Menu Close

අසිරිමත්වූ දේකි – එකොළොස්වෙනි කොටස

නිකම්ම ඔයාගේ කම්මුලට ගැහුවා? ඔයා මොනවත් නොකර හිටිද්දිම?” දොස්තර මහත්තයා පුදුමෙන් ඇහුවා. කෙල්ල හෙමිහිට මුහුණ ටිකක් ඉස්සුවා…………… මතකයි නේද ගිය වතාවේ පෝස්ටුව ඉවර වුණු තැන?

එයාට මගෙන් ඒඩ්ස් හැදෙනවයි කියලා හිතුණම දුක නැද්ද?

 “න් න් නෑ ඩොක්ටර්…. මට එයා ගැන දුක හිතුණා!”

“දුක හිතුණා….? දැනුත් ඔයාට දුක හිතෙනවද?” නාරිවේද වෛද්‍යවරයා ඇහුවේ කුතුහලයෙන්.

“ඩොක්ටර්ට නම් මොකෝ….එයා එහෙමද? Job එකක්වත් නැති young කොල්ලෙක්නේ. එච්චර තරුණ වයසේදීම එයාට මගෙන් Aids හැදෙනවනේ කියලා දුකයි කියපුවම තමා එයා මට ගැහුවේ….”

රූමතිය කියූ අන්තිම වචන කිහිපය ඇහෙන්නටත් කලින්ම ඒ doctor සිහි නැතිව වැටී සිටියේය!

‘අසිරිමත්වූ දේකි’ පොත පළමුවරට මුද්‍රණය කරන කාලයේ Aids රෝගය ගැන ලෝකය දැනුවත්ව නොතිබිණි. සුද බින්දුම, උපදංශ, ලිංගික ඉන්නෝ වැනි රෝග කිහිපයක් ගැන පමණි නිතර සඳහන් වුණේ. ඒඩ්ස් රෝගය අසනිපාතයක්සේ ලොව පුරා සන්නිවේදන මාධ්‍ය ආක්‍රමණය කළේ ජනප්‍රිය හොලිවුඩ් නළු ‘රොක් හඩ්සන්’ ඒ රෝගයෙන් මියගිය පසුය. රෝගකාරක වයිරස පැතිරීම වළක්වාගනු පිණිස මුද්‍රා තබන ලද කවරයක බහාලමිනි, රොක් හඩ්සන්ගේ මෘත දේහය තැබුවෙත්…..

ඒඩ්ස් රෝගයෙන් මියැදුණු රොක් හඩ්සන් නළුවා නිසා ………………….

ඒ 1985දීය. ඒ සමඟම ලිංගාශ්‍රිත රෝග පිළිබඳව සුවිසල් කතාබහකුත් ඇති වුණේය.

‘ඇති වුණේය’ කියනවාට වඩා ගැළපෙන්නේ ‘වැඩි වුණේය’ කියා කීමයි. මේ රෝග පිළිබඳ කතාබහ ඉතා ඈත අතීතයටම දිව යයි.

රූමත් තරුණියක පිළිබඳව නොතිත් ආශාවකින් සිටි පුරුෂයෙකු ඇය අකල්හි මියගිය විට පවා ඇයගේ මෘත දේහය සමඟ හෝ රමණය කරන්නට ඉටා ගත්තේලු. ඒ මළමිනිය අමු සොහොනට ගෙනගොස් දැමූ පසු, මහ රෑ එහි ගිය ඔහු සිය ආශාව සංසිඳුවා ගත්තේලු. එදින පළමු ‘කුණු ලෙඩා’ ඇති වුණේ යයි ප්‍රවාදයේ කියවෙයි.

පසුගිය පෝස්ටුවට හිතවත් Pra Jay රසිකයා එවූ ප්‍රතිචාරයේ තිබුණු ලින්කුවට ගිය විට, වැදගත් ඓතිහාසික කරුණු රැසක්ම දැනගත හැකිවිණි. එයින් කියවෙන පරිදි දේශ ගවේෂක ක්‍රිස්ටෝපර් කොලම්බස් ඇතුළු නාවිකයනුත් ‘සමාජ රෝග’ වාහකයන්ය…. තවත් ගොඩක් වැදගතුන් පවා….

1985-86 කාලයේ, අපේ තරුණ ජනගහණ කමිටුවේ ‘මානව ලිංගිකත්වය, ප්‍රජනනය හා පවුල් සැලසුම’ දේශනවලදී ‘සමාජ රෝග ගැනත්’ වැඩියෙන් ප්‍රශ්න ඇහෙන්නට පටන් ගැනිණි. එය කොතරම්ද කියතොත්, පසුව ඒ ගැන වෙනම දේශනයක් තරුණ වැඩ සටහන්වලට එකතු කෙරිණි.

(ඒවා අතීතයට අයත් කරුණුය. ඊටත් ඈත අතීතයේ පළ කෙරුණු මේ පොතේ, 44 පිටුවෙනුත් 1/3 ක් අප කියවලා ඉවරය. මේ එතන ඉඳලාය………

දේශ ගවේෂක ක්‍රිස්ටෝපර් කොලොම්බස්ද සමාජ රෝග වාහකයෙක් වීල!

“….. වී.ඩී.ආර්.එල්. කියන පරීක්ෂණය කරන්න ඕන සංසර්ගයේ යෙදී සති දෙකක් ගියාට පස්සෙයි. ඊට ඉස්සර වෙලා මේ පරීක්ෂණය කිරීමේ තේරුමක් නෑ.

සෑම රෝහලකම මේ සඳහා පහසුකම් තියනවද?

නැහැ. නමුත් ඕනෑම රෝහලක වෛද්‍යවරයෙකු හමු වුණොත් ඔහු ඔබට පහසුකම් ඇති තැනකට මඟ පෙන්වාවි. මෙවැනි ආයතන ඉතා රහසිගතව වාර්තා තබන අතර ඔබ ඉන් ප්‍රතිකාර ලබාගත් බව කාටවත් දැනගැනීමට ඉඩ නොතැබීමට වගබලා ගන්නවාද ඇති.

පවුල් සංවිධාන උපකරණවලින් සමාජ රෝග වලක්වාගන්න පුළුවන්ද?

බෑ. මෙම උපකරණ සාදා ඇත්තේ දරු ගැබ් ඇතිවීම වළක්වා ගැනීම සඳහායි. කොණ්ඩමය තරමක් දුරට යමෙකු මෙම රෝගයෙන් වළක්වනු ලැබුවත් සිප ගැනීම වැනි අවස්ථාවලදී මෙම රෝගය බෝ වෙන්න පුළුවන්. එම නිසා ඒවා සාර්ථක රෝග වැළක්වීමේ ක්‍රම නෙවෙයි.”

ඔයාලට කියන්න, පසුගිය කොටසට කොමෙන්ටු එවමින් උදාරත්, ඩ්රැකීත් අපට ලොකු සංග්‍රහයක් කරලා තිබුණනේ. උදාර ලියලා තිබ්බා   ‘ඕනමැන්ටල්ගේ ජීවානුහරණය’ කියලා කතාවක් ගැන.

ඩ්රැකී උන්නැහේ ඒකේ ලින්කුව එව්වා. මාත් හැම තැනටම හොම්බ දාලා බලන්න දෙයියානෙ; එහාට ගියා. හිනාවෙලා පණ ගියා. පෝස්ටුව පරණ එකක් වුණාට තවම රස වෑහෙනවා.

ඕන්න දැන්මම කිව්වා, ඒ කෙරේමට ජීවානුහරණය කරගන්න යනවා නම්………..

එහාට ගිහින්, ඒක කියවලා ඒ ක්‍රමේට ‘ජීවානුහරණය’ කරගන්න හිතනවා නම් මේ ටිකත් මතක තියාගන්න එක හොඳා. ‘යම් දෙයක විෂබීජ විනාශ කිරීමට නම් උතුරමින් නටන වතුරේ විනාඩි 20ක් තම්බාගත යුතුය.’ 

ඉතින්, මොන ක්‍රමයෙන් හරි සමාජ රෝගයක් හැදුණොත්… විශේෂයෙන් ගැබිණියකට….

සමාජ රෝග නිසා අකල් දරු උපත් ඇති වෙනවාද?

ඔව්. නියම කාලයට පෙර නොමේරූ දරුවන් ඇති වීමට පුළුවන්. මෙලෙසම ගබ්සාවන්ද ඇති වීමට පුළුවන්.

ගබ්සාව කියල අදහස් කරන්නේ කුමක්ද?

වෛද්‍ය විද්‍යානුකූලව නම් ගැබ් කාලය සති 28 කට අඩු දරුවකු හෝ කළලයක් ඉවතට ගැනීම; ඉවත් කිරීම ගබ්සාවයි.

ගබ්සාව ලංකාවේ නීතියට එකඟද?

නැහැ. අනියම් ගබ්සා කිරීම ලංකාවේ සම්පූර්ණයෙන්ම තහනම්. ගබ්සා කිරීමේ වරදකට දඬුවම දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වෙනවා. නමුත් ඉන්දියාව වගේ සමහර රටවල ගබ්සා කිරීමට නීතියෙන් බාධාවක් නෑ. ඒ කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිර්දේශය මත මවගේ සෞඛ්‍යයට හානිකර ගැබ් ගැනීමකදී ගබ්සා කිරීමට ලංකාවේ නීතියෙන් ඉඩ ලැබෙනවා.

එහෙනම් ගබ්සාවලදී මව මිය යන්නේ?

ගබ්සා කිරීම මවට හානිකරද?

මේ අපෙන් නිතර අහන ප්‍රශ්නයක්.

රෝහලක ඒ සඳහා භාවිත කරන උපකරණ භාවිත කර, හොඳ ශල්‍යාගාරයක් තුළ කරන ගබ්සාවකින් මවට කිසිම හානියක් වෙන්නේ නෑ. වෛද්‍යවරුන් ඒක ඉතා සුළු ශල්‍යකර්මයකින් සිදු කරනවා.

එහෙනම් ගබ්සා කිරීමේදී මව්වරු මිය යනවායි කියන කතාව බොරුද?

නැහැ. අපරීක්ෂාකාරීව, අනියම් තත්ත්වයන් යටතේ සිදු කරන ගබ්සාවලින් බොහෝ විට මව්වරුන් මියයනවා. නැත්නම් වෙනත් ආබාධවලට ගොදුරු වෙනවා. ගර්භාෂය තුවාල වීම, භයානක විෂබීජ ශරීර ගතවීම, අධික ලෙස ලේ යාම වැනි දේ මේ මරණවලට හේතු වෙනවා.

රෝහලකින් පිටත කෙරෙන ගබ්සා කිරීමකදී අසාධ්‍ය තත්ත්වයට පත්වූ මවක් රෝහලකදී වුවත් නැවත නියම තත්ත්වයට ගෙන ඒම හෝ ජීවත් කරවීම හුඟක් අමාරුයි.”

ඉස්සර නම් දැනීම අඩුයි කිව්වැකි. දැන්? කවුද නොදන්නේ? එහෙම තියෙද්දිත් මේ බුදුන්ගේ දේශයේදී දවසකට ගබ්සාවන් කීයක් නම් වෙනවද?

ඒ කළලය වළ දමනවා දුටු අසල්වැසියෙක් පොලිසියට දන්වලා……

ගිය මාසයේදී යාපනයේ පෙම් යුවලක් වෛද්‍යවරයෙකුගේ උදව් ඇතිව ගබ්සාවක් කරගෙන, ඒ කළලය වළ දැමූ බව අසල්වැසියෙකු පොලිසියට දන්වලා. මේ සිසුවිය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වෙලත් තමයි මේ වැරැද්ද කරගෙන තියෙන්නේ….. මේ නොදැනුවත්කමද; නොසැලකිල්ලද?

“අපරීක්ෂාකාරීව සිදු කෙරෙන ගබ්සා කිරීම නිසා වඳ භාවය ඇති වෙන්න පුළුවන්ද?

ඔව්! අප ඉහත කියන ලද පැලෝපියන් නාලයේ සිදුර ගබ්සා කිරීම නිසා සදාකාලිකව වැසී යා හැකියි. මෙය සිදු වෙන්නේ විෂබීජ මඟින් සිදු වෙන ආසාදනය නිසයි. සිදුර වැසී ඇතිවිට ඩිම්බය ගර්භාෂය කරා පැමිණීමට බැරි වෙනවා. මේ නිසා ගැබ් ගැනීම වැළකී වඳ භාවය ඇති වෙනවා.

මෙයින් ඇති විය හැකි වෙනත් අනිටු ප්‍රතිඵල මොනවාද?

මින් සිදුවිය හැකි භයානකම ප්‍රතිඵලය නම් ඩිම්බයට පැමිණිය නොහැකි සිදුරක් තුලින් ඊට වඩා කුඩා ශුක්‍රාණුවක් රිංගා යාමෙන් ගර්භාෂයෙන් පිටත පැලෝපියන් නාලය තුළ හෝ උදර කුහරය ඇතුළේ හෝ සංසේචනය සිදුවී කළලයක් ඇති වීමයි. මෙවැනි තැනක කළලය වැඩීමට ඉඩ නැති නිසා එම කළලය වැඩෙන ස්ථානය පුපුරා අධික ලේ ගැලීමක් ඇති වෙනවා.

මේ ලේ ගැලීම පිටතට එක විටම නොපෙනෙන නිසා මවක් හදිසියේ සිහි නැතිව වැටෙන තුරු කිසිවෙකුටත් මෙම තත්ත්වය වටහා ගැනීමට විදිහක් නෑ.

මේ නිසා මවගේ මරණය පවා සිදුවෙන්න ඉඩ තියෙනවා……

මේ නිසා මවගේ මරණය පවා සිදු විය හැකියි. ගොනෝරියා රෝගයේදීද පැලෝපියන් නාලය අවහිර වීමෙන් මවට මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු විය හැකි බව අමතක කරන්න හොඳ නැහැ.

රෝහලක ගබ්සාවක් සිදු කරන්නේ කොහොමද?

මුලින්ම මව ශල්‍ය කර්මයකට සූදානම් කරනවා. ඊළඟට ඇයව ශල්‍යාගාරයක් තුළදී නිර්වින්දනය (සිහි නැති) කරනවා. එයින් පසුව යෝනි මාර්ගය හා ඒ අවට හොඳින් පිරිසිදු කරනවා. ඉන්පසුව විෂබීජ නැසූ උපකරණ යොදා යෝනි මාර්ගය තුළින් ගර්භාෂ මුඛය ක්‍රම-ක්‍රමයෙන් මහත් කරනවා.

පැන්සලක කඳ තරම් මෙම මුඛය මහත් කළ පසුව කන් හැන්දක හැඩය ඇති උපකරණයක් ගර්භාෂය තුළට දමා කළලය ඉවත් කරනවා. මේ විදිහට පරිස්සමින් තමයි රෝහල්වල ගබ්සාවක් සිදු කරන්නේ.

නිර්වින්දනය නොකර ගබ්සා කරන්න පුළුවන්ද?

ක්‍රමයක් තියෙනවා. එම ක්‍රමය තමයි ‘එම්. ආර්.’ කියල හඳුන්වන්නේ. මේ සඳහා සවි-ශක්තිය ඇති ලෝහ සිරින්ජරයක් යොදා ගන්නවා. මෙම සිරින්ජරය පාපන්දු බෝලයකට හුළං ගහන පොම්පයක් වගෙයි. මේ උපකරණයේ ඉදිරිපස බටය ගර්භාෂය තුළට ඇතුළු කර එහි මිට ඇදීමෙන් ගර්භාෂය තුළ ඇති කළලය හා අනෙකුත් කොටස් මෙම බටයට උරාගනු ලබනවා.

මෙම ක්‍රමය සාර්ථක වීමට නම් ඍතුවීම නැවතී මාසයක් ඇතුළතදීවත් ගබ්සාව සිදු කළ යුතුයි. මෙහි පහසුව නිර්වින්දනය නොකර බාහිර රෝගී අංශයක වුවත් ගබ්සාවක් කළ හැකිවීමයි.

ගබ්සාවට නීතියෙන් ඉඩ ඇති රටවල මෙම ක්‍රමය ඉතා ජනප්‍රියයි.

ඒ කාලේ ඒ පැත්තටම නම් දරාපු වින්නඹු අම්මා, ගෙඩි වෙද හාමිනේ අපේ බදුල්ලේ ආච්චි….

ශල්‍ය කර්මයකින් තොරව ගබ්සා කළ හැකි වෙනත් ක්‍රම තියෙනවාද?

ප්‍රොස්ටොගැලන්ඩින් හෝමෝනය මේ සඳහා පිළිතුරයි. මේ හෝමෝනය අපේ ශරීරයේ සෑම සෛලයක් තුළම වාගේ අල්පමාත්‍ර වශයෙන් නිෂ්පාදනය වෙනවා.

ගබ්සාවක් කිරීමට මේ හෝමෝනයෙන් ඉතා ස්වල්පයක් එන්නත් කිරීම ප්‍රමාණවත්. මේ හෝමෝනය නිෂ්පාදනය කිරීමට අධික වියදමක් යන නිසා, ඒ මඟින් ගබ්සාවක් කිරීමට වැයවන මුදල දරුවන් දෙන්නෙක් හදාවඩා ගැනීමට යන මුදලටත් වඩා වැඩියි.

අන්නාසි ගැටවල මේ හෝමෝනය අන්තර්ගත වෙනවාද?

නැහැ. ඒත් ලංකාවේ ගබ්සා කිරීම සඳහා අන්නාසි ගැට, ඇත් අඩි පැලවල මුල්, රාවනා කොළ ආදිය යොදාගන්නා බව අපි දන්නවා. නමුත් මේ එකකවත් ඉහත කී හෝමෝනය අඩංගු නැහැ. මෙම ක්‍රමවල ගුණාගුණ හොඳින් අධ්‍යයනය කර නැති නිසා එහි සාර්ථක හෝ අසාර්ථක භාවය ගැන යමක් කියන්න පුළුවන්කමක් නැහැ.”

අනේ බදුල්ලේ ආච්චී හිටියා නම්….

උන්දෑ තමයි තව ඩිංගෙන් මාවත් ගස්සලා යවන්නේ. බදුල්ලේ මයිලගස්තැන්න- කණුපැලැල්ල දිහාස්වලට ඒ කාලේ හිටපු නම් දරාපු ගෙඩි වෙද හාමිනේ එයා; වින්නඹුවත් එයා; ඒ වගේම ගබ්සාවන් කරන්නියත්! අවුරුදු හැට-හැත්තෑවකට කලින්.

අපේ තාත්තා (බාලාපරාධයක් නීත්‍යානුකූලව කරමින්) මේ ගෙඩි වෙද හාමිනේගෙ ලොකු දුව අඩු වයසෙන්ම; කසාද බැඳලා දරුවෙකුත් උපද්දන්න ගියාම මනුස්සයා දන්නා විදිහටයි උදව් කරන්න හදලා තියෙන්නේ!

ගබ්සාවක් කිරීම නැවතුණු හින්දා මේවා ලියන්න මාව බේරුණා!

ඒ වංහුං ‘ගස්සලා යවමුද’ පෝස්ටුවල තියෙනවනේ, නොකියවපු උදවියට බලන්න. 

මහරගම ආච්චී වගේ, බදුල්ලේ ආච්චිත් අපට ගොඩක් සමීපව හිටියා නම් අන්නාසි ගැට, රාවනා කොළ විතරක් නෙවෙයි, එඬරු නැටි ගැනත් අහගෙන ඉන්න තිබ්බනේ! එහෙම වුණා නම් ‘මේ විබ්බනේ’ට එව්වත්දානවනේ!!

ඔයාලට මේවා ලියන්න හරි මාව නම් බේරුණා. ඒත් ගබ්සාවක් හරි ගියේ නැති වුණායින් අපේ පවුලම වැටෙන්න ගිය අමාරුවක්…. අපේ පවුලේ දහවැනියා… බඩපිස්සිය. ඕනෑකමින් මතක් නොකළත් ඇස් ඉස්සරහට එනවා. ඒ ගැනත් ආයේ ලියන්නේ නැහැ, ගස්සලා යවමුද ලිපිවලම ලියූ නිසා.

යන්තමින් හරි ඒ විස්තර ආයේ මතක් කළේ, කියවන කෙනෙකුව හරි දැනුවත් කරවලා තියන එක හොඳ නිසයි. මම තදින්ම විශ්වාස කරනවා ‘Privention is better than Cure’ කියමන. ප්‍රතිකාරයට වඩා වැළැක්වීම වටී!

ගබ්සා කිරීම ලංකාවේ නීතියෙන් තහනම්. ඉතින් මොකද කරන්නේ?

ගබ්සාවක් ගැන අපට කතා කරන්න වෙන්නේ වුවමනා නැති පිළිසිඳ ගැනීමක් ඇති වුවහොත් පමණයි. ඒ නිසා අනවශ්‍ය පිළිසිඳගැනීම් වැළැක්වුවහොත් මේ භයානක ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්නේ නැහැ.”

මොනවද මේ අනවශ්‍ය පිළිසිඳගැනීම්?

මේනකගේ නිර්භීත පුරුෂ ශුක්‍රාණුවක් මගේ ඩිම්බයකට කිට්ටු කරවලා….

සාමාන්‍යයෙන් මුහුණු පොතේ සැරිසරන්නේ නැති අයගෙන් කිහිප දෙනෙකු හරි ‘තීක්ෂණ ශ්‍රී විජේසිංහ’ රචකයාව දන්නවා ඇති, මං වහන්සේ නිසා. දැනුත්; මෙතනටත් ගැලපෙන කොටසක් එයාගෙන් ගන්නවා.

‘කවදාවත් පවුල් ජීවිතයක් ගත කරන්න කැමති කෙනෙක් නොවන බව දැන-දැන මොකක් හෝ හේතුවක් නිසා තාමත් මම මේනකට ආදරය කරනවා…. ඒ ආදරය වෙන්න ඇති කියලා හිත හදාගන්නවා…. ගණට වැඩුණු තද කළු රෝම, අත් පුරා සිසාරා ගිය ලා කොළ පාට නහර, ඒ හිනාව, හැසිරීම, එරවිල්ල, රැවීම, බැනීම, පිපිරීයාම කියන පුරුෂ ලක්ෂණ සියල්ලටම මම ප්‍රේම කළා….

මට තව මේනක කෙනෙක් ඕන වුණේ ඒකයි…. මේනකගේ නිර්භීත පුරුෂ ශුක්‍රාණුවක් මගේ ඩිම්බයකට කිට්ටු කරලා, කළලයක් මගේ ගාව වර්ධනය කරගන්න මට ඕන වුණේ ඒකයි…..

ඇයි, ගැහැනියෙකුට තියෙන්න බැරිද තමන් දැඩි සේ ප්‍රේම කරන පිරිමියාගෙන් ගැබ් ගන්න ආශාවක්…. නොලැබෙන දේවල් ලැබෙන ක්‍රමයකින් ලබාගන්න ගෑනු හරි දක්ෂයි….

….මේනක මම ආසයි ඔයාගේ දරුවෙක් මගේ බඩේ දඟලනව දකින්න…”

මීට වසර දෙකකට කලින් දවසක කරපු ඉල්ලීමක්..

දැන් ඉර ගිලෙන්න ළඟයි..මාවත් පිච්චෙන්න… (foto- කසුන් ප්‍රියලාල්)

පිස්සුද, මට තමුසෙ එක්ක පවුල් කන්න ඕනෙ නෑ…”

ඒ මගේ ලක්ෂ සංඛ්‍යාත බලාපොරොත්තු සහගත ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු වචන අටක්….

මේනක කවදාවත් ආරක්ෂාවක් ගැන හිතලා උපත් පාලන කොපු පාවිච්චි කරේ නෑ….

තමන් ගැන විශ්වාසයක් නැති පිරිමි…” මේනක කියන්නෙ එහෙම. එයා විශ්වාස කරන විදිහට කොන්ඩම් කියන්නෙ පුරුෂයාගේ විශ්වාසය ගිලිහී තියෙන තැනක ඔහුගේ විශ්වාසය වෙනුවෙන් පෙනී සිටින්න නිර්මාණය කරපු දෙයක්…. විකාර!

දැන් ඉර ගිලිලා…. දැන් මාව පිච්චෙන්න යන වෙලාව. මම ලෑස්තියි, මේ දේ මේනකට කියන්න….

දන්නවද, මට මේනකගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා….

මීට ටික කාලෙකට කලින් ඒ දේ සිද්ද වෙද්දි මේනක හිටියෙ හොඳටම වෙරි වෙලා; මෙලෝ සිහියක් පතක් නැතුව එහෙට මෙහෙට කැරකුන මේනකගේ අවසාන හෝරාව ගැන, පෙනඩෝල් පෙත්තකින්වත් මත් වෙලා නොහිටිය මට හොඳටම තේරුණා….. ඒත් මට ඒක නවත්තන්න ඕන වුණේ නෑ.

පිරිමියෙක් අකමැති වුණු පලියට, මගේ හිතේ තිබ්බ ගෑනු ආශාවක් ඇයි මම නැති කරගන්නෙ...?

 මේනක මම ප්‍රෙග්නන්ට්, ඔයාගෙන්…” දැන-දැනම මම කිව්ව…..

….උඹට මම කිව්වා, උඹට මම කිව්වා… කපටි ගෑනි, දරුවව මරපං…. පව්කාර පාහර බැල්…..”  

%d bloggers like this: