Menu Close

වාහන විත්ති 405 – වොල්ක්ස්වැගන් ගෙන් සියැට් කුප්‍රා විදුළි වාහනය 

                        Cupra-el-Born-electric-hot-hatchඔබගේ වගේම, මගෙත් හිත රිදෙනවා තමා…. 😦  බලලා සතුටු වෙනවා හැර මේවා ලංකාවට එන්න නම් කල් යාවි. ලංකාවේ ඇති බදු නිසාත්, විදුළි වාහන ගැන දේශපාලනඥයන්, බළධාරීන් පමණක් නොව සාමාන්‍ය ජනතාවත් නොදන්නා නිසා,…  අද හෙට නම් මේවා ලංකාවේ දකින්නවත් වෙන එකක් නැහැ.

කෙසේ හෝ, වෙළඳපොළට දැන් දැන් වේගයෙන් එන නා නා ප්‍රකාර විදුළි වාහන ගැන ලියන්න ගියොත්, වෙන වැඩක් කරන්න බැරි වෙනවා. හැබැයි, එහෙම එන්නේ ඇයි කියාත් පොඩ්ඩක් හිතමු. නොම්මර එකේ හේතුව නිර්මාණය සහ මිළදී ගැනීම දෙකටම ඇති ලාභයයි.

මොන යුගයේ හිටියත් මිනිස්සු මිනිස්සුමයි. පරිසරයට හෙණ ගැහුවත් රුපියලක් [හෝ ඩොලරයක්] ඉතිරි කරන්න පුළුවන් නම් මිනිස්සු එයට අනුගත වෙනවා. ඇයි ඇමරිකාවේ එංගලන්තේ උන් අලි පු*න් ආවද? නැහැ…උනුත් අපි වගේම තමා… ඇත්තටම උන් අපට එහා. කොරෝනා කලබල ආරම්භ වූ කාලයේ හැසිරීම අපි දුටුවා …

හැබැයි මේ අතරේ යම් ප්‍රතිශතයක් ඉන්නවා, පරිසරය ගැන හිතන මිනිසුන්. එමෙන්ම මේ විදුළි වාහන වැඩිවීමට  කොරෝනා වසංගතයත් එක්තරා හේතුවක් වෙනවා. මොකද මේ වාහනෙන් අන්වීක්ෂීය අංශු ඇති වන්නේ නැහැ. කාබන් විමෝචනයක් නැහැ. සද්ද නැහැ. දුම නැහැ. එහෙම සිතන අයත් ඉන්න බව මේ තොරතුරු බලන විට පෙනෙනවා. විශේෂයෙන් කොරෝනා වලින් බැට කෑ එක්සත් රාජධානිය, ඉතාලිය ප්‍රංශය වගේ රටවල් වල මිනිසුන් විදුළි වාහන වලට යෑමේ වැඩි ප්‍රවණතාවයක් තියෙන බව පෙනී යන දෙයක්.   

කෙටියෙන් මෙහි විශේෂ දේවල් කිව්වොත්, එක ආරෝපණයකින් කිලෝ මීටර් 500ක් යන්න පුළුවන්…. මදිද ?

ඒ කියන්නේ ගාල්ලේ ඉඳලා යාපනයට ගිහින්, තවත් කිලෝ මීටර් 3ක් යන්න පුළුවන්. පැය භාගෙන් කිලෝ මීටර් 260ක ගමනක් යන්නට වාහනේ ආරෝපණය වෙනවා. … බනිස් ගෙඩියක් කාලා ප්ලේන්ටියක් ගහලා, …ඕන නම් දුමකුත් ඇදලා යන වෙලාවේ,… වාහනේ චාර්ජ් වෙලා ඉවරයි. එනම් ඒ ආරෝපනෙන් නුවර ඉඳලා මාතරට ඇති දුරට වඩා වැඩි දුරක් යන්න හැකියි. 

ඒ සඳහා ලංකාවේ නම් රුපියල් 400ක් යාවි. හැබැයි ගෙදර වහලෙන් ඉන්ධන ගත්තොත්, ඉන්ධන මිළ රුපියල් බිංදුවයි. ඔන්න ඔතනයි අපට ඇති විශේෂ ලාභය…අපට නැත්තෙත් එච්චරයි….පෙට්‍රල් ඩීසල් වලට රටෙන් පිටට ගිය විදේශ විනිමය ප්‍රමාණයත් බිංදුවයි. ඊයේ කව්ද බුකියේ ලියා තිබ්බා, ලංකාවෙන් දිනකට රුපියල් බිලියන දෙකක් විදේශ විනිමය එළියට යනවා කියා. … ඕවා නවත්වන්න කාටවත් ඕනෑකමක් නැද්ද ?

යුරෝපයට අවශ්‍ය බල ශක්තිය උතුරු අප්‍රිකාවේ රටවල්, ඒ කියන්නේ ඇල්ජීරියාව, මොරොක්කෝව, ටියුනීසියාව වගේ රටවල් වලින් ගන්නට අදහසක් තිබුනා. මොකද, යුරෝපය අඳුරු නිසා. මෙහිදී ඔය කියන උතුරු අප්‍රිකානු රටවල් අතරේ ‘මොරොක්කෝව’ විශේෂ තැනක් ගන්නවා. එහි විදුළි වාහන ප්‍රසිද්ධ වීමේ විශාල ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසයි මේ පින්තුර දමන්නේ. සූර්ය පැනල ඇටවුමක් පසුපස රෙනෝල්ට් වාහනයක් ආරෝපණය වෙනවා ඔබ දකීවි. මේ රටේ ආරෝපිත ස්ථාන වැඩි වැඩියෙන් ඕෆ් ග්‍රිඩ් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා.  

මොරොක්කෝවේ එක තෙල් බිංදුවක් නිෂ්පාදනය කරන්නේ නැහැ.හැබැයි සහරාවේ හිරු තාපය භාවිතා කර විදුළිය ජනනය කර, ඒ රටේ දුම්රිය පද්ධතිය දුවවනවා. කැසබ්ලන්කා වේ, එහෙම දුවන ලස්සණ සහ කාර්යක්‍ෂම මෙට්‍රෝ / ට්‍රෑම් පද්ධතියක් තියෙනවා. ඒ පිංතුරත් ඔබ මෙහි දකීවි.

ලංකාව එංගලන්තයේ යටත් විජිතයක් වුනු කාලේ අපට ට්‍රෑම් ලැබුනා වගේ, මොරොක්කෝවටත් ඒ කාලේ ට්‍රෑම් ලැබුනා. එදා සිට මොරොක්කෝව ඒ ට්‍රෑම් වැඩි දියුණු කරලා, අද ඒවා තෙලේ බලෙන් නොවේ, අහසෙන් එන හිරු ශක්තියෙන් දුවනවා. අපි මොකෝ කලේ? ඒ ට්‍රෑම් අපි ඉන්දියාවට යකඩ වලට වික්කා. දැන් අපි ඉන්දියාවේ ලොරි චැසි උඩ දුම් කාගෙන යනවා. …

කලකට පෙර මොරොක්කෝවෙන් මෙහි පැමිණි අපේ මරක්කල සහෝදරයන්ගේ මුතුන් මිත්තෝ අද ඒ මොරොක්කෝව ගැන දන්නවා නම් ලංකාවට ඒවිද ? මට ඒ ගැන දුකයි.  කතාව වෙන පැත්තකට යනවා. අපි නැවත මේ වාහනේ ගැන බලමු.      

වාහනය ඉදිරියේ සම්ප්‍රදායික සෙල් එක නැති නිසා මූණ නම් පොඩ්ඩක් මොට්ට පාටයි. එහෙත් එහෙම කර ඇත්තේ වායු ප්‍රතිරෝධය අඩුවන්න වෙන්න ඇති. තව වසර කීපයකින් මේ වාහන ස්වයං ධාවනයේ යෙදේවි. එතකොට ඔබ මොකද කරන්නේ? මම නම් යාපනේට යනතුරු නිදා ගන්නවා… ! …ඒව ඉතින් හීන තමා ! 

මිනිස්සුන්ට වෙලාව වටිනවා. පැය ගානක් වාහනේ එළවනවාට වඩා ඒ වෙලාවේ වෙන දෙයක් කරගන්න ඇත්නම් කොපමණ වටිනවාද ? ටෙස්ලා ලොක්කා, එලන් මස්ක් මේ කාලේ කියන්නේ, ටෙස්ලා සමාගම නම් සම්පූර්ණ ස්වයං ධාවනයේ අවසාන මට්ටමේ ඉන්නවා කියා. ඒවා තමා වාහනේ සෙලින් පොයින්ට්ස්…. වොක්ස්වැගන් වැනි ජර්මන් ස්ථාවර වාහන සමාගම් ඒවා දන්නවා.

ඒ නිසා සෑම ප්‍රසිද්ධ සහ ජනප්‍රිය වාහන නිෂ්පාදන ආයතන වලින් තනන වාහන තව තවත් ජනප්‍රිය කරන්න, ‘ස්වයං ධාවනය’ වන දෙවන කඩඉම ලබා ගැනීමට ඒ වාහන දියුණු කරාවි.  

වැඩිය කියන්න දෙයක් නැහැ. ඔබම මේ පහත සයිට් එක බලන්න. තව විස්තර අන්තර් ජාලයේ ඇති. Seat Cupra කියා ගූගලේ ගහලා බලන්ඩ …ටොන් ගානට විස්තර ඒවි … !

 

https://electrek.co/2020/07/08/vw-seat-2021-cupra-el-born-stunning-electric-hot-hatchback/?fbclid=IwAR0u3gDOnyZcvZrAyl9vYOyfO34u7XGuDfW4uC97jroDI23yQl5zM5U2aTA

%d bloggers like this: