Menu Close

හැඟුම් දඩමීමාට වහංවී – පස්වෙනි කොටස

                                                     එතැනක ඔබ නොපිපුනෙ කිම – රම්‍ය වන මලේ…

මට මේ ගීතය අහද්දී මතක් වෙන්නෙ පියදෝර් දොස්තයෙව්ස්කි (ලොව විශිශ්ටතම නවකතා දෙකෙන් එකක් සේ සැලකෙන අපරාධය හා දඬුවමට අමතරවසූදු අන්තුවා, Brothers Karamazov, The Idiot නවකතාවල කතෘ) විසින් රචිත කෙටි නවකතාවක්; A Gentle Creature. මෙහි එන්නේ බඩු උගස්ගෙන සල්ලි නයට දෙන්නෙකු හා ඔහු වෙත මෑතක සිට නිතර නිතර පොඩි-පොඩි නොවටනා දේ උගස් තියන්න එන දැරියක් අතර ඇතිවන සම්බන්ධයක්.


ඈ ඉතා අසරන බවත්ඇගේ නැන්දාවරු දෙදෙනෙකුගේ කෲර ග්‍රහනයෙන්‍ මිදිය නොහැකි ඇය ලඟදීම ඔවුන් දෙදෙනා විසින්මීට කලින් සිය බිරියන් දෙදෙනෙකුටම මියයන තෙක් පහර දුන් වෙලෙන්දෙකුට සරන පාවා දෙන්නට යන බවත් ඔහු හොයා ගන්නවා. ක්‍රමයෙන් ඈට සිත ඇදීයන උගස්කරු ඈ ගෙනෙන දේට නොගැලපෙන තරම් ඉහල මිලක්, අඩු පොලියට දෙනවා. ආර්ථික වශයෙන් ඈට තීරනාත්මක වෙන එක්තරා මොහොතක ඔහු ඈට විවාහ යෝජනා කරනවා.

     “මෙපමණ ගස් වැල්ද තිබේ – අතු අග කොළ ගොමුද තිබේ

     එතැනක ඔබ නොපිපුනෙ කිම – රම්‍ය වන මලේ

     අහන්න මා වන කුසුමේ – ඔබ සුවඳේ ගුණ මහිමේ

     සැනසීමෙන් මහද බොහෝ -ප්‍රීතියෙන් සැලේ

ඔව්. ඈ කැමති වෙනවා මේ විවාහයට.

     එහෙනම් මා නෙලා ගොසින් – තබාගන්න ඔබව ළඟින්

      මා ඔබගෙය කියා ලොවට – දෙන්න ආදරේ

                                     පියදෝර් දොස්තයෙව්ස්කි විසින් රචිත A Gentle Creature කතාවේ…

මුලදී ඉතා හොඳින් විවාහ ජීවිතය ගෙවෙනවා. උගස් ගන්න ධනවත් ස්වාමි පුරුශයා හිතන්නේ මේ දුප්පත් තරුනිය විවා කරගැනීමෙන්, ඔහු ඈව ඔහුව විශාල ව්‍යසනයකින් බේරාගන්නා ලදැයි කියල. ඈ ඊට සදා නයගැති බාවය පෙන්නිය යුතු බව ඔහු අඟවනවා.

ඔන්න ඔන්න හරිම වැදගත් point එකක්… සින්දුවක් ගත්තත්, කෙටි කතාවක්- නවකතාවක් ගත්තත්, film එකක් ගත්තත් හැම තිස්සෙම පිරිමියා තමයි වැඩ්ඩා; පිරිමියා තමයි කෙරුමා…. පීරිස්, ඔයාම ඉස්සෙල්ලා කිව්වනේ ගැහැනු හොයාගත්තු වසඟ කිරීමේ කලාවපිරිමි දියුණු කළාය කියලා. එහෙම වුණත්, ඇයි පිරිමින්ම ඒකෙන් ප්‍රයෝජන ගන්නේ? එතැනදී ගෑනු ෆේල්ද?” මට නොඅසා බැරිවිණි. අනෙක් අයත් ඇවිස්සුණේ එතකොටය.

නිමල් අංකල්. sorry වෙන්නෝනි මැද්දට පනිනවට….. එහෙම වුණත් අන්තිමට දිනුම යන්නේ ගෑනුන්ටනේ?”

ඒ කොහොමද ගවියෝ?”

ඩොක්ටර් මොකද හිතන්නේ? ගැහැනු හොයාගත්තු ක්‍රමයෙන් පිරිමි වැඩියෙන් වැඩ ගන්නවා. එතකොට පිරිමි හැමෝමත් ගෑනුන්ට යටයි නේද? එතකොට කවුද….

දෙවෙනි ලෝක යුද සමයේ කාන්තාවන්ගේ සහභාගිත්වය පතා තැනුණු පෝස්ටරයක් …

අඩෝ! උඹ ගෑනුන්ට යට වුණාට…..

බැඳපු නැති එකෙක් ගෘහස්ථ සාමය පවත්වා ගෙන යන ක්‍රම සහ විධිදන්නේ නැහැ ගවීන් මල්ලී…..calm down. ඌට උගේ ආතල් එක ගන්න දීලා….. අපි අර කතාවටම යං…

ක්‍රමයෙන් උගස්කරුගේ ගුප්තනිහඬඅදින්න පුබ්බක ගති පැවතුම් නිසා ගැටුම් හට ගැනෙනවාවාදවිවාදරන්ඩු සරුවල්.

ඈ දවල් කාලයේ නිවසින් බැහැර යන පුරුද්දක් ඇති කරගෙන තිබෙන අතරඔහු සොයා ගන්නේ ඈතමන් විශ්‍රාමගත් රෙජිමේන්තුවේ සගයෙක් හමුවීමට මෙසේ යන බව. එහිදී ඔහු ඉන් අස්වීමට හේතු හොයාගන්න ඈ, ඒ සම්බන්ධයෙන් සැමියා සමඟ පැටලෙනවා. ඒ දබරයේදීවත් ඔහුගේ බාහිර ගති පැවතුම්වල කිසි වෙනසක් වෙන්නෙ නෑ.

ඈ නැවත ඔහුගේ රෙජිමේන්තු සගයා මුන ගැසීමට යද්දී පස්සෙන් ඔත්තු බලන්න යන ඔහු එහිදී දකිනවා, ඇය ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් රෙජිමේන්තු සගයා සමඟ බැන අඬගසාගනු.

ඔවුන් දෙදෙනා ආපසු එකට ගෙදර එනවා. ඒත් එදා රෑ නිදා ගන්නෙ වෙන වෙනම. උදේ ඔහු නැගිටින්නෙ සිය තරුන බිරිඳ තම හිසට මානාගන ඉන්න රිවෝල්වරයකට. ඔහු ඇස් පියා ගන්නවාමරනයට සූදානමින් වගේ.

ඈ ඔහුව නොමරන බව ඔහු දන්නවා

අපි නං කවදාවත් ගෑනුන්ට වඳින්නෙ නෑ!

එදාම ඈ අසනීප වෙනවා. ඔහු ලෝබ නැතුව වියදම් කරනවා; මහන්සි වෙනවා ඈව සුව කර ගන්න. ක්‍රමයෙන් ඈ සුව වෙද්දී ඔවුන් අතර ආලය ලියලන්න වෙනවාඈ ප්‍රථම වතාවට ඔහු ඉදිරියේ ගීත ගයනවා. ඔහු ඈගෙ දෙපා සිපගෙන (මතකද දොස්තයෙව්ස්කිගෙ අපරාධය හා දඬුවමනවකතාවෙ රස්කොල්නිකොව් සෝනියාට දන ගහන අවස්ථාව? ඒ ගැන සඳහනක් එන්නෙ මාර්ටින් වික්‍රමසිංහයන්ගෙ පවුකාරයාට ගල් ගැසීමකෙටි කතාවෙත්) වෙනස් මිනිහෙක් වෙන බවට පොරොන්දු වෙනවා.

ඈ…..? මම ඕකනේ අපේ පිවිතුරු සිංහල සංස්කෘතියට කැමති. තුට්ටු දෙකක් වටින්නේ නැති එවුන්ට වැන්දත්, උන් කවදාවත් ගෑනුන්ට වඳින්නෑ…. උන් එහෙමද? මාව කසාද බඳිනවද අහලා මුද්ද දික් කරන්නෙත් දණ ගහගෙන!

අනේ තමුසෙගෙ සිංහල සංස්කෘතේ…. අපේ මිනිස්සු ගෑනිට නෙවෙයි හලෝ වඳින්නේ…. හොර ගෑනිට….

ඩොක්ටර්, අපි මේ දෙන්නගේ කටවල්වලට ප්ලාස්ටර් අලවමුද?”

හරි… අපි කටවල් වහනවා… තමුසෙලා disturb කරනවකො බලන්න.

ඔහු; උගස්කරුවා ඈ සමඟ ප්‍රන්ස සවාරියක් යෑමට කටයුතු සූදානම් කරනවා. ඒ ගමනේ කටයුතුවලට ගෙදරින් පිට කීප දවසක් ගත කරන ඔහු නැවත ගෙදර එද්දී දකිනවා සිය නිවස අසල සෙනඟ පිරී සිටිනු. ඈ සුරුවමක් පපුවට තද කරගන ජනේලයකින් බිමට පැන සිය දිවි හානි කරගෙන.

ඒ කතාව පදනම් කරගෙනයි ‘ඔබ නැතුව ඔබ එක්ක’ ෆිලුම තැනුනෙත්….

මේ කතාව පිට උනේ 1876 දි. මෙය පාදක කරගන ලොව විශිශ්ට චිත්‍රපට කීපයක් බිහි උනා.

ප්‍රසන්න විතානගේගේ ඔබ නැතුව ඔබ එක්ක’ ඉන් එකක්!

Narcissist කියන්නෙ කවුද?

මේක පිටුවකින් දෙකකින් කියල දාන්න පුලුවන් දෙයක් නෙමෙයිඒ සම්බන්ධයෙන් ඇති ජීවන තක්සලාවෙන්ම ලැබූ දැනුම් සම්භාරය ගත්තත්එහෙන් මෙහෙන් කියවා ඇහිඳගත් දැනුම ගත්තත්!

පීරිස්, ඔයා කියන්නේ ඒ කෙටිකතාවේ උගස්කාරයා නාසිසිස්ට් කෙනෙක් කියලද? ඔය වචනෙට ග්‍රීක පුරාණවල එන නාර්සිස්ගේත් සම්බන්ධයක් තියෙනවද… අර වතුර පාරකින් තමන්ගේම රූපේ දැකලා ඒකට වසී වුණේ?”

“ඔව් නිමල් අයියේනාසිසිස්ට් වචනෙ එන්නෙ ඒ ග්‍රීක පුරාවෘත්තයෙන්. ඒ නාසිසස් ආදරේ තමන්ට විතරයි- ශාපය නිසා; නාසිසිස්ට්ලාත් අන්තගාමී විදියෙ දැඩි ආත්මාර්තකාමීන්; හැබැයි එයාල හරි සියුම් විදියට ඒක හංගගෙන ඉන්නවා තමන්ගෙ අතට බලය එනකං!

මම හිතෙන්නේ මෙම ගීතයේ එන මලට පෙම් බඳින්නා narcissist කෙනෙක් කියල. ඒත් ඔහු මල නෙලාගන තමා ගාවම තියාගන්නේ ඒ මල කටු රොදින් ගලවාගත් සාධූ චරිතය හැටියට.

හින්දු ආගමේ අෂ්ටාංග යෝගවලට අනුව බැලුවත්……….

මෙහෙම හාද වෙලා දිගටම ජීවත් වෙලා, දෙදෙනාම අධ්‍යාත්මික මරනයකට යනවට වඩා හොඳයි අඩුම ගනනේ මලට කටු රොදේම නිදහසේ මැරෙන්න දෙන එක. දන්නවද, හින්දු ආගමේ පන්සිල්වලට අනුව ත්‍යාග දීමත්ත්‍යාග ලබා ගැනීමත් තහනම්. පතාංජලීගෙ අශ්ඨාංගයෝගවල තියෙන්නෙ.

ඇයි?

කවුරුහරි කාටහරි දෙන දේ දෙන කෙනාටවත්ගන්න කෙනාටවත් අයිති නැති නිසා.

කොටින්ම හැම දෙයක්ම විශ්වයට/ දෙවියන්ට පමනයි අයිති. ඒවා ලඟ ඇති කෙනා ඒවායේ තාවකාලික රැකවලා (guardian) පමනයි. ධනයටද ඇතුලුව. ලබද්දී කෙනෙක් කිව්වත්, ‘බොහොම ස්තූතියි/ පින්’ වැනි දෙයක්දෙන කෙනා එහෙම වදනක්වත් පෙරලා කෘතගුන ලෙස බලාපොරොත්තු වීම පාපයක්.

රතු ඉන්දියානු දර්ශනයත් මේකමයි.

 පීරා, කොච්චර එකක්ද මචං? ඒ ධර්මය අපේ මිනිස්සුත් පිළිගන්නවා නං….

මර්වින්, ලෝකෙ ගොඩක් ධර්මතා තියෙනව පොත්වල. මිනිස්සු ඒවා කියෙව්වත් practically ජීවිතේට එකතු කරගන්නෙ නැති එකනෙ වැරැද්ද….

අයස්මන්ත මහත්තයා එහෙම කිව්වාම මර්වින් දිග හුස්මක් ඇද්දේ හූල්ලමිනි.

ආනන්ද සමරකෝනුන්ගේ මේ විශිෂ්ට චරිත නිරූපණයන්……..

ඉතින්, ආනන්ද සමරකෝන්ගේ මේ චරිත නිරූපන අති විශිශ්ට නැද්දවිනාඩි දෙකහමාරක් තුනක් ඇතුලත සිර ගෙයක් විය හැකි රාමුවක සිට, ඔහු සංක්ශිප්ත; ස්වභාවික වගේ පෙනෙන ඒත් පොඩ්ඩක්වත් ස්වභාවික විතරක්ම නොවන දෙබස්වලින් මහා නාට්‍ය මැවූවෙක්. ඔහු සිටිය යුතුව තිබූ කාලයට වඩා අවුරුදු තිස් පහක්හතලිහක් කලින් ඉපදුනා කියලයි මට හිතෙන්නෙ.

ආනන්ද සමරකෝනුන් වගේම හිට්ලරුත් මහා වෙනසක් මැවූ දක්ශයෙක්………

ඇඩොල්ෆ් හිට්ලර් ජර්මානු ජනතාව වසඟ කරන්නේ එම ජනතාවගේ මොන පොදු හැඟීම් සංකීර්නය මත ප්‍රථමව සහ ප්‍රමුඛව ක්‍රියා කරලද?

ඇඩොල්ෆ් හිට්ලර් දේශපාලනයට බහින්නෙ 1919දි පමන. ඒ ඔහුව ජර්මන් කම්කරු පක්ශයේ (German Workers’ Party) ඔත්තු බැලීමට යුද්ධ හමුදාව විසින් යවන නිසා.

ඒ වෙනකොට ජර්මන් දේශපාලන භූමිකාව එකම අවුල් ජාලයක්. 1919 වෙනකොට වර්සායි ගිවිසුමෙන් වේදනාලත් ජර්මන් ජනතාවගෙ හැඟීම් අරමුනු වෙනුවෙන් පෙනී ඉන්න දක්ශිනාංශික කන්ඩායම් හැටකටත් වඩා වැඩියෙන් තිබුනා. වර්සායි ගිවිසුම මොකද්ද කියන්න මට පොඩ්ඩක් ජර්මානු ඉතිහාසය ඉතාම කෙටියෙන් හා අතිසරල කිරීම්වලින් සිහි කරන්න ඉඩ දෙන්න- ජර්මානු පොදු ජනතාවගෙ පැත්තෙන්.

හැම වැඩ පිළිවෙලක්ම ජනප්‍රිය වෙන්නත් ඕනෑ!

යුෂ්මතාට වැඩියි වගේද Mr. නෙවිල් අනුරසිරි? මේ ලොක්ඩවුන් එකේ කජු පුහුලන්වලින් හම්බන්තොට කොල්ලො කරන විස්කම් නම් අපූරුයි. නැද්ද නෙවිල් අයියේ….?මෙච්චර හොඳ නෑ Single Malt Whiskey එකක්වත්. නැද්ද මං කියන්නෙ;නිමල් අයියගෙන් ඕව අහල වැඩක් නෑනෙ!

 උගෙන් අහන්න ඕනි කොළයි, එළවලුයි ගැන….මේ, අපි කියනවට බීල බලනවකො හලෝ එක දවසක්….

මගෙන් ලුණු-ඇඹුල් ඇතිව අහගන්නේ නැතිව; මේ මනුස්සයා කියන්න හැදුව දේ කියන්න අරිනවා, කට වහගෙන. පීරිස්, දැන් ඔයා කතා කරන්නෙ ජර්මන්කාරයෙක් විදිහට නේද?”

ඔයා කොහොමද එහෙම හිතුවේ? …. එහෙම තමයි මං මේ ටික කියාගෙන යන්නේ…. හේල් හිට්ලර්!

ඔව්. ජූලියස් සීසර් අපව හැඳින්වූයෙ ජර්මේනියාව ලෙසරයින් ගංගාවෙන් නැගෙනහිර ඉවුරුවාසීන් උන අපි හැමදාමත් යුද්ධයෙන් මුවහත් වූ අය. එක්කෝ අපේ අසල්වැසි ප්‍රංශය හා රෝමය සමගඑහෙම නැත්නම් අපි අපිම හරි කුලල් කා ගනිමින් කල යුද්ධ මෙතකැයි කිව නොහැකි තරම්.

මනුස්සකමට යන කල… බාබකියු කරන්නත් හිස් කබල් හැඩයේ අඟුරු කැට….

අපි ප්‍රථම වතාවට එක්සේසත්ව අධිරාජ්‍යයක් බිහි කලේ ව්‍යවහාරික වර්ශ 962දි; First Reich- හරි නම- ශුද්ධ වූ රෝම අධිරාජ්‍යය. අපේ අධිරාජයා වූයෙ ඔට්ටෝ I මාටින් ලූතර් (1483-1546). එයාගෙ ප්‍රොතෙස්තන්ත සංස්කරන සමගින් උතුරු ප්‍රොතෙස්තන්ත ජර්මනියක්, දකුනේ කතෝලික ජර්මනියක් වශයෙන් අපි පිල් බෙදුනා. අපේ කුප්‍රසිද්ධ තිස් වසරක යුද්ධයෙන් (thirty years of war; 1618- 1648) අතිමහත් මිනිස් හා සම්පත් විනාශයක් උනා විතරක් නෙමේ, මේ අධිරාජ්‍යයත් නිමාවට පැමින කෑලිවලට කැඩුනා: ප්‍රශියාව(බර්ලිනය අගනගරය කරගත්)බැවේරියාවසැක්සනිඔස්ට්‍රියාව ආදී වශයෙන්. ඔව්ඔබ දන්න ඔස්ට්‍රියාව ඇත්තටම මුල් ජර්මන් අධිරාජ්‍යයේ කොටසක්.

ඒ විතරක් නෙමේක්‍රමයෙන් අප තුල පැසව ආ යුදෙව් විරෝධී අදහස් නිසි ලෙස පොහොර දමා මහා වෘක්ශයක් කලේ ඔහුයි. ඔහුගේ On the Jews and Their Lies පොත බලන්න;

එහි ඔහු සිනගෝගයන් ගිනි තැබීමරැබ්බිවරුන්ට ධර්ම දේශනා කිරීම තහනම් කිරීමයුදෙව් දේපල උදුරා ගැනීමගෙවල් විනාශ කිරීම යෝජනා කලාදෙවියන් වහන්සේ වෙනුවෙන් ඔවුන් මරා දැමිය යුතු බව ඉඟි කලා. පසු කලෙක හිට්ලර් ආර්යානු නීතිය පැහැදිලි කිරීමට මෙය භාවිත කලා මූලාශ්‍ර ග්‍රන්ථයක් ලෙස.

පීරිස්…. පීරිස්… පුදුම හිතෙනවා පීරිස්. ඉතිහාසෙත් කී වතාවක් ජාතිවාද, වර්ගවාද, ආගම්වාද අවුස්සලා මිනිස්සු බලයට පත්වෙලා තියෙනවද?”

තමන්ගෙ ජාතිය තමා සුපිරි! නාසින්ට අත්පොතක් වුණේ මාටින් ලූතර්ගේ (මාටින් ලූතර් කිං නොවේ)…

තමන්ගෙ ජාතිය ලෝකයෙ සුපිරිම ජාතිය විදියටයි බොහෝ දෙනෙක්ට පෙනෙන්නෙ; ඒක තමා ජාතියක weak point එක. එතන රිද්දුවොත් උසි ගැන්නෙන්නෙ නැතුව ඉන්න සෝවාන් වෙලා ඉන්න වෙයි! ඒ මත ප්‍රථමව හා ප්‍රමුඛව ක්‍රියා කරලා බලයට පත්වුණු එක නෙවෙයි නිමල් අයියේ, මතක තියාගත යුතු. ඒ අවස්ථාවල සිදුවෙලා තියෙන මහා මනුෂ්‍ය ඝාතන; විනාශයන් ගැන…. ඒවා නැවත සිදුවීමයි ඛේදවාචකය! ඉතිහාසය තියෙන්නේ එකෙන් පාඩම් ඉගෙන ගන්නයි… නුවණ පාදා ගන්නයි!

අනේ සොරි… ඉතින්… ඉතින්…

 …. කාර්මික විප්ලවයෙන් මනාව වැඩ ගත් අපි අනෙක් යුරෝපීය රටවලට වඩා වේගයෙන් සංවර්ධනය උනා. අපේ විශ්වවිද්‍යාල ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල. මොසාර්ට්බාක්වාග්නර් වැනි සංගීතඥයෝ; වොන්, ත වැනි කවියන්; ශෝපෙන්හවර්ෆ්‍රීඩ්රික් නීට්ශ වැනි දාර්ශනිකයන්.… අධිරාජ්‍යයකට හිමිකම් ලබන්න තරම් විවිධ ක්ශේත්‍රවල නිපුනයන් බිහි කරමින්නව යන්ත්‍රෝපකරන නිර්මානය කරමින් අපි ආවා ඉදිරියට; යුරෝපයම ත්‍රස්ත කරමින්.

ඔව් ඒකයි උනේඅපේ වේගවත් වර්ධනය අපේ අසල්වැසියන් ඊර්ශ්‍යාවෙනුත්බියෙනුත් බලා හිටියා.

බලයෙන් ආඪ්‍ය වන අපි ඉතිහාසයේ දෙවන වතාවට එක්සේසත්ව අධිරාජ්‍යයක් නිර්මානය කලේ 1871දිඔට්ටෝ වොන් බිස්මාක් චාන්සලර්වරයාගේ දක්ශකමින් හා දුර දක්නා නුවනින්.

ඔස්ට්‍රියාව රහිත අධිරාජ්‍යයක් උනා මේක.

රටේ ප්‍රධානී අධිරාජයාරට කරවන බලය සීමිත පාර්ලිමේන්තුවේ ප්‍රධානියා (අගමැති වගේ) චාන්සලර්.

නිතරම රටේ සංවර්ධනයත්යුරෝපය තුල දේශපාලන ස්ථාවර බාවයත් මුල් තන්හි තබාගන ආන්ඩුවත්අධිරාජයාත් මෙහෙයවූ ඔහු, මතු විය හැකි යුධ බියකට තාක්ශනිකව සූදානම් වන අතරම, අනෙක් යුරෝපීය හා බ්‍රිතාන්‍ය යටත්විජිතවාදී ප්‍රතිපත්තිය අනුකරනය කරන්න ගියේ නෑ.

1918 දී දෙවැනි ලෝක යුද්ධය අවසන් වුණේ…..

මහා බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා අගරැජිනියගේ අගමැති බෙන්ජමින් ඩිස්රායලි (යුදෙව්වෙක්)නැපෝලියන් බොනපාට්ගේ විදේශ ඇමති ටැලිරෑන්ඩ්ට වඩා අපේ බිස්මාක් ගැන කතා නොකිරීමම අපට එරෙහි පොදු බටහිර ඊර්ශ්‍යාව මොනවට විදහා පානවා.

බිස්මාක්ගේ ඉතා දූරදර්ශී ක්‍රියාපිලිවෙතට ඊර්ශ්‍යා කරන අපේ තරුන අධිරාජ්‍යයා ඔහුව බලයෙන් පහ කර, එහෙයියෙක් චාන්සලර් තනතුරට පත් කර ගන්නවා.

ඉතා සියුම්ව අසල්වැසි රටවල ඊර්ශ්‍යා රේඩාර්වලට අහු නොවී මෙච්චර කල් යුරෝපයේ ආර්ථික අතින් බලවත් වෙමින් හිටි අපි, ඉන්පසු 1914දි පලමු ලෝක යුද්ධයක පැටලෙනවාමිත්‍ර හමුදාවලට එරෙහිව. දිගින් දිගටම අප මුලාව හිටින්නේ අපි දිනනවාමයි කියන තැන. 

1918දි අප අන්ත යුදමය පරාජයකට පාත්‍ර වෙනවා.

1918දි වසායි ගිවිසුමෙන් (Treaty of Versailles) පරාජයට පත් ජර්මනියඅපේ අසල්වැස්සෝ ප්‍රසිද්ධියේ නිරුවත් කර දූශනය කලා යැයි කියන්න පුලුවන්. ඇත්තටම ඊට එරෙහිව- එහි අසාධාරන ආර්ථික සම්බාධකවලට විරුද්ධව හඬක් නගන්නේ මිත්‍ර කඳවුරේම හිටි ඇමෙරිකා එක්සත් ජනපදය විතරයි.

ව’සායි මාළිගය හා කැඩපත් ශාලාව – අදටත් යුරෝපයේ වැදගත් ගිවිසුම් අත්සන් කෙරෙන්නේ……

දහසයවැනි ලුවී රජුගෙ අගමෙහෙසිය තමා මාරි අන්තුවානෙට්; කියද්දි හරියට කිව්වත් ලියද්දි ඔහොම තමා ප්‍රංශ නම් ලියන්න වෙන්නෙ! එයා තමයි අර පාන් නැත්නම් කේක් කාපල්ල කිව්වැයිකියල ප්‍රසිද්ධ. ඒකෙ තියනව එක ශාලාවක්- Hall of Mirrors, ඒකෙ තමයි ව’සායි ගිවිසුම වගේම අදටත් යුරෝපයේ වැදගත් ගිවිසුම් අත්සන් කරන්නෙ-)
(ව’සායි කියන්නේ නිමල් අයියේ ප්‍රංශයේ රාජ මාලිගාව
; දහ හතරවන, පහලොස්වන හා දහසයවන ලුවී රජවරුන්ගේ හා ඔවුන්ගෙ කිට්ටුවන්ත රදලයන්ගෙ නවාතැන.

කෙසේ වෙතත් අපේ අධිරාජ්‍යයේ කොටස් බෙල්ජියමප්‍රංශය, පෝලන්තය උදුරාගත්තා. සමහර පලාත් ස්විට්සර්ලන්තයටත් ගියා. ඔස්ට්‍රියාව ඈඳාගැනීම තහනම් කෙරුනා.

අධිරාජයාට බලයෙන් පහ වීමට (abdicate) සිදු උනා. රාජාන්ඩුව ජනරජයක් බවට පරිවර්තනය උනා (Weimar Republic). යුද්ධ හමුදා හා හමුදා අවි සීමා පැනවුනා. මිත්‍ර රටවලට අලාබ වශයෙන් අද මුදලින් (2020දි) නම් ඇමෙරිකානු ඩොලර් බිලියන 442ක් ගෙවන්න නියම උනා. 

ව’සායි ගිවිසුම අත්සන් කරන්නට වුණේ ඇයි?

කාගෙද වැරැද්දකාටද ඇඟිල්ල දික් කරන්නේපලි ගන්නේ කොහොමද?

මේවා අපේ හිත්වල කැකෑරෙන්න උනා. මේ වියවුල්වලින් ගොඩ එන්න ප්‍රජාතන්ත්‍රවාදී/ කොමියුනිස්ට්වාදී උත්තරවලින් පුලුවන්දමෙච්චර පැටලිල්ලකින් ගොඩ එන්න අවශ්‍යවන්නේ මනා පෞර්ශ්‍යයක් ඇති, ඉදිරි දැක්මක් ඇති ඒකාධිපති පාලකයෙක් නෙමේදඅධිරාජයෙක් වැනි.

මේ වියවුල් වේදිකාවට තමා ඇඩොල්ෆ් හිට්ලර් නම් ඔස්ට්‍රියානු ජාතික තරුනයා ගොඩවෙන්නේ.

ඊට පස්සේ……

%d bloggers like this: