Menu Close

Category: පරිවර්තන….Parivarthana

අ(න)වබෝධය

  හරිතවන් තණබිම්, සාරවත් උයන්වතුඋසැති කඳු හා සුවිසල් සයුරු ඇති,ඉර-හඳෙන් එළිය වූ අහස ඇතියශෝධර ලෝකයක් මවුකුසෙන් එපිට ඇති වගකිසිවකු කියුවහොත්නූපන් දරුවකුටවිශ්වාස නොකරයි හෙතෙමඒසා දෙයක් අභූත. කෙලෙස…

සිතිවිල්ල

    රාත්‍රීන්වල ගැඹුරු නිහඬබව මැදසඳ නිදි කිරන විටමල් පිරුණු අතු ඉතිසෙමෙන් නැලැවෙන කල විල් කැඩපතෙහි දිය වීතරු සිය ගමන නවතන කලසැම වනස්පතියක්ම කටුසනක් වීපත් වේ…

බෂෝගේ* පැල්පත

  මුළු ලොවම අරක් ගනියිමාත්‍රා සතළොසකට** සහඔබට, මේ පැල්පත තුළ. පිදුරු වහලය, රුක් කඳන් පෙළ:බුදුවරු වඩිත්, කෘමිහු පැමිණෙත්අතරින් විවර. වාතයෙන් නිර්මිතව,පයින් ගස් හා ගල් අතරදලුලයි කවිය. පණකුරුද ගතකුරුදඑක්…

මැදියම් රෑ හන්දියේ බේකරිය

  මැදියම් රෑ හන්දියේ බේකරියේපාන් සහ බටර් විස්කෝතුපිළිස්සෙන අතරමා කුඩා සන්දියේ රහ්මන්දමා සමඟ කැරම් සෙල්ලම් කළඅස්මත්ගේ දිලිසෙන ඇස්දනැඟේ මා මතකයට මැදියම් රෑ හන්දියේ බේකරියේපාන් හා බටර්…

නැති වූ දේවල්

    අඹ ගහ යට වියළි කොළ අතර නැතිවුණුදිලිසෙන ජිල්බෝල දහය,වැහි නොවැටුණු දාකඅපූගේ බාබර සාප්පුවේඅමතකව ගිය කුඩය,ගමේ පාසැල ඇරී එන’තරකජු ගහට නඟින විටසාක්කුවේ සිට බිමටකිමිදුණු…

ගංගාවක්

    නගර ගැන, දෙවොල් ගැන ගැයූ කවියන්ගේ මෙන්මදෙවොල්වල නගරය වූමදුරෙයි නුවර,සෑම ගිම්හාන කලෙකමනිරාවරණය කරමින්‍ වැලිපරගඟක් වියැළී යයිසිහින් දිය දහරක් බවටවාලුකා තලය මත.මල කෑ යපොලු ඇති…

ජපානයේ වනගත ගිරිකඳුරක නටබුන්වන පැරණි බුදුරුවක්

    දිග වැහි ඇලි, තුසරයේ රැයවල් සීත නිරාවරණය කරනුය ඔබ මුදු හැඩය ගෙවී ගිය පෙඳ පාසි වැකි ඔබ වුවන දිලෙයි තවමත් සන්සුන්ව.   අනන්තය…

පුනරාගමනය

  ක්‍රමයෙන් විසල් වන සර්පිලාකාර පථයෙහිකැරකි කැරකී ඉහළ යන උකුස්සා හටනොඇසේ උගේ ස්වාමියා නඟන හඬ;‍බිඳී විසිරී යයි සියල්ලම; පෙරමුණේ මධ්‍යයට තවත් දරා ඉනු නොහැක;මුළු ලෝකය පුරා…

හිමිදිරිය

  සුදුමැලි රෝස පාටින් හා නැතිව යන නිල් පැහැවලින් කළ දියසායම් සිත්තමකිය අහස. හිරුඑළියේ දිලෙන තෙතබරිත හරිත පැහැ අතර, ජීවිතයේ නැවුම් සුවඳක් එළිමහනෙන් සොරාගෙන මගේ…

හේමන්තයට…

  පිදුරු පියැසි මත ඇදෙන  මිදිවැල් පලෙන් පුරවා අසිරි ගන්වන්නට,ගෙවතුවල ඇති පාසි වැකි තුරු ඇපල් පලයෙන් බරකර නවන්නට,සියලු පලවැල මදය දක්වා ඉමිහිරි රසයෙන් පුරවාලන්නට,පුසුල් පල…

නස්රුදීන්ගේ කතා II

  විශ්වාස කිරීම  නස්රුදීන් වැඩිය කැමැති නැති අසල්වැසියෙක් දවසක් ඔහුගේ ගෙදරට ආවා. නස්රුදීන්ගේ බූරුවා ටිකකට ඉල්ලා ගන්න පුළුවන්ද කියලා අසල්වැසියා නස්රුදීන්ගෙන් ඇහුවා. තමන් අකමැති අසල්වැසියාට…

ඔබ පුන්සඳ වේද නැතහොත් හිරු මඬලම වේද

  ඔබ පසළොස්වක පුන්සඳ වේදනැතහොත් හිරු මඬලම වේදඒ කවරක් වුවද, දිවුරමිනැත අන් කිසිවකු ඔබට සම වළාවක් වැනිය ඔබ වරල වැටුණු උර මතඔබ දෙනයන සදිසිය මදිරා පිරි කුසලානප්‍රේමයේ…

සංවේදනා

  ගිම්හානයේ නිල්වන් සැඳෑවල,පය තබා කදිම තණපත් මතඇනෙන තුත්තිරිවලින් පීඩිතවඅඩිපාරවල පිය නඟමි මම.තණපත්වල සිසිල,දැනෙනු ඇත මා දෙපයට,සිහිනයකදි බඳුව.හමන සුළඟට,හිස්වැසුම් විරහිතමහිස නහවන්නටඉඩ හරිමි මම. කිසිත් නොදොඩමි මමනොනැඟෙනු…

ඔබට පෙම් කරමි මම

  ලුණුවල තවරා පාන් බුදිනා කලෙක මෙන්දැඩි උණෙන් පෙලෙමින් මහ රෑ අවදිවකරාමයට මුව තබා දිය බොන කලෙක මෙන්තැපැල්කරු ගෙන ආ බරැති පෙට්ටියකුමක් වේදැයි එතුළ හාංකවිසියකුදු…

ගංදිය

I ගඟ හරහා වැටුණු මේ තුරු කඳන් අබියස මා ඔරුව නවතන තුරුම පා විණිමි ගංදිය දිගේ මම.   බිඳෙනසුළු තුරුපත්, පන්ගස් මෙන්ම වර්ණ විරහිත ජලතලය…

මතකය

  මගේ සිත අමතක කර දමයි බොහෝ දේ සංග්‍රාමවල දින, රජවරුන් මැරුණු දින වැනි, එනමුදු, එපිට ගම්මානයේ හෝරා කණුවේ මද්දහන සනිටුහන් කළ, මැයි මහේ අන්තිම නීලවන්…

සැරිසැරීම

  හදවත තවමත් ප්‍රේමයෙන් පිරුණද සඳවතිය තවමත් සුදිලෙමින් තිබුණද නොයමුය ඉදින් තවත් සැරිසරන්නට රැයේ ඒතරම් පමාවන තුරුම අසිපත ලන කොපුව, අසිපතට පෙර වැනසෙන නිසා ආත්මය…

වන හංසයෝ

තුරු වෙළී ඇත සරත් කල සුන්දරබවෙහි, වියළිය අඩිපාරවල් වනලැහැබ මැද වැටුණු,  වප් මහේ සහන් එළිය යට ජලතලය මත පිළිබිඹුව ඇත අහසක් නිසල; ගල් අතර මුවවිටටම…

නුග ගස

බෝසේ අසිරිමත් වූ, මහ නුග ගසකි මම. බලවත් පරමාණුවක් වන් කුඩා බීජයකින් පැළව වැඩී ඇත්තෙමි මේසා සුවිසල්ව. පැතිර ඇත මා අතුපතර සියලු සීමා පසුකොට, අසුවන…

යෑම සහ ඒම අතර

තම විනිවිද පෙනෙනබව සමඟ ආලයෙන් බැඳුණු දහවල අවිනිශ්චිතව ටැග්ගැහෙයි යෑම සහ නැවතීම අතරමැද. මුළු ලෝකයම නිසලව නැලැවෙන මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව. දෘශ්‍යමානය සියල්ලම එනමුදු…