Menu Close

වාහන විත්ති 402 – අවසාන වොල්ක්ස්වැගන් වාහනය එළි දැක්වූ බවයි.

Untitleකීර්තිමත් ජර්මන් ආයතනයක් වූ වොල්ක්ස්වැගන් ආයතනය වසර 118 ක දීර්ඝ අතීතයක් ඔස්සේ ෆොසිල ඉන්ධන වාහන නිෂ්පාදනය කළේය. එම වාහන නිෂ්පාදනය කල විශාල කර්මාන්ත ශාලාවක අවසාන මෝටර් රථය ගැන දින කිහිපයකට පෙර ප්රසිද්ධ විය. එනම් මෙහි තේරුම වන්නේ ෆොසිල ඉන්ධන රථ නිෂ්පාදනය කරන අනෙක් සියළුම කර්මාන්ත ශාළාද වේගයෙන් වැසී යන බවය.
 
ජර්මනියේ වොක්ස්වැගන් සමාගමට අයත් කර්මාන්ත ශාලාවක් වන ‘ස්වික්වා’ [Zwickau], සිය අවසන් ෆොසිල ඉන්ධන දහන එන්ජිම ඇති වාහනය නිපදවා ඒ නිෂ්පාදනය සමාප්ත කළේය. 1904 සිට තනන ලද වාහන වල අන්තිම වාහනය වූ එය, හැට ලක්ෂ හතළිස් නවදාස් දෙසිය හත් [60,49207] වැනි වාහනය විය.
 
එය පොසිල ඉන්ධන සහිත මෝටර් රථ පිළිබඳ වසර 116 ක පරිච්ඡේදයක් වසා දමා විදුළි වාහන නිෂ්පාදනයට මාරු වීමේ නව පරිච්චේදය විය.
 
වොක්ස්වැගන් පසුගිය සතියේ සිකුරාදා නිළ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්ධන දහනය කිරීමේ එන්ජිමක් සහිත අවසන් මාදිලියේ මෝටර් රථය කර්මාන්ත ශාලාවෙන් එසේ ඉවත්ව ගිය බවයි. එය හත්වන පරම්පරාවේ, ‘ගොල්ෆ් ආර්’ වාහනයක් වූ අතර “ඔරික්ස් වයිට් පර්ල්” පැහැයෙන් යුතු විය. ලීටර් 2.0 පෙට්රල් එන්ජිමක් ඊට සවිකර තිබිණි.
 
තැඹිලි පැහැයෙන් වට කර පෙන්වා ඇත්තේ ඒ වාහනය වේ.
 
මින් මතුව, වොක්ස්වැගන් හි විදුළි මාදිලි පමණක් නිෂ්පාදනය වන අතර අනාගතයේදී සහෝදර සන්නාමයන් වන ‘අවුඩි’ සහ ‘සියැට්’ වාහන ‘සිවික්වා’ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරනු ඇත. ලබන වසරේ ඔවුන් 3,30,000 ක් විදුළි වාහන නිෂ්පාදනය කරන්නට සැලසුම් කර ඇත. වාහන ලොවේ දැවැන්තයෙක් ගේ මේ තීරණය, සමහරවිට ටෙස්ලා වැනි සම්පූර්ණයෙන්ම විදුළි වාහන නිෂ්පාදනය කරන සමාගමකට අභියෝගයක් වන්නට පුළුවන.
 
මේ වන විට විදුළි ගොල්ෆ් නිෂ්පාදනය 6 වන ශාලාවේ ආරම්භ කර ඇත. ගිම්හානයේදී සති කිහිපයක් පවතින පරිවර්ථන අවධියකින් පසු, පළමු විදුලි වාහන ශ්රේණිය එහි නිෂ්පාදනය කෙරේ. ID.4 වහනය සමඟ, සහෝදර සන්නාමයක් වන Audi වෙතින් SUV රථයක් ද සැලසුම් කර ඇත. ID.3 1 වන මොඩල නිෂ්පාදනය දැනටමත් 2019 නොවැම්බර් මාසයේදී, ‘බටහිර සැක්සනි’ හි ආරම්භ කර ඇති අතර ID.4 නිෂ්පාදනය ආරම්භ කිරීම මෙම ගිම්හානයේදී අනුගමනය කරනු ඇත.
 
සේවකයින් 8,000ක් එහි සේවයට බඳවා ගනී.
 
ස්වික්වා කර්මාන්ත ශාලාව පියවරෙන් පියවර පරිවර්තනය කිරීමත් සමඟ වොක්ස්වැගන් පළමු වරට විශාල මෝටර් රථ කර්මාන්ත ශාලාවක් සම්පූර්ණයෙන්ම විදුලි සංචලතාවයට මාරු කල අවස්ථාව මෙය වේ.
 
මෙම පරිවර්තනය සඳහා ආයෝජනය යුරෝ බිලියන 1.2 ක් පමණ වේ. 2021 සිට අවසන් පුළුල් කිරීමේ අදියරේදී ‘ස්වික්වා’ හි සමූහ වෙළඳ නාම තුනක් සඳහා මාදිලි 6 ක් ඉදි කෙරේ. විවිධ පුහුණු ක්රියාමාර්ගවල කොටසක් ලෙස සියලුම සේවකයින් 8,000 දෙනා විදුලි කාර් නිෂ්පාදනය සහ අධි වෝල්ටීයතා පද්ධති හැසිරවීම සඳහා සූදානම්ය.
 
එම ස්වික්වා කණ්ඩායම 2020 වසර අවසන් වන විට දින 20,500 ක පුහුණුවක් සම්පූර්ණ කරනු ඇත. අඩුම මිළ සහිත විදුළි වාහනයක මිළ යුරෝ 30,000 කි. ලංකාවේ මෝටර් රථ කාර්මිකයන්ගේ ජීවිත වලට මේ තීරණය කෙසේ බලපාන්නේද ?
 
මේ කතාව මා වසර ගණනාවක සිට කීවෙමි. අහන ලද බැනුම් නිමක් නැත. මෙසේ කියන්නට මා විශේෂ කෙනෙක් නොවීමි. මේ නිගමනය ගැනීමට හෙවත් ලෝකය යන අත අවබෝධ කර ගැන්මට, ඉන්ධන නිසා ලොවට වන විපත්, පරිසරයේ බලපෑම පමණක් නිරීක්ෂණය කලද, එපමණක් වුවද ප්රමාණවත්ය. කාබන් විමෝචනය වැඩි වීම සහ ලෝක උෂ්ණත්වය වැඩි වීම සන්දහා දමා ඇති පින්තුර බලන්න. අපකීර්තිමත් විමෝචන වංචා නඩුවේ වරදකරු වී විශාල වන්දි ගෙවීමට වොල්ක්ස්වැගන් සමාගමට සිදු විය.
 
එසේ නොවුයේ නම්, අවසාන ෆොසිල ඉන්ධන වාහනය වෙළඳපොළට එන්නේ මීට වසර කීපයකට පෙරදීය.
 
ලෝකය කරකැවෙන්නේ පරිසර, දේශපාලන හෝ වෙනත් හේතුන් නිසා නොවේ. ආර්ථික හේතුන් නිසාය. එහෙත් නවීන ලෝකයේ පළමු වතාවට සෞඛ්ය ක්ෂේත්රය, නිෂ්පාදන ක්රියාවලියට බලපෑමක් ඇති කරාවිය යන්න ලෝකයේ කිසිම ආර්ථික විශේෂඥයෙක් කෝවිඩ්-19 වසංගතය එන්නට පෙර සිතන්නට නැතිව ඇත. එහෙත් අවසානයේ කෝවිඩ් භුතයාද උදව් කිරීමට පැමිණ, ෆොසිල ඉන්ධන වාහන මිණී පෙට්ටියට අවසාන ඇණය ගසා එය සදහටම වසා දැම්මේය.
 
නමුත් මේ මළගිය ප්රාණ කාරයන්, ලංකාව වැනි පසුගාමී රටවල තවත් වසර කීපයක් ඇවිදින මළමිනී මෙන් රටම ගඳ ගස්සවමින්, චාරිකා කරමින් පරිසරයට හරිතාගාර වායු මුසු කරනු ඇත. මෙහිලා මතක තබාගත යුතු දෙයක් වන්නේ, ෆොසිල ඉන්ධන නිෂ්පාදනය කරන රටවල් වල පවා විදුළි වාහන වලට විශේෂ තැනක් දෙන බවය. උදාහරණ සේ එක්සත් අරාබි එමීර් රාජ්යයේ විදුළි වාහන වලට ආරෝපණය නොමිලේ ලැබේ. අන් රථ වලට මෙන් නොව, ඒවාට ටොල් බදු නැත.
 
නවතා තැබීමේ ගාස්තුවක් අය නොකෙරේ. රක්ෂණ ගාස්තු අවමයකි.
 
ලංකාවේ විසිර ඇති මෝටර් රථ ක්ෂේත්රයේ කාර්මිකයන් නව තාක්ෂණය ගැන දැනුවත් විය යුතුවේ. කොතරම් වේදනාකාරී වුවද, වෙළඳ සහ තාක්ෂණික පරාමිතික වෙනස් කල නොහැකි බව ඔවුන් අවබෝධ කර ගත යුතුය. ලෝකයේ ඇති වටිනාම විදුළි වාහනය වන ටෙස්ලා X හී ඇත්තේ සෙලවෙන උපාංග 20 කට අඩුවෙන් බව සහ සාමාන්ය පෙට්රල් වාහනයක් එය 2000 ක් පමණ වන බව එක උදාහරණයකි. මේ වාහන වල නඩත්තුව සසඳන්නට හැකි ද ?
 
මේ අනුව කෙමෙන් කෙමෙන් ෆොසිල ඉන්ධන මෝටර් රථ අඩු වී නැතිම වී යාම නවතින්නේ නැත. දශකයකදී මෙය ලංකාවේ වුවද සිදුවන බවට අනාවැකි පළ කල හැක.
 
මෙයට දිය හැකි හොඳ උදාහරණයක් වන්නේ වොෂිංටන් නගරයේ ගොඩනැගිල්ලක උඩු මහලයේ සිට පහතින් පෙනුණු වීථියක, 1912 සහ 1922 වසරවල් වල එකම කෝණයෙන් ගත් පිංතුර දෙකකි. එය ජනාකීර්ණ වීථියක් විය. 1912 ගත් පිංතුරයේ අශ්ව කරත්ත සිය ගණනක් අතරේ එක් පෙට්රල් මෝටර් රථයක් තිබිණ. 1922 ගත් පිංතුරයේද වාහන සිය ගණනක් විය. එහෙත් පෙට්රල් මෝටර් රථ සිය ගණනක් අතරේ එක් අශ්ව කරත්තයක් විය.
 
මෙයට කියන්නේ ‘Technological disruption’ යන්නය. ලාභය, පහසුව වැනි යම් යම් කාරණා නිසා, එක් තාක්ෂණයක් මැකී ගොස් වෙනකක් පැමිණීම වේ.
 
ලංකාවේ ප්රවාහන ක්ෂේත්රයේ තීරණ ගන්නා දේශපාලනඥයන් සහ ඉහළ බලධාරීන් මේ ගැන කුමක් කල යුතුද ?
 
තවදුරටත් පිටරටට දත නියවනවාද, නැතහොත් බල ශක්තිය අතින් ලංකාව ස්වයං පෝෂිත රටක් කරන්නේද යන්න සිතීම වටී. දැන්වත් අඩු ගානේ බළධාරීන් ගේ ඇස් ඇරී, ජර්මනියේ කලාක් මෙන් සියළුම ඉන්ධන පිරවුම් ස්ථාන වල ආරෝපිත ස්ථාන ඇති කල යුතුය යන නීතිය ගෙන ආ යුතුය. මේ ඉන්ධන පිරවුම් ස්ථාන එක් එක ප්රමාණයේ ඒවා හෙයින්, අඩුම තරමේ විශාල ඉන්ධන පිරවුම් ස්ථාන වලට හෝ ඒ නීතිය ගෙන ආ යුතුය.
 
තවද අදටත් කුඩම්මාගේ සැළකිලි ලැබෙන විදුළි වාහන ආනයනයට අවම බද්දක් පැනවීම කළහොත්, ෆොසිල ඉන්ධන සඳහා රටෙන් පිටට යන දැවැන්ත 7% ක දේශීය දළ ජාතික ආදායමෙන් විශාල කොටසක් නැවැත්විය හැක.
 
තවද එමගින් විදුළි මෝටර් රථ රටට බරක් නොවී ඉන් තවත් වක්ර ප්රතිලාභ රටට ලැබෙන බව අවබෝධ කරගත යුතුය. ලක්ෂ ගණනක් වාහන ග්රිඩ් එකට සම්බන්ද වී ඇති විට ජාතික විදුළි බල සැපයුමේ විචල්යතාවයන් එමගින් සමබර කල හැකි බව තව දුරටත් අනුමානයක් නොවේ. එය දැනටමත් රටවල් වල අත්හදා ඇති ප්රයෝගික සත්යයකි.
 
2012 සිට අද වන තෙක්ම නිහඬව අහසෙන් ඉන්ධන ලබා ගන්නා විදුළි වාහන හිමියන්ට නව විදුළි වාහන හිමියන් අනුගත විය යුතුය.
 
කෙසේ හෝ ඉහත කියා ඇති දේවල් ගැන ලොකු බලාපොරොත්තු තබා ගත නොහැකි හෙයින්, අළුත් වාහන ගැනීමට සූදානම් වන්නන් විදුළි වාහන ගැන මෙන්ම අහසෙන් ගන්නා ඉන්ධන ගැනද දෙවතාවක් සිතීම මැනවි.
 
ලාභය සහ පහසුව එය මිළදී ගන්නා තැනත්තාටමය.
 
 
 
%d bloggers like this: