Menu Close

තරුවක අවසානය.

orionstarmanඊජිප්තුවේ ගීසා පිරමීඩ තුන, ‘දඩයක්කාරයා’ හෙවත් ඔරායන් හෙවත් ඔරියන් තාරකා පංතියේ, දඩයක්කාරයා ගේ බඳ පටිය සමඟ සමපාත බව දනිමු. එනම් ඒ බඳ පටිය පෙන්වන තාරකා තුනේ කෝණික අගයන්ට පිරමීඩ ස්ථාපිත කරන ආකාරය එක්ව යයි. දඩයක්කාරයා තරු පන්තියේ ඈතින් ඇති සීමා පෙන්වන විශාල තරු හතරෙන් එකක් වන ‘බෙටල්ජියුස්’ තාරකාව’ ගැන මේ සටහන ලියා ඇත.
 
‘බෙටල්ජියුස්’ නම් ඒ අමුතු නම එන්නේ අරාබි භාෂාවෙන් කැඩී ගිය වචනයකිනි. එහි තේරුම ‘කිහිල්ල’ යන්නය. එය මනඃකල්පිත දඩයක්කාරයාගේ රුවේ එක අතක් යට පවතී. අහසේ දකින්නට ලැබෙන දහවන ප්රමාණයට වැඩිම දීප්තිමත් තාරකාවයි. ඔරායන් තාරකා පන්තියේ දෙවන දීප්තිමත්ම තාරකාවයි. එහෙතේ දීප්තිය අඩු වැඩි වේ. විශාල ධුමයක් මගින් වට කරගෙන ඇති නිසා එයට නිශ්චිත සීමාවක් නැත.
රතු සුපිරි යෝධයා සේ කියන මේ බෙටල්ජියුස් නම් තාරකාව සිසිල් වී දීප්තියෙන් මැකී යන්නේ එහි ජීවිතයේ අවසානය කරා ළඟා වෙමිනි. බෙටෙල්ජියුස් යනු පෘථිවියේ සිට ආලෝක වර්ෂ 500 ක් පමණ දුරින් ඔරායන් තාරකා මණ්ඩලයේ ඉහළ වම්පස ඇති දීප්තිමත් රතු තාරකාවයි. රාත්රී අහසේ පියවි මිනිස් ඇසින් එය දැකගත හැකිය. රතු සුපිරි යෝධයකු වන තාරකාව සූර්යයාට වඩා 900 ගුණයකින් විශාල වන අතර එය එහි ජීවිතයේ අවසානයට ආසන්න වේ.
 
මෙය කොතරම් විශාලද යත්, සෞරග්රහ මණ්ඩලයේ කේන්ද්රයේ සූර්යයා වෙනුවට බෙටෙල්ජියුස් තිබ්බේ නම්, පෘථිවිය සහ අඟහරු තාරකාව ඇතුළත වන අතර බ්රහස්පති ග්රහයා එහි පෘෂ්ටයේ පවතිනු ඇත.
 
2019 අග භාගයේදී තාරකාව දීප්තියේ වේගයෙන් මැකී යාමට පටන් ගත් අතර 2020 පෙබරවාරි වන විට එය පෙර මෙන් අඩක් පමණක් දීප්තිමත් විය. තාරකාව සුපර්නෝවා තත්වය වෙත යාමට ආසන්නව ඇති බවට හෝ එය දූවිලි කුණාටුවකට මුහුණ දුන් බවට ලකුණක් ලෙස මුලදී විද්යාඥයන් සිතූහ. එහෙත් දැන් සොයාගෙන ඇත්තේ එය තාරකාවේ වර්ග ප්රමාණයෙන් සියයට 10 ක් සීතල දැවැන්ත තරු ලපයක් නිසා ඇති වූ බවයි.
 
තාරකා විද්යාඥයන් ජාත්යන්තර කණ්ඩායමක් හවායි හි, ‘ජේම්ස් ක්ලර්ක් මැක්ස්වෙල් දුරේක්ෂය’ භාවිතා කලෝය. මේ වියැකීමට සැබෑ හේතුව තීරණය කිරීම සඳහා. එක්සත් රාජධානිය විසින් ඉදිකරන ලද සහ තායිවානයේ නැගෙනහිර ආසියානු නිරීක්ෂණාගාරය විසින් මෙහෙයවනු ලබන මෙම දුරේක්ෂ වලින් තාරකාව වටා ඇති දූවිලි වලින් ලැබෙන ආලෝකය අනාවරණය වේ. තාරකා විද්යාඥයන් සොයාගත්තේ මෙම විමෝචනය ද අඩු වී ඇති බවයි.
 
මේ ගෝලීය සහයෝගීතා ප්රයත්නය සඳහා ජර්මනිය, තායිවානය, එක්සත් ජනපදය හා චිලී යන තාරකා විද්යාඥයින් සම්බන්ධ වූ අතර, මැන්චෙස්ටර් විශ්ව විද්යාලයේ, ‘මහාචාර්ය ඇල්බට් සිජ්ල්ස්ට්රා’ සහ ‘ඉයන් මැක්ඩොනල්ඩ්’ ද ඇතුළත් විය. ඔවුන්ගේ සොයාගැනීම් තාරකා භෞතික සඟරා ලිපි මගින් ප්රකාශයට පත් කළහ. තාරකා ලප සෑදීමෙන් බෙටෙල්ජියුස් වලින් තුනෙන් දෙකක් ආවරණය කරයි.
 
නිරීක්ෂණය කරන ලද තරු ලප වල උෂ්ණත්වය 3,500 ° C වේ: තාරකාවේ අනෙක් පෘෂ්ට වලට වඩා තරු ලප සියයට 10 ක් පමණ සිසිල් ය.
 
අධ්යයනයේ කතුවරයකු වන මහාචාර්ය ඇල්බට් සිජ්ල්ස්ට්රා මෙසේ පැවසීය: … “සංසන්දනය කිරීමේදී, අපේ සූර්යගේ පෘෂ්ටය උඩ සාමාන්ය තරු ලපයක් යනු පෘතුවියේ ප්රමාණය පමණ වේ”…. “බෙටල්ජියුස් තරු ලපයක ප්රමාණය සූර්යයාට වඩා සිය ගුණයක් විශාල වනු ඇත.
 
බෙටල්ජියුස් තරුව හදිසියේ මැකී යාමෙන් එය සුපර්නෝවා අවස්ථාවට යන බවක් අදහස් නොවේ. එය සුපිරි ප්රමාණයේ තරුවක් වන බවය. තව අවුරුදු ලක්ෂයකින් පමණ පසුව එය පුපුරා යනු ඇත.
 
මෙම තරු ලප නැතිවී යාමෙන් පසුව, බෙටෙල්ජියුස් සෙමෙන් යථා තත්ත්වයට පත් වූ අතර 2020 මැයි වන විට එය නැවත එහි දීප්තියට පත්විය.
 
අමතර සටහනක් :- අද ජූනි 30 දින බ්රහස්පති ග්රහයා මකර රාශියේ සිට ධනු රාශියට වක්ර ගමනින් පිවිසිණි. වක්ර ගමන [Retrograde] යනු පොලවේ සිට බලන විට එය පස්සෙන් පස්සට යනවා සේ පෙනීමය. ඒ පස්සෙන් පස්සට යන ගමන නැවතී සාමාන්ය තත්වයට පත් වන්නේ 2020 සැප්තැම්බර් 13 දිනයේදීය.
%d bloggers like this: