Menu Close

පොලිසිය, බලතල අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීමට ආණ්ඩුව විසින් ප‍්‍රමාණවත් ක‍්‍රියාමාර්ග ගෙන නැත. ශ්‍රේෂ්ඨාධිකරණය කියයි.

 

අනුරාධපුර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ගාල්ලගේ ට සහා උප පොලිස් පරික්ෂක අමරසිංහ යන දෙදෙනා, අත්අඩංගුවට ගන්නා ලද නන්දසේන යන අයව වධහිංසාවට පත්කර ඇති බව හා එ මගින් ආණඩුක‍්‍රම ව්‍යවස්ථවෙන් සහතික කර තිබෙන මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට තින්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්

SC/FR APPLICATION:- 369/2013;  තීන්දුවේ උද්ධෘතයක් පහත දක්වමු.

‘‘පොලිස් භාරයේ සිටින පුද්ගලයෙකුට සැලකිය යුතු නිසි ක‍්‍රමවේදය සහ කාර්යපටිපාටිය දැක්වෙන චක‍්‍රලේඛ සහ දෙපාර්තමේන්තු නියෝග ගණනාවක් තිබේ. අංක. ් 20 දරන දෙපාර්තමේන්තු නියෝගයේ, අංක. ෑ 6 දරන දෙපාර්තමේන්තු නියෝගයේ සහ අංක. 2328/2011 දරන පොලිස්පතිගේ චක‍්‍රලේඛයේ ඇතුළත් මෙම නඩුකරය සඳහා අදාළ වන ප‍්‍රතිපාදනයන් පිරික්සීමේ පහසුව සඳහා උපුටා දක්වා ඇත. අංක.් 20 දරන දෙපාර්තමේන්තු නියෝගයේ පහත පරිදි දක්වා ඇත.

අත්අඩංගුවේ සිටින පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සහ පොලිසියේ වගකීම් –

පොලිස් භාරයේ සිටින පුද්ගලයෙකු සිටින්නේ වරද ඔප්පු වූ සිරකරුවෙකුගේ තත්ත්වයේ නොවන බවත්, සෑම අංශයකින් ම ඔහුගේ ආරක්ෂාව පිළිබඳ ව සලකා බැලිය යුතු බවත්, සෑම පොලිස් නිලධාරියෙකු ම සිහියේ තබා ගත යුතු ය. ආහාර, නිදි යහන හෝ අසුන පිළිබඳ ව පොලිස් භාරයේ රඳවාගෙන සිටින පුද්ගලයෙකු විශේෂ ඉල්ලීමක් කළහොත් එකී ඉල්ලීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් රාජකාරී නිලධාරියාගේ උපදෙස් පැතිය යුතු වේ. එයින් භාරයට අගතියක් ඇති නොවන්නේ නම් එකී පහසුකම් සැලසීම සඳහා රාජකාරී නිලධාරියා කටයුතු කළ යුතු ය.  

2. ඒ. – අත්අඩංගුව: පුද්ගලයෙකු ව අත්අඩංගුවට ගැනීමේ දී හැකිතාක් දුරට ප‍්‍රචණ්ඩකාරී ව කටයුතු නොකර එය සිදු කළ යුතු වේ. ප‍්‍රචණ්ඩකාරී පුද්ගලයෙකු ව අත්අඩංගුවට ගන්නා අවස්ථාවක දී පොලිස් බලතල භාවිතා කළ යුතු වන්නේ එකී ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා මැඩ පැවැත්වීමට අවශ්‍ය වන ප‍්‍රමාණයට පමණි(අවධාරණය එකතු කර ඇත*.

 

පොලිස් භාරයේ සිටින සිරකරුවෙකු පලා ගියහොත් පොලිසිය විසින් අනුගමනය කළ යුතු කාර්යපාටිපාටිය අංක. ෑ 6 දරන දෙපාර්තමේන්තු නියෝගයේ දක්වා තිබේ. පොලිස් භාරයේ සිටින සැකකරුවෙකු පලා යාමට උත්සාහ කළහොත් එවැනි විටෙක දී ද එකී කාර්යපටිපාටිය අදාළ වේ. එහි පහත පරිදි දක්වා ඇත.

 

2. සිරකරුවෙකු පලා යන සෑම අවස්ථාවක දී ම ඒ සම්බන්ධයෙන් දුරකථන ඇමතුමක් හෝ විද්‍යුත් තැපෑල ඔස්සේ පලා ගිය පුද්ගලයා හෝ පුද්ගලයින්ගේ  සම්පූර්ණ විස්තරයක් ද සමග සහකාර පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී සහ පොලිස් මූලස්ථානයේ තොරතුරු කාමරය දැනුවත් කළ යුතු වේ.

5. පලා ගිය චූදිතයෙකු පොලිස් භාරයට ගතහොත් සහ භාරයට ගන්නා අවස්ථාවේ දී ඔහු ව යළිත් පොලිස් භාරයට ගත් බව පෙර දැනුම් දුන් සියලූ දෙනාට දැනුම්දිය යුතු වේ(අවධාරණය එකතු කර ඇත*.

 

පොලිස් භාරයේ සිටින සැකකරුවන් ආරක්ෂා කළ යුතු ක‍්‍රමවේදය අංක. 2328/2011 දරන පොලිස්පතිගේ චක‍්‍රලේඛයේ දක්වා ඇත. මෙම චක‍්‍රලේඛයේ පහත පරිදි සඳහන් වේ.

 

02. සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ දී පොලිසිය කටයුතු කළ යුතු වන්නේ 1979 අංක. 15 දරන අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 23 වැනි වගන්තියට අනුකූල ව වන අතර යම් හෙයකින් –

iv. අත්අඩංගුවට ගත් පුද්ගලයාට තුවාල සිදු වී තිබේ නම්, ඔහු ව අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කොට ඔහුගෙන් වාර්තාවක් ලබා ගත යුතු වේ. ප‍්‍රකාශයක් ලබා දීමට සැකකරු පසුබට නොවන්නේ නම්, තුවාල සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගත යුතු ය.

x. එකී දුරකථන පණිවුඩයේ සැකකරු ව අත්අඩංගුවට ගත් ස්ථානය, වේලාව, අත්අඩංගුවට ගැනීමට හේතුව සහ සැකකරු ව අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී විශේෂ සිදුවීම් සිදු වූයේ දැයි විස්තර කරන තොරතුරු ඇතුළත් විය යුතු ය. එවැනි දුරකථන පණිවුඩයක් ලැබුණු විට, ගැසට් පත‍්‍රය මගින් නම් කරන ලද දිස්ත‍්‍රික්කය භාර නිලධාරියා, අදාළ පොලිස් ස්ථානයෙන් එකී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වහාම තොරතුරු ලබා ගත යුතු අතර සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සහ ඔහු ව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය සියලූ ම උපදෙස් එකී නිලධාරියා විසින් පොලිස් ස්ථානාධිපතිට හෝ විමර්ශන නිලධාරියට ලබා දිය යුතු ය. අත්අඩංගුවට ගත් සැකකරු ව පරීක්ෂා කිරීමට අවශ්‍ය යැයි හැෙඟන්නේ නම්, ඔහු අදාළ පොලිස් ස්ථානයට ගොස් සැකකරු ව පරීක්ෂා කිරීමට සහ විමර්ශන සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම කළ යුතු ය.

xi. අත්අඩංගුවට ගන්නා සියලූ ම පුද්ගලයින්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් සුරක්ෂිත වන අන්දමින් කටයුතු කිරීම සියලූ ම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ වගකීමකි. එවැනි ස්ථාන අධීක්ෂණය කරන දිස්ත‍්‍රික් පොලිස් ස්ථානාධිපතිවරුන්, අත්අඩංගුවේ පසු වන පුද්ගලයින්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් දැඩි ව අධීක්ෂණය කළ යුතු ය.

03.

ෂෂෂ. සැකකරුවන් වෙනත් ස්ථානයකට මාරු කිරීම සම්බන්ධ සියලූ ම වාර්තා තොරතුරු පොතේ නිසි ලෙස සටහන් කළ යුතු ය.

04. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ අයිතිවාසිකම් මනා ව සුරක්ෂිත වන බව සහ එකී උපදෙස් නිසි පරිදි ක‍්‍රියාත්මක කරන්නේ ද යන්න පිළිබඳ ව නිරන්තර අධීක්ෂණ ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක් කිරීම සියලූ ම දිස්ත‍්‍රික් සහ කොට්ඨාස භාර පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සහ ශ්‍රේණිභාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ යුතුකම වේ(අවධාරණය එකතු කර ඇත).

ඒ අනුව, ඉහත කී ප‍්‍රතිපාදන පිරික්සිමේ දී පැහැදිලි වන්නේ, ඉහත දක්වා ඇති අනිවාර්ය කාර්යපටිපාටියට අනුව කටයුතු කිරීම මෙම නඩුකරයට සම්බන්ධ වගඋත්තරකරුවන් පැහැර හැර ඇති බව ය. පොලිස් භාරයෙන් පලා යාමට උත්සාහ කිරීමේ දී යම් පුද්ගලයෙකුට තුවාල සිදු වූ විට ඔහු ව ප‍්‍රතිකාර සඳහා ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත රැුගෙන යාම මින් පෙර නොඇසූ දෙයකි.

එවැනි තත්ත්වයක් තුළ දී 1979 අංක. 15 දරන අපරාධ නඩු විධාන සංග‍්‍රහය ප‍්‍රකාර ව ඔහු ව අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරියා බැඳී සිටින අතර වාර්තාවක් (වෛද්‍ය-නීතික වාර්තාව* ලබා ගත යුතු වේ. එය මහේස්ත‍්‍රාත් වෙත ඉදිරිපත් කළ යුතු අතර පොලිස් නිලධාරියා විසින් සොයා ගනු ලබන දෑ පරීක්ෂා කර අයිතම් ගත කළ යුතු ය.

 

පෙත්සම්කරුගේ සහ වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ගේ රාජකාරීමය යුතුකම් සහ වගකීම් සැසඳීමේ දී පැහැදිලි වන්නේ පෙත්සම්කරු හුදෙක් ම මෙම රටේ සාමාන්‍ය පුරවැසියෙකු බව ය.කෙසේ වුව ද, නිල ඇඳුම් දරන වෘත්තියක යෙදෙන පොලිස් නිලධාරීන් ලෙස වගඋත්තරකරුවන් රටේ සාමාන්‍ය පුරවැසියෙකුට වඩා ඔවුන්ගේ රාජකාරී සම්බන්ධයෙන් වග විය යුතු වීම අපේක්ෂා කෙරේ. පොලිස් නිලධාරියෙක් යනු නීතිය ක‍්‍රියාත්මක කිරීමේ රාජකාරිය පැවරී ඇති පුද්ගලයෙකි. මේ ස්වභාවයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති විට අධිකරණය අපේක්ෂා කරන්නේ හුදෙක් ම අපලාපනයක් නොව ලේඛන සහ සාක්ෂි මත පදනම් වූ සාධාරණ පැහැදිලි කිරීමකි. හුදු අපලාපනයක් පමණක් ප‍්‍රමාණවත් නොවේ.

ඇන්සලින් ප‍්‍රනාන්දු එදිරි ව සරත් පෙරේරා,  හලාවත පොලිස් ස්ථානාධිපති සහ තවත් අය (1992) 2 ශ‍්‍රී ලංකා නීති වාර්තා 411නඩුවේ දී කුලතුංග විනිසුරුතුමා පහත පරිදි සඳහන් කර ඇත.

අගතියට පත් පාර්ශවයට තුවාල සිදු වූ බවට වෛද්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීමට නොහැකි වීම මත හෝ පොලිසිය එය අපලාපනය කිරීම හේතුවෙන් එවැනි චෝදනාවක් ප‍්‍රතික්ෂේප කිරීම සුදුසු යැයි මම නොසිතමි. කිසියම් නිශ්චිත සැලකිල්ලක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා ද යන්න පදනම් වන්නේ ඒ ඒ නඩුවේ කරුණු මත ය. වෛද්‍යමය වශයෙන් තහවුරු කළ තුවාල නොමැති විට දී පවා එවැනි චෝදනාවක් ස්ථාපිත කළ හැකි වේ.

ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ මෙහෙවර වන්නේ කිසිවෙකුට අගතියක් සිදු නොකර, සැමට සමානතාවෙන්, අපරාධ සහ ත‍්‍රස්තවාදය වැළැක්වීමටත්, මහජන සාමය ආරක්ෂා කර ගැනීමටත්, දිවයිනේ නීතිය තහවුරු කිරීමට සහ බල පැවැත්වීමටත් ශ‍්‍රී ලංකා පොලිසිය ඇප කැප වී සිටීයන්න ය. සාමාන්‍යයෙන් සමානතාව යන්න සාධාරණ සහ යුක්ති සහගත, සදාචාරාත්මක සහ ආචාරධර්මීය ලෙස අර්ථ ගැන් වේ. ඒ අනුව, වදහිංසා පමුණු වන ක‍්‍රියා ලෙස සැලකිය හැකි ක‍්‍රියාවන් සිදු කරනු ලබන පොලිස් නිලධාරියෙක්, ශ‍්‍රී ලංකා පොලිසිය පදනම් වී ඇති දැක්ම සහ මෙහෙවරට එරෙහි ව ක‍්‍රියා කරන බව ප‍්‍රකාශ කළ හැකි ය. එසේ ම, ඔහු හෝ ඇය, ඔහුගේ නිල ඇඳුම් දරන වෘත්තිය අබිබවා යන ක‍්‍රියාවක් සිදු කරනු ඇත.

වධදීමට සහ අනිකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඬුවම්වලට එරෙහි වූ සම්මුතියේ 1 වැනි වගන්තිය, වදහිංසාව යන්න පහත පරිදි අර්ථ දක්වා ඇත.

මෙම සම්මුතියේ කාර්යයන් සඳහා වධදීමයන්නෙන් වෙනත් යම් තැනැත්තකුට දැඩි ශාරීරික හෝ මානසික වේදනා ගෙන දෙන්නා වූ ද එකී වෙනත් තැනැත්තාගෙන් හෝ තෙවැනි පාර්ශවයකගෙන් යම් තොරතුරක් හෝ පාපොච්චාරණයක් ලබා ගැනීම හෝ එකී වෙනත් තැනැත්තා හෝ තෙවැනි පාර්ශ්වය විසින් කරන ලද හෝ කරන ලදැයි සැක කෙරෙන යම් ක‍්‍රියාවක් සඳහා ඒ තැනැත්තාට දඬුවම් කිරීම සඳහා වූ ද එකී වෙනත් තැනැත්තා හෝ තෙවැනි පාර්ශවය බිය ගැන්වීම හෝ ඔහුට බල කිරීම සඳහා වෙනස්කම් කිරීම මත පදනම් වූ වෙනත් හේතුවක් නිසා කරන්නා වූ ද සෑම අවස්ථාවක දී ම රජයේ නිලධාරියෙකු හෝ නිල තත්ත්වයකින් කටයුතු කරන වෙනත් තැනැත්තෙකු විසින් හෝ එම නිලධාරියාගේ හෝ තැනැත්තාගේ මුල් වීමෙන් හෝ කැමැත්ත ඇති ව හෝ එම නිලධාරියාගේ හෝ තැනැත්තාගේ විරුද්ධ නොවීම මත කරන්නා වූ ද යම් ක‍්‍රියාවක් අදහස් වේ. නීත්‍යානුකූල දඬුවම්වලට ආවේණික හෝ එයට ආනුෂංගික හෝ ඉන් පමණක් පැන නගින වේදනාවන් හෝ පීඩා එයට ඇතුළත් වේ.

1994 අංක. 22 දරන වධදීමට සහ අනිකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඬුවම්වලට එරෙහි වූ සම්මුතිය පනතේ වදහිංසාව යන්න පහත පරිදි අර්ථ දක්වා ඇත.

12 වැනි වගන්තිය

වධදීමයන්නෙ හි ව්‍යාකරණානුකූල වෙනස්වීම් සහ සජාතීය යෙදුම් ඇතුළු ව, ”වධදීමයන්නෙන් වෙනත් යම් තැනැත්තකුට දැඩි ශාරීරික හෝ මානසික වේදනා ගෙන දෙන්නා වූ ද –

() පහත දැක්වෙන කාර්යයන් සඳහා,

එනම්:-

() එකී වෙනත් තැනැත්තාගෙන් හෝ තුන්වන තැනැත්තකුගෙන් යම් තොරතුරක් හෝ පාපොච්චාරණයක් ලබා ගැනීම; හෝ

(සස) එකී වෙනත් තැනැත්තා හෝ තුන්වන තැනැත්තකු විසින් කරන ලද හෝ කරන ලදැයි සැක කෙරෙන යම් ක‍්‍රියාවක් සඳහා ඒ තැනැත්තාට දඬුවම් කිරීම සඳහා වූ ද;

(සසස) එකී වෙනත් තැනැත්තා හෝ තෙවැනි පාර්ශවය බිය ගැන්වීම හෝ ඔහුට බල කිරීම සඳහා;

() වෙනස්කම් කිරීම මත පදනම් වූ වෙනත් හේතුවක් නිසා කරන්නා වූ ද

සෑම අවස්ථාවක දී ම රජයේ නිලධාරියෙකු හෝ නිල තත්ත්වයකින් කටයුතු කරන වෙනත් තැනැත්තෙකු විසින් හෝ එම නිලධාරියාගේ හෝ තැනැත්තාගේ මුල් වීමෙන් හෝ කැමැත්ත ඇති ව හෝ එම නිලධාරියාගේ හෝ තැනැත්තාගේ විරුද්ධ නොවීම මත කරන්නා වූ ද යම් ක‍්‍රියාවක් අදහස් වේ.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ 5 වැනි වගන්තිය මගින් පුද්ගලයින්ට වදහිංසාවෙන් ආරක්ෂා වීම සඳහා ප‍්‍රතිපාදන සලසා ඇත. එහි දැක්වෙන්නේ කිසිදු තැනැත්තෙකු වදහිංසාවට හෝ කෲර, අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඬුවම්වලට යටත් නොවිය යුතු බව ය.

විවිධ මානව හිමිකම් සාධන පත‍්‍ර රැුසක වදහිංසාවෙන් නිදහස් වීමට ඇති අයිතිය ඇතුළත් කොට ඇති අතර දඬුවම් ලබා දීම හෝ තොරතුරු ලබා ගැනීම ඇතුළු නිශ්චිත කාර්යයක් වෙනුවෙන් රජයේ නිලධාරියෙක් හෝ ඔහුගේ කැමැත්ත හෝ අනුමැතිය ඇතු ව සිතාමතා සිදු කරනු ලබන දැඩි කායික හෝ මානසික පීඩාවන්ගෙන් සියලූ තැනැත්තන් ව ආරක්ෂා කරයි. ජාත්‍යන්තර නීතිය යටතේ වදහිංසාව අපරාධයකි. අදාළ සාධන පත‍්‍රයන්ට අනුව එය තහනම් අතර කිසිදු අවස්ථාවක දී එය සාධාරණීකරණය කළ නොහැක. වදහිංසාවෙන් නිදහස් වීමට ඇති අයිතිය ජාත්‍යන්තර වශයෙන් වඩාත් පිළිගැනීමට ලක් වූ මානව හිමිකමක් වන අතර වදහිංසාවෙන් ආරක්ෂා වීමට ඇති අයිතිය, වමි ජදටැබි (ජාත්‍යන්තර නීතියේ සම්මතයන් පදනම් වන වෙනස් කළ නොහැකි මූලධර්ම* තත්ත්වය අත්පත් කරගෙන ඇත. එක් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට සිදු කළ හැකි වඩාත් ම නින්දිත ක‍්‍රියාවන්ගෙන් එකක් වන්නේ සිතාමතා ම සහ අනුපරෝධී ව වේදනා සහ පීඩා ගෙන දීම බව ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ඔහුගේ ශ‍්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් (1996, 114 පිටුව* ග‍්‍රන්ථයේ දක්වා ඇත. වදහිංසාව යනු මනුෂ්‍ය වර්ගයා විසින් ඔවුන්ගේ සෙසු ජීවීන්ට සිදු කරනු ලබන වඩාත් අධම ක‍්‍රියාවන්ගෙන් එකකි. එය මනුෂ්‍ය පෞරුෂය නිරුද්ධ කරන අතර මනුෂ්‍යයෙකුට ආවේණික ගරුත්වය ප‍්‍රතිෂේධනය කරයි. එය කිසිදු තත්ත්වයක් යටතේ ක්ෂමා නොකළ යුතු ය.

කිසිම තැනැත්තෙකු වදහිංසාවට හෝ කෲර, අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඬුවම්වලට යටත් නොකළ යුතු බවට අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි ව්‍යවස්ථාව තහවුරු කරයි. මෙය කොන්දේසි විරහිත, උල්ලංඝනය නොකළ හැකි අයිතිවාසිකමක් වන අතර සෑම පුද්ගලයෙකුට ම එය හිමි වේ. අයිතිවාසිකම සතු කොන්දේසි විරහිත ස්වභාවය සහ මෙම ප‍්‍රතිපාදනය ආරක්ෂිත විධිවිධානයක් බවට වන කරුණ මගින් මනා ව පැහැදිලි වන්නේ මානව ගරුත්වයයන්නෙ හි විරුද්ධාර්ථය වන කෲර, අමානුෂික හෝ නින්දිත සැලකීම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථව කිසිසේත් ම නොඉවසන බව ය.

අමල් සුදත් සිල්වා එදිරි ව පොලිස් පරීක්ෂක කොඩිතුවක්කු සහ තවත් අය (1987* 2 ශ‍්‍රී ලංකා නීති වාර්තා 119 නඩුවේ දී අතුකෝරළ විනිසුරුතුමා පහත පරිදි සඳහන් කර ඇත.

 

කිසිම තැනැත්තෙකු වදහිංසාවට හෝ කෲර, අමානුෂික හෝ නින්දත සැලකීමට හෝ දඬුවමකට යටත් නොවිය යුතු බවට අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි ව්‍යවස්ථාව විධානය කරයි. එයතවත් පුද්ගලයෙකුට වදහිංසා කිරීම හෝ කෲර හෝ අමානුෂික ලෙස සැලකීම තහනම් කරයි. එය කිසිදු ආකාරයේ සීමා කිරීමකට යටත් නොවන පරම මූලික අයිතිවාසිකමකි. මෙම රටේ සිටින සෑම පුද්ගලයෙකුට ම, ඔහු අපරාධකරුවෙකු වුව ද නොවුව ද, එයින් සහතික කරන මට්ටමට උපරිමයෙන් මෙම අයිතිවාසිකම හිමි වේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය සුරැුකිතාවන් සාමාන්‍යයෙන් යොමු වී ඇත්තේ රජයට සහ එහි අංගයන්ට එරෙහි ව ය. රජයේ අංගයක් වන පොලිස් බලකාය, මෙම අයිතිවාසිකම ආරක්ෂා කිරීමට සහ බල ගැන්වීමට සහ කිසිදු තත්ත්වයක් යටතේ සහ කිසිදු අයුරකින් එය ප‍්‍රතික්ෂේප නොකිරීමට, ලඝු නොකිරීමට හෝ සීමා නොකිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් බැඳී සිටියි. පොලිස් බලකායේ සෑම සාමාජිකයෙකු ම මෙම අයිතිවාසිකම භුක්ති විඳින අයුරින් ම, යම් තැනැත්තෙකුගේ සමාජ තත්ත්වය, විශ්වාසයන් හෝ පූර්වගාමීන් මත පදනම් ව එකී තැනැත්තාට එකී අයිතිවාසිකම භුක්ති වීඳීම අහිමි කිරීම පොලිස් සාමාජිකයින්ට තහනම් වේ. එසේ හෙයින්, මෙම අධිකරණයේ කාර්යභාරය වන්නේ මූලික අයිතිවාසිකමක් ලෙස ප‍්‍රකාශයට පත් කරන ලද සහ එසේ විය යුතු බවට අරමුණු කරන ලද මෙම අයිතිවාසිකම සෑම විට ම මූලික අයිතිවාසිකමක් ලෙස පවත්වාගෙන යාම සහ විධායකය විසින් එහි ක‍්‍රියාවන් මගින් මෙය හුදු මායාවක් බවට පත් නොකරන බව තහවුරු කරන දැක්මකින් යුතු ව මෙම අයිතිවාසිකම හැකි උපරිම මට්ටමින් ආරක්ෂා කිරීම ය. මෙම අධිකරණයට සිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය කාර්යභාරයන් ඉටු කිරීමේ දී කිසියම් පොලිස් නිලධාරියෙකු විසින් පොලිස් සහයෝගීතාව පිළිබඳ ව්‍යාජ හැඟීමකින් සත්‍ය සැඟවීමට හෝ හෙළි වූ සත්‍ය විකෘති කිරීමට ගත් උත්සාහයක්, එකී උත්සාහය කොතරම් කුඩා හෝ විශාල වුව ද, වසන් කළ නොහැක. පොලිස් භාරයේ රඳවාගෙන සිටින සැකකරුවන්ට සැලකීමේ දී ඇතැම් පොලිස් නිලධාරීන් විසින් යොදා ගන්නා ලද තෙවැනි පන්තියේ ක‍්‍රියා සම්බන්ධ කැලඹුම් සහගත තොරතුරු රැුසක් මෙම නඩුකරයේ කරුණු මගින් හෙළිදරව් වී ඇත. එවැනි ක‍්‍රියා විස්තර කළ හැක්කේ අශිෂ්ට, මිලේච්ඡු සහ අමානුෂික ක‍්‍රියා ලෙස ම පමණි. මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප‍්‍රවර්ධනය කිරීමට සියලූ ම ආකාරයේ උත්සාහයන් ගනු ලබන වාර්තමානයේ දී එවැනි ක‍්‍රියා මානව විනීතතාව සහ ගරුත්වය පිළිබඳ ව යමෙකුට ඇති හැඟීමට පිළිකුලක් එක් කරන්නේ ය. ඔහුගේ භාරයේ සිටින පිළිසරණක් නොමැති සැකකරුවෙකු ඔහු ව භාරයේ තබාගෙන සිටින ස්ථානයේ දී ම අශිෂ්ට සහ මිලේච්ඡු සැලකීමකට භාජනය කරන අපරාධාත්මක පොලිස් නිලධාරියෙකුගේ බියගුලූ ක‍්‍රියාකලාපය තරම් මනුෂ්‍යයෙකුගේ හෘද සාක්ෂිය කම්පනයට පත් කරන යමක් නැත. පොලිසිය විසින් සිදු කරනු ලබන එවැනි ක‍්‍රියාවන් නීතියට අපහාස කිරීමක් වන අතර නීතිය සහ සාමය පවත්වාගෙන යාමට පොලිසියට ඇති හැකියාව සම්බන්ධයෙන් මහජනයාට ඇති විශ්වාසය බිඳ වැටීමට හේතු වන්නේ ය. පෙත්සම්කරු, අනුකම්පාව ලැබීමට නොවටිනා අන්දමේ දරුණු ගණයේ අපරාධකරුවෙකු විය හැකි ය. නමුත් අපගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සැලැස්ම තුළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය ප‍්‍රතිඥාවන්ට කිසියම් අරුතක් හෝ වටිනාකමක් හිමි වන්නට නම්, අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති ආරක්ෂාව ඔහුට අහිමි නොවීම අත්‍යවශ්‍ය වේ.

වෙල්මුරුගු එදිරි ව නීතිපති සහ තවත් අයෙක් (1981) 1 ශ‍්‍රී ලංකා නීති වාර්තා 406 නඩුවේ දී තීරණය කර ඇත්තේ;

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් සලසා ඇති ආරක්ෂිත විධිවිධාන අතරින් සංශෝධනයක් සිදු කිරීම සඳහා තුනෙන් දෙකක බහුතර බලය පමණක් නොව ජනමත චිචාරණයක් ද අවශ්‍ය වන එකම මූලික අයිතිවාසිකම වන්නේ වදහිංසාවෙන් සහ අයහපත් සැලකීමෙන් ආරක්ෂාව ලබා දෙන  11 වැනි ව්‍යවස්ථාව ය. ෂෂෂ පරිච්ෙඡ්දයේ දක්වා ඇති අයිතිවාසිකම් නාමාවලියේ ඇතුළත්, කිසිම අයුරින් සීමා කිරීම හෝ හීන කිරීම සිදු කළ නොහැකි, සෑම දෙනාට ම සමාන ව අදාළ වන එකම අයිතිය වන්නේ ද එය ය. මෙම අයිතිවාසිකමට වරණිත තත්ත්වයක් හිමි ව ඇති අතර එය සම්පූර්ණයෙන් ම ඉහළ නැංවීම සහ එහි ප‍්‍රතිපාදනයන් උපරිමයෙන් භුක්ති විඳින බව තහවුරු කිරීම මෙම අධිකරණයේ කාර්යභාරය වේ.”(අවධාරණය එකතු කර ඇත*.

බන්දුල සමරසේකර එදිරි ව විජිත් අල්විස්, ගිනිගත්හේන පොලිසියේ ස්ථාධිපති සහ තවත් අය (2009) 1 ශ‍්‍රී ලංකා නීති වාර්තා 213 නඩුවේ දී ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක විනිසුරුතුමිය පහත පරිදි සඳහන් කර ඇත.

සියලූ ම අපරාධයන්, වැරදි සහ මහජන පීඩාවන් වැළැක්වීමට සහ විශේෂයෙන් ම සාමය ආරක්ෂා කිරීමට ඔහුට හැකි උපරිම මට්ටමෙන් කටයුතු කිරීම පොලිස් නිලධාරියෙකු සතු රාජකාරීමය යුතුකමකි. ඔහුගේ කාර්යභාරය කාර්යක්ෂම ව සහ ඵලදායී ව ඉටු කිරීමට නම් මහජන විශ්වාසය සහ ගරුත්වය ඔහු වෙත පැවතීම අත්‍යවශ්‍ය වේ. එය මහජනයාගෙන් ලබා ගැනීම පහසු නොවන අතර එවැනි විශ්වාසයක් සහ ගරුත්වයක් උපයා ගැනීමට නම් සාමාන්‍ය පුද්ගලයෙකුගෙන් අපේක්ෂා කරන මට්ටමට වඩා ඉහළ මට්ටමේ සදාචාරාත්මක සහ ආචාරධර්මීය වටිනාකම් පොලිස් නිලධාරීන්ට පැවතිය යුතු ය.

සෙන්තිල්නායගම් සහ තවත් අය එදිරි ව සෙනෙවිරත්න සහ තවත් අයෙක් (1981) 2 ශ‍්‍රී ලංකා නීති වාර්තා 187 නඩුවේ දී කොලින් ටෝමේ විනිසුරුතුමා පහත පරිදි සඳහන් කර ඇත.

පුද්ගලික නිදහස උල්ලංඝනය කිරීමක දී අධිකරණ ඉතාමත් දැඩි ව කටයුතු කර ඇති අතර නිදහස ප‍්‍රශ්නගත වූ අයෙකු කුශලාත්මක ව කටයුතු නොකරනු ඇති හෙයින් එවැනි විටෙක දී සැලකීම අඩු සුපරීක්ෂාකාරී බවකින් සිදු නොකළ යුතු වේ.

උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තය එදිරි ව රාම් සගාර් යාදව් සහ තවත් අය (1985ඉන්දියානු නීති වාර්තා 416) යන ඉන්දියානු නඩුවේ දී තීරණය කර ඇත්තේ;

ඔවුන්ගේ භාරයේ සිටින පුද්ගලයින්ට ක‍්‍රෑරකම් සිදු කරන පොලිස් නිලධාරීන්ට සාක්ෂි නොමැති වීම හෝ හිඟවීම හේතුවෙන් නීතිය මග හැරීමට නොහැකි වන අයුරින් ආණ්ඩුව විසින් නිසි පරිදි නීතිය සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය වේ. ඔවුන්ගේ භාරයේ සිටින පුද්ගලයෙකු ඔවුන් භාරයේ සිටිය දී තුවාල ලැබුවේ කුමන තත්ත්වයක් යටතේ ද යන්න පිළිබඳ ව සාක්ෂි ලබා දිය හැක්කේ අන් කිසිවෙකුට නොව පොලිස් නිලධාරීන්ට ම පමණි. සහෝදරත්වයේ බැම්මෙන් බැඳී සිටින හෙයින් එවැනි අවස්ථාවල දී නිශ්ශබ්ද ව සිටීමට ඔවුන් කැමැත්ත දක්වන අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් කතා කිරීමට තීරණය කළ විට දීසත්‍ය විකෘති කොට කල්පිත තොරතුරු මවා පායි. එහි ප‍්‍රතිඵලය වන්නේ, අතිපරිශුද්ධ ස්ථානයක් විය යුතු පොලිස් ස්ථානයේ දී පොලිසිය විසින් සිදු කරන ලද ක‍්‍රෑරකම්වලට ලක් වූ පුද්ගලයින්ට අපරාධකරුවන් කවුරුන් ද යන්න ඔප්පු කිරීම සඳහා සාක්ෂි නොමැති වී යාම ය. එවැනි අවස්ථාවල දී ඔප්පු කිරීමේ භාරය සම්බන්ධයෙන් පවතින නීතිය ව්‍යවස්ථාදායකය විසින් නැවත පිරික්සිය යුතු ය. එවිට නීතියේ සහ සාමයේ මෙහෙකරුවන්ට ආරක්ෂාව තකා ඔවුන් වෙත පැමිණෙන අහිංසක වැසියන් ව පීඩාවට පත් කිරීමට ඔවුන් සතු බලය සහ අවස්ථාවන් යොදා ගැනීමට නොහැකි වනු ඇත.” (අවධාරණය එකතු කර ඇත*

ආණ්ඩුවේ නිලධාරීන්, විශේෂයෙන් ම පොලිසිය, බලතල අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීමට රජය විසින් දැඩි ක‍්‍රියාමාර්ග ගත යුතු බව තීන්දු කරමින් ලබා දෙන ලද නඩු තීන්දු කිහිපයක් විටින් විට මෙම අධිකරණය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති නමුත් ආණ්ඩුව විසින් මෙම තත්ත්වයන් අඛණ්ඩ ව පැන නැගීම මැඩලීම සඳහා ප‍්‍රමාණවත් ක‍්‍රියාමාර්ග ගෙන ඇති බව පෙන්වන වාර්තාවක් හෝ ක‍්‍රියා සැලසුමක් මෙම අධිකරණය ඉදිරියේ නොමැත.’’

 

 

 

%d bloggers like this: