Menu Close

කොරෝනා මාරයා සහ ඇමරිකන් නිදහස

BB15PnSxමේ කාලයේ ඇමරිකානු සමාජයේ මුඛ ආවරණය ගැන විරුද්ධව කියවෙන කතා ඔබ අහන්නේ නම්, එය එකළ ඇනස්ලි බර්ටි සැමුවෙල් ගේ ‘විනෝද සමය’ මෙන් වෙතැයි ඔබ සිතනු ඇත. එක කාන්තාවක් කියා සිටියේ ඇය මුඛ ආවරණ භාවිතා නොකිරීමටත්, ඇය යට ඇඳුම් භාවිතා නොකිරීමත් එකම හේතුව, ‘ඒවා’ හුස්ම ගන්නා හෙයින් යන්නය. මෙහි ‘ඒවා’ යන්න විස්තර කිරීම අවශ්ය නැතැයි සිතමි.
 
තව කෙනෙක් කියන්නේ, මුඛ ආවරණ දමා දෙවියන්ගේ නිර්මාණය වන මිනිසාට අපහාස කරන බවය. මුඛ ආවරණ දැමීම යක්ෂයාගේ නීතියයි.
 
නිදහස යන්න විඳිය යුත්තේ මෝඩයන් නොවේ. මෝඩයන් නිදහස විඳිනවිට සිදුවන වන අනතුරු දැක්වීමට, “වල් බූරුවන්ට නිදහස දුන්නා යයි කියමනකි”… පෙනෙන ආකාරයට ඇමරිකාවේ ඒ ආකාරයේ අය බොහෝ සිටිති. මේ අතර, ලංකාව විදේශ සංචාරකයන්ගේ පාරාදීසයකි. එහෙත් මේ කාලයේ නම් ඇමරිකානුවන්ට වීසා දීම එතරම් නොව, කොහෙත්ම නුවණට හුරු නැත. විස්තර පහත ඇත.
 
ට්රම්ප් පෙරමුණ ගෙන සිටින මේ වෙලාවේ නව ආසාදන වාර්තාගත ලෙස ඉහළ යාමෙන් ඇමරිකාවේ කොරෝනා වෛරසය මැඩලීම අසාර්ථක වූ බව පැහැදිළිය. ට්රම්ප් – නැවත නැවතත් වෛරසය අවතක්සේරු කර, විශේෂඥයන් පසෙකට දමා, එහි අන්තරායන් සහ සුව කළ හැකි ප්රතිකාර පිළිබඳව ඇමරිකානුවන් නොමඟ යවා ඇත. ඔහුගේ ජනාධිපති ධුරය තුල රට රැකබලා ගැනීමට ඇති නොහැකියාව මෙන්ම ඒ නිසාම ශතවර්ෂයක් තුළ සිදු වූ දරුණුතම මහජන සෞඛ්ය විපත්තියද ඇතිව තිබේ.
 
ට්රම්ප් විසින් පෙන්වන ලද අක්රිය බව, නිරවද්ය නොවන බව, අවධානයක් නොමැති රළු බව, ස්ථාවර නායකත්වයක් නැති බව, වෛරස් ආසාදනය දෙගුණ තෙගුණ වූ බව මහජන සෞඛ්ය විශේෂඥයන්, පරිපාලන නිලධාරීන් සහ නීති සම්පාදකයින් පවසති.
 
ආසාදන සහ මිය යන සංඛ්යාව යළි යළිත් ඉහළ යත්ම, ට්රම්ප් මහජන සෞඛ්ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින්, වෛරසය සඳහා වන පරීක්ෂණ මන්දගාමී වීමට ඉඩ හැර, මුඛ ආවරණ පැළඳ සිටින පුද්ගලයින් විවේචනය කරන අතරේ 2020 ජූනි 28 වන විට අවම වශයෙන් ඇමරිකානුවන් 128,000 ක් මියගොස් ඇත. දෛනිකව එකිනෙකාට පරස්පර විරෝධීව ජනාධිපතිගේ ඉහළ සහායකයින් සහ අනෙකුත් ජ්යෙෂ්ට පරිපාලන නිළධාරීන් විසින් ද ඒ හා සමාන අපකීර්තිමත් පණිවිඩයක් රට වෙනුවෙන් ඉදිරිපත් කර තිබේ.
 
නව ආසාදන වාර්තාගත ලෙස ඉහළ යාම පිළිබඳ කනස්සල්ල පසෙක තබා, ට්රම්ප් විසින් රෝගය හසුරුවා ගැනීම ගැන ප්රශංසා කිරීම සඳහා, උප ජනාධිපති පෙන්ස් සිකුරාදා ධවල මන්දිරයේ දී මෙසේ කීවේය. … “අපේ ජාතිය ඉදිරියට ගෙන යාමේ දී අපි සැබවින්ම කැපී පෙනෙන ප්රගතියක් ලබා ඇත්තෙමු. “අපි නැවත ඇමරිකාව විවෘත කරන විට දිරිගන්වන සුලු ප්රවෘත්ති අපි කවුරුත් දුටුවෙමු.”… යි කීවේය. ඔහු එසේ කීවේ, ඇමරිකානුවන් මිලියන 2.5 කට වැඩි ප්රමාණයක් කිරීටක වෛරසය වැළඳී ඇති බව නිවේදනය කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසුව විය.
 
වසංගතය පිළිබඳ ස්ථාවර පණිවිඩයක් ඉදිරිපත් කිරීමට අරගල කළ ට්රම්ප් පරිපාලනයේ නවතම උදාහරණය එයයි. මුඛ ආවරණ පැළඳීම සහ සමාජයෙන් ඈත්වීම වැනි වැළැක්වීමේ පියවර ගැන මහජන සෞඛ්ය විශේෂඥයින් ඉල්ලා සිටින අතර, ට්රම්ප්, පෙන්ස් සහ අනෙකුත් ඉහළ සහායකයින් නැවත නැවතත් ඔවුන්ගේ උපදෙස් උල්ලංඝනය කරමින් ව්යාකූල ඇමරිකානුවන් තවත් ව්යාකූල කරමින්, විශ්වාස කල යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීමට වෙහෙසෙති.
 
කොරෝනා වෛරස් හා මරණ සම්බන්ධයෙන් ලෝකයේ ප්රමුඛයා ලෙස ඇමරිකාවේ ස්ථාවරය බොහෝ දුරට මිනිස් දෝෂ වල ප්රතිඵලයකි. තවමත් ඉහළ යන රෝගීන් ප්රමාණය ජාතික ප්රතිචාරයේ වැරදි ලක්ෂණයක් වේ. කොරෝනා වෛරසය පිළිබඳ ට්රම්ප්ගේ ප්රසිද්ධ කතා සහ, ඔහු වසංගතය ගැන සාකච්ඡා කරන විට, බොහෝ විට සිදු වූයේ ප්රතිකාර, මුඛ ආවරණ සහ පරීක්ෂණ පිළිබඳ වැරදි තොරතුරු ඉදිරිපත් කිරීමයි. විද්යාව ප්රතික්ෂේප කරන අදහස් ඔහුගේ ආධාරකරුවන් සහ ඉහළ රිපබ්ලිකන් නීති සම්පාදකයින් විසින් පිළිගෙන ඇත.
 
ධවල මන්දිරය විසින් රටේ ඉහළම තලයේ කීර්තිමත්, බෝවන රෝග විශේෂඥයෙක් හා ‘ජාතික අසාත්මිකතා සහ බෝවන රෝග’ පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ, ‘ඇන්තනි එස්. ෆවුසි’ ට මේ ගැන ප්රකාශ කිරීමට අකුල් හෙලා ඇත. මෑත සතිවලදී ඔහු විසින් ඉල්ලා ඇති මාධ්ය වල පෙනී සිටීම් අවහිර කර ඇත. ධවල මන්දිර සහායකයින් තර්ක කර ඇත්තේ රූපවාහිනී සම්මුඛ පරීක්ෂකයින් බොහෝ විට ෆවුසි විසින් ජනාධිපතිවරයා හෝ පරිපාලනය විවේචනය කිරීමට උත්සාහ කරන බවය.
 
නිවසේ රැඳී සිටීමේ නියෝග සහ වෙනත් සීමාවන් බලාත්මක කිරීමට ප්රාදේශීය නිලධාරීන් මහත් පරිශ්රමයක් දරමින් සිටියදී, පක්ෂග්රාහී දේශපාලනය හා ජාතික මහජන සෞඛ්ය උපාය මාර්ගයකින් තොර රටක් පුරා වෛරසය දිගටම පැතිර ගිය බව මිසූරි විශ්ව විද්යාලයේ දේශපාලන විද්යාඥ, ‘මැක්ස් ස්කිඩ්මෝර්’ පැවසීය. …“වසංගතයක් සඳහා වන ප්රවේශය දේශපාලනීකරණය කළ ලෝකයේ එකම රට අපයි,”… ඔහු පැවසීය.
 
දැන්, කෝවිඩ් -19, කොරෝනා වයිරසය නිසා ඇති වන රෝගය, එක්සත් ජනපදය තුළ ඉතා වේගයකින් ඉදිරියට යමින් තිබේ. යුරෝපීය රාජ්ය තාන්ත්රිකයින් බොහෝ රටවල් වලින් සංචාරය කිරීම සඳහා යුරෝපීය සංගමය නැවත විවෘත කරන ගිවිසුමක් අනුමත කිරීමට සූදානම්ව සිටින නමුත් එය ඇමරිකානු සංචාරකයින් සඳහා වලංගු නැත. මන්ද එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය තවමත් වේගයෙන් පැතිරෙමින් පවතින බැවිනි.
 
ආහාර හා ඖශධ පරිපාලනයේ හිටපු කොමසාරිස් සහ ට්රම්ප් පරිපාලනයේ උපදේශකයෙකු වන, ‘ස්කොට් ගොට්ලීබ්’ පැවසුවේ “මෙම වසංගත පාලනය කර ගැනීම දුෂ්කර වනු ඇත. මරණ දිනකට දහසකට වඩා වැඩි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඔහු පැවසීය. … “මැදිහත් වීමට යමක් කරන තුරු එය දිගටම ව්යාප්ත වනු ඇත. එම ප්රවණතාව බිඳ දැමීම සඳහා අපි ප්රමාණවත් තරම් බලවත් ක්රියාමාර්ග ගන්නා බව මට විශ්වාස නැත” …
 
දින කීපයකට පෙර ට්රම්ප් පැමිණි රැළියක් පවත්වන්නට තිබි ශාළාවක, ආසනයක් හැර ආසනයක් සේ සමාජ දුරස්ථකරණය කර තිබිණ. මේ ශාළාව දැවැන්ත ප්රමාණයේ ශාළාවක් වූ අතර 30,000 කට වඩා අසුන් ගන්නට හැකියාව තිබිණ. ට්රම්ප්ගේ අනුදැන්මෙන් ඒ සියළු ආසන වල මිනිසුන්ට හිඳ ගැනීමට සලසන ලදී. දුරස්ථකරණය ඉවත් කරන ලදී. ඔහුට ඕනා වී තිබුනේ ‘මිනිසුන් අතුරු සිදුරු නැතිව ශාලාව තිබීමය’.
 
ඇමරිකාවේ තත්වය ඉතාමත් අවාසනාවන්තය. බහුතරයක් ජනතාව මුඛ ආවරණ භාවිතා කිරීමට විරෝධීන් වන්නේ, එය නිඅදහසට අවහිරයක් ය යයි කීමෙනි. පොළව පැතලි යයි තවමත් විශ්වාස කරන ජනතාවක් සිටින රටකට විද්යාව අවබෝධ කරදීම ඉතා දුෂ්කරය. ඒ අතරේ අන්ධයන්ට අත්වැල සඳහා තවත් අන්ධයෙක් සේ සිටින ට්රම්ප් රටේ තත්වය තවත් භයානක කරයි.
 
ලංකාවේ සිටින අපට, ඇමරිකාවේ ජනතාව මුඛ ආවරණ නොදැමීම සහ සමාජ දුරස්ථ කරණය නොකිරීම නිසා ඇති වී තිබෙන හයානක ආසාදන රෝගී රැල්ල, එහි භයානක බව දැන ගැනීමට ඉතා හොඳ උදාහරණයකි.
 
මුඛ ආවරණ පැළදීම සහ සමාජ දුරස්ථකරණය දෙවියන්ට විරුද්ධ වීමක් නොවේ. එය කොරෝනා වසංගතය මැද ලීමේ හොඳම උපක්රමය වේ.
 
 
%d bloggers like this: