මඳ පවනේ පාවෙන වරා මලක් සිසිනිඳු සුදු කෙඳි බොකුටුව ඔසවාගෙන පෑ සන්තිය නිදැල්ලේ ඉහළ පහළ බමනවා රටා මවනවා මෝරන සුළඟෙ වෙලි ආලිංගනයක ඈත ඈත ඇදෙනවා…
කොහේදෝ තවානක හරි පරිස්සමෙන් වැඩුණ කීඩාරම පිපුණේ දෙවසරකට පෙර බක් මසේ දවසක… දුගඳ පලුදු කළේ තිරසට සිරසට සීරුවට යාවුන සමාජ වියමන පතුරුවා බිය සැක…
දරාගත නොහැකිව පිපිරුණ ලෝදිය වගුරමින් හඬන බුර බුරා නඟින කළු දුමාරය දුහුවිලි වසාගෙන නිල් අහස ගිනි කඳු පුවත් මවන… ඇතුළතින් ගිනි ගන්න කැකෑරෙන ලෝ දිය…
රතු, රෝස මුවෙන් සිනා සිසී කෙළි කවට කතා නෙක මෝස්තර හැඩ සුකුමාලියන් ගැවසුන කන්තෝරුවේ දොරකඩම බැබළුණ ටක් ටුක් දිගෑගිලි විදුලි වේගෙන් විසිරුන ලස්සන හැඩාකුරින්…
අන්තිම කොළ ටිකත් හැලී ගිය අතු ඉති කිනිති අග දළු කොළ මල් දකින පැතුම, වාරය
දරා ඉන්නැති ගොඩාක් සෝ සුසුම් යට කරගෙන බැරිම තැන පිපිරෙන්න’ති කදු මුදුනත් දියකරගෙන ලෝදිය කල්ප කාලයක් ගතවි නිවුනොතිං කඳු පාමුල පාෂාණ බොහෝ දේ ඇති ගල්…
අකුරු වටකුරු යාකර වචන විසිතුරු සීරුවෙන් හදන පේළි නිරතුරු රසය මතුකර යටකෙරු සිත්තම නිරතුරු විය නොවිය හැකිය පියකරු පුරුක පුරුක යා කර රන් දම ගොතන්නේ…
ගිගුරුම් දුන් වේදිකා නිහඬය ඔවුන් බැස යන්ට ඇති සුවඳ දෙන තවත් දින දසුනක් එක්ව එන්නට… ලාදළු නෙලා තේ කූඩේ පුරවන කිරි පිහියෙන් රබර් උනන…
බෝතලය නැමුණි උඩඟු හිස් වීදුරුව වෙතට හඬ දෙමින් පිරුණි පාට දී හිස්වෙමින ලහි ලහියේ ඇදුනි වා බුබුළු පෙළින් පෙළ මතුපිටට හීන් පොප් හඬින් පිපුරුනි…
ඇඟිලි රටාව ලස්සන කොළ එල්ලෙන ලතාව විහිදා පහුර මැස්සේ පිපිලා පුංචි කහ කරවිල මල වටා පියඹන බඹරුනෙ තිත්ත නැද්ද මලේ රොන…
යුගල් පද කුලකය උස මහත යන එන දෙස් විදෙස් ඇති හැකි වත් පොහොසත් සළු පිළි පාට පාට මොනවා වුණත් වරහන් තුළ කුලකේ එකලස් හරි වැරදි…
පුපුරන තුරු අරං ටික ටික හුළං පුරවාගන්න හිස් පටලය…
අසම සම ගෙත්තම සුමුදු ඇඟිලිවල වයිරම් රේඛා ඇන්ඳේ කවුරුද නවලොව තැන තැන නිතරම ගත උණුසුමට සුවහසක් වගතුග සුපිරීක්සන මීමැසි විලසේ තතු අරගෙන පියාඹන… ලස්සන…
බුබුලමින් උනන කල නොමසුරුව බෙදන තුරු ගරුසරු සැලකුම් ලබන ළිඳ වාසනාවකි, පින්වත්ය. උල්පත් හිඳුන දා වළකි අවලාද, කුණු පුරවන.
තරඟය උන්ගේය දිනුම ද උනුන්ටමය පිල් බෙදුන මිනිසුනේ උල් කර කර පාට කළේ නුඹයි නැවත නැවතත් උන්ගේ සිත්තම ගෙවෙන තුරු නුඹේම පාට පැන්සල…
දිරච්ච රෙදිකඩ ගලවා විසිකර පඩිබර පැත්තට ඇදෙන තරාදිය මොට්ට කඩුව ලා පසෙක කුමරියේ නුඹ ගන්නවා රයිසිය අතට නිතරම හනි හනිකට හලනවා ගල් බොරළු බේරා එමට…
ජීවිතය ගමනකි වට වංගු කඳු දුර්ග පිරි මගක ඇදෙනා ලොකු පොඩි මතක පිරිමැද සිත සතුට ගෙනෙනා නිමල සිනාවක මහිමය සිරි සොබනා… සිත ඉඟිකර සැණිනා මුව…
හිත්පිත් නැති කටු කොරෝනාව දුව පැන ඇවිදින නුවර හිරකර නුඹ ගෙදර… නිදහස කවදා ද දින ගනිනවා ඇති පෙරළමින් දින දසුන, එදවස හෙට නම්… ඉපිලෙනවා ඇති…
සිත සයුරකි සිතුම් රළ හැඟුම් නල මතුවෙන…English version Mind is an Ocean
සිරිමෙවෙන් මහත්තයා දවසේ පත්තරෙත් අරන් ආවේ ජැම්සන් ගහ යට බංකුවේ වාඩි වෙන්න හිතාගෙන. ගහේ අතුපතර පනිමින් තොරතෝංචියක් නැතිව සද්ද කර කර ප්රීති වෙන පැණි කුරුල්ලන්…
පසුගිය දිනක දඹුල්ල බස් නැවතුම් පොළේ සිහිසුන්ව ඇදවැටුණ හමුදා සෙබළෙකු හට උපකාර කිරීමට අසල සිටි කිසිවෙකු ඉදිරිපත් නොවූ කනගාටුදායක පුවතක් සැලවුණා. පැය භාගයකට ආසන්න කාලයකට…
වසර 1886 මැයි පළමු දින වැඩ වරා රොක් වුණ කම්කරු විරුවනී හේමාකට් චතුරශ්රයේ පැය අටක වැඩ මුරය ඉල්ලමින හිත්පිත් නැති උණ්ඩ වරුසාවට ළය දුන්න සිවු…
“The deep roots never doubt spring will come.” ― Marty Rubin වඩාත් දුෂ්කර හා අඳුරු (අපිට එතරම් හුරු නැතත් දරුණු හිම කුණාටුවෙන් පීඩා විඳින, හිරු…
මනුස්සකම ජනප්රිය පදයකි හෝඩියේ මුලකුර මුලට අවුදින් පහසුවෙන් මතුවෙන ලොප් වූ කල යහමින් දිලෙන
පඩිපත අහිමි උර ඇට පෑදුණ ගිනිගත් හිස් තෝඩු අරුංගල් මාල වළලු අත්ලේන්සුවක ගුළිකරගෙන බලා ඉන්නවා ඔරලෝසුවෙ කටු පිම්මේ දුවනවා රන් කඩ පොළ කළුවැල්ලෙ දිලෙනවා මොනර…
දවසක් උදේක හිමිදිරි හිරු රැස විඳිමින් ඇවිදින කෙනෙකු පඳුරක් පසු කර යන අතරතුර දී ඔහු දකිනවා ඉගිලෙන පුංචි, පුංචි සමනළයින් රෑනක්… මොහොතක් නැවතුන ඔහු දකිනවා…
බේකරි කඩේ පිහිටියේ අපේ ගෙදරට මීටර 150 ක විතර දුරින්. උදෙන් ඒ යනෙන ගමනේ හමුවෙන පුරුදු මුහුණු බොහෝමයකි.උදේ අඳුරේම වෙරළ දෙසට ඇදෙන මාළු වෙළෙන්දන් තොග…
පැනිපිරි රටඉඳි බෙදන්නේ පාමුල දිය සිහිල, තුරුහිස දවන හිරු විඳගෙන සවිබල ගස
දැවුවත් කරටිය එමට පොල් ගසත් නැමෙන්නෙ ඉරු දෙසට…
හදිස්සියෙම මල පොඩි සිඤ්ඤෝ පරලොව යමින් උන්නෙ…ඈතින් ලොකු සද්දයක් ඇහෙනවා, හංදිය දිහාට සද්දේ වැඩි වෙනවා, පැහැදිලිව ඇහෙනවා.ලාබ කරා හාල් ලාබයි…ලාබයි ලාබයි පොල්…එන්ඩ, එන්ඩ ලොකු ලූණු…