Menu Close

සූර්ය බලශක්ති අපද්‍රව්‍ය වළක්වා ගැනීමට කුමක් කළ හැකිද?

solar-panelsසූර්ය පැනල ඵළදායී ලෙස ප්රතිචක්රීකරණය කිරීමට ක්රමයක් සොයා ගැනීම අත්යවශ්ය වනු ඇත. එසේ නොමැති වුවහොත්, ඉලෙක්ට්රොනික අපද්රව්ය සේ ඒවාද ටොන් මිලියන ගණනින් වල දමන්නට වනවා ඇත. ‘නේචර් එන්ර්ජි’ [Nature energy] සඟරාවේ ප්රකාශයට පත් කරන ලද ලිපියක පර්යේෂකයන් සඳහා වන අභියෝග සහ ඊට විරුද්ධව කල හැකි විසඳුම් ඉදිරිපත් කරයි.
 
එක්තරා ශුභාරංචියක් වන්නේ එසේ පලක් නැති තත්වයට යාමට පෙර සූර්ය පැනල අවුරුදු 30 ක් පමණ පැවතීමය.
 
එනම් අද දින ගත් විට ලෝකයේ විසිරුණු ඉලෙක්ට්රොනික අපද්රව්ය අතරේ සූර්ය පැනල නිසා වන පරිසර හානිය ඉතාමත් සුළු ප්රමාණයකි. එබැවින් සූර්ය බල ශක්ති සංවර්ධනයේ වර්තමාන උත්පාතය, එමඟින් ඇතිවන අපද්රව්යවල වැඩි වීමකට පෙර ප්රතිචක්රීකරණය කිරීම පිළිබඳව සලකා බැලීමට විද්යාඥයන්ට යම් කාලයක් තිබේ.
 
දැන් ලොව පුරා විද්යුත් වෝල්ටීයතා පැනල් වලින් අපද්රව්ය ටොන් මිලියනයකටත් වඩා අඩු ප්රමාණයක් ඇති අතර එමඟින් මෙය ලෝකයේ විද්යුත් අපද්රව්ය ප්රමාණයෙන් නොසළකා හැරිය කොටසකි. නමුත් මෙම එකතුව 2030 වන විට ටොන් මිලියන අටක් සහ 2050 වන විට ටොන් මිලියන 80 ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇති බව එම සඟරාව පවසයි.
 
… “කර්මාන්ත හා තාක්ෂණ ක්ෂේත්රයට මෙන්ම, සමාජයට හා පෘථිවියට එම ද්රව්ය සියල්ලම අහිමිවීම, පොලවේ වළලනු ලැබීම ලැජ්ජාවකි”… “පිරිසිදු ෆොටෝ වෝල්ටීයතා පැනල් කර්මාන්තය, මහජනතාව සහ ප්රතිපත්ති සම්පාදකයින් විසින් පිරිසිදු බලශක්ති තාක්ෂණයක් ලෙස සලකනු ලබන කර්මාන්තයක් ලෙස, පිරිසිදු විය යුතු බවට හෝ, අවම වශයෙන් හැකි තරම් හැකි තරම් පිරිසිදුව භාවිතා කිරීමට උත්සාහ කළ යුතුය”… යනුවෙන් ජාතික පුනර්ජනනීය බලශක්ති විද්යාගාරයේ ජ්යෙෂ්ට විද්යාඥයෙකු හා නේචර් සඟරාවේ ප්රධාන කතුවරයා වන ‘ගාර්වින් හීත්’ පැවසීය.
 
පුනර්ජනනීය ශක්තිය ප්රතික්ෂේප කරන කණ්ඩායම් සූර්ය, සුළං සහ බැටරි ගබඩා කිරීම පිළිබඳව සැක කිරීමට හේතුවක් ලෙස පුනර්ජනනීය බලශක්ති ව්යාපෘතිවලින් ඉතිරි වන අපද්රව්ය ගැටළුව මතු කරති.
 
නමුත් මේවාට විසඳුම් කිහිපයක් තිබේ, නැතහොත් අවම වශයෙන් ඒවා හොඳ යෝජනා වේ. එනම් සූර්ය පැනල ප්රතිචක්රීකරණය කිරීමෙන් වැඩි වටිනාකමක් නැවත ලබා ගන්නේ කෙසේද යන්න, පර්යේෂණ හා සංවර්ධනය සඳහා රජයන් සහ සූර්ය කර්මාන්තය සඳහා ආයෝජනය කළ යුතු බව, ප්රතිචක්රීකරණය කිරීමේ පිරිවැය වඩා අඩු වන පරිදි එය සාදා ගන්නේ කෙසේද යන්න ය.
 
මෙය ඉටු කර ගත හැකි ක්රමය වන්නේ පැනලවල ඇති සිලිකන් වැනි ද්රව්ය නැවත භාවිතා කිරීමට ක්රම දියුණු කිරීමයි. දශක ගණනාවක් තිස්සේ සිලිකන් වල පවතින විට ඊට අප ද්රව්ය එකතු වේ. නමුත් එම අපද්රව්ය ඉවත් කිරීමට ක්රම දියුණු කිරීමට පර්යේෂකයන්ට හැකි විය යුතුය. නව සූර්ය පැනල සෑදීම සඳහා සූර්ය පැනල නිෂ්පාදකයින්ට පැරණි පැනල් වලින් ලබා ගත හැකි සමහර ද්රව්ය භාවිතා කළ හැකිය.
 
පිරිසිදු බලශක්තිය සම්බන්ධයෙන් බොහෝ විට සිදු වන පරිදි, යුරෝපය එක්සත් ජනපදයට වඩා පියවර කිහිපයක් ඉදිරියෙන් සිටින අතර සමහර සූර්ය සංරචක ප්රතිචක්රීකරණය කිරීම අවශ්ය බව අවබෝධ කරගෙන සිටිති. 2017 දී ජර්මනිය සූර්ය ද්රව්ය ටොන් 553 ක් එකතු කළහ. එය යුරෝපයේ එකතු කල විශාතම සූර්ය පැනල අදාළ අපද්රව්ය වේ.
 
යුරෝපයේ සමාගම් ප්රතිචක්රීකරණ නීතිවලට ප්රතිචාර දක්වන්නේ ඉල්ලුම සපුරාලීම සඳහා ව්යාපාර ආරම්භ කිරීමෙනි. නමුත් වෙනත් වර්ගවල ප්රතිචක්රීකරණය පිළිබඳ විශේෂඥතාවයක් ඇති ව්යාපාර වන අතර පැරණි සූර්ය පැනල වලින් වැඩි වටිනාකමක් ලබා ගැනීමට එමගින් ලබා ගත නොහැක. එනම් පරිසරයට අපද්රව්ය මහා පරිමාණයෙන් එකතුවීමට පෙර සූර්ය ප්රතිචක්රීකරණය ගැන සිතා බැලිය යුතු කාලයයි.
 
කෝවිඩ් වසංගතය මගින් යම් ප්රමාණයකට පුනර්ජනනීය බලයට අවස්ථාවක් දෙනු ලැබීය. එහෙත් පරිසර විනාශය නැවැත්වීමට එය කිසිසේත් ප්රමාණවත් වී නැත.
 
ලෝකයේ සෑම තැනකම රැකියා විපර්යාස හෙවත් රැකියා ඇති වීම මෙන්ම නැතිවීමද සිදු වී ඇත. එක්සත් ජනපදයේ පිරිසිදු බලශක්ති කර්මාන්ත ජුනි මාසයේදී රැකියා 106,320 ක් ඇති වූ බව BW නම් පර්යේෂණ වාර්තාවක දැක්වේ. ජුනි මාසයෙන් පසු සහ මාර්තු මාසයේ සිට නැති වූ රැකියාවන් 514,270 කි. එසේ ඇති වූ රැකියා බලශක්ති කාර්යක්ෂමතාව; පිරිසිදු වාහන, පිරිසිදු ඉන්ධන සහ “පිරිසිදු සම්ප්රේෂණය, බෙදා හැරීම සහ බලශක්ති ගබඩා කිරීම යන හේතුන් නිසා ඇතිවී තිබේ.
 
කුමක් නිසා මෙහිදී සූර්ය පැනල ගැනම සිතන්නේද යන්නත් ගැටලුවකි. සුළං මෝල්ද මේ යුගයේ ලාභ වෙමින් ජනප්රිය වෙමින් පැවතුනද, සූර්ය පැනල තරම් ලාභයට සහ පහසුවට විදුළිය ලබා ගැනීමට ඉන්ද නොහැකි හෙයිණි. ලොවට දිනෙන් දින වැඩි වැඩියෙන් අවශ්ය වන බල ශක්ති අවශ්යතාවය තෘප්ත කිරීමට සූර්ය පැනල තරම් හොඳ දෙයක් තවත් නැත. නමුත් ඉන් පරිසරයට හානියක් වන ආකාරය ගැන සෙවීමට කාලය පැමිණෙමින් පවතී.
 
මේ ගැටලුවේ තවත් කොටසක් වන්නේ විදුළි වාහන වල බැටරි ස්වභාවික ආයු කාලය අවසානයේ ඒවාට කුමක් කළ යුතුද යන්නයි. අද දින ටොන් මිලියන කාලක් බැටරි ඇති අතර එය සියවසේ මැද භාගයට පෙර බොහෝ වාරයක් ගුණ වෙනවා ඇත. එනම් ඒ සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා අපගේ ප්රතිචක්රීකරණය අද දින සියයට 5 කින් දියුණු විය යුතුය. එහෙත් මෙහිදීද යම් බලාපොරොත්තුවක් තිබේ.
 
එනම් ඒ බැටරි වාහනයක් දුර ගෙන යන්න ප්රමාණවත් නොවුනද ඒ බැටරි මගින් ස්මාර්ට් ජාළයට උදව් කළ හැකිය. එමගින් ජාතික විදුළි ජාලයන්හට විශාල අවස්ථිතියක් [Inertia] තනා ගත හැක. එනම් එය හයිබ්රිඩ් මෝටර් රථයක යාන්ත්රණය කෙරෙනවාක් මෙන්, ජාළය සමඟ කටයුතු කිරීමේදී සාර්ථකව සිදු කරනු ඇත. ඒ ආකාරයේ බැටරි තවත් දශකයක් පමණ ජාලයක් සඳහා භාවිතා කල හැකි බවට ගණන් බලා ඇත. මේ කාලය තුල කෙමෙන් ඒවායේ ප්රතිචක්රීයකරණය කරන ආකාරය පිලිබඳ බලාපොරොත්තු තිබේ.
 
අනාගතයේ ඉහත සඳහන් කල රැකියා වලට සූර්ය පැනල ප්රතිශක්තිකරණය සම්බන්ද රැකියාද එකතු වනු ඇත.
 
 
%d bloggers like this: