Menu Close

හැඳිමිටේ දිග – සෝයා මීට් මාළුව සහ නිර්මාංශ බව.

                                      
… බීෆ් හෙවත් හරක් මස් කන්න කැමති අයට, සෝයා මීට් රෙසිපියක් මේ පහත ඇත්තේ. … හරක් මස් රස නැහැ,…! …එයට දමන කුළු බඩු නිසා එය එසේ රස වෙන්නේ. …හැකිනම් ජපන්නු වගේ ඒ හරක් මස් කෑල්ලක් අමුවෙන් කාලා බලන්න…. මළ ජරාවක් කියා ඔබ සිතාවි. …!

ඊට පෙර අපි වෙන දෙයක් ගැන සිතමු. එනම්, මිනිසා අද දින නිර්මාංශ වීමේ කාලය පැමිණ ඇති බව යන්නයි. දැන් මේක ඇහුවාම කෙනෙක් සිතාවි එහෙනම් මොකටද මිනිසුන්ට, “රදනක දත්” තියෙන්නේ කියා. ඔව්, ඔව්,… තියෙනවා තමා. එහෙත් හැකිනම් අමු මස් කෑල්ලක් ඒ දත්වලින් ඉරෙනවාද කියා බලන්න. … දත් ගලවා ගන්න පුළුවන්.

නිර්මාංශ වෙන්නට හේතු දෙකක් තියෙනවා. එකක් නම් පරිසරය විෂයේ ලෝකයේ ඇතිව තිබෙන කාබන් විමෝචනය අඩු කිරීමේ ඒකායන පරමාර්ථයට සහයෝගය දීමක් සේ. මොකද අපි අද අනුභවය කරන මස් කෘතීම සේ නිපයන නිසාත්, මේ මස් වෙළඳාම නිසා, ඒ සතුන් විසින් ඇති කරන කාබන් විමෝචනය, ලොව ඇති කාබන් විමෝචනයේ ප්‍රධාන කොටසක් නිසා…. ඒක දිග කතාවක්. අපි අනෙක් පැත්ත ගැන සිතමු.

සතුන් මවා ඇත්තේ මිනිසාගේ පරිභෝජනයට කියා, බුදු දහම හැර අන් ආගම් වල ඇති දෙයක්. ඒ නිසා ඒ ආගම් අනුව මස් වර්ජනය කරන්න කියා පැවසීම කල නොහැකි දෙයක්. බුදු දහමේ ඇත්තේ ත්‍රිකොටි මාංශ කියා. ඒ ගැනත් එච්චර ලියන්න ඕනා නැහැ, හේතුව වන්නේ මෙය ආගමික ප්‍රකාශයක් නොවන නිසා. නමුත් කෙටියෙන් කීවොත් තමා උදෙසා මරණ ලද සතුන්ගේ මස් අනුභවය බුදු දහමේ පිළිගන්නේ නැහැ.

දැන් එහෙම නම්, කඩේට ගිහින් කුකුල් මස් කිලෝ එකක් අරගෙන, ඒක උයලා කන කෙනෙක්ට ඉහත කතාව අදාළ වෙන්නේ නැද්ද? … එතන මස් විකුණන්න තිබ්බේ, …”ඔහු හෝ ඇය” වෙනුවෙන් නොවුනාට, “ඔහු සහ ඇය” වගේ බොහෝ දෙනා නිසා තමා,  “ඒ කුකුලා මලේ”… යන අපවාදයෙන් නම් මිදෙන්න නම් බැරි වේවි.

දැන් අනෙක් ආගම් වලටත් පොඩ්ඩක් හැරෙමු. ඒවායේ කියන්නේ සතුන්ට ආත්මයක් නැහැ කියා. … ආත්ම කතාව බුදු දහම එක්ක වෙන පැත්තකට යනවා තමා,… ඒ නිසා ඒ ‘ආත්මය’ කියන වචනය එක්ක වැඩිය පැටලෙන්නේ නැතිව, දැනට කියන්න වෙන්නේ, ඒ අනෙක් ආගම් වල මෙසේ කියනවා කියයි. එනම්,… “මිනිසුන්ට වගේ ආත්මයක් සතුන්ට නැහැ…! …සත්‍යයත් ඒකද ? 

මේකට මට පොඩි කතාවක් කියන්න තියෙනවා. නිවාඩු දිනයක මමත් තව යාළුවකුත් ඕමානයට වාහනයක ගියේ එහි සිටින තව අපේ හොඳ යාලුවෙක් හමු වීමටයි. ඔව්, ඒ කාලේ අපි අරාබියේ වැඩ කළා. ඉතින් අපි බ්‍රහස්පතින්දා ඔමානයට සේන්දු වුනා. සිකුරාදා සින්දුවක් කියලා, හොඳ බයිට් එකක් කාලා බෝතලයක් පොලිෂ් කරන්න තමා හිතුවේ. නමුත් අපේ හිතවතා සිකුරාදා රෑට ඒ කාරිය කල්දාලා වෙන ගමනක් දහවල් සෙට් කර තිබ්බා.

මේ පරක් තෙරක් නැති කාන්තාරේ, කොයි ලෝකේ ගියත් එකමයි කියා හිතලා අපි ඒ ගැන විරුද්ධ වුනේ නැහැ. කොහේ යනවාද යන්නත් අසන්නේ නැතිව අපි ඔහුගේ වාහනේට නැග්ගා. මගදී තමා ඇහුවේ කොහෙද මේ යන්නේ කියා.

ඔහු කිව්වේ, … “උඹලාට හරක්, එළුවෝ වෙන්දේසියක් පෙන්වන්න එක්ක ගෙන යනවා”… කියා. …“අරාබියේ ඉඳලා ඇවිත් රෙද්දක් නේ?… “බම්බු ගහන්නද යකෝ, එළු හරක් වෙන්දේසි බලන්න යන්නේ ?…කියා ඇහුවාම ,මිනිහා හිනා වුනා. හිනා වෙලා කිව්වා,… “අලුත් දෙයක් උඹලා දකීවි කියා”… ඉතින් මේ යකා ගේ කන් කරච්චලේට, ඒ වෙන්දේසියට අපි ගියා.

ඒකත් මේ පොඩි පහේ වෙන්දේසියක් නොවේ. දස දහස් ගණන් සත්තු වෙන්දේසි භුමියේ කණු වල බැඳලා තිබ්බා. අරාබියෝ ඒ එක එක සත්තු අරගෙන එයාලගේ ෆෝ වීල් වල දාගෙන යනවා. ඔව්, එදා ඒ අයගේ ආගමික උත්සවයක් තිබුණු දිනයක්.

… “ඉතින් මේකේ අරුමය මොකක්ද බං? …කියා හිතවතාගෙන් ඇහුවාම ඔහු කිව්වා,… “ටිකක් සත්තු දෙස කල්පනාවෙන් බලන්න”…කියා. … ඉතින් අප දුටුව දේ ඔබ විශ්වාස කරන එකක් නැහැ….!

… ඒ දහස් ගණන් සත්තු සියල්ලන්ම අඬනවා …කඳුළු පෙර පෙරා අඬනවා…  උන් දන්නවා තව පැය කීපයකින් ඔවුන්ට මොකෝ වෙන්නේ කියා. දැන් කොහොමද කියන්නේ, ඒ සතුන්ට ආත්මයක් නැහැ කියා? මෙය වුනේ දශක දෙකකට පෙර. එදා ඉඳන් අද වනතුරු මස් කෑමෙන් වැළකුනා. කන්න හිතෙන්නේ නැහැ.

ඔබ එවැනි වෙන්දෙසියකට ගිහින් එසේ සත්තු හඬනවා දැක්කේ නැතත්, ඔබේ මේසය උඩට එන හරක් මස් මාළුව, චිකන් කොත්තුව, මාළු ඇඹුල් තියාලේ,  එළු මස් සුප් එකේ,… කඳුළු තියෙනවා යයි සිතන්නේ නැත්නම්, එක්කෝ ඔබ මෝඩයි. නැත්නම් ආත්මාර්ථකාමී කෙනෙක්. එකඟ නැද්ද? එහෙම නම් පපුවට පොඩි තට්ටුවක් දාලා බලන්න ….

හරක් මරණ ඒවා දැම්මොත් සකල්බර්ග් මාව බ්ලොක් කරන නිසා, සෝයා මීට් හොද්දේ පින්තුර දැම්මා. එහෙත් ටව සතුන්ට ආත්ම තිබේද නැද්ද යන්න බලාගන්න පුළුවන් වීඩියෝ එකක් මගේ වෝල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට බලන්න හැකියි. එනම් අලි ඇත් රංචුවක පැටියෙක්ගෙ මළගමට ඔවුන් සහභාගී වීම. ඔවුන්ටත් දැන් ආත්මයක් තිබේද නැද්ද යන්න ගැන ඉන් බලා ගන්න පුළුවන් ….       

… මෙන්න සෝයා මීට් රෙසිපිය… !

… සොයා මීට් කැබලි උණු වතුරේ විනාඩි 10-12 ක් තියන්න. ඊළඟට ඒවා හොඳින් මිරිකා වතුර ඉවත් කර, සෝයා පැකට් එකේ ඇති කුළුබඩු මිශ්‍රණය එක්ක වියළිව කලවම් කරන්න. මෙන්න මෙතැනයි රහස ඇත්තේ. ඒ සෝයා මීට් පැකට් එකේ මිශ්‍රණය දමන එක මම කරන්නේ නැහැ. ඒ වෙනුවට මිළට ගන්නේ ලූස් ආකාරයට විකුණන සෝයා . Roasted and normal තුනපහ 50%:50% මිශ්‍රණය, උළු හාල් ඇට කීපයක්, කරඳ මුංගු ඇට කීපයක් සහ කහ කුඩු පොඩිත්තක් එකතු කර මිශ්‍ර කර ඒවා සමඟ විනාඩි පහක් පමණ තියෙන්න අරින්න.

…. දැන් තෙල් තාච්චියක් ලිපේ තියා [තෙල් වශයෙන් පොල් තෙල් හෝ ඔලිව් තෙල් ගැනීම රස වැඩියි. සන් ෆ්ලවර් නම් එපමණ රසක් නැහැ.], එම තෙල් වලට අබ ඇට මේස හැඳි භාගයක් පමණ දමන්න. ඒ අබ ඇට පුපුරන වෙලාව තෙලේ නියම පදමයි…! …මුලින් සකස්කරගත්ත අමු මිරිස්, රම්පෙ, කරපිංචා, රතු ළුණු, තක්කාලි, ඉඟුරු, සුදු ළුණු එයට දමා තෙම්පරාදු කර ගන්න …

… කැමති කෙනෙක්ට ඒ මිශ්‍රණයට රතු වයින් කෝප්පයක පමණ ප්‍රමාණයක් හෝ ඕනා නම් අරක්කු හැඳි කීපයක් එකතු කරගන්න පුළුවන්. දැන් සුවඳ සෙට් වුනාම, සෝයා මීට් කැබලි දමන්න. ඒවා මිශ්‍ර කරන්න. ඊළඟට පොල් කිරි [මිටි කිරි] කෝප්පයක් දමා විනාඩි 5 ක් පමණ උයා ගන්න. අවසානයට ලුණු ඇති තරම් දමා ගන්න… උයන්නේ නැතිව තෙම්පරාදු කරන්නේ නම් තක්කාලි සහ රට ළුණු ලොකුවට කපා දමා ගන්න …

… සටහන :- ප්‍රමාන වලට බය වෙන්න එපා. ඒවා හිතේ හැටියට දමන්න. හොඳම චෙෆ් ඔබේ ‘දිවයි ‘ … හරක් මස් වලට වඩා රසට සෝයා මීට් හදන්න පුළුවන් … !

… අහිංසක සතුන්ට ජීවිතය දෙමු. … පරිසරය සුරකිමු. !… !!

https://www.facebook.com/lalith.karunaratna/posts/10160150618751729?notif_id=1603254301557716&notif_t=feedback_reaction_generic&ref=notif

%d bloggers like this: