Menu Close

කොරෝනා හැදුනු පසු මොන බෙහෙත් ද ගන්නේ -ආයුර්වේද එපාද

 

මම මීට ප්‍රථමයෙන්  ලිපියක් පලකළා කොරෝනා හැදුන  රෝගියකුගේ සටහනක් කියල එකක්. ඒ හැදුණේ අරුණ පෙරේරාට (ලන්ඩන්). අරුණ ගෙන් මම ඇහුව ලංකාවේ ඔය කියන ආයුර්වේද බෙහෙත් භාවිතා කලාද කියල. අපි හැමදාම භාවිතා කරන බෙහෙත් වර්ග ඔහුත් භාවිතා කරල තිබෙනවා. 

අද වෙනකොට ලන්ඩනයේ මම දන්නා පස් දෙනෙක් ම නොඑන ගමන් ගිහින් කෝවිඩ් 19 වෛරසය නිසා. ඒ වගේම කොරෝනා අපේ නිවසත් ආක්‍රමණය කළා. මගේ බිරිඳට හැදුනා.  ඇය රැකියාව කරන විදුහලින් හැදෙන්නට ඇතිය කියා තමයි අපි හිතන්නේ. ගොඩක් සිසුන් මීටර දෙකේ සීමාව තියා  ගන්නේ නැහැ. ඒ වගේම මාස්ක් දාගන්නේ කිව්වොත් විතරයි.  

මමත් ඉනෙස්සත්  සාමාන්‍යයෙන් දවසට කිලෝ මීටර 5-10 ඇවිදින දෙන්නෙක් ව්‍යායාමයට. ඒ වගේම එයා කඳු නගින්න හෙමත් දක්ෂයි. නිරෝගී කියල කියත හැකි අතුරු අබාධ නැති සෑහෙන්න ශක්තිමත් කෙනෙක් කියල එයා අඳුරන අය උනත් දන්නවා.

හිටපු ගමන් කලන්තේ වගේ කිව්වා. නිදිමත ගතියක් එනවා කිව්වා. ඇඟට හුඟක් මහන්සියිලු. ඇඳට ගිහින් වැටුන ගිහින්. සාමාන්‍යයෙන් මොහොතක් නිකන් ඉන්නේ නැති ක්‍රියාශීලි කෙනක් වන ඉනෙස් එහෙම වුනහම මුත්තක් දැනෙනවා. 

ඊට පස්සේ අපි ලඟම තියෙන සෙන්ටර් එකෙන් කෝවිඩ්  ටෙස්ට් එක කළා. පොසිටිව්. 

ඒ අස්සේ මම සුපර්මාකට් ගිහින් සති දෙකකට විතර අවශ්‍ය කෑම බීම ගෙනාව. දවස් 14 ක නිරෝධායනයක් නේ.

 ඉනෙස්ස  ආව ගමන් ඇඳට වැටුන . දවස් දෙකක් ගියා නැගිටින්න. 

ඉනෙස්  අපේ දූලා  පොඩි කාලේ පැරසිටිමෝල් (ළමයින්ට දෙන්නේ කැල්පොල් වැනි අඩු මාත්‍රාවක් ඇති බෙහෙත) නියුරෆෙන් හෙම දෙනවට විරුද්ධ වුණා . එනිසා අපි ඒ බෙහෙත් දුන්නේ නිවාඩු ගිය වෙලේක අසනීපයක් වුනොත් හෝ හදිසියකදී පමණයි.

හුඟක් වෙලාවට ලංකාවේ තේ කියල අපි දුවලට දුන්නේ කොත්තමල්ලි. මේ පර්යේෂණ ලිපිවල  කොත්තමල්ලි  බඩේ ඇති  අම්ලකාරී ගතියට භාවිතා කළ හැකි බව කියනවා.   එසේම ප්‍රතිජිවකයක් වශයෙනුත්. මගේ ළමයින්ට දින කිහිපයක් දෙනකොට ඔවුන්ට  ඉබේම සනීප වෙනවා. කොහොමත් වයිරස් රෝග ඉබේ සනීප වෙන ඒවනේ. සමහර විට කොත්තමල්ලි වලින් උදව්වක් ඇති.

  මගේ බිරිඳ බඩේ අමාරුවට මට වගේම එයාලටත් කැමමයිල් තේ දුන්නා. නැත්නම් මාදුරු (caraway seed ) තම්බා දුන්න. කැස්සට තවත් ජර්මන් තේ වර්ග කිහිපයක්  තිබුන. 


 අපේ පස් පංගුව (පත්පාඩගම් , වෙනිවල්ටගැට  ආදී ) වැනි පැකට් එකක් ජර්මන් ෆාමසි එකකින් ගෙනත් තිබ්බ. මේ නිසා මම ඇහුවා කොහොමද මේවා ගැන දන්නේ කියල. එතකොට තමා දැන ගත්තේ ජර්මන් දොස්තරවරුන් විසින් මේ අනිත් ප්‍රතිකාර විධි ගැනත්  රෝගියාව දැනුවත් කළ යුතුයි කියල.


එනිසා අදත් අපි සමහන්, කොත්තමල්ලි, සහ පස්පංගුව මුලික සෙම් ප්‍රතිශ්‍යාවක් හෝ උණක් හැදුනොත්  භාවිතා කරනව. කරවිල කනවා සීනි අඩුවෙන්න. කරපිංචා මැල්ලුම හදනව කොලෙස්ටරෝල් බහින්න. 

ඒ දවස් වල පැපොල වගේ ලෙඩ හැදුනම කොහොඹ කොළත් ගෙවල් වල තියනවා නේද. හොයල බලන්න, ඒකත් හොඳ ඖෂධයක්.

එම අතරතුර බටහිර බෙහෙතුත් ගන්නවා. මොකද ඒවා ඉක්මනින් ප්‍රතිඵල ගෙන දෙන නිසා. විද්‍යාවේ දියුණුව අපි හෙලා දකින්නේ නැහැ. නමුත් ආයුර්වේද බෙහෙත් දන්නා පරිදි භාවිතා කරනවා.

මම දැන් මේ ටික ලිව්වේ හුඟක් අය ආයුර්වේද බෙහත් ගන්න එක ගැන හිනාවෙන නිසා. තමන්ට කෝවිඩ් 19 වෛරසය වැළඳුනොත් තමන් කොහොමද ක්‍රියා කරන්නේ  කියල පොඩ්ඩක් හිතන්න මුලින්ම. අර සරදමට හිනාවුනු   බෙහත් හොරෙන් ගන්නවද ? නැත්නම් රෝහලට ගෙනියනකන් ඉන්නවද? ලංකාවෙත් දැන් රෝහල් වල ඉඩ නැති නිසා ආශ්‍රිතයන් ගෙනියන්නේ නැහැ. හෙට අනිද්දට අමාරු නැති රෝගීන්  ගෙනියන එකකුත් නැහැ.

එංගලන්තේ නම් හොඳටම අමාරු වුනොත් විතරයි ගෙනියන්නේ.  ඒ නිසා දන්න බෙහෙත් (හැම එකම නෙමේ) භාවිතා කරන්න වෙනවා.

මම කෙළේ මුලින්ම මුළු ගෙදරම හොඳට පිරිසිදු කරපු එක. බැක්ටීරියා නාශක  වැඩක් නැති නිසා වයිරස් නාශක කියල කියන ක්ලීනින් ප්‍රඩක්ට් එකක්  තමා භාවිතා කළේ. බ්ලීච් හෙමත් භාවිතා කළා . ඩෙටෝල් එක්ක. 

ඉනේස්ට උණු වතුර දුන්න බොන්න ෆ්ලාස්ක් එකකට දාල. ඒකට ඉඟුරු කෑල්ලක් තලලා දාල දෙන්න කියල එයාම ඉල්ලුව. මි පැණිත් දැම්ම.එයාගේ උගුරට හොඳයි කිව්ව නිසා. මේකෙන් වයිරසය මැරෙන්නේ නැති වෙයි. නමුත් කන්න බොන්න එනිසා පහසුයි.දුම් අල්ලන ඒවා මම  දන්නේ නැහැ. එනිසා ඒවා කලේ නැහැ.

දුවලට නාසය හිර වුනහම වතුර උණු කරලා සිද්ධාලේප ටිකක් දාල කාමරෙන් තිබ්බහම නාසය බුරුල් වෙලා හුස්ම ගන්න පුළුවන්  කියල අත්දැකීමෙන්   දන්නා  නිසා ඒකත්  කළා.

ලක් පේයාව, සංස්ථා පේයාව, සමහන් – ඔය තුනම වරින් වර දුන්න. ඉනෙස් කොහොමත් ඒවා බොන්න කැමතියි.  පුළුවන්තරම් පලතුරු කන්න දුන්නා. පලතුරු යුෂ බොන්න  දුන්න. මි පැණි ගාලා ටෝස්ට් කරපු පාන් දුන්න. මී පැණි හුඟක් හොඳ ඖෂධයක්  නිසා. 

කෑම රස දැනුනේ නැහැ එයාට.

එක දවසක් කරවිල හොඳට තුනපහ  දාල හදල දුන්න. ඒකෙ රහ දැනුන. ඒ කියන්නේ හොඳ වේගන වෙනවා. 

දවස් හතකින් විතර හොඳයි.

අපට පාන් ඉවර වුනා. දුෂාන්ත පෙරේරා පාන් ටික ගෙනල්ල දුන්න ඉඟුරු එක්ක. ස්තූතියි දුෂාන්ත. ඇවිත් එළියෙන් තියල ගියා. ඒ වගේ යාලුවෝ ඉන්න එක ලොකු දෙයක්. කියල තියෙන එක හොඳයි කාට  හරි.

මොකද්ද ඉඟුරු කතාව. අපි කොහොමත් ඉඟුරු දාල කහට තේ බොන කට්ටිය. සාමාන්‍යයෙන් පොඩි කන්දක්  නගින්න යනකොට, කිලෝමීටර ගාණක් ඇවිදින්න යනකොට ඉඟුරු දාපු තේ ගෙනියන එක මගේ පුරුද්දක්. 

ඉඟුරු දුන්නේ වමනේ යන එක වලක්වන්න.

මොකද මේ ලෙඩේට වමනේ යනවා.

ඉතින් තේ කහට ඉඟුරු දාල ලෙමන් දාල හදල දුන්න නිතරම.

මේ හැම වෙලේම අපි මීටර දෙකේ දුර තියා ගත්ත. 

 ඒ වගේම කියන්න ඕනේ මාර්තු මාසෙට කලින් ඉඳන් අපි විටමින් D ගත්ත.

ඉනෙස් ට දැන් හොඳයි. මට කියන්න බැහැ  ඔය පේයාව ගත්ත නිසා හොඳ වුනා, කොත්තමල්ලි නිසා හොඳ වුනා කියල. උණු වතුර නිසා වයිරසේ මැරුණා කියල.  නමුත් ඒ දේවලින් කිසියම් සහනයක් ලැබෙනවා කියල දැන් දන්නවා අත්දැකීම නිසාම.  

රෝහලට ගෙනියන්න බැහැ  අමාරුම නැත්නම්. අපිට අපි විතරයි. උඩ  පනින්නේ හිනා වෙන්නේ නැතිව තමන් දන්නා විධිහට බේරෙන්නයි තියෙන්නේ. අපි අද පොඩ්ඩක් ඇවිද්ද. ඉනේස්ට තවම අමාරුයි ඉස්සර වගේ ඇවිදින්න. කිලෝ මීටර් දෙකයි ඇවිද්දේ. 

මම ගිහින් PCR ටෙස්ට් එක කලා . මට නෙගටිව්.

The Amazing and Mighty Ginger

11 Proven Health Benefits of Ginger

coriander-coriandrum-sativum-research

8 Surprising Health Benefits of Coriander

Effects of Different Levels of Coriander (Coriandrum sativum) Seed Powder and Extract on Serum Biochemical Parameters, Microbiota, and Immunity in Broiler Chicks

%d bloggers like this: