Menu Close

Ubisoft Forward event එක අතරතුරදී Watch Dogs 2 නොමිලේ ලබාගැනීමට අවස්ථාවක් Ubisoft සමාගම විසින් ලබාදෙයි

Ubisoft Forward event එක අතරතුරදී Watch Dogs 2 නොමිලේ ලබාගැනීමට අවස්ථාවක් Ubisoft සමාගම විසින් ලබාදෙයි

Covid-19 වසංගතයේ පැතිරයාම නිසා වසරේ විශාලතම gaming event එක වූ E3 event එක අවලංගු කිරීමට සිදුවූ නිසාවෙන් බොහොමයක් වීඩියෝ ක්‍රීඩා සමාගම් විසින් ඔවුන්ගේම online events පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ අනුව අද දින Ubisoft සමාගමේ මෙම event එක Ubisoft Forward නමින් විකාශය වීමට නියමිතයි.

අද රාත්‍රී 12.30 AM (GMT) ට මෙම Ubisoft Forward event එක ආරම්භ වීමට නියමිත අතර පැයක පමණ කාලයක් පූර්ව ප්‍රචාරක පටයක් විකාශය වීමට නියමිතයි.

ඔබට මෙම විකාශය හරහා එකතුවීමට ආකාර කිහිපයක් ලබාදී තිබෙනවා. එනම් Ubisoft නිල වෙබ් අඩවිය හරහා, Youtube හරහා, Twitch හෝ Mixer හරහායි.

මෙම online event එක හරහා Assassins’ Creed සහ Watch Dog games වලට අදාල නවතම සංස්කරණයන් නිකුත් වීමට නියමිතයි. එනම් Assassin’s Creed Valhalla, Watch Dogs: Legion and Hyper Scape. මිට අමතරව Ubisoft සමාගම පවසන ආකාරයට විශේෂ නිවේදනයක්ද නිකුත් කිරීමට ඔවුන් සුදානම් වන අතර බොහෝ දුරට ඒ නව game එකක් වියහැකි බවද බොහෝ දෙනා මත පළකර සිටිනවා.

Ubisoft Forward event එක අතරතුරදී Watch Dogs 2 නොමිලේ ලබාගැනීමට අවස්ථාවක් Ubisoft සමාගම විසින් ලබාදෙයි

මෙහිදී විශේෂයෙන්ම Ubisoft සමාගම Watch Dogs 2 PC version එක නොමිලේ ලබාදීමට තීරණය කර තිබෙන අතර මේ සඳහා ඔබ කල යුතුවන්නේ මෙම event එක අතරතුරදී ඔබගේ Uplay account එකට log වී සිටීමයි. මේ පිළිබද වැඩි විස්තර නිල වෙබ් අඩවියේද සඳහන් වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Ubisoft වෙබ් අඩවිය සහ News week වෙබ් අඩවිය භාවිතා කළ හැක

%d bloggers like this: