Menu Close

මුහුද යටින් යන ලෝකයේ දිගම කේබලය.

                                           subsea-power-cable-1මේ පුවතේ ඇති පින්තූරය දුටු හැටියේම මට නම් සිහිපත් වූයේ, මේ කේබල් එකේ අඩියක් කොපමණ ගණන් ඇත්ද කියාය ? 🙂

සම්පූර්ණ ව්‍යාපෘතියටම නම් ඩොලර් බිලියන දෙකක් යයි. මෙහි දිග කිලෝ මීටර් 765 කි. එක්සත් රාජධානියේ සිට ඩෙන්මාර්කය තෙක් ඇදෙන මේ කේබලයෙන්, දෙරටේ ඇති හරිත ශක්තිය හුවමාරු කර ගැනේ. එමගින් ඩෙන්මාර්කයේ සහ එක්සත් රාජධානියේ ඇති නිවාස මිලියන එක හමාරකට බලය ලැබේ. මේ නිවාසයකට යන බලය යන කතාව නම් ඉතා සාපේක්ෂය. සමහරවිට ලංකාවේ ඇති මධ්‍යම පාන්තික ගෙවල් හතරකට පහකට අවශ්‍ය බලය ඉහත කියන එක නිවසකට අවශ්‍ය වනු ඇත.

කේබලයෙන් ගෙන යන්නේ අධි වෝල්ටීයතා සරළ ධාරාවකි. එක් රටක නිපදවන විදුළිය අනෙකට වඩා අඩු නම්, ඒ අඩු ශක්තිය ඇති රටට බලය ඉන් සැපයේ. එනම් කේබලයේ ශක්තිය දෙඅතට ගෙන යයි. නෙදර්ලන්තය, එක්සත් රාජධානිය, ජර්මනිය, ඩෙන්මාර්කය වැනි රටවල් එකිනෙකට සම්බන්ද වේ. විශේෂයෙන්ම මේ සම්බන්දතාවය අවශ්‍ය වන්නේ පුනර්ජනනීය බලය ප්‍රවර්ධනය වන හෙයිණි.

මක්නිසාදයත්, පුනර්ජනනීය බලය විචල්‍ය වේ. විචල්‍ය බව අඩු කිරීමට ජාල එකතු කිරීම හොඳ විසඳුමකි. ලංකාවේද රට දෙපැත්තේ, උදාහරණයක් සේ මාතර සහ යාපනයේ ඇති සූර්ය බල පද්ධති දෙකක් ජාතික බල සැපයුමට එකතු කළහොත්, විචලතාවයන් අවමයක් වනු ඇත. එනම් එක පළාතකට පායන විට අනෙක් පළාතේ වලාකුළු තිබිය හැක. නැතිනම් එක පළාතක සුළං හමන විට තව පළාතක සුළං අඩු විය හැක.  

එක්සත් රාජධානියේ බලශක්ති හා පිරිසිදු වර්ධනය පිළිබඳ අමාත්‍යවරයා වන ක්වාසි මහතා [ Kwasi Kwarteng,] මෙසේ පැවසීය.

… “එය… අපගේ බලශක්ති සුරක්‍ෂිතතාව ඉහළ නැංවීම, පාරිභෝගිකයින් සඳහා බිල්පත් අඩු කිරීම සහ අපගේ ගෘහස්ථ පුනර්ජනනීය විදුලි ජනක යන්ත්‍රවලට ලොව පුරා ශුන්‍ය කාබන් විදුලිය අපනයනය කිරීමට වැඩි අවස්ථාවක් ලබා දෙනු ඇත”…. 2025 වසරේ එක්සත් රාජධානිය සම්පූර්ණයෙන්ම පුනර්ජනන ශක්තියට අනුගත කෙරේ. 

‘සයන්ස් ඩිරෙක්ට්’ හි පළ වූ 2018 පුවත්පතකට අනුව, උප විදුලි රැහැන් සවිකිරීම, ශබ්දය, දූෂණය, කැලඹීම සහ වැඩි කරයි. තවද, විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර බලපෑම් පිළිබඳ අවිනිශ්චිත තාවයන් පවතී. නමුත් පරිසර පද්ධති කෙරෙහි ඒ සමස්ත බලපෑම්, සුළු හෝ කෙටිකාලීන ලෙස සැලකේ.

හරිත ශක්තිය හුවමාරු කර ගැනීම සඳහා වන විදුලි රැහැන් වල වාසි බොහෝ දුරට එවැනි පරිසර නිෂේධනයන් අභිබවා යයි.

 https://electrek.co/2020/07/14/worlds-longest-subsea-power-cable-viking-link-uk-denmark/?fbclid=IwAR3YrCWhGUm5Ga1MIF3lsZEvh0wAN6sKH_lCu1IYdD2CRa0VikzMwMEmfyw

%d bloggers like this: