Menu Close

Category: කොළොම්පුරේ

එන්න අපි ජීවත් වෙමු.

 *වසර තුනකට පෙර අපි ජීවත් වූහ….* *********************ඒ කොවිඩ් 19 වසංගතය දරුණුවටම ලෝකය ගිලගත් කාලයයි.තුන්වේලටම ගෙදර උයන්නේය.ඒත් පාන්දර ඇහැරීගෙන නොනටන්නේය. කඩෙන් කෑම වානාය. පිටි කෑම අවමය. එයත්…

සිරිබිරිස්ගේ ලංකාවතරණය හා Teepee Camp ගොඩබැස්ම සබැදි කතා

ඔන්න බොහොම කාලයක් වල් වැදී තිබුනු කොළොම්පුරේ බ්ලොග්  අඩවියේ  සුද්දබුද්ද කර යළි පනගන්වන්නට සිරිබිරිස්තුමාගේ ආගමනයත් හේතුබුතවුනා කියන්නට පුලුවනි.  සුමාන දෙකකට පෙරාතුව ඉරුදිනයක අපේ නිදි ලොක්කා…

ලේගිරිස්

   අල කොමසාරිස් ධුරන්දර ඩ්‍රැස්කියා මහත්තයා අල කොමසාරිස් තනතුරත් බාරගෙන සීතල  නුවරඑළීයේ පදිංචියට ගිය විත්තිය බ්ලොග් ලොවේ හැමෝම දන්නා කියන කාරනාවක් නේ. ඉතිං මේකා ඔය…

ස්ටේෂන් පෙන්නීම

   ඔන්න කොළොම්පුරයාගේ හිතාදර ගුරුජී අන්දුබයියාගේ විර වික්‍රම ඇඟපත සුලලිත වෙලා කිලිපොලා යන අති සුන්දර කතන්දරයක් අරන් ආවා.ඔන්න එක්තරා සෙනසුරාදා දිනයක කොළොම්පුරයාගේ ඔපිසියට අසුබදායි සුබ ආරංචියක්…

කොළොම්පුරයාගේ සැවුල් අන්දරය

පාද යාත්‍රාවේ ගිහින් ආපු නිදි ලොක්කාගේ සැප දුක අසන්නට දුරකතන ඇමතුමක් දුන් කොළොම්පුරයාට ලියන්නේ නැද්දයි අසමින් සොඳුරු තගත් දැම්ම බැවින් කප්පරක් රාජකාරි වැඩවල එරිලා හෙම්බත්වි…

අන්දුබයියාගේ මුදාහැරීම

             ඔන්න කාලේකට පස්සේ අන්දුබයියාගේ කතන්දරයක් අරන් කොළොම්පුරයා ආයෙත් කොළොම්පුරේට ගොඩබැස්සා. නැන්දාම්මාගේ දේපල ලියාගන්න මාරම ට්‍රයි එකක් දුන්න අපේ සිරිකුමාර…

උතුරුකරේ ජනාධිපතිවරණය – සයුරේ දසවසක්

 සිරි ලංකාවේ විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ජනාධිපතිවරණය 1999 වසරේ දෙසැම්බර් 21 වැනිදා පැවැත්විමට දින යෙදී තිබුනි. අප ඒවනවිටත් අප සිටියේ පේදුරුතුඩුවේ හාල් ගොඩබා අවසන්වය. එවකට…

නිදහස් නොවුනු නිදහස් දිනය හා බොරු විරයෝ

අපේ රට ඈත අතීතයේ සිටම බොරුවෙන් ජීවත්වන්නන්ගෙන් පිරුණු රටකි. මේ පිලිබදව සිහිපත්වූයේ මා සේවය කරනා ආයතනයේ දචස ආරම්භයේ වැඩ පටන් ගන්නට පෙර වාදනය කරනා විවිධ…

දෙකෙන් තුනට – සයුරේ දසවසක්

  පළමු නෞකාව වූ උහන නෞකාවේ අති දුෂ්කර කාලයක් ගතකර අනුනමය වසරේ අගොස්තු මසඅගදී එහි සේවයෙන් ඉන් ඉවත්වන්නට හැකිවිය. දෙවන නෞකාව ලෙසින් මාගේ අඛණ්ඩ මුදාහැරිමේ…

බංචිගේ පුංචි රසකතා

බංචිබෝලේ කියන්නේ කොළොම්පුරයාගේ පුංචි පුතන්ඩියා. පුංචිම පුංචිකාලේ බෝලයක් වාගේ උන්නාට දැන් නම් එයා කෙසඟ බටු ඇටයක්. කොස්ඇටයා ඉදිකට්ටා බංගොන්චි වාගේ නම් ගොඩාක් එයාට තියෙනවා. තාත්තා වීමමීට…

තවසන්ඩ් තවුසන්ඩ

 අන්දුබයියාගේ තවත් කතාවක් අරගෙන ඔන්න මේ නව වසරේ ආවා. මේක අන්දුබයියාට සිද්දවුන දෙයක්ද කියා මම දන්නේ නෑ. හැබැයි උන්නැහේ තමයි මේක දෙසාවඳාළේ. තමන්ට සිද්දවෙච්චි දේවල්…

බ්ලොග් ලොවේ බ්ලොක් වීම

2022 වසර ලබද්දී ජනවාරි පළමුවෙනිදා බ්ලොග්වාසි සනුහරේට සුභපතා දමන ලද පොස්ටුව සින්ඩිවලට නොවැටී පළ නොවී  කිසිවෙකුගේ ඇස ගැටුනේ නැත. ලැබුනු එකම කොමෙන්ටුව අපේ හිතාදර නිදි ලොක්කාගෙනි. එයත්…

2022 ආවා

 නැග්ගොත් පහළ බසින්නේ අහවල් එක පමණක් වු සිරිලංකාවාසින්ටද අන්තර් ජාල අවකාශයේ සැරිසරනා බ්ලොග්වාසි සියල්ලන්ටම සැපත සපිරෙන සතුට සමරන නීරෝගිබව නිරතුරුවම රැදෙනා ලංකා කොඩිය ගසා ගුවන්ගතවු…

කොටහේනේ කොටි මැරිල්ල

කොටහේනේ කොටි මැරිල්ල කළේ අන්දු බයියා. ඒකට මංතුමා පොඩි සපොට් එකක් දුන්නා තමයි. ඊට වඩා දෙයක් කළේ නෑ. කවුද මේ අන්දු බයියා? ඉස්සෙල්ලාම අන්දු බයියාව අදුන්වලා…

සුබ උපන්දිනයක් නිදි

 ලෝක අමද්‍යප දිනය වන අද දිනයේ උපන් නිදිගේ පංච තන්තරය බ්ලොගයේ නිදි හෙවත් නිමල් දිසානායක ලොකූ අයියාට සැපත සතුට පිරි චිරජීවනය නීරෝගි සැප සම්පත් හා…

ප්‍රචන්ඩ රළ මැද අනතුරක් – සයුරේ දසවසක්

දස වසරක මාගේ නාවික දිවියේ ලැබූ අත්දැකීම් හා සිදුවීම් බොහොමයි. ඒවා හොඳ හා නරක සම්මිශ්‍රණයක් වෙනවා. මෙතැන් පටන් ලියවෙන්නේ නාවිකයෙක්ගේ නාවික දිවියේ ලබන්නට තිබෙන නරකම…

හෝරස්ගේ දරුවා – විසිතුන් වන දිගහැරුම Son of Horus – 23

    පොලීසියට අවශ්‍යය කරන පුද්ගලයෙකුවූ සුදු මහත්තයා මිතුරෙකුගේ සෙවනගල ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් සිටියදී අත්අඩංගුවට පත්වෙන්නේ මේ අතරතුරේදීය. කොළඹ රැගෙන ආ ඔහුව පොලීස් ප්‍රශ්න කිරීම්…

හෝරස්ගේ දරුවා – විසිදෙවන වන දිගහැරුම Son of Horus – 22

  විශාල ප්‍රමාණයේ ජනාධිපතිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රයකින් අලංකාර වී තිබුන අති සුබෝපභෝගි ගෘහභාණ්ඩ වලින් සමන්විත වායුසමනය කළ සීත කාමරයේ ඇමතිතුමාගේ මේසයට ඈතින් තිබූ සැප පහසු සෝපාවක නාරද…

හෝරස්ගේ දරුවා – විසිඑක් වන දිගහැරුම Son of Horus – 21

 දෙදිනකට පසු උදෑසන තේ පානය කරන අතරේදි පුවත්පත අතට ගත් නාරද සිරස්තල පමණක් උඩින්පල්ලෙන් කියවා දැමුවේ පසුව කියවීමේ අභිලාසයෙනි. “ස්ටැන්ලි වික්‍රමපාල ඝාතකයා පොලිස් වෙඩි පහරින් මරුට”නාරදගේ…

හෝරස්ගේ දරුවා – විසි වන දිගහැරුම Son of Horus – 20

සිමෙන්ති පොළවෙන් නැගෙන සීතල පරයා ඉන් නිකුත්වෙන දැඬි මුත්‍රා දුගඳ නාසයට තදින් දැනෙන්නට වූයෙන් බිම වැතිර හුන් කපිල හිමිහිට හිස ඔසවා බැලීය. කිහිපදෙනෙක් තමාව බලහත්කාරයෙන්…

හෝරස්ගේ දරුවා – දහනම වන දිගහැරුම Son of Horus – 19

 කතාබස් කරගත් ලෙසම පියරත්න දෙහිවල හන්දියෙන් බසයෙන් බසින විට උදෑසන අටට පමණ විය. ඒ වන විටත් දෙහිවල මංසන්ධියේ ගුවන් පාලම යටටවන්නට තම මොටර් රථය නවතාගෙන…

හෝරස්ගේ දරුවා – දහඅට වන දිගහැරුම Son of Horus – 18

   එස් අයි කරුණාපාල පැමිණ සිටියේ එස් එස් පි මනෝජ් වෙත වැදගත් ආරංචියක් රැගෙනය.“සර් අතුරුගිරිය පොලිස් එරියා එකෙන් මර්ඩර් කේස් එකක් වාර්තාවෙනවා. ඒත් එක්කම තව…

හෝරස්ගේ දරුවා – දහහත් වන දිගහැරුම Son of Horus – 17

 පොලීස් ජීප් රිය පසුදින නාරදගේ දෙහිවල වෛද්‍ය පාරේ නිවෙසට පැමිණියේ නියමිත වේලාවටය. පොලිස් නිලධාරින් දෙදනෙකු එම ජීප් රථයේ සිටියායින් නාරද තම මෝටර් රථයෙන් කුමාරිත් කැටුව…

හෝරස්ගේ දරුවා – දහසය වන දිගහැරුම Son of Horus – 16

පසුදිනම මහාචාර්යවරයා කුමාරිත් කැටිව පිළියන්දල මඩපාත පිහිටි සුචිත්‍රාගේ නව නිවහන සොයා ගියේය. මේ ගමනට කුමාරි සහභාගිකරගත්තේ කාන්තාවක් වශයෙන් ඇතිවන විශ්වාසය මත සුචිත්‍රාගෙන් යමක් දැනගැනීමට ඇති…

හෝරස්ගේ දරුවා – පහළොස් වන දිගහැරුම Son of Horus – 15

     ගාල්ල ටවුමේ සමනල පාලම ක්‍රීඩාංගනය දෙසට වන්නට රිය නැවැත්තු ඔහු බස් නැවතුම්පල දෙසට පියනැගුවේ පියරත්න ඉස්කෝලේ මහත්තයා ගැන තොරතුරක් ලබාගන්නා අටියෙනි. කිහිපදෙනෙකුගෙන් විමසීමෙන්…

හෝරස්ගේ දරුවා – දහහතර වන දිගහැරුම Son of Horus – 14

වත්සලා හමුවීමට නාරද කෑගල්ලේ ඇඳුරාපොත බලා පිටත්වූයේ කුමාරි සමඟින් ය. අත්තිඩියේ තරබාරු කාන්තාවගේ සැකයට බදුන්වීම නිසා මෙවර තම බිරිඳව මේ ගමනට සහභාගිකරවාගත්තේ වත්සලා කුමනාකාරයේ තැනැත්තියක්දැයි…