Menu Close

රත්නශ්‍රී කවියා සහ රවි ගමගේ සහෝදරයා

රත්නශ්‍රී කවියා සහ රවි ගමගේ සහෝදරයා

        මම විශ්රාම ගිය පිරිවෙන් ගුරුවරයෙක්. මම තේරවාදය වෙනුවෙන් පෙනී හිටිනවා නෙවේ. ඒක තමා ලාංකේය ආධ්‍යාත්මික දේශපාලන ව්‍යුහය. ඒ ගැන පස්සේ ලියන්නම්. මම මේ මතකය දිග අරින්නේ භීෂණය කාලේ නැවත අළුත් කරන්න. ඒ කාලේ ජ. වි. පේ හිටියා එක එක නම් තියන මාර කලාවට ලැදි සහෝදරයෙක්. එයා ඒ කාලේ කැලනි කැම්පස් එකේ සිවුරු ඇරලා පුල්ටයිම් කරපු පොඩි හාමුදුරුවෝ කෙනෙක් කියලයි දන්න අය දැනගෙන හිටියේ. පස්සේ එයා රවි ගමගේ උනා. ඒ කොළම නිර්මාණ සංවාද කුලකයේ ඇතුල ගැන ඉවක් තිබ්බ අයට. මම හිතන්නේ නන්දන වීරරත්න තමා ඒ කාලේ ජවිපේ ප්‍රචාරක පැත්තේ නිර්මාන සසංවාද කුලකයේ ජනතා සම්මන්ත්‍රන  ලස්සනට මෙහෙයවපු කෙනා. එයා මතවාදිම දේශපාලනිකව වෙනස්වෙන තැන මේ රවිගමගේ ඒතනට පනිනවා.
        රවිත් අන්තිමට සම්මන්ත්‍රනයක් මෙහෙයවමින් පෙනි සිටියේ කොළඹ කැම්පස් එකේ මහගම සේකර ගැන කතා කරන සම්මන්ත්‍රනයකදි. එදා මට මතකයි ඩබ්ලිව් ඒස් කරුණාරත්න සහ පියසීලි සිය දේශණ වලදි  මාර දෙයක් කළා. එ් අතරේ රත්නශ්‍රීීීීත් කලාවේ සංකල්ප රූප ගැන මාර සිතුවමක් පද වලින් ඇන්දා. රවි ඒ කාලේ පියසිලිට කිව්වේ විප්ලව වාදී කොමිනියුස්ට් පක්ෂයේ සාන්තුවරිය කියලා. රත්නෙට කිව්වේ නූතන කවියේ මුනි වරයා කියලා. ඩබ්ලිව් එස් කරුනාරත්නට කිව්වේ තානාපති කම ගන්නේ නැතිව හිටියනම් ත්‍රීපිටකය කට පාඩමින් අවබෝධයෙන් කියන සැබෑ බුදුවරයෙක් කියලයි. එදා කොළඹ කැම්පස් එකේ සිංහල බෞද්ධ සහ ට්‍රොස්කි වාදය වහෙන් ඔරෝ හැප්පුනා. රත්නශ්‍රීගේ කාව්‍යාත්මක වහර ඒ සටන සදය සටනක් බවට පත්කළා. ඒත් මාර කතාව මේකයි. සාමාන්‍යයෙන් චිත්‍රපට කලාවේ ඒතරම් ශුවිශේෂ මට්ටමකට නොගත්තත් මහගම සේකරගේ තුංමන්හන්දිය එදා පෙන්වනවා.එදා රවි ගමගේ මට හම්බ වෙනවා. එයා ගම්පහ හිටියේ මම දන්න විදිහට පාලිත කියලා. එයා කියනවා මාර කෙලියක් සහෝදරයා කොළඹ කැම්පස්එකේ මොක දැම්මත් හූ කියනවා. ඒත් තුන්මන් හන්දියට හූ කිව්වේ නැහැනේ කියලා. පස්සේ භීෂනය ආවා. මාත් ඇතුලට ගියා. රවි ගමගේගේ ආදරවන්තිය දැන් කොහෙද දන්නේ නැහැ. එයා කිව්වා මාරේ සහෝදරයටත් මගේ ආදරවන්තියටත් ඕනා විප්ලවය නෙවේ ළමා ව්‍යාපාර කියලා.   ඒත් අපි විප්ලවය කරනවා. උඹල දෙන්නව ළමා මානසිකත්වය සංවර්ධනය කරන්න ළමා පුරෝගාමින් හදන්න යාපනයට අරිනවා කියලා. මොකද ඒ කාලේ මම ස්කව්ටින් කරේ තියන්. ඒවා හරිම හෘර්දයාන්ගම කතා. රවි මාර දක්ෂයෙක්. දවසක් මායි එයයි ගෝතමි විහාරයට ගියා මතකයි. එයා විනිවිද සඟරාවට ලියන ලිපියක් ගැන මන්ඩාවල හාමුදුරුවොත් එක්ක කතා කරනකන් මම ජෝජ් කීට් ඒක්ක සමාදි ගතවුනා. පසු කාලයක ඒ පන්සලට වෙච්ච දේවල් ගැන තේරවාදයට ගරහන අය සොයා බලන්න.
      ආයේ දවසක් රවි කියන කතාවක් මට මතකයි. විප්ලවය කරපු ගමන් සයිමන් නවගත්තේගමට පණ්ඩුකාබය නාට්‍ය කළාට කනේ පහරක් ගහලා ඔයා අපේ කෙනෙක් කියලා ඉඹිනවා කියලා. අපි දෙන්න වැඩියම රන්ඩු වුනේ දයා පතිරන ගාතනයත් සමග. ඒ කියන්නේ දෙන්නටම මල පනිනවා. ඒත් මට කිසිම දේශපාලන බලයක් නැහැ. මම ඒ කාලේ දයලෙක්තික ක්‍රමයම වින්දනය විය යුතුයි කියන බ්‍රෙෂ්ගේ කවියක් මතකෙන් හිතෙන් කියනවා. ඒ කවියේ අහන්නේ තාත්තේ මම ඉතිහාසය විද්‍යාව කලාව ඉගෙන ගන්නද කියන අදහස. එතනදි බ්‍රෙෂ්ට් කියනවා පාංකෑල්ලකයි මස්කෑල්ලකයි වෙනස ඉගෙන ගන්න මොන විද්‍යාවක්වත් අවශ්‍ය නැහැ කියන කතාව. ඒ වෙනුවෙන් පෙනී හිටපු කොයි විප්ලව වාදියා උනත් වෙනස්ව හිතන්න මට  පක්ෂාග්‍රාහී කමක් එදා තිබ්බේ නැහැ. ඒක සාද දන්නේ නැහැ එදා සමාජවාදීන් මරා ගැනිම මම දැක්කා සියල්ලන්ගේම අවසානය කියලා. කොහොම නමුත් එදා ඒ කොයි පැත්තේ උනත් විප්ලව වාදී ජීවිත ගැන සිහිවෙනකොට මට තාමත් ආදරයක් ඇතිවෙනවා කියන එක නොකියා බැහැ.
        මම ඊයේ රත්න ශ්‍රී කවියා සමග කතා කළා. ඒයාගේ සින්දුවක් ඇහෙන හැම වාරයකම මට රවි ගමගේව මතකයට එන නිසා. එදා  රත්න ශ්‍රී “වස්සානේ” කවි පොත ලියනවා. පොත දොරට වැඩි ගමන් ඒ පොතත් අරගෙන රවි මාව හම්බවෙන්න එනවා.  ඇවිත් මට රත්නේ ගැන කියවගෙන කියවගෙන යනවා. තාම මතකයි මේ එයා වස්සානය කවියකින් හැම තිස්සෙම කියන පද.
“වසා කට ගසා කම්බුලට
උනාලා චීවරය”
      ඒ කවියේ තියෙන්නේ තේරවාදි පන්සලක හිමිනමකට ධනේශ්වර පොලිසිය ගහලා මරන හැටි වගේ දෙයක්. ඒ කවිය අවසානයේ කියනවා
ඒ හිමියන් අනුපාදිශේෂ පරිනිර්වානයෙන් සියල්ල අත් හැරලා මරණයට මුහුනදුන් හැටි. මම ඊයේත් රත්නශ්‍රී ගෙන් අහනවා අනුපාදිශේෂ පරිනිර්වානය ගැනත ඔව් කිසිත් ඉතිරි නොකර සියල්ල දාලා යන්නම යන්න යන සංකල්පය. සැබෑ ලෙසම ඒ රවි කිව්වා වගේ විප්ලව වාදියෙකුගේ මරණය තමා.  මමත් පිරිවෙන් ගුරුවරයෙක් වුනේ වෙන රස්සා නැතිව හෝ සුදුසුකම් නැතිව නෙවේ. ඒ මගේ වෙන කියවීමක්. පස්සේ මට ආරංචිවුනා රවි ගමගේව ලිබර්ටි ප්‍ලාසා ඒකේ බිල්ලට තියන් මරා දාලා කියලා.  සමහරුන්ට සතුටු ඇති. තවත්  දුක ඇති. ‍‍‍‍මට ඒ දෙකම අදාල නැහැ. මට මතක් වෙනවා මාව හම්බවෙන්න එනවා. ආපුගමන් කියන්නේ මාරේ සිගරට් බොන එක නවත්වනවා. අරක්කු බොන එක නවත්වනවා. මේ භීෂණයෙන් පස්සේ මෙක සමාජවාදී රටක්. ඔයාගෙන් ගොඩක් දේවල් වෙන්න තියනවා ලංකාවට. මැරෙන්නද බොන්නේ කියලා. දවසක් එයා එයාගේ පෙම්වතිය ගැබ් අරන්. ඒක අයින් කරන කතාවත් ඒක්ක මට කොල්ලුපිටියේ මාරිස්ටොප් ක්ලිනික් එක සිහි වෙනවා. එදා වෙළඳපල ජයගත් ගබ්සාව ගැන අපි කතාකරපු දේවල්. මම මගේ පලමුපොත හංස පූට්ටුව ලියන්න ගන්නේ මේ ගබ්සාව ඒදා තරුණ මනසට වදයක් වූ ආකාරය සටහන් කරන්නයි. හැබැයි එදා ඒයා අඩනවා. එයා මට කියනවා මම මේක කරන්නේ සහෝදරයා විප්ලවය වෙනුවෙන් කියලා. ඒත් එයාට කරන්න ගඉබ්සාවක් ගර්භාෂය අරක් අරන් හිටියේ නැහැ කියමුකෝ. මෙන්න අපි පාරට බහිනකොටම පාර අතුගාන කම්කරු අම්මා කෙනෙක් කුණුගොඩෙන් බෝනික්කෙුගේ කැලි හම්බවෙලා ඒවවායේ අදපය කඳ සහ හිස වෙනවෙනම තියලා. රවි ඒ කම්කරු සහෝදරිය සමග කතා කරනවා. ඒයා කියනව අපූරු බෝනික්කෙක්. මම ගෙදර ගිහින් මේක හෝදලා පුතාගේ දරුවට දෙනවා කියලා. ඊට පස්සේ රවි  මට වියට්කොම් කියන කතන්දරය කියාගෙන කියාගෙන යනවා. ඒ කියන්නේ පළමු එක්විිි පැත්තකින් තියලා ඇමරිකාවේ ප්‍රතිවිප්ලවීය විකාරයක් විනාශ කළ වියට් කොම් ගැන. කාලෙකට පස්සේ ටිකක් කට ගෑවුනාම මට අතීත මතක ලියන්න හිතෙනවා. ඒ එක්කම මම ඊයේ රත්න ශ්‍රී කවියා සමග කතා කළා. ඒයාගේ සින්දුවක් ඇහෙන හැම වාරයකම මට රවි ගමගේව මතකයට ඒනවා. එදා වස්සානේ. ආපුගමන් මට ඒ පොතත් අරගෙන රවි එනවා. ඇවිත් මට රත්නේ ගැන කියවගෙන කියවගෙන යනවා. තාම මතකයි මේ එයා හැම තිස්සෙම කියන පද. මම මෙතනදි තවත් කතාවක් කියනවා. රත්නශ්‍රී සම්බන්ධව ඔය තියන ඇකඩමියානු විචාර වලට මාරස ඒකඟ නැහැ.එයා ගැනත් කපුගේ ගැනත් මාරස දකින්නේ ආයතනගත මහල් නිවාස වල සිට නොවේ. මහපාරේ ඉඳන් කතාකරන්නම් මතුවට.
එදා රවි වස්සාන පොතේ කවියක් මහ හයියෙන් කියනවා.
“වසා කට ගසා කම්බුලට
උනාලා චීවරය.”
ඔව් ඒ කවියේ අන්තිමට කියනවා අනුපාදිශේෂ පරිනිර්වානයෙන් ලොව අතැර ගියේ කියලා. මාරයි රත්නේ. එදා රවි මාත් ඒක්ක හැප්පෙනවා. එයා කිිිිිියනවා විප්ලව වාදියෙකුගේ මරණයත් අනුපාදිශේෂ පරිනිර්වානයම තමා කියලා. ඒතකොට එදා මාක්ස්වාදි කල්ලි අතර තිබ්බ සටනට මාත් විරුද්ධ වෙන්න ඇති. පාලි සංස්කෘත වලින් එයා මට අත් මිට මොලවන් කෑගහන්න ඇති. ඒ ඒයාගේ විදිහ. එයාගේ හිතුවකකාරකම නිසා කවුරු තරහා උනත් ඒ චරිතයත් මට අමතක වෙන්නේ නැහැ. රත්න ශ්‍රී සමග  ඊයේ මම ඔයාගේ මතකය මම අවධිකළා. ලියන්න හිතුනා ලිව්වා. තව කතාකරන්න ආවොත් නිර්මාණ සංවාද කුලකයේ දේශපාලනික අවසානය ගැනත් කතා කරන්න දේවල් ගොඩක් තියනවා. දැන් රවි ලංකාව ගොඩක් වෙනස්. ඔයා තවත් ආත්මයක් හෝ බවයක් පිළි නොගත්තට දැන් ලෝකයේ හේතුවාදි ව්‍යාපෘති පවා ඒගැන අලුත් තැන් වලට ඇවිත්. ඒත් මම ඔයාගේ ආත්මෙට කතා කරන්න බැහැ. අපෝ ඇවිත් මට බනින්න පටන් ගනී  කන් පැලෙනකල්. මට හිතුනා ඔයා වෙනුවෙන් රත්නෙගේ ගිතයක් දාන්න. ඒ ගීතයේ ශබ්දය තුල ඔයාගේ විදිහ මට මැවිලා පේනවා.

ජගත් මාරසිංහ
29 ජූනි 2020

History, Trade and Art: Art and Artistic Reactions to the ...

%d bloggers like this: