Menu Close

සිඩ්නි නගරය මුළුමනින්ම හරිත බල ශක්තියෙන් පණ ගැන්වේ.

shutterstock_132144818_721_420_80_s_c1ඕස්ට්‍රේලියානු මධ්‍යම ප්‍රදේශය වන සිඩ්නි නගරයේ බල ශක්තිය දැන් මුළුමනින්ම හරිත ශක්තිය මගින් බල ගන්වා ඇත. මේ බලය පසුගිය සතිය වන විට නිව් සවුත් වේල්ස් හි එක් සුළං ගොවිපලකින් සහ සූර්ය ගොවිපලවල් දෙකකින් යුතු විදුළි බල ආයතනයක් වන ‘ෆ්ලෝ පවර්’ හරහා ලබා ගනී. නගරයේ  250,000 ක් පමණ ජනතාවක් වාසය කරයි.

වීදි ලාම්පු, පිහිනුම් තටාක, සභා ගොඩනැගිලි සහ ඓතිහාසික සිඩ්නි නගර ශාලාව ඇතුළුව නගරයේ සියලුම බල ශක්ති මෙහෙයුම් සම්පූර්ණයෙන්ම පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ක්‍රියාත්මක වේ. ඕස්ට්‍රේලියාවේ ඉතිහාසයේ විශාලතම හරිත බලශක්ති ගනුදෙනුව මෙය වන අතර එහි වටිනාකම ඕස්ට්‍රේලියන් ඩොලර් මිලියන 60 හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 40 ඉක්මවා යයි. 

සිඩ්නි නගරයේ නගරාධිපති  වන, ‘ක්ලෝවර් මුවර් මහතා’ මෙසේ පැවසීය. … “ලොව පුරා හරිතාගාර වායු විමෝචනයෙන් 70% කට නගර වගකිව යුතු අතර එබැවින් පළදායි සාක්ෂි මත පදනම් වූ දේශගුණික ක්‍රියාමාර්ග ගැනීම අතිශයින් වැදගත් ය” … “අප ඇත්තේ දේශගුණික හදිසි අවස්ථාවක වේ. විමෝචනය අඩු කර හරිත බලශක්ති අංශය වර්ධනය කිරීමට නම්, රජයේ සියලු ස්ථර  හැකි ඉක්මනින්  පුනර්ජනනීය බලශක්තිය වෙත සංක්‍රමණය විය යුතුය.

සිඩ්නි නගරය 2007 සිට කාබන් උදාසීන වී ඇති අතර දැන් එය 100% පුනර්ජනනීය බලශක්තියෙන් ක්‍රියාත්මක වන බැවින් 2024 වන විට විමෝචනය 70% කින් අඩු වනු ඇත – එය 2030 ඉලක්කයට වඩා වසර හයකට පෙරය.

මේ අනුව අත්ලාන්තික් වෙරළ තීරය හරහා ගෑස් හෙවත් ස්වභාවික වායුව නගරයට ගෙන එන  නල මාර්ගයේ කටයුතු  නවත්වා ඇත. ඒ නළ මාර්ගය නිර්මාණය කිරීමට පෙරදැරි වූ  ‘ඩොමීනියන් බලශක්ති සමාගම’ සහ ‘ඩියුක් බලශක්ති සංස්ථාව’ මගින්  ඩොලර් බිලියන 8ක් වැයවන , සැතපුම් 600 ක් දිග එම අත්ලාන්තික් වෙරළ නල මාර්ගය අවලංගු කර ඇත. එය ස්වාභාවික ගෑස් ගෙනන නල මාර්ගයක් වෙන්නට තිබිණ. එම නළ මාර්ගය බටහිර වර්ජිනියාවේ සිට වර්ජිනියා හරහා නැගෙනහිර උතුරු කැරොලිනා දක්වා සැතපුම් 600 ක් ගෙන ඒමට නියමිතව තිබිණ.

ඒ ව්‍යාපෘතිය නවත්වා ඇත්තේ පරිසර හේතුන් නිසා නොව, නීතිමය හේතුන් නිසාය. කෙසේ වුව ඒ ව්‍යාපෘතිය නැවැත්වීම විශාල පරිසර ජයග්‍රහණයකි. පුනර්ජනනීය බලශක්තිය, බැටරි ගබඩා කිරීම, බලශක්ති කාර්යක්ෂමතා වැඩසටහන් සහ ජාලක ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමෙන් අත්ලාන්තික් වෙරළ නල මාර්ගයෙන් තොරව සිය අභිලාෂිත පිරිසිදු බලශක්ති ඉලක්ක ඉදිරියට ගෙන යන බව ඩියුක් බල ශක්ති සිය වෙබ් අඩවියේ සඳහන් කරයි.

https://electrek.co/2020/07/06/egeb-the-city-of-sydney-100-renewable-energy-arc-marine-reef-cubes-offshore-wind/?fbclid=IwAR0p271-y_wAQS_-cxpvXKMGPwYdRO8NCOIpduK2HETBSXbqD8FaDnK3scI

%d bloggers like this: