Menu Close

ශිෂ්‍යත්වය යනු

පහේ ශිෂ්‍යත්වය කියන්නේ ලංකාවේ දක්ෂම දරුවන්ට ලංකාවේ පහසුකම් අතින් වැඩි පාසලකට යන්න අවස්ථාවක් වගේම අඩු ආදායම් ලාභී දරුවන්ට තමන්ගේ වැඩිදුර අධ්‍යාපනය කරගෙන මූල්‍ය ආධාරයක් ලබාදෙන්න රජය මගින් කරන කරන ඉතා වැදගත් සේවයක්.

ඉතින් ඕක පාස් වෙන්න ඕනි කව්ද කියලා ඕනි කෙනෙක්ට තේරෙනවානේ.

පහසුකම් නැති පාසල් වල ඉගෙන ගන්න ලමයි වගේම ආර්ථික අපහසුතා තියෙන ලමයි.

ඒත් මේ පහේ ශිෂ්‍යත්ව විභාගයට වැඩිපුරම මහන්සි වෙන්නේ පහසුකම් තියෙන ඉස්කෝලවලට යන යමක් කමක් තියෙන අයගේ ලමයි.

මේ සිස්ටම් එකේ ලොකු අවුලක් තියෙනවා කියලා තේරෙන්නේ නැද්ද?

පහසුකම් තියෙන පාසල් ටික හදුනාගෙන ඒවගේ ඉන්න ශිෂ්‍යත්වය සමත් ආර්ථික අපහසුතා ලමයින්ට මූල්‍ය ආධාර පමණක් ලබා දීමත්.

අඩු පහසුකම් තියෙන පාසල් වල ඉන්න ශිෂ්‍යත්වය සමත් දරුවන්ට පහසුකම් තියෙන පාසල් වලට ඇතුලත් වීමට අවස්ථාව සමග ආර්ථික අපහසුතා ඇති දරුවන්ට මූල්‍ය ආධාර ලබදීමත් දෙකම කරන්න ඕනි.

අනික රජයෙන් මේ සියළුම පාසල් වලට අවශ්‍ය අවම පහසුකම් ටික මූලික අදියරේදි ලබාදීමත් ඉන් පසු ක්‍රම ක්‍රමයෙන් සියළුම පාසල් වල පහසුකම් එකම මට්ටමකට ගෙනයාමත් කළ හොත් පමණක් මෙම ලමා මනස තලා පෙලා දමන විභාගය පිළිබඳව තිබෙන අසීමිත තරගය නවතා දැමිය හැක.

රෝහණ කේ අමරකෝන්

%d bloggers like this: