Menu Close

කෝවිඩ් 19 කොරෝනා වයිරස් රෝගය වැළඳුනු රෝගියෙකු ගේ සටහනක්

පසුගියදා අප  දන්නා හඳුනන “අවුල් වන්නට පෙර ” බ්ලොගය ලියූ අරුණ  පෙරේරා මහතාට කෝවිඩ් 19 ආසාදිත තත්වය ඇතිව තිබුණි. දින අටක පමණ කාලයක් බාත් නගරයේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අරුණ  පෙරේරා තම නිවසට පැමිණ දැනට සති අටක්  පමණ වේ. හදිසියේ නැවතත් දින දෙකක් පමණ පශ්චාත් කෝව්ඩ් තත්වයක් මත ඔහුට නැවතත් රෝහල් ගත වන්නට සිදුවිය. මේ ඔහුගේ අත්දැකීමකි.
******************************************************************
තාමත් නටන කෝවිඩ් වන්නම 💃🏻🕺🏻💃🏻.🕺🏻………කරුණාකර පරිස්සම් වෙන්න.
                    කෝවිඩ් සුවවී අදට සති අටක් පමනවේ. නමුත් විටින් විට හුස්ම ගැනීමේ අපහසුතාවයත්, අධික වෙහෙසත් ,හාට් බීට් එකේ වේගයත්, විටින් විට ඇතිවෙන ක්ලාන්ත (මෝල් කලන්තෙ නොවේ)ගතියත් ආදී දහසක් අපහසුතාවයන් ශරීරය තුල පවතී. දෙවතාවක් මගේ ජෙනරල් ප්‍රැක්ටිශනර්ට කීවත් ලොකු ප්‍රතිකාරයක් සිදු නොවේ. අඳුරන ඩොකාලාත් තත්වයට අලුත්ය. මේ කිසිවක් පැහැදිලි කර දිය නොහැක. කීවාට කවුරුත් පිලිගන්නේත් නැත. දැන් මේක  Post Covid 19 Syndrome යනුවෙන් හැඳින්වේ. ඩොක්ටර්ස්ලා පවා මේ තත්වය තවම නිසියාකාරව හඳුණාගෙන නැත. මේ අලුත්ම රෝගී තත්වයකි.
පෙරේදා මට හුස්ම ගැනීමට අපහසුවී මද කලන්තෙ ගතියක් ඇතිවීම නිසා G.P.ඇමතුවෙමි. මාව චෙක් කරලා වහාම එමර්ජන්සි වාට්ටුවට පිටත් කරේය. එතනට ගියාම මාව ඇඩ්මිට් කරා. ඉක්මනින් බ්ලඩ් ටෙස්ට් 🔎🔎රාශියක් කරලා විවේක ගන්නට කිව්වා. පසු දින බ්ලඩ් රිපෝර්ට් බලා ඔවුන් සතුටට පත්වූවත් සෑහීමකට පත්වූයේ නැත. මෙහිදී ඔවුන් අනුමාන කරේ ලන්ග්ස් ඇතුලේ බ්ලඩ් ක්ලොට් සෑදීමට ඉඩ ඇති තත්වයකි. එය මාරාන්තික විය හැක. ඒය පෝස්ට් කෝවිඩ් තත්වයක් බව දැන් සොයාගනිමින් පවති. D-Dimer නම් බ්ලඩ් ටෙස්ට් එක  සිදුකරයි🔬🔬. එයින්  සෑහීමකට පත් නොවු ඔවුන් තවත් කාඩියොලොජි ටෙස්ට් සහ CT pulmonary angiogram (CTPA)ටෙස්ට් එකෙන් පසු ලන්ග්ස් ඇතුලේ බ්ලඩ් ක්ලොට්ස් නැති බව ස්ථිර බව කීවේය👍.ඒ සියලුම හොස්පිට්ල් ටීම් එකට මගේ ගෞරවය සහ ප්‍රණාමය.🙏🙏
 දැන්  මගේ මේ හුස්ම ගැනීමේ අපහසුතාවය මාරාන්තික තත්වයක් නොවන බව පැහැදිලිය. තව මාස හතර පහක් යනතුරු මේ සියලු අපහසුතාවයන් පවතින බවත් මෙය ස්ලෝ ප්‍රොසෙස් එකක් බවත් ඩොක්ස්ලා කියයි. බෙහෙත් නොමැත. බ්‍රීතින් එක්සර්සයිසස් පමනි. ඇවිදින විට වැඩි පරිස්සමට වෝකින් ස්ටික් එකක් හොස්පිට්ල් එකෙන් ලබා දුනි. දුව නම්  කියන්නේ වෝකින් ස්ටික් එක නිසා මම දැන් ඔෆිශියලි ඕල්ඩ් කියාය. 😝😝කෝවිඩ් කරපු කෙළියක්. 😎😎
මෙච්චර හෑල්ලක් ලිව්වේ උඹලාටත් පරිස්සම් වෙන්නය. ⚠️⚠️
%d bloggers like this: