Menu Close

ප්‍රධාන බල සැපයුමක් නොමැතිව බල ගැන්වෙන සෝමාලියාව

shutterstock_132144818_721_420_80_s_c1සෝමාලියාව යන වචනය අසන විටම, ‘සාගතය’, ‘ත්රස්තවාදය’ සහ ‘යුද්ධය’ යන්න සියල්ල එක තැනක ඇති ලෝකයේ අවාසනාවන්තම රටක් සිහියට පැමිණේ. එහෙත් මේ රටේ මිනිසුන් ගත් විට නම් ඔවුන් ඉතා අහිංසක මෙන්ම, හැකි ආකාරයට ආගන්තුක සත්කාරයේ යෙදෙන පිරිසකි. ඔබගේ ගමන් මල්ල ඔසවා ගෙන යෑමට ඔවුන් පොරකනු ඇත. මේ රටට ගිය කෙනෙක්, …”දුප්පත් කමත්, නිහතමානී කමෙත් සම්බන්දයක් තිබේදැයි”… සිතනු ඇත.
 
පීඩා විඳින සෝමාලියාවේ අසරණයන් ලෝකයේ ඇති රටවල් වල ආදායමට සාපේක්ෂව ඉහළම බලශක්ති පිරිවැයෙන් වැඩි බරක් දරයි. සෝමාලියාව වැනි රටකට තනි ග්රිඩ් බල සැපයුමක් කිසි සේත් සාර්ථක නොවන්නේ, අල් ශබාබ් ත්රස්තවාදීන් ඒ ආකාරයේ සැපයුමක් පවත්වාගෙන යන්නට ඉඩ නොදෙන හෙයිණි. ඔබට කලකට පෙර යාපනය අර්ධ ද්වීපයේ බල සැපයුම විසන්ධි කල ආකාරය සිහියට නැඟෙනු ඇත.
 
එහෙත් නැගෙනහිර අප්රිකානු සමාගමකට ස්තූතිවන්ත වෙමින්, සරණාගතයින් සහ ප්රජාවන් සඳහා, ‘සූර්ය මයික්රො ග්රිඩ්’ ස්වරූපයෙන් දැන් බල ශක්ති සහනය ලැබීම ආරම්භ වී ඇත. ‘සූර්ය මයික්රො ග්රිඩ්’ භාවිතා කරමින් ඩීසල් විමෝචනය අවම කිරීම සහ බලශක්ති පිරිවැය අඩු කිරීම සඳහා ඩොලර් 1 සිට 3 / kWh දක්වා ඇති සූර්ය මයික්රොග්රිඩ් භාවිතා වේ. මිලියන 12 ක ජනගහනයක් සිටින රට ස්ථාවර කිරීමට එම සූර්ය බලශක්ති තාක්ෂණ ආයතනය කටයුතු කරමින් සිටී.
 
‘ඕෆ් ග්රිඩ් -මයික්රෝ ග්රිඩ්’ එකක ඇති වාසිය නම්, එකවර විශාල පෙදෙසක බල ශක්තිය සපයන මධ්ය බල සැපයුමක් [Centralized grid] කඩා ගෙන වැටීමේ අවදානම නැති වීමය. මේ අතර සෝමාලියාව වැනි රටක බල ශක්තිය ගැන දැන ගැන්මෙන් අපට ඇති ප්රයෝජනය කුමක්දැයි කෙනෙක් අසනු ඇත. ඕනෑම රටක බල ශක්ති අවශ්යතාවය දිනෙන් දින වැඩි වේ. එය ස්වභාවිකය. කොතරම් දියුණු රටක් වුවද, මේ සියලු බල ශක්තිය එකම තැනකින් පැමිණෙන්නේ නම්, කිසියම් හේතුවක් නිසා ඒ සැපයුම කඩා වැටීමට නොහැක්කේය යයි කිව නොහැක.
 
තවත් වැදගත් හේතුවක් වන්නේ මේ ‘ඕෆ් ග්රිඩ්’ ක්රම සඳහා වියදම් වන මිළ එන්න එන්නම අඩු වීමය. ඉන් ලැබෙන විශාලතම වාසිය නම් වෙන කිසිම ආයතනයක් මත තම බල ශක්ති අවශ්යතාවය නොරැඳීම වේ. යම් නිශ්චිත වෙලාවකට බිල් ගෙවීමක් නැත. කුමන හේතුවක් හෝ නිසා බල ශක්තියේ විසන්ධි වීමට බාහිර හේතුවක් නැත. පාරවල් පුරා අදින ලද කම්බි සහ කණු අනවශ්යය. මේ අතර ලෝකයේ දස දෙස ව්යාප්ත වන විදුළි වාහන සඳහා ‘ඕෆ් ග්රිඩ් -මයික්රෝ ග්රිඩ්’ නිෂ්පාදනය කරන ආයතන බිහිව ඇත.
 
[අමතර සටහනක් :- විදුළි වාහනයක විශාල බැටරි පද්ධතියක් ඇති හෙයින් අපද තවත් අමතර බැටරි පද්ධතියක් නොමැතිව එම විදුළි වාහනය සූර්ය පැනල වලින් පමණක් ආරෝපණය කල හැකිදැයි සොයා බැලිය යුතුය. එහි වාසි දෙකක් වන්නේ එවැනි පද්ධතියකට වියදම් වන මිළ සාපේක්ෂව ඉතා දඅඩු වීමත්, ග්රිඩ් එකෙන් පරිබාහිර නිසා, ඒ ක්රමය කිසිසේත් ලංකා විදුළි බල මණ්ඩලය චෝදනා කරන ආකාරයට අමතර බරක් නොවීමත්ය.]
 
සෝමාලියාවේ සහ කෙන්යාවේ කාර්යාල ඇති පුනර්ජනනීය බලශක්ති උපකරණ බෙදාහරින්නා විසින් සෝමාලියාවේ පළමු සූර්ය මයික්රොග්රිඩ් මාස දෙකකින් නිම කිරීමට අපේක්ෂා කරයි. බලශක්ති පිරිවැය දළ වශයෙන් ඩොලර් 1 / kWh සිට ශත 50 / kWh දක්වා අඩු කිරීමට මෙම ව්යාපෘතිය සැලසුම් කර ඇති බව සූර්ය බලශක්ති ව්යාපාර සංවර්ධන අධ්යක්ෂ ෂෝන් බ්රූක්ස් [Sean Brooks] මහතා පැවසීය.
 
මෙම ව්යාපෘතිය 2014 දී සෝමාලියානු ත්රස්ත කන්ඩායමක් වන අල්-ෂබාබ් වෙතින් මුදා ගැනීමෙන් පසු ප්රදේශය ස්ථාවර කිරීම සඳහා වන ජාත්යන්තර ප්රයත්නයක කොටසක් බව ඔහු පැවසීය.
 
අන්තර්ජාතික බහු පරිත්යාගශීලීන්ගේ අරමුදලක් වන සෝමාලියා ස්ථායිතා අරමුදලෙන් අරමුදල් සපයන මෙම 48-kW පද්ධතිය, සෝමාලියාවේ අගනුවර වූ ‘මොගඩිෂු’ට උතුරින් පිහිටි වෙරළබඩ නගරයක් වන වෝර්ෂෙයික් හි නිවාස 175 කට යෙදවනු ඇත. මයික්රො ග්රිඩ් පද්ධතිය සියයට සියයක් සූර්ය බලයෙන් යුක්ත වන අතර, ‘ඊයම් අම්ල බැටරි’ වල බලය ගබඩා කිරීම ද, බල ශක්ති සහායක් අවශ්ය වන අවස්තාවක ඩීසල් එන්ජිමකින්ද සමන්විතය.
 
මයික්රො ග්රිඩ් බල සැපයුම ගොඩනඟා එය වසර දෙකක් ක්රියාත්මක කර, පසුව මෙහෙයුම් සහ හිමිකාරිත්වය ප්රජා හිමිකාරීත්වයකට මාරු කරනු ඇත.
 
තවත් ප්රදේශයක් වන ‘කිස්මයෝ’ හි නැවත පැමිණෙන සරණාගතයින් සඳහා දෙවන සූර්ය මයික්රොග්රිඩ් එකක් සමාගම විසින් ඉදිකරනු ඇත. මෙම උත්සාහය කළමනාකරණය කරනු ලබන්නේ සරණාගතයින් සඳහා නිවාස ඉදිකරන ඇමරිකානු සරණාගත කමිටුව විසිනි. මයික්රොග්රිඩ් සඳහා අරමුදල් ලැබෙන්නේ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වන මහ කොමසාරිස් කාර්යාලයෙන් (UNHCR), සෝමාලියාවේ ස්ථායිතා අරමුදලේ යම් උපකාරයක් ඇතිවය.
 
කොමිසම සමඟ වැඩ කරමින්, කෙන්යාවේ සිට සෝමාලියාවට ආපසු පැමිණෙන සරණාගතයින් සඳහා නම් කරන ලද ප්රදේශයේ නිවාස 100 ක් සහ පොදු පහසුකම් පහක් සඳහා ආධාර කිරීමේ ක්රමයක් නිර්මාණය කර ඇත. සෝමාලියාවේ තත්වය යහපත් අතට හැරෙත්ම, වැඩි වැඩියෙන් ජනයා කෙන්යාවේ සරණාගත කඳවුරු අතහැර සෝමාලියාවට ආපසු යති. මේ වන විට රට තුළ ජාතික විදුලිබල පද්ධතියක් නොමැති අතර ඉන්ධන සියයට සියයක් ඩීසල් වේ.
 
බලය සපයන පුද්ගලික සමාගම් මීටර භාවිතා නොකරයි, නමුත් භාවිතය තක්සේරු කරයි. …“ඔවුන් ඔබේ නිවසට පැමිණ ඔබ සතුව ඇති දේ දෙස බලා‘ ඔබ මසකට ඩොලර් 5 ක් හෝ 10 ක් ගෙවනවා ’යැයි පවසති. ඔබ සතුව ලයිට් හෝ උපකරණ කීයක් තිබේදැයි ඔවුන් දකී”…ෂෝන් මහතා පැවසීය.
 
සූර්ය ක්ෂේත්රයේ ඉලක්කය වන්නේ සියයට සියයක්ම සූර්ය බලයෙන් යුත් මයික්රොග්රිඩ් නිර්මාණය කිරීමයි, නමුත් සමහර ඩීසල් බලාගාර ඩීසල් / සූර්ය දෙමුහුන් පද්ධති බවට පරිවර්තනය කිරීම සඳහා සූර්ය බලශක්තිය ඩීසල් ක්රියාකරුවන් සමඟ හවුල් වේ. .දිගු කාලීනව, ඉදිරි දෙවසර තුළ සෝමාලියාවේ මයික්රොග්රිඩ් 20 ක් ස්ථාපනය කිරීම සඳහා ජාත්යන්තර පරිත්යාගශීලීන්ගෙන් සහ වාණිජ ආයෝජකයින්ගෙන් අරමුදල් රැස් කිරීමට සූර්යජෙන්ට අවශ්යය.
 
රට දීර්ඝ කාලයක් තිස්සේ ඉතා පීඩාකාරී අරගලයකට මැදිව ඇති හෙයින්, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්රේලියාව සහ යුරෝපය වැනි රටවල නැවත පදිංචි වී සිටින සහ සෝමාලියාවේ සිටින ඔවුන්ගේ ඥාතීන්ට උදව් කිරීමට කැමති අය ද ඇතුළුව ජාත්යන්තර ප්රජාවෙන් වසරකට ඩොලර් බිලියන 1.4 ක් පමණ ලැබේ. නමුත් විදේශ ආධාර මුදල් මෙන් නොව ඒ මුදල් විසිරී ඇත. වර්ෂයේ අග භාගයේදී, විශේෂිත ප්රජා ව්යාපෘති සඳහා එම අරමුදල් එක තැනකට එකතු කිරීම මගින්, වඩා ප්රයෝජන දෙයක් කල හැක.
 
සමාගම බලාපොරොත්තු වන්නේ මයික්රොග්රිඩ් වැනි මහා පරිමාණ ව්යාපෘති සඳහා එම මුදල් භාවිතා කළ හැකි බවයි. සෝමාලියාවේ පානීය ජලය සඳහා සූර්ය බලයෙන් ක්රියාත්මක වන පොම්ප සඳහා අරමුදල් සැපයීම සඳහා සූර්ය බලශක්තිය භාවිතා කරයි.
 
සමාගම ආරම්භ කරන ලද්දේ, එහි ප්රධාන විධායක නිලධාරියා සහ ඉංජිනේරුවෙකු වන “අබුබකර් අයිඩරස්” මහතා විසිනි. ඔහු 2010 දී කෙන්යාවේ නයිරෝබි විශ්ව විද්යාලයේ විදුලි ඉංජිනේරු ශිෂ්යයෙකු ලෙස කෙන්යාවේ සමාගම ආරම්භ කළේය.
 
ඔහුගේ පළමු කොන්ත්රාත්තුව වූයේ කෙන්යාවේ නිවාස 30 ත් 50 ත් අතර කුඩා කුඩා ග්රිඩ් ප්රමාණයේ 3 kW සිට 5 kW බල පද්ධතියක් සඳහා ය. ඉන්පසු ඔහු සෝමාලියාවේ ස්ථායිතා අරමුදලෙන් සමාගමේ මෑත සෝමාලියා කොන්ත්රාත්තුව දිනා ගත්තේය. එම අරමුදලට ඩෙන්මාර්කය, ස්වීඩනය, නෙදර්ලන්තය, නෝර්වේ, ජර්මනිය සහ එක්සත් රාජධානියේ දායකයින් සහාය වේ.
 
සූර්ය මයික්රොග්රිඩ් – සහ පොදුවේ බෙදා හරින ලද බලශක්තිය – සෝමාලියාවට ඔරොත්තු දෙන, අඩු වියදම් බලයක් ලබා දීමට ඇති හොඳම ක්රමය ‘ඕෆ් ග්රිඩ් -මයික්රෝ ග්රිඩ්’ වන්නේ ජාතික විදුලිබල පද්ධතියක් තැනීම මූල්යමය වශයෙන් කළ නොහැකි බැවිනි.
 
රටේ ජනගහනය මිලියන 12 ක් විශාල භූගෝලීය ප්රදේශයක විසිරී ඇති හෙයින් මේ වන විට ජාතික ජාලයක් තැනීමට කිසිවෙකුට මුදල් නැත,” …“එසේම, ශක්තිය බෙදා හැරීමට වඩා මේ ක්රමය වඩා අර්ථවත්ය”…ෂෝන් මහතා පැවසීය. https://onestepoffthegrid.com.au/solar-microgrids-bringing-stability-war-torn-somalia/
%d bloggers like this: