Menu Close

කුජගේ වගතුග සහ කුජ ග්‍රහයාගේ අපල සඳහා කල යුතු පුද පූජා.

                          5d0a12c8ee535_12 ඕනෑම ග්‍රහයෙක්ගේ නියෝජකත්ව අවබෝධ කර ගැනීමට ඒ ඒ ග්‍රහයා අප හඳුනන පුද්ගලයෙක් මෙන් සැලකීම ප්‍රයෝජනවත් වේ. ඒ අනුව කුජ ගේ ආකාරය මෙසේය. 

ලා රතු, තරුණ, සිහින් ඉනැති, චපල, පිත්තාධික, ත්‍යාගශීලී, බලවත් කෙනෙකි. ලේ දකින්නට ආශාව ඇති කෙනෙකි. බලහත්කාරකම්, හිතුවක්කාරකම් කරයි. ග්‍රහ ලෝකයේ හමුදාපතිය. නැතහොත් හේවායා වේ. බාහු සතරක් ඇති කුජ ග්‍රහයා රත් පැහැති මල් පැළඳ රත් පැහැති වස්ත්‍ර දරන්නේය. එළුවෙක් වාහනය වේ. .

ඔහුට අදාළ රැකියා වන්නේ, යුධ හමුදාවේ රැකියා, ලෝහ භාණ්ඩ, පුපුරණ දේවල් සම්බන්දව සහ ආයුධ සම්බන්ද දේ වේ. ලග්නයේ රාශියක හෙවත් සිටි රාශිය නියෝජනය කරන දෙයක් නැති කිරීම ඔහුගේ සිරිතකි.  තවත් කෙනෙක් කියන්නේ ශ්‍රමණ පූජකාදීන් ගත් විට කුජ බෞද්ධ භික්ෂුන් නිරුපනය කරන්නේය යන්නය. සමහරවිට දෙවියන් හා සම්බන්ද නැති වීම ඒ හේතුව වන්නට ඇත. කුජ විවාහයට නොව බ්‍රහ්මචාරිත්වයට අදාළ ග්‍රහයෙක් වේ.  

කාරකයා වන්නේ සහෝදර, යුධ වේ. භුමි පුත්‍ර සේද හැඳින්වේ. ඔහුගෙන් ඇති කරන විවාහ දෝෂ භෞම දෝෂ සේ හැඳින්වේ.   

ඔහු නිසා වන රෝගාබාධ, උන සන්නිපාතය, බඩ වලේ ආබාධ, වාතාබාධ, පිළිස්සුම් සහ තුවාල වැනි දේ වේ.    

කුජ ග්‍රහයාගේ දෝෂ වලට ස්කන්ධ කුමාර හෙවත් කඳ කුමරුට පුද පූජා සහ සෙත් කවි සජ්ජායනය කෙරේ.  ග්‍රහ මණ්ඩලය තුන් හුලස් වේ. එනම් කුජට පුද පූජා කරන විට දී ඒ ආකාරයට මල් වට්ටිය, පුද පූජාව ගෙන යන පළතුරු වට්ටිය පවා ඒ ආකාරයට තැනීම වැදගත් වේ. 

කුජ ග්‍රහයාගෙන් දුර්වල වූ ශරීරය යථා තත්වයට ගෙන එම සඳහා ස්නාන ක්‍රම භාවිතා වේ. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ සඳුන්, බෙලිමද, කොහොඹ, පුවඟු, ජටාමාංශ, බැබිල, රත්මල්, ඉරිවේරිය, නාමල් මල් සහ රේණු, බඳු වද යනාදිය අඩංගු ජලයෙන් සිරිතක් සේ ස්නානය කිරීම කුජ ගේ දෝෂ අවම කිරීමට වැදගත් වේ. 

එනම් මෙහිදී සාමාන්‍යයෙන් කරන පූජාවල් සඳහා බෞද්ධ මුහුණුවරක් ඇති කිරීම වඩාත් යහපත් වන්නේය. මක්නිසාද යත්, ග්‍රහයෙක් නියෝජනය කරන දෙවි කෙනෙක්ට අවශ්‍ය වන්නේ කුසල් නිසා, කුසල් අනුමෝදන් කිරීම බෞද්ධ ක්‍රමයක් වීම හේතුවෙනි. එනම් එක්තරා පූජා විධියක් වන්නේ, මුලින්ම තිසරණ සරණ පන්සිල් රැගෙන ඉන් අනතුරුව බෝධි පූජාවක් කර ස්කන්ධ කුමාර හෙවත් කඳ සුරිඳු හෙවත් කතරගම දෙවියන්ට ඒ පින් කුසල් අනුමෝදන් අනුමෝදන් කිරීමය.

ඒ බෝධි පූජාව සඳහා ගන්නා පුජා ද්‍රව්‍ය වල කුජ ගේ නියෝජන ඇති කිරීම කල හැක. උදාහරණයක් සේ ඒ බෝධි පූජාවට වඩ වඩා රත් මල් සහ කනේරු වැනි රතු පැහැ මල් වර්ග භාවිතා කල හැක. 

   

%d bloggers like this: