Menu Close

මම හොයන මම

අවසානයක් නැති

මේ මනෝවිකාරය

සවන් ඇතුළත මගේ

කටුක දෝංකාරය

මුරුගසන් වැස්සක්

එනවා අහස ඉරාගෙන

පියවි සිහිය මැරෙනකොට

අතරමං වෙන්නෙ මුලාවක

වැටී පිපිරෙන හැම වැහි බිඳුවක් වගේම

පපුව කීරි ගස්සන පාළුවෙන් වෙලුණු

හිමිදිරියේ වැටෙන හිරු කිරණකට

හඬමින් අඬගහන ගිලිහෙන්න නියමිත මල්පෙත්තක්

වෘත්තාකාර ලෝකයක් උපත ලද

සාපලත් චක්‍රාවාට ජීවිතයක

නුඹ කොතනද මම කොතනද?

සොයාගත නොහැකිව

දුක්බරව වළාකුළු

හැඬුවා අපේ කඳුළු හංඟන්න

හැඬුම් වල නිමාවක් නැති තැන

කෙළවරක් හොයාගෙන

තව තවත් හුස්ම ඇද ඇද

අඩියෙන් අඩිය පියවර මම තබමි

තවම මට හමුනොවණු “මං” හොයාගෙන

මේ හිස්කමේ බිත්ති බිඳගෙන මම යන්නම යමි !


රැහැන් මාරා  | සිත්තම් මායා  

%d bloggers like this: