Menu Close

හැඟුම් දඩමීමාට වහංවී – සිව්වෙනි කොටස

“හුටපට; අංජ-බජල් ගොඩාරියයිනෙ අයස්මන්ත මහත්තයෝ!” මම කිව්වා.

“එහෙම තමයි පයන්නෝ!” උත්තරේ මූණට අනින එකක් වගෙයි. දොස්තර මහත්තයට තරහ ගිහින්ද? නැති බව තේරුණේ ඊළඟට කියපු දෙයින්; ස්වරයෙන්. වචනවලින් විතරක් හැඟීම් කියන්න බැහැනෙ, නේද? ටෝන් එක, ඇක්සන්ට්ස්…. එව්වත් පාවිච්චි වෙනවනේ.

ඔය පෙයි පූට ප්‍රංශ හාදයෙක් නේද එදා පාටියෙදී මුණ ගැහෙන්නේ?

“නිමල් අයියේ, ශී පෙයි පූගේ කතාව අදහන්න වටිනවා. මෙහෙම දේවලුත් වෙන්න පුළුවන්ද කියලා පුදුම හිතෙනවා.”


“හරි. චීනේදී ඔය පෙයි පූ කියන කෙල්ලට, ප්‍රංශ හාදයෙක් නේද පාටියෙදී මුණ ගැහෙන්නේ?” තවත් එක්කෙනෙකුට ප්‍රශ්නයක්.

“Sorry වෙන්න ඕනි මචං. කතන්දරයක් කියද්දී රසය බිඳින්න බෑ, ඔහොම ප්‍රශ්න අහලා.”

“ඇයි යකෝ…. පෙයි පූ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලවත් අපි කොහොමද දන්නේ….  එයා විදිහට දැන් කතන්දරේ කියන්නේ උඹනෙ. ඒක නිකං පිරිමි නමක් වගේනෙ…. උඹ හිතන්නෙ අපේ තාත්තා චීනෙන් ආවයි කියලද, ඔව්වා අපිට තේරෙන්න? පෙයි පූ…. ඊට වැඩිය හොඳයි කොම්බුව අයින් කරලා කියහං.”

“ඇයි මචංලා, උඹල පෙයි පූ ගෑනුද පිරිමිද කියන එක පස්සෙ ඔච්චර පන්නන්නෙ? හරි, පෙයි පූ කෙල්ලෙක්; කොල්ලෙක් නම් උඹලට අවුල්ද? මොකද උඹල මහ ලොකු රැඩිකල් පොරවල්නෙ. එහෙම අයට මේ කොදෙව්වට පොදු ලිංගික කුහකත්වය තියෙන්න බෑනෙ. මම එංගලන්තෙ පශ්චාද් වෛද්‍ය උපාධියට ඉගෙන ගනිද්දි, staff/ ලෙඩ්ඩුන්ගෙ sexual orientation අනවශ්‍ය විදිහට හොයන්න ගියොත් රස්සාවෙනුත් පන්නලා, ප්ලේන් එකක පටවලා එවනව ෂුවර්!

ආදරේ ගැන සංධ්වනියක් වගෙයි මචං සොක්‍රටීස්ගේ ‘සිම්පෝසියම්’….

මචං, මම ආදරය ගැන ‘ගීත ගොවින්දය’ විතරක් නෙවෙයි අනන්තවත් කියවලා…. රස විඳලා තියෙනවා. ඒකෙන් මට හොඳටම වැදුණු එකක් තමයි, සොක්‍රටීස්ගෙ Symposium. හැබැයි, සොක්‍රටීස් කිසිම දෙයක් ලියපු කෙනෙක් නෙවෙයි!”

“ඒ මනුස්සයා ලියලත් නැතිනම්, මොන රෙද්දෙන්ද යකෝ උඹ මේ කියවන්නේ?”

“අඩෝ, සොක්‍රටීස් කියපු ඔක්කොම දේවල් වගේ ලියාගත්තේ එයාගෙ ප්‍රධාන ගෝලයා; ප්ලේටෝ. ඒ වාර්තා තමයි මචං, ‘ඇපොලොජි’, ‘ක්‍රීටෝ’, ‘ෆීඩෝ’, ‘සිම්පෝසියම්’ කියන්නේ. සිම්පෝසියම් එකේදි සොක්‍රටීසුයි ගෝලයොයි දීර්ඝ වශයෙන්ම ‘ආදරය හා එහි නොයෙක් ප්‍රභේද’ ගැන කතා කරනවා. මේ සාකච්ඡාව නම් ‘ආදරය ගැන සංධ්වනියක්’ මචං. ඒක මෙතන කතා කරන්න ගියොත් හෙණ ඉලාස්ටික් වෙනව. ඒ හින්ද ඕනේ නම්, lock down ඇරියම පබ්ලික් ලයිබ්‍රරියට ගිහිල්ල, ඒ පොත කියවපල්ලා.”

“ඩොක්ටර්, මොකක්ද ඒ පොත?”

“Dialogues of Plato. ඇයි යකෝ, ඕකෙ Apology කෑල්ල තමයි අපි ඒ කාලෙ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගෙ ‘සොක්‍රටීස්’ නාට්‍යය කියලා බැලුවේ. තොපි ඒකවත් බලල නැද්ද?”

 
ඔය පොතේ ‘Apology’ කෑල්ල තමයි ප්‍රොෆෙසර් සුනන්ද මහේන්ද්‍ර …….

“පීරිස්, එයාලට තියා මටවත් බලන්න බැරි වෙච්ච නාට්‍යයක් ඒ. ගොඩක් පෙන්නුවෙත් නැහැ වගෙනෙ.” මම කිව්වෙමි. “ඉතින්, අයස්මන්ත මහත්තයෝ, ආයෙම පෙයි පූට ආවේශ වුණා නම්….”

“ක්‍රමයෙන් අපි අතරෙ මිත්‍රකම වැඩී ලියලන්න උනා. ඉඩ ලද ඇසිල්ලේ එකිනෙකා සොයා යන අපි මංමාවත් දිගේ උද්‍යානවල ඇවිදින්නත්, පැරනි චීනයේ වැදගත් ස්ථාන ගැන කතා කරන්නත්, නොයෙක් කෝපි හල්වල කෝපි තොලගාමින් සාමීචියේ යෙදෙන්නත් උනා. මම දන්නා නොයෙක් අවධිවල චීන ජනකතා නාට්‍යානුසාරයෙන් පෙන්වමින් බෙය’නාර්ව තත්කාලීන පරිසරයෙන් මුදවා, රාජ කුමර-කුමරියන් පෙම් කරන, සිය ආත්ම ගෞරවය වෙනුවෙන් සේනා සංවිධානය කර යුද්ධ කරන රජවරු සිටින, වෛවර්න ධජ පතාක දිදුලන, අයස්කාන්ත ඇඳුමින් සැරසුනු අතීත සිහින චීනයකට රැගෙන ගියා.

දවසක් ඔහු අහගෙන හිටියා, එම්බසි දරුවෙක්ට මම සමනලයාගෙ කතාව යන චීන ඔපෙරාවේ කතාව බාගෙට රඟපාමින් ඉතා හැඟීම්බරව කියාදෙන අයුරු.

එහි කතාවෙ එන්නේ රාජකීය පාසලේ ඉගෙනීමට නොතිත් ආශාවකින් පෙලෙන ගැහැනු දැරියක් ගැන. මීට ගැහැනු ලමයි බඳවා නොගන්නා බැවින් සිය සහෝදරයාගෙ ඇඳුම් ඇඳ, ඔහු සේ වෙස්වලා ගන්නා ඈ විභාග සමත් වී අන්තිමේදි සිය අභිමතාර්ථය සිද්ධ කර ගන්නවා. රාජකීය පාසලට බැඳෙනවා.

එහි ඉගෙන ගනිමින් සිටිද්දී ඈට ඇලුම් කරන්න ගන්නවා තවත් සිසුවෙක්…..

එහි ඉගෙන ගනිමින් ඉඳිද්දී, ඈට ඇලුම් කරන්න වෙනවා තව පිරිමි ලමයෙක්. ඔවුන් අතර මිත්‍රකම එන්න එන්නම තීව්‍ර වෙනවා. ඇත්ත පිරිමි ලමයා ‘ඇයි මම මේ තව පිරිමි ලමයෙක්ට ඇදී යන්නේ’ කියන දෙයින් විපිලිසර වෙනමුත්, ඔහුට ඔහුව පාලනය කරගන්න බැරි වෙනවා.

ඈට හදිසියේ නිවසින් පනිවිඩ එනවා, ඉගෙනීම නවතා වහාම නිවසට ඒමට, යෝජිත විවාහයක් සූදානම් කර තිබෙන නිසා. මෙහිදී ඈ සත්‍යය හෙලි කරනවා මිතුරාට. ඔවුන්ගේ මිතුරුකම වේගයෙන් ඇවිලී යන ආදරයකට හැරෙනවා. ඉක්මනින්ම ඈට පාසලින් අස් වී විවාහ වීමට ගෙදර යන්න වෙනවා.

ඇගේ මිතුරා සිය දිවිනසා ගන්නවා. 

ඈ ඉල්ලනවා විවාහයට පෙර මිතුරාගෙ/ පෙම්වතාගෙ සොහොනට යන්නට. එහිදී ඈත් ඔහු ගිය මගේම යනවා.

අවසන ඔවුන් දෙදෙනාගෙ අවිච්ඡින්න ප්‍රේමය අවබෝධ කරගන්නා දෙමවුපියන් ඇයවත් ඔහුගේ සොහොනට යාබදව මිහිදන් කරනවා. මරනින් මතුව හරි එකට- සදහටම…..

මම කොහොමත් කතා කියන්නේ නොයෙක් චරිතවලට ආවේශව හැඟීමෙන්. ඒත් ඒ කතාව කියද්දී මම හැඟීම්බර වෙනවා…. ඔහු/ බෙය’නාර් දකිනවා, මට ඇඬෙන්න යනවා කීප වතාවක්.

මම ඔපෙරාවල ගායනා කල කෙනෙක් බවත්, කලකට පෙර මම මේ ගැහැනු දරුවාගේ චරිතය රඟපා ඇති බවත් මම ඔහුට හෙලි කරනවා.

ඒ සමනලයාගෙ කතාව මගේ කතාව දින කීපයකට පසු රාත්‍රියක වීදියක ගමන් ගනිද්දී මම ඉතා කල්පනාභරිතව බෙය’නාර්ට කිව්වා.

ඒ සමනලයාගේ කතාවම තමයි මගෙත් කතාව! 

ඒ කියන්නේ ඔයා වෙස්වලාගත් තරුනියක්! 

ඔව්

පවුලේ තුන්වෙනි දරුවා ගැහැනු දරුවෙක් නම් තව බිරියක් ගෙන ආ හැකි නිසා, තුන්වෙනි දැරිය ලෙස මා ඉපදුන විට මගේ අම්මා මගේ තාත්තාට පවා ඇත්ත වසන් කර මෙසේ මාව පිරිමි ලමයෙක් ලෙස හදාගෙන!

“මේ බලන්න මගේ අත්; මගේ මූන; මේ පිරිමියෙක්ගෙද ගෑනියෙක්ගෙද? මම හැඟීම්බරව ඔහුට බලන්න බල කරනවා…..”

“දැන් තේරෙනවා මචං! මුලින් කතාව අහගෙන ඉඳිද්දී හිතුණේ අර ප්‍රංශකාරයා sabjectකාරයෙක් වගෙයි කියලා.”

“ඉන්නවකෝ හලෝ…. ලස්සන කතාවක් ඉතින්… ඊට පස්සේ…..? මේක love story එකක්ද, පොලිටිකල් එකක්ද?”

“අනේ මචං…. අපි ඔව්වා හොයන්න ගියොත් තව බොන්න වෙනවා…. කතාව කියලා හිටපං, කුණුහරුප නවත්තලා…. දේශපාලනේ ඇද ගත්තොත් අපේ ආතල් එකත් නැති වෙනවා….”

“…. අපිත් ප්‍රේමයෙන් වෙලුනා. ගැහැනුන් පිරිමි ඇඳුම් අඳින එක චීනයේ සාමාන්‍ය දෙයක්. නිදි යහනේ දී මගේ ඉතා ලැජ්ජාශීලී වීම උසස් ආසියානු කාන්තා ගුනයක් ලෙස ඔහුට දැනුනා.

ඒක භයානක සෙල්ලමක්. ඒත් ඔහු තෘප්තිමත් වුණේ………….

අපි කරන්නේ මහ බයානක සෙල්ලමක්;ඒත් ඔහු තෘප්තිමත් උනේ ත්‍රාසය විඳීමෙන්. දන්නා හැම දෙනාටම හොරෙන් අපේ ආදරය පවත්වා ගැනීමත්, ඉතා රහසිගතව ඔහුගේ නවාතැනේ රාත්‍රිය ගත කිරීමත් අපේ බැඳීම තවතවත් ශක්තිමත් කලා.

1966 දී නියමය ලෙස ඔහු ආපසු මවු රටට යන්නේ බලවත් ශෝකයෙන්. ඔහුට ඔහුගේ ‘පේ පූ’ නැතිව බෑ…. යද්දී මම කියනවා මම ගැබ්බර බව. පිරිමි ලමයෙක් ලදොත් ඔහුට බර්ට්‍රන්ඩ්නම යොදන්නැයි ඔහු ඉල්ලනවා.

1969 දී ඔහු ආපහු එනවා; චීනයට, මා සොයාගන! රැකියාව චීනෙට හදාගන!!

දැන් විදේශිකයන් සමග සබඳතා තවත් අසීරුයි. මහත් පරිශ්‍රමයකින් ඔහු මාව හොයා ගන්නවා. මම ඔහුට කියන දෙයින් ඔහු තුශ්නිම්බූත වෙනවා. ‘ඔබට දාව ලැබුන දරුවගෙ හැඩරුව නිසා, මම ඔහුව රුසියාවට කිට්ටු පලාතක වසන් කලා ආරක්ශාව පිනිස. දරුවා ජීවතුන් අතර ඉන්න එක උනත් අඩමානයි…’

ඉතා අමාරුවෙන් අපි ඔහුව හොයා ගන්නවා. මා සමග ඉන්නට නම්, චීන රජයට ඔත්තු සපයන්න ඔහුට සිද්ධවෙනවා. ඔහු නොයෙකුත් රහසිගත රාජ්‍ය ලිපි සොරකම් කර චීන රජය අතට පත්කරනවා; ගනනින් ලිපි සිය ගනනක්.

අවුරුදු දහයක අප්‍රතිහත පරිශ්‍රමයකින් පසු බෙය’නාර් බුසිකො, මා සහ බර්ට්‍රන්ඩ් දරුවා  ප්‍රංශයට ගෙන්නා ගන්නවා. 

ප්‍රංශ රජයට මේ විදේශ සේවයේ නියුතු ප්‍රංශකාරයාගෙත්, චීන පිරිමියාගේත් එකගෙයි වාසය ගලපගන්න බෑ. ඒ ඔස්සේ ඉව අල්ලන ඔවුහු ‘අපි චීන රජයට කරන ඔත්තු සැපයීම’ සොයාගන්නා අතර අපව සිරබාරයට ගන්නවා. 

බෙය’නාර් උසාවියේදී කියනවා ‘පෙයි පූ තමයි මගේ සහකාරිය’ කියලා. ඒත්…

බෙය’නාර් මෙහිදී ‘මේ මගේ පවුල. පේ පූ මගේ සහකාරිය’ කියලා උසාවියේදී කියා හිටිනවා. උසාවිය එය ගනනකට නොගෙන වෛද්‍ය පරීක්ශනයකට භාජන කරනවා, මාව.

එහිදී එලි වෙනවා; මම පිරිමියෙක් බවත්, බර්ට්‍රන්ඩ් සල්ලි දී ලබාගත් දරුවෙක් බවත්. ‘මෙන්න චීන මාතහාරී!’ප්‍රංශ රේඩියෝව කෑ මොර දෙනවා. 

කාන්තාවක් ලෙස දශකයකටත් වඩා කල් ඔහුව වසඟ කල හැටි මම පෙන්නනවා ඔහුටත්,වෛද්‍යවරුන්ටත්.

බෙය’නාර් උගුරුදන්ඩ කපාගෙන සියදිවි හානි කරගන්න හදන මුත් එය සාර්ථක වන්නේ නෑ. අප දෙදෙනාටම වසර හයක සිර දඩුවම් ලැබෙනවා;අවුරුද්දක් ගත වෙද්දී මුලදි මටත්, මාස කිහිපයකින් බුසිකොටත් ජනාධිපති සමාව ලැබෙනවා.”

“xකන කෙළියක්නෙ හලෝ! ඔත්තුකාරයෙකුට වුණත් එකම ගෙදර ඉඳගෙන අවුරුදු දහයකටත් වැඩිය කාලයක් තව මිනිහෙක්ව රවට්ටන්න පුළුවන්ද ගෑනියෙක් වගේ? මචං පීරිස්. උඹ කිව්වා නේද මේක ඇත්ත කතාවක් කියලා….”

“කොහොමද ඩොක්ටර්, පිරිමියෙක් bed room එකේදී කරුවලේ වුණත් තව පිරිමියක්ව අන්දන්නේ? ගෑනියෙක් වගේම…”

“තව ටිකයි…. ගවීන් මල්ලී. දන්නවද අන්තිමට බෙය’නාර් බුසිකො කිව්ව දේ?”

ඈ ප්‍රේම කළේ; සැතපුණේ මගේ සිරුරත් එක්ක නෙවෙයි………

“ඈ’ ප්‍රේම කලේ, සැතපුනේ මගේ සිරුර සමග නෙමේ, මගේ හිස සමග. මම අන්ධව යතාර්ථයෙන් ඈත්ව සිටියේ ආලෝක වර්ශවලින්….


මේ සත්‍ය සිදුවීම අලලා M. Butterfly නමින් බ්‍රෝඩ්වේ චිත්‍රපටයක් නිර්මානය වෙනවා.

“Film එකකුත්? බලන්න වටිනවනේ ඩොක්ටර්…..”

“මටත් ඒක බලන්න හිතුණා.”

“Internet එකෙන් හොයල බලන්න වටිනවා. ඔපෙරාවකුත් හදල තියෙනවා, ඔය කතාව base කරගෙන….. ඔය සිදුවීම නෙවෙයි වැදගත්… ඒකෙන් එළිවෙන දේ!”

පෙයි පූ බෙය’නාර්ගේ මොන හැඟීම් සංකීර්නය මතද සෙමෙන්-සෙමෙන් ප්‍රථමව සහ ප්‍රමුඛව ක්‍රියා කලේ- first and foremost?

නෙවිල් අයියේ ඔයා දන්නවද, කෙනෙක් වැඩියෙන්ම කැමති දේ තමයි ඔහුගෙ දුර්වලකම – weak point; මුදල්/ බලය/ කාන්තාවන්/ පිලිගැනීම/ සර් කියා කියවා ගැනීම/ උදේ බොන කිරි තේ එක

එය ලබා දීමෙන් හෝ සීමා කිරීමෙන් හෝ මුලදි ලබා දී පසුව ලබා නොදීමෙන් ඔහුව පාලනය කල හැකියි. මම මේ කියන්නෙ ඔයාගෙ හොඳට;වැඩි විස්තර කියන්න ඕන නෑනෙ මම? බුදු සරනයි ඔයාට!

බෙය’නාර්ගෙ අතෘප්තිමත්; විමසිලිවන්ත ඇස් ඔස්සේ ඔහු හොයන දේ වටහාගන්න ක්‍රියා කල පෙයි පූ, ‘අතීත චීන සංස්කෘතියට, ත්‍රාසයට, අසම්මත දේ කිරීමෙන් ලැබෙන තක්කඩි ආස්වාදයට ඇති ඔහුගෙ කැමැත්ත’ මතු කරගත්තා.

ඊලඟට පෙයි පූ කලේ නිතර ඇවිදිද්දී, ඇත්තට හෝ නිර්මානය කොට හෝ නොයෙක් මග දකින සලකුනු පෙන්වා රසවත්ව පැරනි කතා කීම.

ඊලඟට හිතාමතාම ඔහු බෙයනාර් ඉදිරියේ අර ඔපෙරාව හැඟීම්බරව නාට්‍යාකාරයෙන් පවසා, ඊලඟ පියවරට සූදානම් කලා.

අන්තිමට පිරිමියෙක් වූ ඔහු, ‘තමන් පිරිමියෙකු ලෙස වෙස්වලාගත් කාන්තාවක්’ යැයි කියද්දී එය පිලිගන්න තරම් පෙයි පූ බෙය’නාර්ගේ හැඟීම් සංකීර්නය අවුල් කර අවසන්.

හැඟීම් සංකීර්නය මත ප්‍රථමව සහ ප්‍රමුඛව ක්‍රියා කරන්න නම් සිය ගොදුරෙ දුර්වල කරන්න පුලුවන් තැන හොයා ගන්න ඕන:

පාරාදීසයක් වුණත් අපායක්ය කියලා ඒත්තු ගන්වන්න ඕනේ කරන්නේ….

දුර්වල නිමිත්ත (weak point/ points) = ඔහු/ ඇය කැමති අකැමැති දේ/ දේවල්.

සූක්ශමව ඒවා ලබා දීමෙන් හෝ නොදීමෙන් සෙල්ලම් කරල ගොදුරෙ හැසිරීම තමන්ට ඕන විදියට නටවන්නෙ ඒව එක්ක තමා.

“පැත්තකින් වාඩිවෙලා කල්පනා කරන්න ඕනේ ප්‍රශ්නයක් මචං…. ගවීන් මල්ලී. තව බොන්න වෙන ප්‍රශ්නයක්. ඔය කියන විදිහට නම්, කොච්චර මිනිස්සු අපිවත් නටවනවා ඇද්ද…. මුං දෙන්නත් එහෙමනෙ.”

“ඒක නම් ඇත්ත, නෙවිල් අංකල්!”

“අඩෝ, තාම ඉවර නැහැ….. තව තියෙනවා…. හිටපං. ඒකත් කිව්වම කල්පනා කරන්න ලේසි වෙයි…..” අයස්මන්ත මහත්තයා කිව්වේය. එයාට නං ඔහොම සිතිවිලි සාගරයේ කිමිදෙමින් ඉඳීම පුරුදු බව අපි දන්නෙමු. පපුව පිරෙන්නම ත්‍රෛලෝකවිජය පත්‍ර ධූමය ආඝ්‍රාණය කළාමත් සමහර මිතුරන්ට ඔහොම අනන්ත කල්පනා පහළ වෙයි!

“හරි…. කියපංකො පීරෝ!”

“උඹලට වැඩියි නං නිකං ඉඳපල්ලා. මම කියන්නේ නිමල් අයියට….. මේකත් සින්දුවක්…..”

“ආනන්ද සමරකෝන් සූරීන්ගේ මේ ගීතයත් මා කියනවට ඔබ බැලිය යුතුම ගීතයක්. කැලේ ඇති මලක් හා සිදුවෙන නාට්‍යරූපී සංවාදයක්.

මෙහි අපට අහන්න ලැබෙන ඉතිරිව ඇති හැම පටිගත කිරීමක්ම පාහේ 100% පැහැදිලි නෑ.

ආනන්ද සමරකෝන් සංගීතඥ- ගීත රචක- ගායකයා යුග දිවි සැපත් බව………

රම්‍ය වන මලේ- ඔබ කටු රොදක ඇයි කැලේ

පිපුණෙ සුවඳ දිදී දසත මේ මහා කැලේ

රම්‍ය වන මලේ

මෙ පමණ ගස් වැල්ද තිබේ – අතු අග කොළ ගොමුද තිබේ

එ තැනක ඔබ නොපිපුණෙ කිම – රම්‍ය වන මලේ

රම්‍ය වන මලේ


මල මෙහෙම උත්තර දෙනවා.

   ‘මා දනිම් කෙසේ – මේ කටු රොදක මා මෙසේ

    කුමට පිපුණෙ කටුක දුකම – විඳින්ටා කැලේ

රම්‍ය වන මලේ

දුක නොමවෙන් සුවඳ මලේඔබ හිරිහැර පාය කැලේ

ගිල්වා සැම සුවඳ විලේමේ මහා කැලේ

රම්‍ය වන මලේ

‘මල’ ස්ව කැමැත්තෙන්ම සිය අභ්‍යන්තරය විදහා පානවා……

මල සිය අභ්‍යන්තරය විදහා පානවා. පාලුව….. වටිනාකමක් නැද්ද මගෙ? 

    “මා ගැන ඔය ටිකම තමාපානා කරුණා සැවොමා

     කිසිවෙකු හදවතිනි අහෝදයා නොම හැලේ

මේවාට දෙන උත්තර කෙලින් උත්තර නෙමේ. වසඟ කරන්නා ක්‍රමයෙන් ඇය අභ්‍යන්තරයට කඩා වැදෙමින්… ඈ, තමන් ඉන්නා අසරන තත්වය කිසියම් විදියකින් බාර අරගන, කටු තුලට වන් ගොලුබෙල්ලෙක් සේ ජීවිතය ගෙවා දමමියි තද තීරනයකට එලඹී ඉන්නේ නම් එය ක්‍රමයෙන් දෙදරවා අස්ථිර කරමින්…..

“රම්‍ය වන මලේ – ඔබ රැජිනියක මේ කැලේ

පිපුණ නමුත් කටු ගොඩකම – මේ මහා කැලේ”

ඈට තව දුරටත් දැඩි ධූතංග පුරන තවුසෙක් සේ ඇස් කන් වසාගන ඉන්න බෑ. 

    ඇති ඔය වරුණේ – අහො මා ගැන මෙ නිකරුණේ

     ඔබේ නිසරු වැනුම්වලින් – පලය කිම අනේ

ඈ ඒ බව වසඟ කරන්නාට ම එලි කිරීමෙන් මොකද්ද කියන්න හදන්නේ? ඔහුගෙ ආක්‍රමනයට ඈ යටත් බව නෙමෙයිද? ගවීන් මල්ලි, මොකද කියන්නේ; අපි කෙනෙක්ට අපේ පාලුව/ අසරනකම කියාපාන ඇසිල්ලේ අපි නොකියා කියන්නේ ඒ අඩුව එයාට පුරවන්න කියන එක නෙමේද?

අහන්න මා වන කුසුමේ – ඔබ සුවඳේ ගුණ මහිමේ

ගැන කීමෙන් ම හද බොහෝ – ප්‍රීතියෙන් සැලේ”

වසඟ කරන්නාගේ ආක්‍රමණය සර්ව සම්පූර්ණයි…….

වසඟ කරන්නාගේ ආක්‍රමනය සම්පූර්නයි. තමන් ඉස්සර නොවී මල විසින්ම තමන්ට ආදරය ප්‍රකාශ කරවා ගන්නවා ඔහු.

    “එහෙනම් මා නෙළා ගොසින් – තබාගන්න ඔබව ළඟින්

     මා ගුණ කිය කියා ලොවට – දෙන්න ආදරේ

ලමයි, මෙම ගීතය සහ කෙකටිය මල් ගීතය තමා සමරකෝන් ශූරීන්ගෙ මම කැමතිම ගීත දෙක.”

“ඔව්, ඔව්. කැමැත්ත හිතාගන්න පුළුවන්….. ඔහොම චාටුකතා තමයි මචං, උඹ ඒ කාලේ කෙල්ලෝ දාගන්න කියන්න ඇත්තේ….”

“හරියට හරි නෙවිල් අංකල්. ඒ කාලේ ඩොක්ටර් පොතෙන්ම වැඩේ දීලා…..”

“ඒ කාලේ? අපි දැනුත් එහෙම තමයි යකෝ. හැබැයි මචං මම මෙහෙම පාපෝච්චාරණයක් කළාය කියලා අපේ ප්‍රීතිකාට කියන්නෙපා….” පීරිස් කිව්වේ රඟමිනි! “ඉගෙන ගනිල්ලා…. තියරි දැනගත්තාම වැඩ ලේසියි!”

“ඉතින්, මේ ගීතයෙත් ඇත්තෙ සුන්දර ආක්‍රමනයක්. කෙකටිය මල් ගීතයෙදි වගෙ මෙහිදිත් තරුනයා විසින් වර්නනා කිරීම්වලින් අවුස්සන ලදුව, මල විසින් අවසන ප්‍රේමය ප්‍රකාශ කරනු ලබනවා.

‘එන්නද මැණිකේ මමත් දියඹටා’ ආනන්ද සමරකෝනුන්ගේම සිත්තමක් ලෙස…….. 

කැලේ තිබෙන නොයෙක් මල් අතරෙ කොනක කටු රොදක මලක්ම මට විශේශ වන්නෙ ඇයි? මම බාහිර ලෝකයේ දකින්නෙ මම දකින්න බලාපොරොත්තු වන දේ; perception is defined by motivation භගවද් ගීතාවෙ කොහේ හරි එහෙම කියනවා වගෙ මතකයි; බාහිරය ලෙස ඔබ මම දකින්නේ අපේ මනසේම දිගුවක්- අප දකින්න ඕන දේ දකිනවා; දකින්න ඕන විදියට දකිනවා.

මෙහෙම අවස්ථාවක අපි දකින වටහාගන්න දේ තමා, ඒ කටුරොදක මල දකින්නාගෙ ඇති උත්තරීතර බව; මහත්මා බව.

එහෙම නැත්නම් මට හිතෙනවද මට බැරිය කියල මේ මහා කැලේ තියන හොඳ පරිසරයක මලක් නෙලා ගන්න? හීනමානෙකින් පෙලෙනවා වෙන්න බැරිද මම, කිසිම option නැති මලක් ඉස්සරහට යන්නෙ.

‘මේ වගේ කෙනෙක් මං වගේ මලකට හිත ඇදුනු එක ගැන සදා නයගැති පරාධීන මනෝභාවයක්’ ජනිත කරන්න යනවාද මම?

අතු අග කොළ ගොමුද තිබේ – එතැනක ඔබ නොපිපුණෙ කිම, අහන්න මා වන කුසුමේ – ඔබ සුවඳේ ගුණ මහිමේගැන කීමෙන් මහද බොහෝ – ප්‍රීතියෙන් සැලේ….. වැනුම් කීයක්ද?

විලංගු ලා නොමැති සිතුවිලි ඉගිලෙන්නේ පියදෝර් දොස්තවුස්කිගෙ කෙටි…………………

ඇයි මට මෙහෙම නරුම අර්ථකථනයකුත් සිහියට එන්නෙ?

මේ ගීතය ඇහෙද්දි මට මතක්වෙන්නෙ පියදෝර් දොස්තයෙව්ස්කි (ලොව විශිශ්ටතම නවකතා දෙකෙන් එකක් සේ සැලකෙන අපරාධය හා දඬුවමට අමතරව, සූදු අන්තුවා, Brothers Karamazov, The Idiot නවකතාවල කතෘ) විසින් රචිත කෙටි නවකතාවක්; A Gentle Creature……”

පොඩ්ඩක් හෝව්!

%d bloggers like this: