Menu Close

—නැවත හමුවීම….(සත්‍ය සිදුවීමකි)—

මේය ඔබ බලාපොරොත්තු වූ ආකරයේ බොහෝ ත්‍රාසජනක කතාවක් නොවේ. නමුත් මේ කතාව 2018 වසරේ අවසාන බාගයේදි සිදුවු සත්‍ය කතාවකි. මෙයට ආදාල නඩු විබාග තවමත් සිදුවන නිසා මම ගම් වල නම් පාවිච්චි නොකලෙමි. තවද යම් යම් නම්ද වෙනස් කලෙමි. අනිස් සියල්ල එය සිදු වු ආකාරයෙන්ම ඔබට ඉදිරිපත් කලෙමි.

මේ කතාවට සම්බන්ද මගේ යලුවා සහ ඔහුගේ පව්ලේ පුද්ගලයන් මට හමු වෙන්නේ මීට වසර කිහිපයකට කලින්. මේ කතාවේදි මේ යලුවගේ නම මම හශාන් කියලා හදුන්වන්නම්. හශාන් ගෙ පව්ලේ හශාන්, ඔහුගේ අයියා දහම් සහ අම්මා පමනයි ඉන්නේ. මේ කතාවට මුලික වෙන්නේ දහම් සහ ඔහුගේ මාමා කෙනෙක් වන චන්දසිරි නම් පුද්ගලයයි. මේ චන්දසිරි කියන පුද්ගලයා හදහන් බලන වැඩ කරන ඔවුන්ගේ ගමේ පිලිගත් නමක් තියෙන කෙනෙක්. නමුත් මගේ යලුවා හශාන් කියන විදිහට මොහු ප්‍රසිද්ද මලවුන් සමග කතාකිරීමට. මම වැඩිය මේ දේවල් විශ්වාස නොකීරිමත් හශාන් මේ දේවල් පිලිබද සෑහෙන්න විස්තර කිරීමත් මත අපි දෙන්නා අතර සැහෙන වාද වීවාද ඇති උනා. කොහොම හරී මේ වාද වල ප්‍රතිපලයක් හැටියට හශාන් මට ආරාධනා කරනවා හශාන්ලගේ ගමට යන්ඩ සහ ඔහුගේ මමා හමුවන්න. හශාන් කියන විදිහට “උබ විශ්වාස නොකරන එත් උබවත් හොල්මන් වෙන කතාවක් සාක්කි එක්ක තියෙනවා”, “සමහර වෙලාවට උබේ උදව්වත් ඔනේ වෙයි මේකට.” වරෙන් යන්න”.

ඔය වචන ටිකෙන් පටන් ගත්ත ගමන අපි නැවතුනේ සතියකට හශාන්ලගේ ගමේ ගිහින්. හශාන්ගේ ගමේදි මට හශාන්ගේ අයියත් ඔහුගේ මමාත් අදුර ගන්න පුලුවන් වෙනවා. හශාන්ගේ මමා මලගිය අය සමග කතා කිරීම් දකින්නත් ඔහු සමග මගේ අදහස් බෙදා ගන්නත් මට හැකිවෙනවා. මනුත් මේ කතාවට පාදක වෙන කතානායකයා වෙන්නේ හශාන්ගේ අයියා දහම්. දහම් පේරදේනිය විශ්වවිද්‍යාලයෙ අවසන් වසරේ ඉගේනීම් කටයුතු කරන කෙනෙක්. මොහුගේ විශේශත්වය තමයි ආසාමන්‍ය නිශ්ශබ්දබවය. මම මේ ගැන විස්තර අහුවහම තමයි මට මම මේ ලියන කතාව හම්බවෙන්නේ.

මේ සිදුවීමට අදාල මුලිකම සිදුවීම වෙන්නේ දහම්ගේ පාසල් සමයේ ඇති කරගන්න ප්‍රේම සම්බන්දයෙන්. මැය නමින් සදුනී. සදුනී ටිකක් ඈත පලාතක කෙනෙක්, මැය තමන්ගේ නැන්දාගේ ගෙදර ඉදන් තමයි පාසල් එන්නෙ. කොහොමහරි දහම් සහ සදුනි දෙදෙනා අතර ඇති වෙන ප්‍රතම පාසල් ප්‍රේමය සෑහෙන්න කාලයක් පවතිනවා. සදුනී කියන්නේ සෑහෙන ප්‍රශ්න ගොඩක් තියෙන කෙනෙක්. පස්සෙ කාලෙක දහම් දැන ගන්න විදිහට ඇයට සෑහෙන්න වෙනස්කම් සහා අඩම්තේට්ටම් නැන්දාගෙන් සහා පව්ලේ අනිත් අයගෙ සිද්ද වෙලා තියෙනවා. නමුත් මේ කතාව සිද්දවෙන කාලේදි දහම් මේ කිසි දෙයක් දන්නේ නෑ. සදුනී මේ කිසිම දෙයක් කියන්නේත් නෑ.

මේ දෙන්නාගේ සම්බන්දය උසස්පෙල දක්වාම පවතිනවා උසස් පෙලින් පස්සේ දහම් පේරාදෙනියටත් සදුනී ටිකක් ඈත විශ්වවිද්‍යාලයකටත් තේරෙනවා. නමුත් මේ දෙන්නාගේ සම්බන්දයට මේක බාදාවක් වෙන්නේ නෑ. නමුත් දහම් පලවෙනි අවුරුද්ද ඉවර කරලා දෙවනි අවුරුද්ද පටන් ගනිද්දි මේ දෙන්නගේ සම්බන්දේ යම් යම් හේතු මත බිද වැටෙන්න ගන්නවා. අන්තිමේදි මේ දෙන්නා වෙන් වෙනවා. දහම්ට අයෙත් සදුනිගැන අහන්න ලබෙන්නෙව් නෑ කලයකට. (දහම් අවසාන වසරේ ඉන්න්නකොට දහම්ට ගෙදරින් ගේන යෝජනාවකට දහම් කැමති වෙනවා.) කොහොමහරි දහම් දෙවනි වසරේ වගේ ඉන්නකොට දහම්ට නැවත සදුනිගෙන් දුරකතන ඇමතුන් කිහිපයක් එනවා නමුත් දහම් මේවට ප්‍රතිචාර දක්වන්නේ නෑ.

දුරකතන ඇමතුම් අවිල්ලත් අවුරුද්දක් ගියාට පස්සෙ තමා අපේ කතාව හරියටම පටන් ගන්නේ. මේ කාලයේ දහම් විශ්වවිද්‍යාලයේ විබාහගයකට ලැස්ති වෙනවා, මේ අතර දහම් නිතරම සදුනීව සිහිනෙන් දකිනවා. මුලින්ම මේක සමන්‍යදෙයක් විදිහට හිතුවත් මේක නිතරම වීම නිසා දහම් පොඩ්ඩක් බය වෙනවා. එත් දහම් හොදටමබය වෙන්නේ දහම්ගේ කාමරේ එකට ඉන්න යලුවා කියපු කතාවෙන්. “මචන් මම උබට කියන්නමයි හිටියේ, උබ මේ දවස් ටිකේම රෑට කෑගහනවා, කලින්නම් ඕක අපි ගනන් ගත්තේ නෑ එත් උබ ඊයේ ඉදන් කෑ ගහන්නේ ‘මාව බේර ගන්න, එපා එපා’ කියලා, එකත් නිකන් ගැනු කටහඩකින්.” උබට මොකක් හරි ප්‍රශ්නයක් නම් කියහන් අපිත් ඉන්නවනේ ” දහම් ගේ යලුවගේ මේ කතාවත් එක්ක දහම් තව බය වෙනවා. එත් විස්තර කියන්න යන්නේ නෑ. එත් මෙතනින් පස්සෙ දහම් වැඩිපුර කතා නොකරන, කෑම වැඩිය නොකන චරිතයක් වෙනවා කට වත් හිතා ගන්න බැරි වෙන්නම. බැරිම තැන දහම්ගේ යලුවෝ දහම් ගැන දහම්ගේ අම්මට කියනවා. දහම් මාස 7කින් ගෙදර ගිහින් නෑ. මේ නිසා දහම්ගේ අම්ම සෑහෙන්න කලබල වෙලා ඉක්මනින්ම බොඩිමට එනවා. දහම්ගේ අම්මා දකින්නේ තමන්ගේ ලොකු පුතා වැහැරිලා ගිහින් ඉන්නවා. ඊලග පැය කිහිපය තුල දහම්ගේ අම්මා දහම්ගේ යලුවොත් එකතු කරගෙන බඩු ලෑස්ති කරගෙන ගෙදර එක්කගෙන යනවා.

දහම් ගෙදර ගියත් මේ දේවල් අඩු වෙන්නෙ නෑ. බලාගත්තු අතේ බලගෙන ඉන්න එක වැඩි වෙනවා. හැම වෙලේම ඉන්නේ ගොඩක් බය වෙලා. මේක ආරන්චි උන දහම්ගේ මාමා චන්දරේ දහම් බලන්න අවිත් විස්තර අහද්දි තමා දහම් හරියටම විස්තරේ කියන්නේ.

දහම් මීට කලින් සදුනීව රෑට හිනෙන් දකින එක හොදටම වැඩී, දැන් දෑන් දහම්ට සදුනී දවල්ටත් පේනවා නිකන් ඉදිද්දිත්. “සදුනි මොනවා හටි කියන්න හදන්වා එත් ඒක හරිටම තෙරෙන්නේ නෑ මාමේ, මට එයව පොඩ්ඩක් හොයගන්න යන්න ඔනේ ” දහම්ගේ මේ වචනත් එක්ක මමා පොඩ්ඩක් කලබල වෙනවා. මමා මුලින්ම හිතන්නේ මේක ආත්මයක් සම්බන්ද දෙයක් කියලා. එත් එක දැන ගන්න නම් සදුනී කියන කෙනා මැරිලද කියලා දැන ගන්න ඔනේ. මමා සදුනි ගැන විස්තර අහද්දි දහම් කියනවා සදුනී ඉස්කොලේ ආව ගිය නැන්දා ගැනත්. සදුනී ගිහින් හිටිය විශ්වවිද්‍යාලය ගැනත්.

“පුතා කලබල වෙන්න එපා මම මේක ගැන පොඩ්ඩක් හොයලා බලන්නම්. පුතා හවසට පන්සලේ ලොකු හමුදුරුවෝ හම්බවෙලා පිරිත් නූලක් බැද ගන්න.” ” මම යන්නම්කෝ සදුනිව හොයලා බලන්න මොකක් හරි කරනාවක් හදාගෙන”. මේක කියපු දාට පහුවෙනිදාම දහම්ගේ මමා දහම්ගේ මල්ලිවෙන මගේ යලුවත් එකතු කර ගෙන සදුනී ඉගෙන ගත්තා කියන විශ්වවිද්‍යාලයට යනවා.

අපී කවුරුත් දන්න විදිහට විශ්වවිද්‍යාලයයක් එහෙම විස්තර දෙන්නේ නෑ. එත් මමාට පුලුවන් වෙනවා සදුනිගේ බොඩිම තිබුන තැනයි එයත් එක්ක එකට හිටපු අයයි හම්බවෙන්නෙ. චන්දරේ මමා මේ අයත් එක්ක කතාබහ කරද්දි මේ අය කියනවා “සදුනී දෙවනී වසරේන් පස්සේ කැම්පස් අවේ නෑ මාමේ. අපිට කිසිම විස්තරයක් හොයා ගන බැරි උනා.” ” අපි සදුනිගේ ගෙදර ගියහම ගෙදර අය අපිව බැනලා එලව ගත්තා.” “අපි කැම්පස් එකටත් දැනුම් දුන්නා එත් වැඩක් උනේ නෑ.”

මේ විස්තරය දැන ගත්ත මමා තීරනය කරනවා සදුනිගේ නැන්දාව හමුවෙන්න. සදුනී ඉස්කොලේ එන කලේ නැවතිලා හිටිය ගෙදරට චන්දරේ මමා යනව.

එත් මාමා යන්නේ මගේ යලුවාව මග තියලා. චන්දරේ මාමා තමන්ව හදුන්වාදෙන්නේ සදුනීගේ පරන ගුරුවරයෙක් කියලා. “ඒකි කව්ද කොල්ලෙක් එක්ක පැනලා ගිහින්, ඉස්කොලේ යන කලේ ඉදන් තිබුන සම්බන්දයක්ලු, අපිට අවුරුදූ ගානකින් කතාකලේවත් නෑ අපි දන්නේත් නෑ කොහෙද කියලා.” “කෙලෙහි ගුනයක් නැති කෙල්ලෙක් අපි හොද තැනක් කතා කරලා තිබුනේ එයගේ මස්සිනා කෙනෙක්ව, කොහෙද මේකිට පින නෑනේ.” “අපි දන්නේ නෑ සර් දැන් ඔකුන් කොහේ ඉන්නවද කියලා.” මේක අහලා චදන්දරේ මමා කලබල වෙනවා මොකද මේ කියන්නේ දහම් ගැන කියලා මමා දැන ගන්නවා. දැන් මමාට විශ්වසයි මෙතන මොකක් හරි වැරදීමක් තියෙනවා කියලා.

චන්දරේ මමා ගුරුන්නන්සේ කෙනෙක් නෙවේ. එයාට මලගිය අයත් එක්ක කතා කරන පුලුවන් අමුතු හැකියාවක් තියෙන කෙනෙක් විතරයි. මේයා තීරනය කරනවා මේ ගමට ගිහින් තව විස්තර ටිකක් හොයා ගන්න. මමා අයෙත් ගෙදර අව්ත් බලද්දී දහම්ගේ තත්වේ තවත් වැඩි දහම් දැන් පිස්සෙක් වගේ. “අනේ මාමේ මම හැමදාම එයවා දකිනවා, සදුනී මොනවා හරි කියනවා, මොකක් හරි පෙන්නන්න හදන්වා, අමුතු ලොකු රබර් වත්තක් එක්ක මම හැම තිස්සෙම එයාව දකින්නේ”. පොඩ්ඩක් එයා ගැන හොයලා බලන්න.”

දහම්ගේ මේ ඉල්ලිමත් එක්ක චන්දරේ මමා තීරනය කරනවා සදුනීගේ ගමට යන්න. මේක තනියෙන් කරන්න චන්දරේ මමාගේ බලපොරොත්තුවක් නෑති නිසා මමා පන්සලේ පොඩි හාමුදුරුන්වයි, දහම්ගේ මල්ලි වන මගේ යලුවයි මේ ගමනට එකතු කර ගන්නවා. මේගොල්ලො කෙලින්ම යන්නේ සදුනීගේ ගමේ පන්සලට. පන්සලේ ඉන්නේ බොහොම කරුනාවන්ත ලොකු හමුදුරුවෝ නමක්.

“මේ ඇත්තො ගොඩක් දුර ඉදන් අපු නිසා හිස්අතින් යවන එක හොද නෑනේ.” ” මේකයි මහත්තයෝ ඔය පව්ලේ අයවත් මම හොදට දන්නවා මම ඔය දරුවාවත් හොදට දන්නවා පොඩි කලේ ඉදන්ම”. “ඔය කෙලලගේ තාත්තා ඔත්පල වෙලා එක තැන ඉන්නේ. ඔය මනුස්සයගේ පලවෙනි කසදේ තමයි මේ සදුනී කියන කෙල්ල. ” “ඔය දැන් ඉන්නේ මේ කෙල්ලගේ කුඩම්මා. එච්චර හොද ගැනියෙක් කියලා නම් නෙවේ ගමේ උන් කතාවෙන්නේ. ” “ඔය කියන කසාදේට කතා කරයි කියන මස්සිනා තමයි ඔය කුඩම්මගේ පොඩි මල්ලී.” “ඔය කෙල්ලට වැඩිය අවුරුදු 10කටත් වැඩිය වැඩිමල් මම හිතන්නේ.” “එකත් එච්චර හොද එකෙක් නෙවේ මේ ගමේ හොර කස්සිප්පු සේරම පෙරන්නේ උන්” පොලිසි වලට කිව්වට වැඩකුත් නෑ.”

“ඔය කියන දවස් වල ඔය ගෙදර ඔය කෙල්ල හිටියේ හිර කරියෙක් වගේ අපි දන්න විදිහට. කෙහෙවත් යන්න දුන්නේ නෑ විශ්වවිද්‍යාලයේ යන එකත් ඔකුන් තමා නැවත්තුවේ. කොහොමහරි ඔය කෙල්ල ගැන අරන්චියක් වත් නැතුව ගියා මහත්තයෝ. ගෙදර උන් නම් කිව්වේ කෙල්ල කව්ද කොල්ලෙක් එක්ක පැනලා ගිහින් කියලා. එත් එහෙම නම් හොදයි, එත් ඒක වෙන්ඩත් ඔය කෙල්ලට ගෙදරින් එලියට බහින්ඩ දුන්නේ නෑ ඔකුන්. පොලිසිය ඔක හොයන්ඩ හැදුවට වැඩක් උනේ නෑ. ඒ කෙල්ල වෙනුවෙන් කතාකරන්ඩ කෙනෙකුත් නෑ අනික උන්ගේ කසිප්පු සල්ලි වලට ඔය සේරම යටයි.”

ඔය මහත්තුරුන්ට පුලුවන්නම් පොඩ්ඩක් හොයලා බලන්ඩ. එකත් ලොකු පිනක්.

මේ ටික දැන ගත්තු චන්දරේ මමාට දැන් විශ්වාසයි මේ ගැනු ලමයට මොකක් හරි කරදරයක් කියලා. මමා තීරනය කරනවා මේ ලමයා මල ගිය කෙනෙක් නම් මමාගේ හැකියාව පාවිච්චි කතා කරලා බලන්න. මමා අයෙත් ගෙදර එනවා. ඇවිත් එක දවසක සේරම ලැස්ති කරගෙන මේ ගැනු ලමයව ගෙන්නන්න උත්සහ කරනවා. නමුත් එක සාර්තක වෙන්නෙ නෑ. “චන්දරේ මහත්තයො අපි උත්සහ කරමු මේ දහම් ලමයා හරහා මේයාට කතා කරන්න. මොකද මේ ලමයාට විතරයි මේ කෙනාට කතා කරන්න පුලුවන්.

පොඩි හමුදුරුවෝ යන්ත්‍ර මන්ත්‍ර වැඩ වලට දක්ශ කෙනෙක් ඒ නිසා පොඩි හමුදුරුවන්ට පුලුවන් වෙනවා දහම් හරහා සදුනිට කතා කරන්න. දහම් කතා කරන්නේ කාන්තා කටහඩකට සමාන හඩකින් කියලය මට දැන ගන්න ලබුනේ.

“මම අවේ දහම්ව බලලා යන්න මට එයා නොබලා යන්න බෑ, මම කරදරයක් කරන්න අවේ නෑ. මට උන දේ කියන ඔනේ. රබර් වත්තෙ, රබර් වත්තේ මම තාම, අනේ මාව එතනින් අරන් යන්න, මට උදව් කරන්න”.

ඔය ටික විතරයි අපේ කට්ටියට දැන ගන්න පුලුවන් වෙන්නෙ. ඔය කියන ටිකෙන් අපේ කටිටිය තෙරුම් ගන්නවා මේ ලමයට මොකක් නමුත් කරදරයක් වෙලා කියලා. දහම්වත්, දහම්ගේ අම්මවත් කැමති වෙන්නේ නෑ මේක ගැන හොයන්නැතුව ඉනන. එයාලට ඔනේ වෙනවා මේ ගැන හොයන්න. විශේශයෙන්ම දහම්ට ඔනේ වෙනවා මේ ගැන හොයන්න. “මම තනියෙන් හරි යනවා ඕක ගැන හොයන්න” කියපු දහම් ගෙදර කටිටියගේ විරුද්දත්වයත් නොතකා යනවා සදුනීගේ ගමට, ගිහින් සදුනීගේ ගෙදරට ගියත් ගෙදර අය දහම්ව බැනලා එලව ගන්නවා. මේ සිදුවීමෙන් පස්සෙ දහම් කාඑක්කවත් කතා නොකර තනියෙම කතා කර කර ඉන්න පුරුදු වෙනවා.

මේ අතරේ තමයි මගේ යලුවා මටකතා කරන්නේ එයලගේ ගමටයන්න. මගේ යලුවා හශාන්, චන්දරේ මමා, පන්සලේ පොඩි හමුදුරුවො මේ විස්තරේ මගෙත් එක්ක ඔය විදිහට කියලා මට දුන්නා අහලා බලන්ඩ කියලා පොඩි රෙකොර්ඩර් එකක රෙකොර්ඩ් කරලා තිබුන දහම් සදුනීගේ කට හඩට සමාන කට හඩකින් කතා කරන රෙකොර්ඩ් එක. එකෙන් මාත් පොඩ්ඩක් බය වෙනවා. මගෙන් එයාලා අහන්නේ එක දෙයයි. “පුතා, මට හශාන්, පුතා ගැන කියලා තියෙනවා, පුතා ඕවා ගැන පොඩ්ඩක් හොයනවා කියලා. දැන් පුතා අපි මොකද කරන්නේ.” “මොකද්ද ඔයගේ අදහස ? “.

“අන්කල් මේක පොලීසියට කිව්වද ? පුද්ගල අතුරුදන්වීමක් යටතේ පැමිනිලි කලාද ? ” මම අහුවා.

“නෑ පුතා අපි ඒක කලේ නෑ. කලත් ඔය කියන අය ගමේ ටිකක් හයිකාර කටිටිය. පොලිසියත් එයාලා එක්ක ඉන්නෙ”.

“නෑ මේක අපි එයලට කියන්නේ නැතුව, ඊට වඩා ලොකු තැනකට කියමු.” “මම දන්න කෙනක් ඉන්නවා දුරින් නෑදැ වෙන වැඩ කරන්නේ CID එකේ IP කෙනෙක් හැටියට. අපි එයා හරහා දෙයක් කරන්න බලමු.” “ඔය කියන රබර් වත්තට අපි එයත් එක්ක යන්න බලමු”.

කොහොම හරි ඊලග දවසේ මම කලින් කියපු නෑදැ කෙනාට කතා කලම මට කිව්වෙ ” පුතා මට දැන් එන්න විදිහක් නෑ එත්, ඔය පැත්තට වෙන්න අපේ කන්ඩායමක් ඉන්නවා එතන මගේ ගොලයෙක් ඉන්නවා, මම මිනිහට කියන්නම් මිනිහා ඔයාලට උදව් කරයි.”

කොහොම හරි ඊලග දින දෙක අතුලත අපි නැවත්ත සදුනිගේ ගමේ පන්සලට ගියේ දින කිහිපයක් නැවතිලා මේ ප්‍රශ්නේ ඉවරයක් දකින්න. පන්සලේ හමුදුරුවොත් අපිව හොදින් පිලි ගත්තා. අපි යන ගමන් ආපරාද පරීක්ශන අන්ශේට ගිහින් පැමිනිල්ලකුත් දාගෙන අවේ. පහුවදා අපි හමුවෙන්න ආවේ අර කලින් කියපු අපරාද පරීක්ශන අන්ශේ දෙන්නා. අපි සේරම විස්තරේ මේ අයට කිව්වා. දහම්ගේ හීන ගැන කිසිම දෙයක් අපි කිව්වෙ නෑ. අපි කිව්වේ මේ ගැනු ලමයා අතුරුදන්වීම ගැන විතරයි. නමුත් අපි මේ දෙන්නාගෙ සම්බන්දේ ගැන සියලුම දෙවල් කිව්වා. ගමේ පන්සලේ ලොකු හමුදුරුවො තමයි පැමිනිල්ලේ මුලිකයා උනේ. ඒ නිසා පොලිසියේ අයටත් මේක අහක දාන්න බෑ.

මේ අතර මම දැකපු විශේශම දේ තමයි. දහම්ගේ නොසන්සුන්බාවය. මේ කියන දවස් වලත් දහම් තනියෙම කතාකරන එක අඩු වෙලා තිබුනේ නෑ.

කොහොමහරි අපි පහුවදා පිටත් උනේ අර කලින් කියපු රබර් වත්ත්ට යන්න.මේ රබර් වත්ත ගැන කිව්වොත් මේක් අඩුම තරමේ අක්කර 70ක් වත් ලොකුයි. ලග පාත ගෙවල් දොරවල් මුකුත් නෑ. අපි හිතුවේ රබර් වත්තේදි මුකුත් සලකුනක් හොයා ගන්න ඒ උනාට ඒක ලේසි වෙන එකක් නැති බවයි තෙරුන්නේ. කොහොම හරි අපි තීරය කලා ඇතුලට යන්න ඔන දෙයක් වෙන්න කියලා. අපි අඩී පාර දීගේ ටික දුරක් යද්දී එක පාරටම දහම් අඩන්න ගත්තා.

අපි නැවතිලා මොකද කියලා බලද්දීම දහම් කෑ ගහන්න ගත්තා අර කලින් කාන්තා කට හඩට සමාන හඩින්ම,

“රබර් වත්ත මැද්දේ, රබර් වත්ත මැද්දේ, මහ ගහා ලග, අනේ මම එතන, මට උදව් වෙන්න.”

ඒකට බය හිතෙනවට වැඩිය ගොඩක්ම දුක හිතෙන්නේ මොකද ඒක හරිම වේදනාත්මක හඩින් කියන ආයාචනාවක්.

දැන් මේ වෙනකොට පොලීසියේ දෙන්නාටත් තේරිලා තිබුනේ අපී මොකක් හරි පිස්සුවක් තමා කරන්නේ කියලා, එක් කෙනෙක්ගේ මූනෙන් පෙනුනේ හරිම අකමැති බවක්, නමුත් අනිත් කෙනා මේකට උනන්දුවක් පෙන්නුවා. “අපි ඉස්සරහට යමු ඔය කියන ගහ හොයා ගමු”, මෙච්චර දගලලා අපහු හැරේන්න බෑනේ” කියපු දෙවනි පොලිස් නිලදාරියා ඉස්සර උනා. කොහොම හරි අපි තව පැය බාගයක් විතර ඉස්සහරට යද්දී අපිට ඔය කියන මහ ගහ හම්බුනා. ඒ වගේම තවත් කිහිප දෙනෙකුත් එක්කම.

” ඔය මහත්තුරු කව්ද, මේවා පුද්ගලික ඉඩම්, මේවගේ එහෙම ඇවිදිඩ බෑ “මේ අපිට එක පාරටම හමබ උන ගමේ දෙන්නෙක් අපි ඉස්සරහට යනවට අකමැතිව ඇහුවා.

“ඔය කට්ටිය මේකෙ අයිති අයව දන්නවද, අපි මේක ගන්න බලන්නේ, එකයි ආවේ.” කියලා අපේ පොලිසියේ දෙන්නගෙන් දෙවැන්නා කිව්වා. “මේක අයිති අය මෙහේ නෑ මේක බලාගන්නේ අපේ ගමේ සොමේ අයියායි එයගේ පුතයි (සදුනීගෙ මස්සිනා සහ ඔහුගේ පියා )”. “අපි එයාලට කියන්නම්කෝ” කියලා ගමේ දෙන්නා ඉක්මනටම පිටත් උනේ මෙතන මොකක් හරි අව්ලක් දැනුන නිසායි. ” අපි ඉකමන් කරමු ඔකුන් දෙන්නා අයෙත් එන්නේ කට්ටියත් එක්ක” කිව්ව පොලීසියේ අපේ අය ඉකනිම සොදිසිය පටන් ගත්තා.

මේ රබර් වත්තේ මැද මේ හරියේ රබර් විතරක් නෙවේ රබර් ගස් අතර තවස් ගස් හැදීලා තිබුනා. මේක කාලෙකින් නඩත්තු කරපු වත්තක් නෙවේ මේ අවුරුදු ගානකට කලින් අතැරලා දාපු වත්තක්. මේ වත්තේ ඔය කියපු මහ ගහ අපිට එක පාරම අදුර ගන්න පුලුවන් උනා. මොකද ඒක මහ විශාල කලුවර ගහක්. ඒ ගහ යට මහ දවල් උනත් නිකන් මහ මුසල හැන්දෑවක් වගේ.

මෙතනදී තමයි අයෙත් දහම් අවේස වෙන්න ගත්තේ. ඒත් මේ පාර නිකන් ෆිට් එක හැදිලා වගේ ගහා දිහා බලාගෙන අත දික් කරගෙන නිකන් මොනද කෙදිරුවා, අපි හැමොම බැලුවේ මොකද්ද ඒ පෙන්නුවේ කියලා.

මේ මහ කලුවර ගහේ, බිම ඉදන් අඩි තුනක්, තුනහමාරක් උඩින් නිකන් වේලුන ලේ අත් සලකුනත් වගේ ලකුනත් තිබුනා. මට නම් ඒක වේලුන රතු පාටක් උනාට අපේ පොලිසියේ දෙන්නා එක පාරටම ඒක වේලුන ලේ කියලා අදුරගත්තා. එතන බිමත් නිකන් කාලෙකට කලින් සුද්ද කරලා අයෙත් කැලෑ වැවිලා වගේ තිබුනේ. අනිත් තැන් වලට වඩා බිම තනකොල වැවිලා අඩුයි. හරියට කවුරු හරි කාලෙකට කලින් හතරැස් වලක් හාරලා වගේ. මේ ටික දැකපු ගමනපේ පොලිසියේ දෙන්නට මෙතන උන දේ හිතා ගන්න පුලුවන් උනා. මේ දෙන්නා මුලින්ම කලේ අනිත් පොලිස් නිලදාරින්ට කතාකරලා ටීම් එකක් එවන්න කියල තැන දුන්න එක. අපිටත් මෙතන උනදේ මේ වෙද්දි තෙරුම් ගිහින් තිබුනේ. දහම් පැත්තකට වෙලා ඉදගෙන මොනවද හෙමිහිට කෙදිරියෙන් වගේ කියවනවා.

අපි නවත ගමේ කට්ටිය බලපොරොත්තු උනත් ඔවුන්ගේ සලකුනක්වත් අපිට දැක ගන්න උනේ නෑ. පැය බාගයක් වගේ යද්දී පොලිස් ප්‍රදනියෙක් ඇතුලු පොඩි කන්ඩායමක් අවා ඉලග පැය අතුලත එයාල කලේ පැත්තම කට්ටිය වෙන් කරලා එතන හාරන්න ගත්ත එක. කාටවත් ලන් වෙන්න දුන්නෙ නෑ.

මේතනින් එහාට පොලිසියේ අය කරපු දේවල් මම විස්තරත්මකම මම කියන්නේ නෑ මොකද අපිට වැදගත් මෙකෙ අවසාන පාපොච්චාරණය නිසා.

ඊලග පැය බාගෙ වෙනකොට මෙතනට ගමේ මිනිස්සුත් විස්සක් පමන රැස් උනත් පොලිසියේ අය නිසා ලගට අවේ නෑ. ඉලග මිනිත්තු කිහිපයේදී අවාසනාවකට උනත් අපි බලාපොරොත්තු උන දේ අපිට අහන්න ලැබෙනවා. “සර්, මෙතන ඇට සැකිල්ලක් තියෙනවා” යැයි පැවසුවේ කලුවර ගහ යට හාරමින් සිටිය එක නීලධාරියෙක්. ඊලග පැය අපිට දැනුනේ දවසක් වගේ, පොලිසිය හදිසි මරන පරික්ශක කැදවාගෙන ඒමත් ඉතුරු ඇට සැකිලි එලියට ගෙන පිලිවෙලකට තැබිමත් ආරම්බ උනා. මේ වලේන් ගොඩ ගත්තේ ඇට සැකිල්ල පමනක් නොවේ මේ අතර අදුම් බෑග් එකක් සහා කුඩා කාන්තා පසුම්බියක් හමු උනා. මේ පසුම්බිය ඇතුලේ සදුනිගේ හැදුනුම්පත් විශ්වවිද්‍යාල කාඩ් සහා තව ගොඩක් හදුනා ගැනිමේ දේවල් තිබුනා. එම නිස කාටවත් මේ කව්ද කියන එක ගැන සැකයක් තිබුනේ නෑ. මේ පසුබිය සහ හැදුනුම්පත ඇයගේ දුරකතනය දහම්ට පෙන්නීමෙන් මේවා ඇයගේ බව හදුනා ගැනුනා.

හදුනාගැනීමෙන් පස්සේ දහම්, දහම් ගේ මව සහා ලොකු හාමුදුරුවෝ අපි පිටත් කරලා එව්වා නැවත පන්සලට. අපි පොලිසියේ කීම පිට නතර උනා.

ඊට පසුව සිදු වු හදිසි මරන පරීක්ශනය සහා අමතර දේවල් කීමෙන් වැඩක් නෑ. වැදගත් කරුන නම් ගමේ කිහිප දෙනෙක් සදුනිගේ කුඩම්මාට සහා නිහාල් නම් සදුනිගේ මස්සිනාට විරුද්දව සක්කි දීමට ඉදිරිපත් වීමයි. ඔවුන්ගේ සාක්කි වලින් හෙලි ඌ කරුනු මත නිහාල් සහා සදුනි ගේ කුඩම්මා අත්අඩන්ගුවට ගැනීමට පොලිස් පරික්ශකවරුන් සුදානම් වීමත් සමග අප නැවත පන්සලට පිටත් උනා. මගදි අපිට දැන ගන්නට ලබුනේ සදුනීගේ කුඩම්මා අතඩන්ගුවට ගැනුනු බවත් නිහාල් ඒ වන විටත් ගමෙන් පැන ගොස් ඇති බවත්‍ ය. (දින් දෙකකට පසුව නිහල්වද අතඅඩන්ගුවට ගැනින.

මේ කතාව මෙසේ අවසාන නොවේ. අපි තවමත් සදුනිට සිදුවුදෙය නොදනිමු.

නැවත පන්සලේදි දහම් සුපුරුදු පරිදි මුමුනමින් සිටීමත් අපි එකිනෙකා දිහා බලගෙනම සිටිමු. “පව් අසරන කෙල්ල ” යැයි පැවසු ලොකු හමුදුරුවෝ එතනින් සෙමින් ඉවත් විය.

දින දෙකකට පසුව අපට පොලිසියට පැමිනෙන එක පැවසු අතර. මේ දින දෙකම දහම්ගේ තත්වය හොද අතට නම් හැරුනේ නැත. කෙසේ නමුත් අපිට සම්පුර්න විස්තරය , සදුනීගේ ඒ අවසානාවන්ත ඉරනම ගැන දැන ගැනීමට හැකි උනේ දින දෙකකට පසුවය.

උදෙන්ම පොලිසියට ගිය අපිට දැන ගැනීමට ලබුනේ සදුනීගේ කුඩම්මා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණයක් කර ඇතී බවත් ඔවුන් අදිකරණයට ඉදිරිපත් කීරිමට සූදානම් බවත්‍ ය.

ඇයගේ පාපොච්චාරණය මෙසේය.

සදුනී කුඩා කල සිට බලා ගත්තේ ඇගේ කුඩම්මයි. මුලදී කුඩම්මා සදුනීට හොදින් සැලකුවත්, සදුනීගේ පියා එකතැන් වීමත් සමග මේ තත්වය වෙනස් වෙනවා. කෙසෙ වෙතත් සදුනී ජීවත් වෙන නිවස සහ ඉඩම සහා තවත් පොල් ඉඩමක් සදුනීගේ පියා අයිතිය ලියන්නේ සදුනීට. මේක දැන ගත් කුඩම්මා මේ දේපල පිට යාම වලක්වාගන්න තමයි සදුනීට වඩා ගොඩක් වැඩිමහල් සදිනීගේ මස්සිනාට සදුනීව කතා කරන්නේ. ගමේ හොර කසිප්පු පෙරීම නිසා බොහො සල්ලි ඇති මොහු සදුනීගේ නමට ඇති දේපල කුඩම්මා නමට පැවරීමට එකග වෙනවා.

සදුනී පාසලෙන් ඉවත් වු වහාම මේ යොජනාව ඉදිරිපත් කලත් සදුනී මෙයට කැමති වන්නේ නෑ. එම නිසා නිතරම සදුනී සහ කුඩම්මා අතර ගැටුම් වගේම මස්සිනාගෙන් වන බලපෑම් හා පීඩනද ඉවසා සිටින්නට වෙනවා. ඇයට තිබුන එකම බලාපොරොත්තුව විශ්වවිද්‍යාල අද්‍යාපනය අවසන් කර ගුරුවරියක් වීමත් දහම් හා එක වහලක් යටට පැමිනීමත් විතරයි. දහම්ට මේ දේවල් සදුනී නොකියන්නෙත් ඔහු කලබල වෙයි කියා සිතයී. කෙසේ නමුත් හේතුව පැහැදිලී නොමැති නමුත් මේ දෙදෙනාගේ සම්බන්දය දෙවන වසර මුලදී බිද වැටෙන්න පටන් ගන්නවා. මේ තත්වය සහා ගෙදරීන් එන දැඩී බලපෑම් මත තම ආද්‍යාපනය කරගෙන යෑම පහසු වෙන්නේ නෑ. නමුත් ඇය තුල සියුම් බලපොරොත්තුවක් තිබුනේ දහම් ඇය වෙත පැමිනෙයි කියාය.

කෙසෙ හො මේ සියල්ල බිද් වැටෙන්නේ සදුනීගේ පියගේ අසනීපය වැඩි වීමත් සමග කුඩම්මා පියාට සලකන්නේ නැති බව දන්නා සදුනී විශ්වවිද්‍යාලයෙ නිවඩුවට ගෙදර එන්නේ තම පියාට සාත්තු කිරීමේ බලාපොරොත්තුවෙන්.

තම පියාට සාත්තු කීරීමට නැවතුන සදුනීට සිද්ද වෙන්නේ කුඩම්මගේ බලපෑමටත් හැමදාම බීමත්ව තමා බැලිමට එන මස්සිනගෙන් එන පීඩනයටත් යටත්ව ඉන්නයි. තම පියාට මදක් සුව වු විට හා තම නිවාඩුව අවසානයේ නැවත කැම්පස් එකට ගිය විට නැවත ගෙදර නොපැනීමට ඇය අදිටන් කර ගන්නවා. නමුත් ඇයගේ අවාසනාවට මේක කුඩම්මා දැන ගන්නවා.

“ඔය කෙල්ලට ගෙදරින් යන්ඩ දෙන්න එපා, නැන්දේ, ඔකී ගියොත් අයේ එන්නෙ නෑ.” නිහල්ගේ මේ දෙබස මත වැඩ කරන කුඩම්මා කිසිම අයුරකින් සදුනීට ගෙදරින් එලියට වත් යන්න දෙන්නේ නෑ. සදුනී දහම්ට කොල් කරන්නේ මේ වගෙ තත්වයක් මත උදව් ඉල්ලිමේ බලාපොරොත්තුවෙන්. මොකද ඇයට තිබුන එකම බලාපොරොත්තුව මේ වෙලාවේ ඔහු නිසා. නමුත් දහම් තම දුරකතනයට ප්‍රතිචාර දක්වන්නේ නෑ. එම නිසා හොරෙන් හෝ ගෙදරින් පැන යාමට ඇය තීරනය කරනවා.

ඇයගේ ඉරනම තීන්දු කරන එම රාත්‍රිය උදා වෙනවා. ඇය පිටත් වෙන්න උත්සහ කරන මේ වෙලාවේ ඇය කුඩම්මාට අසු වෙනවා.

“උබ මේ කොහේ යනවා කියලද හිතන්නේ” ඇසු කුඩම්මා ඇයට පහරක් ගසන්නේ ඇය බය කර නවත්වාගන්න අදහසින්. “මම අයෙත් බොඩිමට යනවා, මම අයෙ එන්න බලාපොරොත්තුවක් නෑ” යැයි පැවසු සදුනී එතනින් ඉවත්ව යෑමට සැරසුනත් ඇයට නැවතීමට සිදු වෙන්නේ ඇයගේ මස්සිනා නිහල්ගේ පැමිනීම නිසයි.

” මට ඈතටම ඇහුනා සද්දේ එකමයි ඉකමනට ආවේ, සදුනී උබ කොහෙවත් යන්නේ නෑ, හෙටම මම උබව එක්කන් යනවා මගේ ගෙදර කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි.” නිහාල්ගේ මේ කීමත් සමග මේ රන්ඩුව තව වැඩි විය. කුඩම්මගේ පාපොච්චාරණයේ මෙය සදහන් වෙන්නේ බහින්බස් වීමක් ලෙස උවත් මේය ඊට වඩා දුරදිග ගිය එකක් විය. මෙය එක ආවසනාවන්‍ත තත්වයට දුරදිග ගියේ සදුනීගේ පහත ප්‍රකාශයත් සමගය.

“උබ වගේ කසිප්පු කාරයෙක් එක්ක යනවට වඩා හොදයි මැරෙන එක” යැයි පැවසු සදුනී තම බෑගයද ගෙන සියලු දෙනාට පිටු පා එමට හැරුනී, සදුනීගේ මේ ප්‍රකාශයත් සමගම වියරු වැටුනු බීමත් මස්සිනාගේ අතට අසු වුයේ මේසය මත තිබු පිත්තල ඉටිපන්දම් රදවනයයි.

නිහාල් අතට පත්වූ මේ ඉටිපන්දම් රදවනය එක් නිමේශයකින් එල්ලවුයේ සදුනීගේ හිස පිටු පසටය. කිසිම මිනිසෙකුට මෙවැනි තද බල පහරක් දරා ගැනිමට හැකියාවක් නැත, සදුනී ක්ශනිකයකින් බිම ඇද වැටුනී. කුඩම්මා කෑ ගසාගෙන ගොස් සදුනීව පරීක්ශා කලද ඇය නිසොල්මනේය. ” උබ මොකද්ද ඒ කලේ නිහාල්” යැයි පැවසු කුඩම්මා නිහාල්ට බැන වදින්නට විය. ” මේකි ඉන්නකන් අපිට මේ දේපල ටික ගන්න වෙන්නේ නෑ, දැන් ඉතින් මේ ගේයි ඉඩමයි උබට පහල පොල්වත්ත මට. දැන් මෙකි ගැන කතා කරලා වැඩක් නෑ ඔන්න ඔහේ ගනින් මේකිගේ බඩු මුට්ටු සේරම, අරගෙන යමන් උඩහා රබර් වත්තට.” යැයි පැවසු නිහාල් ඔහුගේ හොදම ගොලයෙකුට දුරකතන ඇමතුමක් දී පැවසුවේ රබර්වත්ත මැද මහ ගහා යටදී තමාව හමුවන ලෙසය.

ඇද රෙද්දක තබා බැද ගත් සදුනීගේ නිසොල්මන් සිරුර කර මතින් තබා ගත් නිහාල් රබර් වත්ත දෙසට පිටත් වන්නට විය. සදුනීගේ ඇදුම් මල්ල ඇතුලු බඩු මලු ටික ගත් කුඩම්මා නිහාල් පසුපසින් විය. ඉදිරි මිනිත්තු විස්ස තුල මොවුන් දෙදෙනාම සිටියේ රබර් වත්ත මැදය. කෙටි පහැදිලී කිරිමක් තම ගොලයට කල නිහාල්ගේ නියෝගය වුයේ ඉකමනින්ම වලක් හාරන ලෙසය.

ඒ මුසල රාතියේ ඉදිරී පැය කිහිපය ගෙවී යද්දී නිහාල් සහ ගෝලයා වල කපා ඉවර කෙරුනී. “ජගතෝ අල්ලහන් ඔකීගේ ඔලුව පැත්තෙන්.” එම නියෝගයත් සමග සදුනීගේ ඔලුවෙන් ඇල්ලු ජගත්ට දැනුනේ ඇය යන්තමින් ඔලුව සොලවන බවකි. ” නිහාල් අයියේ මේ කෙල්ලට තව පන තියෙනවා අයියේ, අපි ඉස්පිරිතාලෙට අරන් යමු බේර ගන්න පුලුවන් වෙයි.” යැයි පැවසු ජගත් නම් ගෝලයා බැලුවේ නිහාල් දෙසය. කුඩම්මා දෙස බැලූ නිහාල් ඔලුව වනා පැවසුවේ ” මේකිට කොහේ පන තියෙන්ඩද බන් උබට කසිප්පු වෙරි, දාපන් ඔකිව ඇතුලට.” ” අකමැත්තෙන් වුවත් තම හාම්පුතාගේ නියෝගයට යටත් වීමට ජගත්ට සිදු විය.

එන රාතියේ සදුනීගේ නිසල සිරුර සහා ඇයගේ සියලු දේවල් එම වල තුල තැන්පත් විය. මේ සියල්ල අවසානයේ සියලු දෙනා නැවත තම නිවෙස් වල පැමිනියේය. “උබ මේ ගැන කට හෙල්ලුවොත්, උබට වෙන්නෙත් මේකම තමයි” යැයි කුඩම්මා පැවසුවේ සදුනීගේ පියාටය. සදුනීගේ පියා එයින්ම නිශ්ශබ්ද විය. නිහාල් ගෝලයා සමග පිටත්ව ගියේ නැවත තම වාඩිය දෙසටය.

“සර්ට කියන්න සර්, මට එදා ඉදන්ම හරියට නින්ද ගිහින් නෑ, මට නිතරම සදිනීව පේනවා හීනෙන්, සමහර වෙලාවට සදුනීගේ තාත්තා සදුනීගේ කට හඩින් මහා රෑට කෑ ගහනවා. මට කිසිම සැනසීමක් තිබුනේ නෑ සර්. ” යැයි පවසා කුඩ්ඩම්මා තම පාපොච්චාරණය අවසන් කලේය.

“අපිට කිසිම දෙයක් නිහාල් කියන එකාගේන් ගන බැරි උනා, ජගත් කියන ඒකා ගැනත් කිසිම ආරන්චියක් නෑ. කොහොම උනත් අපි කේස් එක උසවියට දානවා.” “ඔයාලා මේකට සම්බන්ද වෙන්නේ හරි පුදුම විදිහකට එක නිසා ඔයාලගේ මේකට තියෙන සම්බන්දේ අපි එකතු කරන්නේ නෑ.” යැයි ප්‍රදාන පොලිස් පරික්ශකතුමා පැවසුවේ පැවති නිනිශ්ශබ්දබාවය බිදිමිනී.

“සර් අපිට බැරි වෙයිද මරන පරීක්ශන වාර්තාව පොඩ්ඩක් බලන්ඩ. ඒ වගේම අපි කැමතී සදුනීගේ බොඩී එකේ ඉතුරු වෙලා තියෙන දෙවල් බාරගන්න කෙනෙක් නැති නම් බාර ගන්න. ආගමානුකූලව අපිට පුලුවන් අවසන් කටයුතු කරන්න.” මම ඇසුවෙමි.

“අපි මේක උසාවියට දාලා අවසර අරන් දෙන්නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඔයලා බොඩි එක බාර ගන්නවා නම් අපි කොහොමත් මරන පරීක්ශන වාර්තාව ඔයාලට දෙන්න ඔනනේ. “

(සදුනීගේ දේහයේ ඉතුරු ඌ දේවල් බාර ගැනිමට කිසි කෙනෙක්‍උ ඉදිරිපත් නොවීම නිසාත්, සදුනීගේ ගමේ ලොකු හමුදුරුවන්ගේ මුලීකත්වයෙන් අපට දේහය බාර ගන්න පුලුව්න් විය.)

මරන පරීක්ශන වාර්තාවේ සදහන් උනේ හිස පිටුපසට එල්ල කල පහරකින් සිදු වු අභ්‍යන්තර ලේ වහනයක් තිබූ නමුත් මරනයට හේත්ව ලෙස සදහන් වුයේ හුස්ම හිරවීමකී. එනම් සදුනීව වලලන විටදීත් සදුනි පන පිටින් සිට ඇත. ඒ වෙලවේ හෝ ඉස්පිරිතාලෙට රැගෙන ගියානම් අද මේ කතාව වෙන විදිහකට ලිය වෙන්න ඉඩ තිබුනි. නමුත් ආවාසනාවකට එය එසේ නොවීය. අප මේ පිලිබදව දහම්ට නොකියා සිටීමට තිරනය කලෙමු.

දහම්ගේ තත්වය කෙමෙන් සුව අතට හැරෙමින් තිබුනී. අප විසින් සදිනීගේ ගමේ පන්සලේදී ලොකු හාමුදුරුනගේ මූලිකත්වයේන් අවසන් කටයුතු ආගආගමානුකූලව සිදු කර පින් අනුමෝදම් කරන ලදී. මේ දවසේම දහම් අවසාන වතාවට සදුනීව දැක තිබුනී. දහම් කියූ විදිහට ඇය ඔහු දේස මිනිත්තු පහක් පමන බලා “මම යන්නම්, නැවත හමුවෙමු.. ” ලෙස පවසා ඇත. මේ දහම් සදුනීව දැකපු අවසාන අවස්තාවයි.

ඇයගේ ආත්මය කිසිම ආකාරයකින් දහම්ට කරදර කීරීමට උත්සහ කලේ නැත. ඇයට අවශ්‍ය උනේ ඇයට සිදු වූ දෙය පැවසීමට පමනී. ඇය මිය යන විටත් දහම් ගැන ලොකු ආදරයක් හිතේ තිබීමත් ඇය නැවත පැමිනීමට හේතුවක් වන්නට ඇත. නමුත් සදුනී අසරන වූ වේලාවේ ගත් දුරකතන ඇමතුම් වලට දහම් ප්‍රතිචාර දැක්වූවානම් සමහර විට සදුනී අදටත් ජීවත් වීමට ඉඩ තිබුනී. ඒ මගේ අදහසයි. නමුත් දැන් එක සිදු වී හමාරය. ඉතිරිව ඇත්තේ අපරාද කරුවන්ට නීතියෙන් දඩුවම් ලබා දීමය නමුත් එය නීතියට බාරය. අපට කල හැක්කේ. ඇයගේ ආත්මයට පින් දීම පමනකි. විශ්වවිද්‍යාල අද්‍යාපනය අවසන් කර ගුරුවරියක් වීමටත්, දහම්ගේ බිරිද වීමටත්, කවදා හො මවක් වීමටත් ආසාවෙන් බලාසිටි සොදුරු ජීවිතයක් අද නිවී ගොස් ය. ඇයගේ අවසන් වචනයෙන් මමද මේ කතාව නවතමී. නැවත හමුවෙමු…


 (පුද්ගල නම් මනක්කල්පිත වේ)

Source: Link

%d bloggers like this: