Menu Close

ජාතික ආරක්ෂාව වෙනුවෙන් TikTok, Share It, UC Browser ඇතුලු apps 59 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දියානු රජය කටයුතු කරයි

ජාතික ආරක්ෂාව වෙනුවෙන් TikTok, Share It, UC Browser ඇතුලු apps 59 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දියානු රජය කටයුතු කරයි

ඉන්දියාව සහ චීනය අතර පසුගිය දින වල දේශ සීමා නිසාවෙන් ඇතිවී තිබුණු උණුසුම් තත්ත්වය පිළිබඳව ඔබ මේ වන විටත් දැනුවත් ඇති.

ඔන්න දැන් ඉන්දියාව විසින් ඔවුන්ගේ රටේ ආරක්ෂ‍ාව වෙනුවෙන් චීනය විසින් නිෂ්පාදනය කළ apps 59ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට කටයුතු කර ඇති අතර එරට තුළ මෙන්ම ලොව පුරා ඉතාමත් ජනප්‍රිය TikTok, Share It මෙන්ම UC Browser වැනි apps ද මේ අනුව ඉන්දියාව තුළ භාවිතා කිරීම තහනම් වෙනවා.

ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය වාර්ථ‍ා කරන පරිදි පරිශීලකයාගේ අවසරයකින් තොරව දත්ත එකතු කර, ඒවා ඉන්දියාවෙන් පිටත servers වල ගබඩා කරගැනීමට කටයුතු කිරීම පිළිබඳව පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවත්, ඒ ඔස්සේ කෝටි 130ක් පමණ වන ඉන්දියානුවන්ගේ privacy එක ආරක්ෂා කිරීම සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගැනීමට කටයුතු කළ බව ඔවුන් ප්‍රකාශ කරනවා.

මේ අනුව මෙලෙස නම් කරනු ලැබූ apps 59, mobile හෝ mobile නොවන internet එක හා සම්බන්ධ devices වල භාවිතා කිරීම තහනම් වන අතර මීට අදාල වෙබ් අඩවි ද block කිරීමට කටයුතු කරනු ඇති බව වාර්ථා වෙනවා.

කොහොම නමුත් තවමත් අදාල app stores වලින් මේ apps ඉන්දියාව වෙත block කරන ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඉල්ලීමක් සිදු කර නොමැති නමුත් ISP-level එකෙන්, එනම් අන්තර්ජාල සේවා සපයන්නන් හරහා මේවා block කිරීමට කටයුතු කරනු ඇති බව වැඩිදුරටත් දැනගැනීමට ලැබෙනවා.

මේ අතර coronavirus වසංගත කාලයේ ඉන්දියාවේ බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වුණු app එකක් වන Tik Tok සේවාව ඉන්දියානු තීරණයට හිස නවා ඔවුන් විසින්ම එම app එක ඉන්දියානුවන් හට ලබාගත නොහැකි වන ලෙස app store වලින් unlist කිරීමට කටයුතු කර තිබෙන අතර ඔවුන්ගේ අදහස නිළ TikTok India Twitter ගිණුම හරහා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.


මෙලෙස ඉන්දියා‍ව තුල භාවිතා කිරීම තහනම් කර ඇති apps ලයිස්තුව පහතින් දැක්වේ.

  1. TikTok
  2. Shareit
  3. Kwai
  4. UC Browser
  5. Baidu map
  6. Shein
  7. Clash of Kings
  8. DU battery saver
  9. Helo
  10. Likee
  11. YouCam makeup
  12. Mi Community
  13. CM Browers
  14. Virus Cleaner
  15. APUS Browser
  16. ROMWE
  17. Club Factory
  18. Newsdog
  19. Beutry Plus
  20. WeChat
  21. UC News
  22. QQ Mail
  23. Weibo
  24. Xender
  25. QQ Music
  26. QQ Newsfeed
  27. Bigo Live
  28. SelfieCity
  29. Mail Master
  30. Parallel Space
  31. Mi Video Call – Xiaomi
  32. WeSync
  33. ES File Explorer
  34. Viva Video – QU Video Inc
  35. Meitu
  36. Vigo Video
  37. New Video Status
  38. DU Recorder
  39. Vault- Hide
  40. Cache Cleaner DU App studio
  41. DU Cleaner
  42. DU Browser
  43. Hago Play With New Friends
  44. Cam Scanner
  45. Clean Master – Cheetah Mobile
  46. Wonder Camera
  47. Photo Wonder
  48. QQ Player
  49. We Meet
  50. Sweet Selfie
  51. Baidu Translate
  52. Vmate
  53. QQ International
  54. QQ Security Center
  55. QQ Launcher
  56. U Video
  57. V fly Status Video
  58. Mobile Legends
  59. DU Privacy

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනිම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ CNET වෙබ් අඩවිය භාවිතා කළ හැකිය

%d bloggers like this: