Menu Close

Category: නයියාගේ නයි

හැම තැනම දුම(10th epi) – නිරුවත් පිටක් උඩ අකුරු සෙල්ලම

<<episode9 “පිදුරංගල…ඒක නේද ලියන්න යන්නේ ?”. “ලියලා ඉවර වෙනකල් උත්තරේ කියන්න බෑ මෝඩයෝ. සිංහල තේරෙන්නේ නැද්ද..” මැන්ඩි පිටට හයියෙන් පාරක් දුන්නා. අඩුම ගානේ ඇඟිලි තුනක්වත්…

හැම තැනම දුම(11th Epi) ජොයින්ට් ගහපු පරණවිතාන

<<episode10 ‘වි’ යන්නෙන් පටන් ගත්ත වචනෙ මම අවසන් අකුර ලියමින් නැවැත්තුවේ ඇගේ පිට මත නැවතීමේ තිතකුත් තියන ගමන්. ‘කෝ , ලතා නැද්ද ?’ මැන්ඩි ඇහුවා.එයා…

හැම තැනම දුම(9th epi) – මකර රැජිණ

අපි අතර කතාවක් නැවතිලා ගතවන නිහඬතාවයේ හත්වැනි මිනිත්තුව ගත වෙමින් තිබුණා. රාජයියට උනු අකරතැබ්බය විස්තරකරලා ඉවර උනාට පස්සේ, අසූ ගණන් වල රාජයියා කරපු හපන් කම්…

හැම තැනම දුම(7th Epi) – නිදාගත් ගැහැණු

<<6වැනි_කොටසට “තොල් වලට සායම් ඕනම ද?” “මල් පෙතිවල පාට ගෑවේ ඇයි සියුමැලි දෙතොලේ. කොළඹ ගිහින් ඉගෙන ගත්තේ ඕවද මගේ කෙල්ලේ….” මැන්ඩි හිනා වෙමින් උත්තර දුන්නා.…

හැම තැනම දුම(8th epi) – ගින්න

<<7වැනි_කොටසට මමත් රාජයියාත් බෝඩිමේ කළු බඩා අයියාත් වැටුනු වැටුනු තැන් වලට වෙලා හති අරින්න ගත්තා. කට කැඩිච්ච බේසමට පුරවපු අන්තිම වතුර ඩිංගෙන් කොටහක් මම බෙල්ල…

හැම තැනම දුම (6th Epi) – fantasy No1

<<5වැනි_කොටසට “මං නං හිතන්නේ විජේව මැරුවේ චන්ද්‍රිකා” “මොකක් ?…” “ගෑණු ගොඩකගේ සිහින කුමාරයා එක ගෑණියෙකුගේ සිහිනය වෙනුවෙන් බිල්ලට ලක් වෙනවා. ලස්සන විජේගේ ලේ කැත විජේවීරගේ…

හැම තැනම දුම(5th epi) – Zoom වෙන පින්තූර

<<4වන_කොටස එදා මැදියම් රැයේ බැරකූඩාවෙන් පිටවෙද්දි එයාගේ මූණ හිතේ කෙටිච්ච ටැටූ එකක් වෙලා ඉවරයි ආයේ කිසිදා නොමැකෙන්නම. ටැටූ එක වටේට අඩ කවයක් විදියට අන්කොමන් font…

හැම තැනම දුම (4th Epi) – මැන්ඩි

<<3වන_කොටස දෙවනි ලාගර් බෝතලේ පතුල දක්වා හිඳෙමින් ඉන්න මොහොතක මම බලාපොරොත්තුවෙන් හිටි කෙටි පණිවිඩේ ආවා. මැසේජ් එක දිමියාගෙන්. ලඟම, securedම, ගාණ ශේප්ම පොට් එක ගැන…

ණයගැති බාවයක අරුමය

පහුගිය කාලේ පුරාම ගුරුවරුනගේ වැටුප් ප්‍රශ්නයක් නිසා අරගලයක් සිද්ධ වෙනවා. ගුරුවරුන් කියන්නේ මේ රටේ අනාගතය අභිවෘද්ධිය තීරණය කරන්න පුලුවන් ප්‍රධාන කණ්ඩායමක්. ඒකේ කතා දෙකක් නෑ.…

හැම තැනම දුම(Epi 3) – ප්‍රශ්න පහ

<<දෙවනි කොටසට අපි දෙන්නම ඒ කාලේ මූණු පොතේ අතිශය සක්‍රීය ජීවින් දෙන්නෙක්. සමාජ මාජ්ජ සයිබර් අවකශෙ රීතීන් අනුව යාලුවෝ කියලා පෙන්නුවත් හැබෑ ජීවිතේ ඇතුලෙ නාඳුනන්නන්.…

හැම තැනම දුම – Episode 1

කොත්තු සින්ඩියෙන් ගැලවුනාට පස්සේ බ්ලොග් එක ලියන්න කම්මැලිම වෙලා ගියා, මිනිස්සු නැති තැනක ලියවෙන අකුරු තේරුමක් නෑ වගේ දැනුනු හින්දා. දැන් කොහොමටත් බ්ලොග් එක කුරුටු…

දෙව්දත් හසුන

යසෝ,කරං උඹ හිත ගලක්පිදුවා ලෙස මලක්කරන්නට වෙන දෙයක් නැති තැනමාත් හිත කරගත්තා ගලක්.කාලයක් ගත වෙද්දිතනිකමට හුරුවෙද්දිහිත වුනා මෙලෙක්. මොකක්දෝ කරුමෙකටලෝකයට සැප දෙන්නඋඹෙ හිතට දුක් දෙන්නඋගේ…

ඔව් යසෝ මම ප්‍රේම කෙරුවා

ඔව් යසෝ මම ප්‍රේම කෙරුවාඋඹ නොදත් ගානටම හිටියාදස පාරමී මතකෙන් ගිලිහිලාප්‍රේම පාරමී විතරක්ම පිරුවාලෝකයක් මට ගල් ගැසූදානොරිදුනා සේ මම කෙලින් උන්නාඒත් උඹ ඔහුට කවි පන්ති…

අපි ගැන කවි අකැපද ?

හඳහාමි, උඹ දන්නවද මිනිස්සු වැඩියෙන්ම කවි ලියල තියෙන්නෙ උඹ ගැන. උඹ ගැනම නොවුනත් උඹව උපමාවට හරි අරගෙන. පොඩි උන් අඬනකොට නලවගන්න උඹෙන් කිරීරීරී , පැනීනීනී…

වැඩ ඇල්ලීම

ගතපුරා නෑවා අවුරුද්දේ පරණඋඹේ දහඩිය පරණමුත් හේදිලා ගියෙ නැතමගෙ ගතේ වෙලීලා කෙරූ වැඩ අපමණනොනගතේ ලැබුව කල නිකං ඉනු කොහොමදඅලුත් අවුරුද්ද හනිහනික දිව එයිඉතින් මම දවටවමි…

කලා රිටක අපහාසය

කලා ප්‍රකාශනය හා ආගමික අධිකාරිය අතර නැවතත් ඝට්ටනයක් ඇති වෙලා. අදහස් ප්‍රකාශ කිරීම කියන්නේ අතීතයේ පටන්ම මිනිසුන්ව කරදරයෙහි හෙලපු ක්‍රියාවක්. ක්‍රි.පූ හතරවෙනි සියවසේදී සොක්‍රටීස්ට වස…

අහිමි

වමත් වෙදැගිලි මුදුවකනිමක් නැති දිස්නයෙන්කලුවරේ ගිලිය හැකලොකු අහස් මාලිගාවක්,එන්නේ ඇස් නොපෙනි යන මොහොතක්කලුවරට හුරු කරන් ඇස් දෙකඅහකටම පා කරලා හැරි විටගිනි අරං වතුරේ ගිලෙනඉර දිහාවම…

නිදහස් උනෝ…!!!

බෙල්ල මුලින් පටන් ගත්ත පලවෙනි දාඩිය බිංදුව රේස් එක් පටන් ගත්තා. එකෙක් හිටියම ඇති ඉතින්, ඌ තමයි අනික් උන්වත් කුලප්පු කරන්නෙ. ඌ පස්සේ එලවන්න ගත්තා…

අහස් රහස් මැද සීතල වූ ගින්නක්

නව වසරෙ ජනවාරිය උදාවුනේ ගින්දර වැඩක් වෙයි කියලා කවුරුත් බලාපොරොත්තුවෙන් හිටපු ගින්නෙන් උපන් සීතල පත්තු වෙන්න ගැනීමත් එක්ක. චිත්‍රපටයේ ගිනි රස්නය එකිනෙකාට දැනෙන ප්‍රමාණය වෙනස්…

මතකයක බර

කම්මුලක තැවරුනුරතුපාට ලිප්ස්ටික්අතින් පිහදා යවන වේගෙන්හැකිවුනානම් මකාලන්නටඑදා දැනුනු කිතිකැවුනු සිසිලසපුපුරු නොගහා තිබෙනු නිසැකයිරැවුල් ගස් යට නිස්කලංකෙට අද යන්න යන බව කියන්නට විත්පාට වත්සුනු, දෙනෙත් අංජනදියවෙමින්…

සත්ත කරුණාව

ඔටාරා මී වද කෑල්ලක් දෙසාබාන photo එකක් අල්ලන්, මී මැස්සොන්ට දුම් ගහලා එලවන එක හිංසාවක් නෙවීද, පන්සලේ අලියා විතරද පේන්නේ කියලා අහමින් ඔටාරට නක්කලේ දාන…

කතා ගෙතෙන පින්තූර – ඩා බිඳක වික්‍රමය

අහස මුදුනටම නැගගත් මාන්නය නිසාදෝ, දිනිසුරු අනුකම්පාවකින් තොරව තම අනසක නගරයේ වීදි පුරා පතිත කරන්නේය. ඊට උඩ ගෙඩි දෙන තාර කට්ටෙන් නැගෙන දුහුවිලි මිශ්‍ර තාපය…

චූටි කෑලි මල් කතාව – පූර්විකාව

පහුගිය සති අන්තයේ උණවටුන පැත්තේ ගැසූ සවාරියෙන් ඉතුරු වී ගෙදර ගෙනා වොඩ්කා කොටය හිස් කරන්නට ඊයේ රාත්‍රිය වෙන් කර ගතිමි. පොඩියට කපා ගත් ඇපල් කෑලි…

වැඩිහිටියන්ගේ දේශපාලන වන්දනාවෙන් පසු ?

2014 අග භාගය වෙද්දී මමත් අපේ ගෙදර වැඩිහිටි ඇත්තනුත් යහපාලන සරණං ගච්චාමීන් වූයෙමු. අපේ පවුලේ අනික් නෑදෑයෝ මහින්ද සරණං ගච්චාමීන් විය. ඒ කාලේ මහින්ද මාත්තියාට…