Menu Close

වාහන විත්ති 404 – හුන්ඩායි විදුළි බස් රථ.

Untitledදුම් දමමින්, ගමන් කරන ලොරි චැසියක් උඩ සීට් එකහමාරක් සවි කර ඇත. ඒ උඩ අප දෙදෙනෙක්ගේ තුන් බෑ තබමින් කොතෙක් නම් කලක් ශරීර කූඩුව දෙදරමින් ඒ ගමන අප යන්නෙමුද ? ඒ ලොරි චැසිය කිලෝ මීටර් 250ක් දුර ගිය විට කොතෙක් නම් ඩීසල්, බොහෝ විට භුමි තෙල් දැවී යන්නේද ? ඒ ඩීසල් එක බිංදුවක් ලංකාවේ නිපදවන්නේද? මේ වෙනුවට අපට සිහිනයෙන් හෝ විදුළි බස් රථයක ගමන් කරන්නට හැකි වන දිනය කවදාද ?
 
ප්රශ්ණ ගොඩකි.
 
මෙයට දශක කීපයකට පෙර ලංකාවේ තිබුණු ඉතා ජනාකීර්ණ සහ දුප්පත් මුඩුක්කු වැනි පෙදෙසකට කීවේ, ‘කොරියාවක්’ කියාය. අද නම් කොළඹ කුරුඳුවත්තට වත් කොරියාව යයි කිව නොහැක. රුපියල් ට්රිලියන 13 ක් සෝදා හරින අතරේ ලංකාව ඊයම් බරුවක් මෙන් ආර්ථික සහ වෙළඳ ලෝකයේ පහතට යන විට, කොරියානුවන් රට ගැන ආදරයෙන් වැඩ කර රට ඉතා ඉහළ තලයකට ගත්හ.
 
ඒ ගැන සාක්කි කියන්නට ලංකාවේ සිට එහි ගොස් සේවය කරන්නන් අපමණ ඇත්තේය.
 
අපට ඒ බස් සිහිනය යතාර්ථයක් නොවුනද, කොරියානුවන්ට නම් එය යථාර්තයකි.
 
දකුණු කොරියානු මෝටර් රථ දැවැන්තයා වන හුන්ඩායි මෝටර් සමාගම විසින්, කොරියානු වෙළඳපොළ සඳහා ‘කවුන්ටි ඉලෙක්ට්රික්’ නම් විදුළි බස් රථය හඳුන්වා දී ඇත. සමාගමේ පළමු විදුලි මිනි බස් රථය එය වනාතර, එය විස්තර කර ඇත්තේ “ඩීසල් බලයෙන් ධාවනය වන බස් රථ සඳහා ආර්ථික, පරිසර හිතකාමී, ආරක්ෂිත සහ පහසු විකල්පයක්” ලෙසය. නව හියුන්ඩායි රථය මීටර් 7.7 ක දිගකින් යුක්ත වේ.
 
ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් 128kWh ලිතියම්-අයන-පොලිමර් බැටරියකින් සමන්විත වන අතර තනි සම්පූර්ණ ආරෝපණයකින් කිලෝමීටර් 250 ක පරාසයක් ධාවනය කල හැක.
 
“කවුන්ටි ඉලෙක්ට්රික් යනු ශුන්ය විමෝචන බස් රථයක් වන අතර එය රියදුරන්ට සහ මගීන්ට විශාල ආරක්ෂාවක් සහ පහසුවක් ලබා දෙයි” යැයි හුන්ඩායි මෝටර්ස් හි වාණිජ වාහන ප්රධානී යූන් ලී මහතා පැවසීය. “හියුන්ඩායි’ සමාගමේ වාණිජ වාහන වෙළඳපොලේ විදුළි වාහන සඳහා ඉල්ලුම ඉහළ යාමත් සමඟ, ‘කවුන්ටි ඉලෙක්ට්රික්’ වැනි වාහන හඳුන්වාදීමද වේගවත් වේ.
 
පැයට කිලෝමීටර 50 ත් 80 ත් අතර වේගයෙන් යා හැකි පරාසයක ඩීසල් මාදිලි සමඟ සසඳන විට, ‘කවුන්ටි ඉලෙක්ට්රික්’ බස් රථයට 30% ක වේගවත් ත්වරණයක් ඇත. ඉලෙක්ට්රෝනිකව පාලනය කරන ලද, වායු-අධි-හයිඩ්රොලික් තිරිංග පද්ධතියකින් සමන්විත වන අතර, වැඩි වාහන බර පාලනය කිරීම සඳහා වඩාත් ශක්තිමත් තිරිංග තැටි [Disk] ඇත.
 
හුන්ඩායි ආයතනය මගින් ආරෝපණය සඳහා ක්රම දෙකක් දී ඇත. කිලෝ වොට් 150 චාර්ජරය මගින්, සරළ ධාරා ක්රමය [DC charging] අනුව විනාඩි 72 කින් වාහනය ආරෝපණය වේ. ග්රිඩ් එකෙන් [AC] කෙලින්ම ආරෝපණය කරන විට පැය 17 ක් ගතවේ.
 
හියුන්ඩායි විසින් ආසන 15 සිට 33 දක්වා වින්යාසයන්ගෙන් බස් රථය ලබා දෙනු ඇත. හියුන්ඩායි විස්තර කරන “කවුන්ටි ඉලෙක්ට්රික්” බස් රථයන්හී මගීන් පිටත්ව යන විට හා පිටවන විට සිදුවන අනතුරු වළක්වා ගත හැකි නවතම ආරක්ෂිත තාක්ෂණයන්” ද සවි කර ඇත්තේය. විශේෂයෙන්, බස් රථයේ මැද දොර අසල පිහිටා ඇති විවිධ සංවේදක මගියෙකු ගමන් කරන විට හෝ ඉවතට යන විට දොර වැසීම වළක්වන අතර, ශරීර කොටසක් දොරට හසු වූ විට සංවේදක අනතුරු ඇඟවීමක් ක්රියාත්මක වී ස්වයංක්රීයව දොර විවෘත වේ.
 
අතිධ්වනික සංවේදකයක් මගින් මගීන්ගේ සංචලනය අනාවරණය වූ විට බස් රථය නැවතුමකින් ඉදිරියට යාම වළක්වනු ඇති අතර, කවුන්ටි ඉලෙක්ට්රික් ද කෘතීම එන්ජින් ශබ්දයක් ඇති කරන්නේ මේ වාහනය ඕනෑම විදුළි රථයක් මෙන් ඉතා අඩු ශබ්දයක් ඇති කරන හෙයිණි.
 
පසුපසට වාහනය ගමන් ක්රීමෙදා පදිකයින්ට අනතුරු ඇඟවීමට සහ අනතුරු වළක්වා ගැනීමට සඥා සහ පසුපස රියදුරාට බලා ගැනීමට හැකි කැමරා වැනි උපාංග සවි කර ඇත.
 
ලංකාව වැනි ඝර්ම කලාපීය රටක මේ බස් රථ වල වහලයේ ඇති විශාල වර්ග ඵලය භාවිතා කර සූර්ය කෝෂ ඇතිරීමත් ඉන් සෑහෙන ප්රමාණයක බල ශක්තියකුත් ලබා ගැනීමට හැකි වනවා ඇත. ඒ වර්ග ඵලය දළ වශයෙන් වර්ග මීටර් 16 ක් පමණ වේ. අඩුම වශයෙන් බස් රියේ වායු සමීකරණ යන්ත්ර ඉන් ක්රියාත්මක කල හැකි වනු ඇත.
 
භූමිතෙල් වලින් වැඩි හරියක් දුවන ඉන්දියානු බස් -ලොරි වලට, ‘රෝස පැටික්කී’, ‘දම් රැජින’ වැනි නම් දැම්මේ මොන තර්කයක් නිසාදැයි නොතේරේ. ඒ පසුපසින් බයිසිකලයකට යන්නට නොහැකි නිසාදැයි ද කියා සිතේ.
 
එහෙත් මේ සුව පහසු විමෝචන රහිත විදුළි බස් රථ වලට නම්, එහෙම නමක් දැම්මත් කමක් නැත.
 
 
Brake and Stability Features [තිරිංග සහ ස්ථාවර බව සඳහා වන පරාමිතික. අදහසට හානියක් නොවන්නට හුන්ඩායි නිළ වෙබ් පිටුවේ ආකාරයට ඉංග්රීසි වලින්ම දමා ඇත. ]
 
Brake system that uses both hydraulic pressure and air pressure.
Heavy-duty brake discs
Electronically controlled brake system that can maintain constant braking performance in various driving situations
Stability control feature that controls each of the wheels during sudden braking and turning.
Overturn prevention feature controls engine and braking when the possibility is detected.
Hill launch assist feature
Wheel spin prevention feature
New parking brake that adds air pressure for more stable braking force
Auxiliary braking system adjusts the strength of regenerative braking in four levels using a paddle shift attached to the steering wheel to adjust braking force without brake operation
Convenience Features
Ventilated and heated seats for driver
Color LCD instrument panel with a 7-inch main screen and two 4.2-inch auxiliary screens, providing various vehicle information
Steering wheel with various function buttons in the steering wheel, and a smart key for starting a button that enables remote start
 
 
%d bloggers like this: