට චාන්ස් එක. අන්තිමට බැරිම තැන ඌ මගෙන් ඇහුවා මොකද කරන්නෙ කියලා. මං මේ වෙනකොටත් පුලුවන් හැම කාඩ් එකම ප්ලේ කරලයි තිබුනෙ. අන්තිමට මං තීරණය කලා තුරුම්පු ආසියාත් ගේමට අතාරින්න, ඇගේ ෆොටෝ එකක්. මං ලග තිබුන එකම එක සාක්ෂිය. මාත් එක්ක මොනර කන්දෙදි ගහපු ෆොටෝ එක. මං ඉක්මනට ඒක මිත්රයාට යැව්වා. ඒ ක්ෂණයෙන් ආපහු මට කෝල් එකක් ආවා, උගෙන්…. මෙහ්, දැන් උඹ කිව්ව හැම තැනම මං හෙව්වා. ලගපාත ගෙවල් වලින් අහල බැලුවා. එත් කවුරුවත් ඒ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. දැකලා නෑ. අනික, උඹට ෂුවර්ද… උඹ මට විහිලුවක් නෙමෙයි නේද කරන්නෙ? -පිස්සුද බං, ඇයි එහෙම අහන්නෙ. මේ ෆොටෝ එකේ ඉන්නෙ උඹ විතරයිනේ!
මම දන්නෙ නෑ ඇයි එහෙම වුණේ කියන්න..,මම දන්නෙ නෑ එහෙම වෙනවට මගෙ අකමැත්තක් තියනවද කියනඑක..,මම දන්නෙ නෑ ඒ හැඟීමට දෙන නම මොකද්ද කියන්න..,අනික මම දන්නෙ…
තවත් දවසක නිමාවක්. වෙනද වගේම කාර්යබහුල වැඩකටයුතු නිමා කරලා නිදහසේ හුස්මක් ගන්න කියලා හිතාන බෝඩිමට ඇවිත් ඉදගත්තා විතරයි. නාදුනන නොම්මරයකින් ඇමතුමක්. ඒ විදියට තමයි මේ…
යමුද අයියෙ? හ්ම්… මං වෙන මොකුත් කියන්න ගියේ නෑ. කට වහගෙන එතනින් එළියට ආවා. ඇවිත් හෙල්මට් එකත් ඈට දීලා සද්ද නැතිවම බයික් එකට නැග්ගා. හීමිජ්ජා…
අයියේ, ම්… මොනවද බොන්න කැමති තේද, කෝපිද? කලු කෝපි… හුග කාලෙකින් බිව්වෙ නැති නිසා මං එහෙම කිව්වා. මං දිහා අමුතු ආදරණීය බැල්මක් දාපු ඈ දඩි…
ඈත ඉදන් කඩාන එන මූදු හුළගට පොයින්ට් එක වටකරලා තිබුන තල් අතු ගැලවෙන්න ඔන්න මෙන්න වගේ හෙලවෙනව. මං දකුණු අත වෙපන් එකෙන් උඩට අරන් කැප්…
ශ්රී ලාංකිකයන් කියන්නෙ හරිම ලස්සන ජාතියක්. පාට, පක්ෂ, ආගම්, ජාතීන් කොච්චරවත් මේ සුන්දර ලංකාවේ ජීවත් උනත් පොදු දේකදි මේ හැමෝම එකට එකතු වෙනව තරම් ලස්සනක්…
ජනෙල් කූරු අතරින් හමාඑන සුළග පවසන්නේ නිමාවද තවත් දිනයක නැතහොත් ඇරඹුමද කුරිරු මොහොතක ගතට නැගෙන වෙහෙස පරයා ගැහෙන දෙගිඩියාවෙන් පසුවන හදවත රිදුම් දෙන, කකියන අතපය…
මං වෙනදා වගේම ටෝච් එකයි වෙපන් එකයි අතේ තියාගෙන පොයින්ට් එකට වෙලා පාර දිහා බලාන ඉන්නවා. දවස පුරාම දුවලා පැනලා මහන්සිවෙලා ඇගට හරිම අමාරුයි, නිදිමතයි,…
තවත් වැහිබර හැන්දෑවක්! කාලෙකට පස්සෙ වැටෙන ධාරාණිපාත වැහි බිංදු වලින් පරිසරය කුල්මත් කරද්දි වහලෙට කඩාන වැටෙන වැස්සෙ සද්දෙන් ඔෆිස් කාමරේ පිරිලා යද්දි මාත් සිව්මහල් ගොඩනැගිල්ලෙ…
වෙලාව දවල් දෙකත් පහුවෙලා. කර්කෂ අව්ව මැද්දෙ චූටි රෝස පාට කුඩෙත් ඉහලගෙන ශානි වැව පාර දිගේ හනි හනිකට ඇවිදගෙන ඇවිත් සේන මාමාලගෙ කඩුල්ල පැන්නෙ රටක්…
දැරුවත් යත්න හදුනාදෙන්නට නුඹට රිදෙන බව මට වැරදි බව නුඹ ඉනි මිටක් විය එය ගගට කැපූ ඒදා මෙන් අදත් සිදවූයේ ඒකම දෙයකි පිළිගත්තා පමණකි අවසන…
මං ඒක දැක්කෙ අහම්බෙන් වගේ… කවුරු හරි පාගලා, පොඩිකරලා, විසි කරලා දාලා තිබුන මලක්. ඔව්.. රතු රෝස මලක්. හැමතැනම තැලිලා, පොඩිවෙලා තිබුනෙ. ඒත් මට ඒක…
දන්නවද, මං කාගෙවත් ඔරලෝසුවක හිරවෙලා හිටිය කාලයක් තිබුනා. මං ඒ ඔරලෝසුවෙන් ඉල්ලුවා, මං වෙනුවෙන් වෙලාවක් දෙන්න කියලා. ඒත්, මොන කරුමයකද කියලා දන්නෙ නැ. මට හම්බුනෙ…
තවත් වැහිබර හවසක්. රාජකාරි අහවර කරලා සීතල වතුරින් ඇගපත තෙමාගෙන මං කැමතිම පුටුව අරගෙන ජනේලය ලගින් තියාගත්තේ එළියෙන් එන වැසි පුසුඹ ඉබින්න හිතාගෙනමයි. කෝපි කෝප්පයක්…
වෙලාව හැන්දෑවේ 7ත් පහුවෙලා. වෙනදා වගේම මං එයා එනකං බලාන ඉන්නවා. නෑ.. එයා එනකං මං තවත් බලාන ඉන්නෙ නෑ. ඒ කියන්නෙ තරහකටවත් වෙන මොකක් නිසාවත්…
රූට් එක (දළ වශයෙන්) දවස අගෝස්තු 02, මාස දෙක තුනකට කලින් සේවා ස්ථානයෙන් මාරුවීමක් ලැබිලා පිටත් වෙලා ගිය බදුල්ලෙ සහෝදරයට පොරොන්දුවක් දීලා තිබුනා නිවාඩුවක් ලැබුන…
රාත්රී නිසසල පරිසරය සසල කරමින් පුපුරා ගිය වෙඩි හඩ ප්රදේශයම අවධි කලේ වෙඩි ශබ්දය පලාතින් වියැකී ගොස් වසර ගණනාවක්ම ගතවී තිබුන බැවිණි. වහාම ක්රියාත්මක වූ…
ඒක ඇවිල්ලා වැහි දවසක්. දවසක් කිව්වට දවසක්ම නෙමෙයි, වැහි හවසක්. ඇදිරි වැටිලා වටපිටාව ලස්සනට තිබුනා. මං හීන් සැරේ පාර දිගේ ඇවිදන් යන්න පටන් ගත්තෙ අහස…
මටත් වඩා උඹ මං ගැන හිතද්දි මාව පරිස්සම් කරද්දි ජීවත් වෙන්න තව දවසකට හරි අාසාවක් අැතිවෙනවා සත්තයි හිතටත් නොදැනීම… උඹේ අතින් අල්ලගෙන උරපත්තට ඔළුව තියාන…
සමහර දේවල් තියෙනවා අපි කැමතිම දේ නොවුනත් අපිට කරන්න වුන දේවල්… හොදකට හරි නරකට හරි ඒත්, ඇයි අපි ඒක අතාරින්නෙ නැත්තෙ? අපි බයයි අපිට නැතිවෙයි…
මට දරු පැටියෙක් ඔනෙ! – මේ දැන්?දැන් නෙමෙයි මැට්ටො, බැදපු ගමන්ම– දෙන්නංකෝ පෝලිමක්ම, පඩිපෙල වගේමං හිනාවුනා… – තමුසෙ කොහෙද මෙච්චරකල් හිටියේ?– මොන රෙද්දක් කලාද අතුරුදහන්…
රෝද දෙකෙන් මව්බිම වටා බයික් ටුවර් යන්න පටන් ගත්තට පස්සෙ, ලංකාවෙ ගොඩාක් තැන් කවර් කලාට පස්සෙ හිතේ ඇදුන ලොකුම හීනයක් උනේ ලංකාව වටේ බයික් ටුවර්…
මේ දවස්වල අැතිවෙලා තියෙන හුට්ටප්පරත් එක්ක බුකිය, වට්ස්අැප්, වයිබර් අැතුලු සෝෂල් මීඩියා අවහිර කරන්න රජය පියවරක් ගත්තා. එ් ගත්ත තීරණය ගැන වාද විවාද කොච්චර තිබුනත්,…
වසර දෙකට විතර කලින් ඉයන් කරපු චැලේන්ජ් එකක විස්තර මට කියවන්නට ලැබුනෙ මීට වසරකට විතර කලින්, මොකද එ් දවස්වල මං බ්ලොග් ලෝකෙන් මාස කීපයකට අතුරුදහන්…
කලාව කලාව උදෙසාද? කලාව මිනිසා උදෙසාද? මේක අැවිල්ලා අතීතයේ ඉදන්ම වාද විවාද වලට ලක් උන කාරණයක්.එ්කෙ හරි වැරැද්ද මොකක් උනත් මටත් හිතෙනව මේ ගැටලුවට…
මගෙ දෑසට අහුවුනේ හෙමි හෙමිහිට කැරකෙන විදුලි පංකාවේ පෙති පමණි, අප්රාණික බවක් පෙන්නුම් කරමින් නගන්නාවූ කෙදාරිලි හඩ එහි පෞරාණික බව මොනවට විදහා දැක්වීය. එදා මෙදා…