Menu Close

හීන වලට පාට දෙන්න …එක රෑනේ ඉගිල එන්න…

 

හීනවලට පාට දෙන්න

දේදුන්නකනැගල එන්න

ලස්සනසිතුවම් මවන්න

එකරෑනේ ඉගිල එන්න

එකමුතුවී සොයුරු දමින්

එකරෑනේ ඉගිල එන්න

 

පාටපාට මල් පොකුරක්

වාගේඑකවිට බැදෙන්න

වෙනසමලස්සන කරලා

හිත්යායේ පුබුදුවන්න

මල්පොකුරක් වගේ එකට

නොමියෙනමිතු දම් පුරන්න

 

තරුකැට දිලෙනා අහසේ

නෙකනෙක හැඩතල මවන්න

මුතුඇමිනු මාලය වී

මුතුහරවිලසින් දිලෙන්න

එකමුතුවී දස්කම් පා

ගුණදම් සුවදින් පිරෙන්න

 

අනුරුද්ධ වැලිගමගේ



සේයාරූ –  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි




%d bloggers like this: