Menu Close

How They Lost One of the Little Bulls

කුලීලා පාලනය කිරිම බොහොම නීරස, කටුක, වෙහෙසකාරි දෙයක්. සඟරා බල බලා ආලින්දයට වෙලා තනියම ඉන්න එකත් සින්තියාට කම්මැලි ඒකාකාර දෙයක් වුනා.

“කොන්ත්‍රාත් ක්‍රමේට කරන්න,” සින්තියා දහ නම වන වතාවටත් යෝජනා කළේ ඊළඟ උදෑසනත් කුලීලා පෙනෙන්නට නො ආපු නිසා. ඒ යෝජනාව හරියට ‘හොබ්සන්ගේ විසඳුම’ (එක්කො කරන්න නැතිනම් නිකං ඉන්න) වගේ.

“හිතට දිරි ගන්න. උදේ නාන වෙලාව ඇවිත්. යමු!”

සින්තියා පිජාමාව පිටින් පිරිසිදු දිය පහරක් මැද්දෑවේ ලබු ගෙඩියකින් ඇගේ දිග කැරලි කොණ්ඩෙට වතුර හලාගන්නවා දැක්කම රජ ගෙදර නෝනලා මොනවා කියාවිද?

“දිරි ගන්න කොල්ලනේ දිරිගන්න; සිත් තැවුල් නැහැ, කම්මැලිකම් නැහැ,” ඒ අතරතුරේ ඇය එලෙස ගැයුවා. දේදුණු පාටැති ජැකට්ටු, මොළකැටි පාණ්ඩු පාටැති නහර මතුවන සුදු සමකට ආකර්ෂණීය බව දකින්න කවුරුත් එහි නැහැ. විශේෂයෙන්ම සාම්ප්‍රදායික ස්ත්‍රීන්. රක්තහීනතාවය නිසා යුරෝපා කාන්තාවන් වසර කිහිපයක් ලක්දිව වාසය කළපසු ඉටි බෝනික්කන් වගේ වෙනවා.

A group of Veddho
A group of Veddho (Aborigines of Ceylon) with bows and arrows, in the jungle. Only some thirty now are extant. They have never been known to smile. [Ceylon: The Paradise of Adam by Caroline Corner, pg 123]

අසාමාන්‍ය ප්‍රාණියෙක්: ඒ නිල් මූණැති ගිබන් වඳුරාද?

බොහොම සැපදායක ඇඟ ප්‍රබෝධවත් කරවන සිහිල් ජලය. නැවත වතුර පුරවාගත් ලබු ගෙඩිය ඔසවනවාත් සමඟ ඇය හදිස්සියේ යම් වස්තුවක් දුටුවා. මොකද්ද ඒ? ගිබන් වඳුරෙක්ද? නිල් මුහුණැති ගිබන් වඳුරෙක් ඇගේ ගායනයට හවුල් වුනා. මේ වඳුරන්ගේ යම් විශේෂයකට ගී ගයන්නට හැකියාවක් තියනවානේ. නෑ; මූ නම් සින්දු කියන ගිබන් වඳුරන්ට වඩා බොහොම උසයි. ගිබන් වඳුරො පුංචි සත්තු ජාතියක්. එහෙනම් මුන් මොක්කුද? වර්ණයෙන් බොහොම දුඹුරු පැහැතියි, ඇඳුමින් බොහොම සරලයි, නොපීරු කලු කොණ්ඩ බූසියකින් ඔලුවම වැහිලා, මූණෙන් භාගෙකුත් වැහිලා. දිලිසෙන බයාදු ඇස් දෙකක් මොහොතකට ඇගේ නෙත් හා ගැටුනා.

මිනිස් උරුමය: දුක – දඟකාර කෙළිලොල් වඳුරන්ට සින්තියා ඉරිසියාවෙන්

“වැද්දෙක්! මේක නම් හරි පුදුමයක්!” අඩියට දෙකට ඔහු යන්නට ගිහින්! ඔහුගේ වනන්තරේ නිවහනට, නැවතත් නො එන්නටම. පිජාමා ඇඳපු ඉංග්‍රීසි නෝනාව දැකලා බය වෙන්න ඇති! තාවකාලික බියක රැඳුනු ඔහුගේ දුක්බර මළානික මුහුණුවර සින්තියාගේ සිතේ තදින් තැන්පත් වුනා. මේ වග මානව විද්‍යාඥයෙකු හා කියූ විට ඇයට පැවසුනේ ලක්දිව ආදිවාසින්ගේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ මේ දුක්බර මළානික ස්වභාවය කියලයි. ඔවුන් සිනහ නොවෙයි. මද සිනහවක් හෝ නොදක්වයි. ඒවාට අවස්ථාවක් හෝ ලබා නොදෙයි.

ඒ වුනත් වඳුරන් නම් බොහොම විනෝදෙන් ඉන්නවා! මේ අපේ මිනිස් උරුමයද? මේ දුක?

880px-Groepsportret_van_Veddah_mannen_in_de_bossen_van_Ceylon_Veddahs_(titel_op_object),_RP-F-F80068

“මට නැවත උපදින්න සිදුවුනහොත්,” දාර්ශනික ලෙස සින්තියා සිතුවා, “මම කැමති දඟකාර වඳුරෙක් වෙන්න; ඒත් අර සින්දු කියන ගිබන් වඳුරො නෙවෙයි, අර…”

මිනීමරු ජලපහර

“මේකෙ තේරුම මොකද්ද?” පිරිසිදු ගං දිය පහර කෙමෙන් කෙමෙන් මඩ පැහැ වීමෙන් ඇගේ ස්වයං කථනයට බාධා වුනා. යාර සියයකට දුරින් ඔවුනගේ කුඩා මී ගොනුන් ඔවුන් වගේ උදා ස්නානය කරනවා. ගං දිය පහරේ වර්ණය ඈතින් වෙනස් වේගෙන එන බව සින්තියා නිරීක්ෂණය කරන අතරේ ඈට පෙනුනා එක් මී ගොනෙකු ගිලෙන බව; ජල පහර මඩ වේගෙන එන අතරේ ඌ බොහොම යටටම ගිලෙන බව. එතනින් විශාල කොරල් පරයක් වගේ යමක් මතු වුනා. වෙනසකට තිබුනේ ඊට ඇරෙන වැහෙන හකු පාඩා තිබීමයි. එලෙස ඇරෙන වැහෙන විට භයානක ලෙස රතු රුධිරය විදින්නට වුනා.

කුඩා මී ගොනෙකු අහිමි වීම- අති විශාල කටක්

ඇය යටි ගිරියෙන් කෑ ගසමින් ගං ඉවුරෙන් ගොඩට ආවා- උදව් ඉල්ලමින්! ඒත් අපොයි! පමා වැඩියි. එක් කුඩා ගොනෙක් ඒ අති විශාල බඩ බොක්කට ගොදුරක් වුනා. පිටුපස ගාතයක් එහෙම් පිටින්ම කා දමලා. ඉතිරි දේහය ජල පහරේම භුමිදන් වුනා. ඔවුන් ලැබූ අත්දැකීම් අතරින් මෙය තමා ඉතා නරකම අත්දැකීම. පැහැදිලි නිර්මල ජලපහර ලේ ගංගාවක් වුනා. ඊට සුළු මොහොතකට පසුව ඔලුව වටා යැවූ ලණුවක් යොදා, අනික් ගොනා දියෙන් බේරාගනු ලැබුවා. මේ වතුර පහරේ නම් ආයේ නාන්නේ නෑ! කවදාවත්ම නෑ! ඒ නාන අදහස බොහොම දරුණු බියකරු දෙයක්.

“ඒ නෝනා වෙන්නත් ඉඩ තිබුනා,” කෝකියා කිව්වා. කෙනෙක්ව අස්වසනවා යැයි ඔහු සිතන්නේ තව තවත් චිත්ත සන්තාපය වැඩි කිරීමෙන්.

“කෝකියා, මේ වෙච්ච දේ බොහොම නරකයි. ඌ ටිකක් හිතුවක්කාර උනත්, ඌ අපේ එකෙක්,” ඊට පිළිතුර වුනා. දැන් ඌ ‘හිතුවක්කාර’ ටිකයි. අනේ පුංචි ගොනෝ! අනේ තඩි කිඹුලෝ!

Shooting a man eating crocodile in Ceylon, and using a human baby a bait.
Shooting a man eating crocodile in Ceylon, and using a human baby a bait.

“අනේ දුප්පතා!” – මොකද අපි කරන්නේ?

කෝකියා එතැනට කැඳවනු ලැබුවේ ඔහු උදා ආහරය පිළියෙල කරමින් සිටින අතරතුරෙයි. ඔවුන් සන්සුන් වී නැවත පැමිණෙන විට මහා පරිමාණයේ හොරකමක් සිදුවී ඇති බව දුටුවා. කිසිම ආකාරයේ කෑම බීමක් ඉතිරි වෙලා නෑ! මේ කොල්ලකෑම සිදු කල කිසිවෙකුත් ගැන හෝඩුවාවකුත් නැහැ. උන් කොහෙද ගියේ? කොහෙන්ද උන් ආවේ? අහ්, පුංචි ඇඟත්, කපටි මොළෙත් මේ භූමියේ උරුමයෙන් ලැබෙන දෙයක්නේ. එකිනෙකා අතර බැල්මක් හුවමාරු වුනා- නිහඬවම.

“අනේ දුප්පතා!” තැනට ගැලපෙන ලෙස මයිනා කිව්වා. මහ හඬින් සිනහවීමට සියල්ලන්ට මෙය පිටුබලයක් වුනා. ඒ වැකිය බොහොම කාලෝචිතයි.

“ඇත්ත තමයි, අපි දුප්පත්!” සින්තියාත් එයම කිව්වා. “අපි මොකද කරන්නේ?” “ආපහු ගෙදරම යනවද?” සින්තියා මේ වනතුරු තම බියසුලු කම ප්‍රදර්ශනය කරන්නට දැන සිටියේ නැහැ.

“එක මී ගොනෙකුගෙන් එය කරන්න බැහැ,” පිළිතුර වුනා.

“එහෙනම් වටු දඩයම කරමු,” සින්තියා අහසට ඇඟිල්ල දිගු කොට යෝජනා කළා. ඇය සිටියේ බොහොම බඩගින්නේ.

Click to view slideshow.

ඩෝං, ඩෝං, ඩෝං! වටු කුරුල්ලෝ සෑහෙන දෙනෙකුට වැදුනා. ඒ වගේම කොස් දෙල් අලත් සොයා ගැනුනා. “රැජිණියකට සෑහෙන තරමට මෙතන කෑම බීම තියනවනේ. ඒ මොක වුනත් මට හිතාගන්න බැහැ මේ ස්වදේශිකයො අපේ ‘පයසන්දු’ ගව දිවයි*, ‘බොලෝනි’ සොසේජසුයි**, අනුකාරක කැස්බෑ සුප් එකයි***, ෆ්වා ග්‍රා කෑමයි****…. අපෝ අපෝ නෑ නෑ!…. ඒකෙන් කමක් නෑ! ඔන්න අපේ කෝකියා එනවා උදේ කෑමත් අරගෙන. පංකාදු පහයි!”

පැය භාගයකට පමණ පසුව සින්තියා කෑම බෙදුනු මැටි හට්ටිය උඩින් බලන්නට එබුනා. ඒ සඳහා ඇයට ජෝතිශ්‍යයන් කියා තිබූ පරිදි ගුරුගේ සියලුම බලය අවැසි වුනා. මේ හිටි හැටියේ පිළියෙල වුනු ආහාර වේල රස බැලීමට ඇය පිහියා ගැරප්පු සොයන විට ඒ කිසිවකුත් පෙනෙන්නට තිබුනේ නැහැ. ඒවාත් මංකොල්ලකාලා. මොක වුනත් කවටකමුත් හාස්‍යයත් නොතිබුනේ නැතිනම්, මෙය ‘ඉස්තරම්’ භෝජන වේලක් වෙන්නට තිබුනා .

සින්තියාගේ දර්ශනවාදි අදහස් කියන්නා වගේ “මේ නිම්ති වලින් කියවෙන්නේ නැද්ද දැන් ඉන්නේ අවාසනාවන්ත බවේ උච්චම තැන වග?” ස්වභාවධර්මයේ, විශ්වීයව පොදුවන වඩදිය බාදිය වගේ දෙයක් තියනවා: වෙන්න තියන නරකම දේ වෙනකොට. මේ වෙන්න පුළුවන් නරකම දේ නෙවෙයිද වුනේ? කෑම බීම බඩු මුට්ටු කිසිත් නැතිව අසරණ වෙන එක? ඒ වුනත් නොදන්න ජනශුන්‍ය වෙච්ච කැළෑවක තැනක මේ සියල්ල වෙන විදිහකට හරි සපුර ගන්න ලැබිච්ච එක?

කොහොම වුනත් වෙච්ච දේ නම් හරිම අමුතුයි. බොළඳ ආදර කතාවක පළමු පරිච්ඡේදයකට කදිමයි නේද? තරුණ ප්‍රේමාන්විත යුවලක් පැන යනවා. ඔව්, කොල්ලා අර්ල් සාමි කෙනෙක්. නෑ, කෙල්ල දුප්පත් නෑ, ඒත් ගෙදරට ඇවිත් නැවතිලා ළමයින්ට උගන්වන ලස්සන ගුරුවරියක්. අද කාලේ අර්ල්වරුන්ට බොහොම හොඳ රහක් තියනවා. නැත්තම් පසුබිම් ගී ගයන ‘ගෙයටි’ කෙල්ලක් වුනත් හොඳයි; රිය පදවන්නියක් ලෙස වෙස් වළාගනිපු හොඳ පෝසත් කෙල්ලක් වුනත් නරක නෑ. මේ දෙන්නා රැවටිලිකාර සමාජයෙන් මිදිලා, එහි ව්‍යාජත්වය වෙනුවට සරල කැළෑ ජීවිතයකට හුරුවෙනවා.

මොහොමඩාන්වරුන්ගේ කරුණාව

මෙලෙස සින්තියාගේ පරිකල්පන සිතුවිලි හැමෝම විනෝද කරමින් ගලාගෙන ගියා. එක්වරම ඇය නැවතුනා. “ෂ්..! ඇහෙන්නෙ නැද්ද? කරත්ත රෝද!” හැමෝම සාවධානව අසා සිටියා- කෝකියාද ඇතුලුව. කරත්ත රෝද තමයි- පාරෙ ඉඳන් එන්නේ. ඉස්සරහ කොඩිත් ගහලා! ජාකොබිස් එනවා ඇති! කිසිඳු හව් හරණක් නැතිව සිටින පිරිස දෙසට කරත්තය හැරුණු බව පෙනුනු නිසා පිජාමා ඇඳුම් ඉහළට එසවී පිස්සුවෙන් වගේ වැනෙන්නට වුනා.

Ceylon Mohammedan Woman
Ceylon Mohammedan Woman by John & Co.

ටික වේලාවක් කැරකී කරත්තය නැවතුනා. එයින් මිනිසුන් දෙදෙනෙක් බැස ගත්තා. ඔවුන් හිස ලූ කේතුකාර පිදුරු තොප්පියෙනුත්, මුළුමනින්ම මුඩු කල හිසත් නිසා මුස්ලිමුන් යැයි කිව හැකියි. කටු අකුල් වැදීමෙන් වැළකීමට කම්බාය ඇඟ වටා දවටාගෙන මන වඩන ලෙස තම දිගු නග්න බාහු අව්‍යාජව නිරාවරණය කරමින් ඔවුන් ඉදිරියට ආවේ යටි කැළෑව අස්සෙන් මග හසර සොයාගෙනයි. පියවි ඇසින් දැකගැනීමට තරම් අසලට ආ කල- දෙනෙතියත් කොල්ල කාගත් දේ අතර වුනා- “මොහොමඩාන්ලා!” මහ හඬින් කෑගසා කියවෙනු ලැබුවා. මිනිත්තුවකට පසුව, “සලාම් මහත්තමයා, සලාම් නෝනා” යනුවෙන් ඔවුන් නළල ඇඟිලි තුඩුවලින් අල්ලා ආචාර කරනු ලැබුවා.

සින්තියාට එතැනට ගැලපෙන මනෝභාවයක් තිබුනේ නැහැ. ඇය ඉදිරියට පැන ඔවුන්ට සිදුවී ඇති අකරතැබ්බය, මුහුණපා ඇති දුක්ඛිත තත්වය නොවළහා කියනු ලැබුවා. කළමනා මුකුත් ඕනෑද? ඔවුන්ගේ (මොහොමඩාන්වරුන්ගේ) කරත්තය හොඳට පිරී තිබුනා. ඒ ඔවුන් බොහෝ දුර නිතර සංචාරය කරන නිසා. “මහත්මයාට” කැමති විදිහට ඕනෑ වෙලාවක ඒවා ලබා ගත හැකියි.

වතු පාලක (සුපිරින්ටෙන්ඩන්ට්), එයා මෙහෙ නැද්ද? මුස්ලිමුන් ඇසුවා. ඔවුන් ආ දාම රාත්‍රියේ වතුපාලකයා නිවාඩුවක් ලබාගෙන නැවත නොපැමිණි බව ඔවුන් පැහැදිලි කළා. මේ මොහොතේ මොහොමඩාන්ලා මුහුණට මුහුණ බලා සිනාවක් නැගුවා. සින්තියා ඒ සිනහව දැනසිටියා.

“ඔහු ගැන යමක් ඔබලා දන්නවද?” ඇය ඇසුවා.

ඒ පැනය මේ කතාවට මූලික වුනා. මේ මිනිහා, ජාකෝලිස් , මාස ගණනක් තිස්සේ වත්තේ ඉඳ නැහැ. අඩු ගණනේ ආසන්න මානයේවත්- වතු බංගලාවෙ හැරෙන්නට. ඒ හැම මසකම තෙවැනි දිනයේදි පඩි නඩි, කුලී වැටුප් වගේ දේවල් සඳහා මුදල්, ඔහු එනතුරු වතු බංගලාවෙ බලාසිටින නිසා. මේ මුදලින් ඔහු, ඔහුගේ ගම අසලින් කුඩා නිවසක් මිලදීගෙන බිරින්දෑවරුන් ලෙස ගැහැණුන් දෙන්නෙක් තබාගෙන සතුටින් ජීවත් වෙනවා. ඔහුගේ ස්වාමියාගේ වියදමින්. ඔවුන්ට පැවසූ වල් ඌරන්ට එරෙහිව ඔහු කල වීර වික්‍රමය පවා හිතලු කතාවක්. කකුලේ තුවාලය ඇතිවී ඇත්තේ ඔහුගේ ගොනෙකු පුහුණු කරන අතරවාරයේ. මොහොමඩාන්වරුන්ට තොරතුරු ලැබී ඇති පරිදි තුවාලය සනීපත් වෙලා. ඒත් ‘මහත්තයා’ එනවා යැයි ආරංචිය ලද විට තුවාලය ඕනාකමින්ම පාරවගෙන- වැඩ කරන එකෙන් ඇවිදින එකෙන් ගැලවෙන්න පුළුවන්නේ එතකොට. ඊට අමතරව අනුකම්පාවත් දිනාගෙන, කලාය කියන වීරක්‍රියාවට, ඒකෙන් විඳින්න්න වුනු දුක් පීඩාවලට සන්තෝසමකුත් ලබා ගන්න පුලුවන්. මේ කිවූ දේවල් වලින් ඇත්තටම ඔහු විශිෂ්ඨ සාර්ථකත්වයක් ලැබුවා. ඇයි මොහොමඩාන්ලා මේ ගැන අපට කලින් නොකීවේ?

ඔවුන් සිතා ඇත්තේ මහත්තයාගේ පැමිණීමේම අරමුණ මේ කාරණේ පරික්ෂාකර බලා සුදුසු පියවරක් ගනු ඇතැයි යන්නයි. ඒ අනුව ජාකෝලිස් අස්වී ගොස් ඇති බව තීන්දු වුනා. සඳ ඇති රාත්‍රියෙන් පසු ඔහු පෙනෙන්නට නොසිටීම ඒ කාරණය සනාථ කළා. ඔහුගේ තැන වෙනුවට වෙනත් වතු පාලකයෙක් ඒ අනුව වැඩට ගත්තා.

“තක්කඩියා!” සින්තියා මොර දුන්නා. “මතක නැද්ද ඒකා හඳ පායපු රෑ අපේ කරත්තෙට වෙලා හිටි හැටි කකුල රිදෙනවා කිය කිය. අපොයි දෙයියනේ! මේ කුරිරු ලෝකයේ යහපත්කමට පෙරළා යමක් බලාපොරොත්තු වෙන්න බෑ. කිසිම දෙයක් බෑ.”

“ගෙදර වගේ වෙන තැනක් කොයින්ද”

මොහොමඩාන්වරු බොහොම අනුකම්පාවකින් ඔවුනට හැකි උපරිමයෙන්ම ඕනෑම උදව් උපකාරයක් කරන්නට සැදී පැහැදී සිටියා. එසේ කරන එක බොහොම අමාරු දෙයක්, ඒත් – දෛවය! “ඔව්, දෛවයම තමයි, ඔබේ මේ පැමිණීම,” සින්තියා පිළිතුරු දුන්නා. ඔවුන් සලාම් කියා තම ප්‍රණාමය පිදුවා, මුහුණට සිනහවක් එකතු කරගත්තා. තමන්ට යමක් කල හැකි බව දැනීමෙන් ඔවුන් තෘප්තිමත් වුනා. “ඔබලාගේ ගොනෙකු අපට දැන් දෙන්නට පුළුවන් නම්,” ඇය කියාගෙන ගියේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට තම ගැහැණු නුවණ භාවිතා කරමින්. තවත් කරුණාභරිත සලාම් ප්‍රණාමයක් හැම කෙනාගෙන්ම.

Ceylon, Colombo, Cinnamon Gardens, Mohammedan Mosque
Ceylon, Colombo, Cinnamon Gardens, Mohammedan Mosque by Plate & Co.

හිරු බැස යන වේලේ ගොනෙකු එවන්නට පොරොන්දු ලැබුනා. ඒත් එක්කම මේ නෝනා කෝකියාට කියාවිද කරත්තයට ගිහිල්ලා දවසේ ඉතිරි කාලයටත් ආපසු ගමනටත් අවශ්‍ය වේ යැයි සිතෙන කලමනාත් තෝරා ගන්නට කියලා? ක්‍රිස්තියානිකාරයො නම් මේ වගේ උදව් උපකාර කරාවිද?

මොහොමඩාන්වරු ඔවුන්ගේ වචනය ඉටු කළා. හවස හය වෙනකොට කරත්තය සූදානම් වුනා. රෑ අට වෙද්දි, අහසේ තරු කාන්තිමත්ව දිදුළද්දි, ගෙදර කරා යන්නට ගමන ඇරඹුනා. “අහිගුන්ඨිකයෝ වගේ කැළෑවේ ඉන්දැද්දි වෙච්ච දේ මදැයි!” සින්තියා කිව්වා. “මොක වුනත් ගෙදර වගේ වෙන තැනක් කොයින්ද.”


අනුවාදක සටහන්

*– ‘පයසන්දු’ ගව දිව :  Paysandu Tongue

Paysandu Ox Tongue in a tin and Advert
Paysandu Brand of Ox Tongue in a Tin and the Advert

**– බොලෝනි’ සොසේජස් : Bologna Sausage – පෙති ආකරයට කපන ඌරුමසින් සැකසූ සොසේජස් වර්ගයක්.

***– අනුකාරක කැස්බෑ සුප් : Mock Turtle Soup – බ්‍රිතාන්‍ය සූපයකි. කොළ කැස්බෑ සූපයට බාල වර්ගයේ අනුකාරකයකි. බොහෝ විට වසු පැටවුන්ගේ මස යොදා සකසයි.

****– ෆ්වා ග්‍රා : Foie Gras – ප්‍රංශ කෑමකි. තාරා හෝ පාත්ත පීකුදු වලින් සකසයි.


කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 14

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 14


It was trying, wearisome work superintending the coolies. Monotonous also for Cynthia, alone on the verandah, particularly when the magazines were exhausted. “Have it done by contract,” she suggested for the nineteenth time, when, next morning, not a coolie put in an appearance. It seemed likely to be a case of Hobson’s choice.

“Cheer up. The matutinal tub awaits. Come!” What would the ladies of King’s House have said if they had seen Cynthia in pyjamas showering the water from a calabash over her curly flowing locks in the middle of that crystal clear stream? “Cheer, boys, cheer; no more of idle sorrow,” she sang between whiles.

There was no one to see, no Mrs. Grundy (a pity that), for the rainbow-coloured jacket was very becoming to delicate, transparent skin. European ladies become like wax dolls after a few years’ residence in Ceylon owing to anaemia.

The water was cool and delightfully refreshing. But as she raised the replenished calabash and with it her regards she espied — an object. What was it? A gibbon? a blue-faced gibbon come to join in her song, for a certain species of this monkey does sing? No; this was too tall for a singing gibbon: they are small creatures. What was it? Dark-brown in colour, innocent of clothing, a head covered with a tangled shock of black hair, partially covering the face also, from out which two bright but frightened-looking eyes peered and for an instant met her own.

“A Vedda! by all that’s wonderful!” A flash of flat feet and he was gone! Back to his home in the jungle, never to emerge again, terrified may be by the vision of an English woman in pyjamas! The lasting impression left on Cynthia’s mind was the sad melancholy of the countenance beneath the temporary fear. Upon mentioning this to an ethnologist afterwards, she was told this melancholy is the chief characteristic of the aborigines of Ceylon. They cannot laugh nor smile, never having had occasion for either. And yet, how jolly are the monkeys! Is this our human heritage—woe? “If I am to be reincarnated,” philosophised Cynthia, “let me be a mischievous monkey; not a singing gibbon, but a-“

‘What’s the meaning of this?” Her soliloquies were interrupted by the stream’s clear water becoming ruddier and ruddier. At a few hundred yards’ distance the little bulls were likewise taking their morning tub. Now as Cynthia traced the stream’s change of colour away yonder, she saw one of the bulls sink, sink beneath, while the water became still ruddier. Then arose what looked like a big coral reef, only that it had jaws that opened and closed, while red blood poured from an awful maw.

With a shriek she was out of the stream and calling—Help! But alas! too late. One little bull had fallen a victim to that gargantuan maw, one of its hind legs being entirely bitten off, while the body sank into a watery grave. Of all their experiences this was the worst. The crystal streamlet was turned into a streamlet of blood. In a moment a halter was procured and the other bull rescued and drawn out. No more tubbing in that stream! Never again! the idea was too horrible.

“It might have been the Lady,” said the Cook, whose notion of consoling was to pile on agony. “It’s quite bad enough, Cook, for with all his little caprices he was one of us,” was the reply. They were only “little caprices” now, poor little bull! That awful crocodile! But the Cook had been called away in the midst of breakfast preparations. Upon their return—a solemn one—they found robbery on a wholesale scale had been committed. Not a tin of any sort of provisions was left! Yet, not a trace of any of the marauders. Where could they have got to? Where had they come from? Ah, this was the land where slight of limb as well as sleight of hand is an inheritance. Looks were exchanged—in silence.

“Hard up!” said the minah—opportunely. This evoked roars of laughter. It was so apropos. “Hard-up, indeed!” echoed Cynthia. “What shall we do?” “Go home?” Cynthia, up to now, had never been known to show the white feather! “Can’t, with only one bull,” was the reply. “Snipe,” suggested Cynthia—for with all her horror she was hungry—pointing upwards. Bang, bang, bang! Snipe in plenty. Then there was bread fruit, and jak, and yams . . . ”Oh, we’ll fake up a breakfast fit for a queen. By the way, I wonder how ye native likes our Paysandu tongue, Bologna sausage, mock turtle soup, foie gras—Oh—ooh—oh ! Never mind! here cometh Cook with breakfast — houp la!”

This, some half hour later. Cynthia, rising from the inverted chattie, had need of all the good spirits astrologers ascribe to her as a native of Jupiter. When she looked for knives and forks wherewith to eat the impromptu dejeuner not one was visible—all had gone in the burglarious raid. It might have been a “scratch” repast; it was not without its touch of humour and merriment all the same.

And, as Cynthia’s philosophy had it, “Did it not betoken a climax to the bad luck?” There is, in nature, a universal ebb and flow: when things reach their worst—wasn’t this the worst, to be stranded minus provisions, minus means of obtaining them in an unknown, uninhabited spot in the jungle?

 The situation was original at any rate. Wouldn’t it afford a splendid opening chapter to a thrilling romance—a penny novelette? The elopement of a wildly romantic young couple—an earl, of course, and—no, not a poor but pretty governess, earls have better taste now-a- days—a Gaiety girl ; or, better still, a multimillionairess disguised as a daring chaffeuse, dashing out of sight of Society, keen on exchanging all its shams for the “simple life” of the jungle. So Cynthia’s imagination run on, keeping all amused. Suddenly she stopped. “S—sh! Dinna ye hear?—Wheels!” All stood at attention—Cook included. Wheels sure enough—out on the road. To the fore, with flags! It might be Jacobis returning! Pyjamas were hoisted and flourished frantically, with the result that the cart was seen to turn in the direction of the stranded.

Lopping along for a while it then pulled up and the occupants, two men, Moslems, judging from their conical straw hats and clean shaven heads, were seen to alight. Gathering their kambayas around them to keep free of the briars, and exposing a length of limb in a charmingly natural manner, on they came, picking their way through the undergrowth of jungle. When near enough to recognise with the naked eye—for the field-glass was part of the plunder — “The Mohammedans!” was the dual exclamation. A minute later, ”Salaam Mahatmaya: Nona Salaam,”’ was the greeting, touching their foreheads with their finger tips. Cynthia was in no mood for les convenances.

She plunged into a recital of the circumstances of the situation, their pitiable plight, instanter. Wanting provisions? Their (the Mohammedans) cart was well stored, for they were journeying far. All was at the Mahatmayas disposal. The superintendent—was he not here? they asked. The superintendent took himself off the night of arrival and had not returned, they explained. At this the Mohammedans exchanged looks and smiled. Cynthia knew that smile.

“Do you know anything of him?” she asked. This brought forth the following tale. The man, Jacobis, had not been on the estate for months, no nearer in fact than the Rest House, where wages, coolie hire, &c., awaited him on the third day of each month. With this he had purchased a small property near his native village, where, with two women whom he had taken to wife he was living contentedly, at his master’s expense. The story of his heroic encounter with wild boars had been evolved from his own imagination. The leg wound, however, was reality, having been acquired in training his own bull. The wound had healed, the Mohammedans had been informed; but upon hearing the Mahatmaya was coming means had been resorted to re-open and irritate the wound afresh, in order to exempt him from walking and work, in addition to exciting sympathy and gaining a reward for his heroism and sufferings; all of which had been crowned with glorious success. Why had they, the Mohammedans, not told this before? They thought this was the object of the master’s visit, to inspect and make other arrangements; likewise that the man Jacobis had already been discharged, the fact of their not seeing him the night of the moonlight call helping to confirm this idea, and that another superintendent had taken his place.

“The rascal!” ejaculated Cynthia, “Don’t you remember how he remained in the cart on that occasion, our moonlight call, his leg more than usually painful, as he declared? Oh dear! virtue is indeed its own reward in this wicked world, for ‘divil a bit is there any other.’”

The Mohammedans were full of sympathy and willing to give any and all assistance in their power. It was hard but — Kismet! “Yes, and Kismet, your coming this way,” answered Cynthia. This pleased them. They salaamed, they beamed. “If you could spare us one of your bulls now,” she went on, improving the opportunity as tactful woman best knows how. Another gracious salaam from each.

A bull should be sent at sundown. Meanwhile, would the lady permit her cook to go to the cart and select what might be required in the way of provisions for the rest of the day and the forthcoming journey? What Christian could do more? The Mohammedans’ word was kept. By 6 p.m. the caravan was equipped. By 8 p.m., when the stars were shining brilliantly, they commenced their homeward journey. “So much for our gipsying in the jungle!” said Cynthia. “After all, there’s no place like home.”


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 32

%d bloggers like this: