Menu Close

ජ්‍යෝතිෂයේ නොමැකෙන චරිත – ආචාර්ය බී.වී. රාමන් මහතා.

raman‘සූර්ය නාරායන් රාඕ’ නම් වූ ජ්‍යෝතිෂයේ ඉතා ඉහළ දැනුමක් තිබු ජ්‍යෝතිෂවේදියා රාමන් මහතාගේ සීයා විය. රාමන් මහතා ජ්‍යෝතිෂය ඉගෙන ගැනීම ආරම්භ කලේ ඔහුගෙනි. පසු කලෙක තම සීයා ගේ දැනුම අභිබවා යන ආකාරයේ දැනුමක් නාරායන් මහතාට තිබිණ. මේ දෙදෙනා විසින් කරගෙන ගිය Astrological megacine යන ජ්‍යෝතිෂ සඟරාව ඉන්දියාවේ මෙන්ම, ලෝකයේද සෑහෙන තරමකට ජනප්‍රිය විය.

රාමන් මහතාගේ අනාවැකි එකළ දෙවන මහා ලෝක යුද්ධයේ නොයෙක් පරිච්චේද අරභයා විය. ඉන් ප්‍රසිද්ධ සහ 100% ක් සත්‍ය වූ අනාවැකියක් වන්නේ ඉතියෝපියාවේ තත්වය විය. එය පණ්ඩිත වාක්‍ය සහ කිසිම අදාළ නැති දේවල් වල වචන දාහක් පමණ කියා, ඒ අස්සට අහඹුව සත්‍යයක් වන දෙයක් එබීමක් නොවීය. බොහෝ විට ලංකාවේද වන්නේ,  … “එය මා කීවෙමි” කියා කියන්නේ. ඒ ආකාරයේ අනාවැකි වේ. රාමන් මහතා කී එක අනාවැකියක් මෙසේ වේ.

ඉතාලියේ ආඥාදායක මුසොලීනි ජර්මනියට සහාය දීමට තීරණය කලේ, නැවතත් පැරණි රෝමන් සභ්‍යත්වය ලබා ගැනීමට බලාපොරොත්තුවෙනි. ඒ අනුව ඔහු ඉතියෝපියාව ආක්‍රමණය කලේ, එකල ඉතියෝපියාව පාලනය කල “Heile Selassie” හෙවත්, ‘නෙගුස් රජතුමා’ බලයෙන් පහ කරමිනි. නෙගුස් රජතුමා ආධාර ඉල්ලා එංගලන්තයට පැන ගියේය. 

ඉතියෝපියාවට කුමක් වේද යන්න යුධ විශේෂඥයන්ට මෙන්ම ඒ ගැන බලා සිටින අන් අයටද මහත් කුතුහලයක් වූයේ, යම් හෙයකින් ඉතියෝපියාව ඉතාලිය විසින් සම්පූර්ණයෙන්ම යටපත් කළහොත්, එය මිත්‍ර ජාතීන්ට විශාල පසුබෑමක් වන හෙයිණි. අප්‍රිකාව දෙවන මහා ලෝක යුද්ධයේ සන්ධිස්ථානයක් විය. අප්‍රිකාවේ රටවල් එකිනෙක ජර්මන් පාර්ශවයට යටත් වීමේ ප්‍රවණතාවයක් මේ කාලයේ අප්‍රිකාවේ සටන් කල ජර්මන් මහ සෙනෙවි ‘රොමෙල්’ ගේ නායකත්වයෙන් සිදුවීම මිත්‍ර ජාතීන්ගේ කණස්සල්ලට හේතුවක් විය.

මේ තත්වය ගැන තවත් පිරිසක් අහසේ නැගෙන ග්‍රහ තරු ඇසුරෙන් විසඳුම් සෙවුහ. ඉන් ඉතාම සාර්ථක අනාවැකිය පැවසූවේ, බී. වී. රාමන් මහතාය. ඔහු ඉතා තර්කානුකූලව කරුණු ඉදිරිපත් කර නෙගුස් රජතුමා නැවත අනාගතයේ විජයග්‍රහණය කරන බවත් ඉතියෝපියාව නැවතත් ඔහුගේ අණසකට ගන්නා බවත් පැවසුවේය. විශේෂයෙන්ම නෙගුස් රජතුමාගේ යුධ ශිල්පීය හැකියාව ඔහු විසින් විශ්ලේෂණය කරන ලදී.

පසු කලෙක රජතුමා විසින් ඔහුගේ යුධ හමුදා ප්‍රධානීන්ට සහ ඉහළ පෙළ නායකයන්ට දෙන ලද අවවාද මෙසේ විය.

1.  ඔබ කූඩාරම් සකස් කරන විට, එය ගුහා සහ ගස් හා ලී වලින් විය යුතුය, එම ස්ථානය මේවාට යාබදව සිදුවන්නේ නම් විවිධ භට කණ්ඩායම් වලින් වෙන් කරන්න. එකිනෙකාගෙන් රියන් 30 ක් දුරින් කූඩාරම් සකස් කළ යුතුය.

  1. ගුවන් යානයක් දුටු විට, යමෙකු විශාල විවෘත මාර්ග සහ පුළුල් තණබිම් අතහැර නිම්නවල හා අගල්වල සහ සිග්සැග් මාර්ග ඔස්සේ ගස් හා වනාන්තර ඇති ස්ථාන ඔස්සේ ගමන් කළ යුතුය.
    3. ගුවන් යානයක් බෝම්බ හෙළීමට පැමිණි විට, එය මීටර් 100 ක් පමණ පහළට බැස ඇත්නම් මිස එය කිරීමට සුදුසු නොවේ; එනිසා එවැනි ක්‍රියාවක් සඳහා එය පහත් ලෙස පියාසර කරන විට, යමෙකු හොඳ හා ඉතා දිගු තුවක්කුවකින් වෙඩි තබා ඉක්මනින් විසිර යා යුතුය. උණ්ඩ තුනක් හෝ හතරක් මගින් පහර දුන් විට, යානය පහතට වැටෙනු ඇත.
    4.  එහෙත් එවැනි වෙඩි තැබීම සඳහා තෝරාගෙන ඇති ආයුධයකින් වෙඩි තැබීමට අණ කර ඇති අයට පමණක් ඉඩ දෙන්න. මක්නිසාද යත්, සෑම කෙනෙකුම තුවක්කුවක් ඇති අයෙකුට වෙඩි තැබුවහොත්, වෙඩි උණ්ඩ නාස්ති කිරීම සහ පිරිමින් සිටින ස්ථානය හෙළි කිරීම හැරෙන්නට මෙහි කිසිදු වාසියක් නොමැත.
  2. යුද්ධයේ දී සතුරාට තම තුවක්කු අලංකාර කරන ලද පලිහ, විසිතුරු භාණ්ඩ, රිදී සහ රන් සළුව, සේද කමිස සහ ඒ හා සමාන සියලු දේ ඉලක්ක කර ගැනීමට ඉඩ නොදෙන්න. යමෙකු සතුව ජැකට් එකක් තිබුණත් නැතත්, වියැකී ගිය වර්ණ සහිත පටු අත් කමිසයක් ඇඳීම වඩාත් සුදුසුය. දිනූ විට දෙවියන්ගේ උපකාරයෙන් ඔබට ඔබේ රන් හා රිදී සැරසිලි පැළඳිය හැකිය.
    5. දැන් ගොස් සටන් කිරීමට කාලයයි. පරෙස්සම් නොවීමෙන් ඔබට විශාල හානියක් සිදු නොවනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් අපි මේ සියලු උපදෙස් වචන ඔබට පිරිනමන්නෙමු. ඉතියෝපියාවේ නිදහස උදෙසා ඔබ සමඟ මා මගේ ලේ වැගිරවීමට සූදානම් බව මා පවසමි.

    නෙගුස් රජතුමා ඉතියෝපියාවේ බලයට පැමිණීම ඉතා වැදගත් වූයේ, ඔහු ඊශ්‍රායලයේ සොලමන් රජුට සහ ඉතියෝපියාවේ ශීබා බිසවට දාව ලැබුණු මෙනලික් රාජ පරම්පරාවේ පුරුකක් හෙයිණි. බොහෝ සම්ප්‍රදායික සිරිත් විරිත් ඇති ඉතියෝපියාවේ නායකත්වය ඒ රාජ පරම්පරාව විසින් වසර දහස් ගණනක් හොබවන ලදී. නායකත්වය සඳහා රජුගේ පුනරාගමනය ඉතා වැදගත් විය. මේ නිසා ඔහුට අනාගතයේ අයත් වන ඉරණම ගැන බොහෝ ඉතියෝපියානු ජාතිකයන් විමසිළිවන්තව සිටියහ. 

මේ ආකාරයේ අනාවැකි කීම සාමාන්‍ය ජ්‍යෝතිෂවේදීන්ට පහසු නැති අතර, ඒ ආකාරයේ අනාවැකි වලට කියන්නේ ‘ලෝකායතන අනාවැකි’ [Mundane astrological predictions] කියාය. ඒවා කියන්නට එක් එක් රටවල් සඳහා වන ග්‍රහ පිහිටීම් මෙන්ම, එකළට ඒ ඒ රටවල් පාලනය කරන රාජ්‍ය නායකයන්ගේ නිවැරදි කේන්ද්‍ර සටහන්ද අවශ්‍ය වේ. මේ පසුව කී දේ සොයාගැනීමට ඉතා අපහසු වන්නේ, ඒවා ඒ ඒ නායකයන් විසින් ප්‍රචලිත නොකරන හෙයිනි.

කෙසේ හෝ බී. වී. රාමන් මහතා ප්‍රසිද්ධ මෙන්ම අවංක ජ්‍යෝතිෂ වේදියෙක් නිසා, එවකට එංගලන්තයේ සිටි නෙගුස් රජතුමා විසින් ඒ විස්තර ඔහුට එවනු ලැබුවේය. බී. වී. රාමන් මහතා ඒ අනාවැකිය හතළිහ දශකයේ ඔහුගේ සඟරාවේ “The league of Ethiopia” සේ ලියා පළ කළේය. ඔහු විසින් ලියන ලද හේතු දැක්වීම් සහ ග්‍රහ පිහිටීම් පහත සේ වේ. ඒ ගැන අවබෝධයක් හෝ විශ්වාසයක් නැති කෙනෙක්ට මෙතනින් එහාට කියවීමෙන් පලක් නැත.

ජාත්‍යන්ධයන්ට සඳ රැස් මෙනි.   

ඉතාලිය, ‘කුජ’ හෙවත් ‘අඟහරුට’ අයත් රටකි. ඉතියෝපියාව, ‘ශනිට’ හෙවත් ‘සෙනසුරුට’ අයත් රටකි. 1937 මාර්තු කාලය ශනි ග්‍රහයා බලවත්ව හැසිරුණේ ඔහුගේම රාශියක් වන කුම්භ රාශියේ විය. එකල කුම්භ රාශියට  පාපී ග්‍රහ වීක්ෂණ වැටී තිබුනේද නැත. මේ කාලය ඇමරිකාවේ පර්ල් වරාය, යුරෝපයේ නේපල්ස් වරායට සම කල කාලයක් විය. මක්නිසාදයත් මේ වරායයන් දෙකම යුද්ධයෙන් හොඳ හැටි බැට කෑ හෙයිණි. කුජ ග්‍රහයා මිථුන රාශියේ කේතු ග්‍රහයා සමඟ ගමන් කරමින් දුබල වූ කාලයේ, ඉතාලිය කඩා වැවීම ආරම්භ වෙන බව රාමන් මහතා ඔහුගේ තියුණු ජ්‍යෝතිෂ ඇසෙන් දුටුවේය.

මේ අතර මිථුනයෙන් කටක රාශිය වෙත ගමන් කල කුජ ග්‍රහයා නීච වීම සමඟම ඉතාලියේ විනාශය ආරම්භ විය. 

එනම් නේපල්ස් වරාය මිත්‍ර ජාතීන් විසින් ගුවන් ගමන් දහස් ගණනක් ක්‍රියාත්මක කර බෝම්බ දමා විනාශ කරන ලදහ. ඈත ඇති ඉතියෝපියාවේ බලය අල්ලාගෙන සිටීම ඉතාලියට එතරම් පහසු වූයේ නැත. එය ඉතාලියේ සහ ඉතියෝපියාවේ තත්වය විය. ඊළඟට රාමන් මහතා විශ්ලේෂණය කලේ, ‘නෙගුස් රජතුමාගේ’ කේන්ද්‍රය විය. රජතුමා උපන්නේ, ‘1890 ජූලි 23 වන දින උදේ 08:39’ ට විය. උපන් ස්ථානය සඳහන් නැත. බොහෝ දුරට ඉතියෝපියාවේ සුන්දර අගනගරය වූ, ‘අඩිස් අබාබා’ වෙන්නට ඇත. 

රජෙකුට ගැලපෙන සිංහ රාශිය පමණක් නොව, ප්‍රතාපවත් රජෙක් බවට පත්වන සිංහ නවාංශකයද නෙගුස් රජතුමා එදින ඉපදෙන විට අහසේ පායමින් තිබිණ. රාශිය සහ නවාංශකය එකක් වන විට ඊට කියන්නේ වර්ගෝත්තම කේන්ද්‍රයක් කියා වේ. එවන් අය උපන්නාට වඩා සිය දහස් ගුණයකින් දියුණු වීමේ ඉඩකඩ වැඩි වේ. රජෙක් වන්නේ නම් රාජකීය බව, ධනය ඒ හා එක්ව යන්නකි.  

නමුත් දෛවෝපගතව නෙගුස් රජතුමාගේ රාජකීය බව පෙන්වන රවි ගේ බලය අඩු වූයේ, උපතේදී රවී කේන්ද්‍රයේ 12 වන ස්ථානය වන මිථුන රාශියේ පිහිටමිනි. එසේම සිංහ රාශියේ ධනය පෙන්වන දෙවැන්න වූ කන්‍යා රාශියේ ලෝර්ඩ් වූ සිකුරු නවාංශකයේ නීච වීමද, එතනම ව්‍යාකූල භාවය සහ විනාශය පෙන්වන රාහුද සිටීම ඔහුට සියළු සේසත නැති වී රටෙන් පිටවී නැව් නගින්නට හේතුවක් විය. මේවාට හේතු භූත වන්නේ කාලීනව එක් එක් පුද්ගලයාට ලැබෙන දශා වේ.

ඔහුට මේ කාලයේ පැවතුනේ ගුරු ගේ මහ දශාවේ වසාන භාගය විය. ගුරු ග්‍රහයා සිංහ රාශියේ 8 වන රාශිය නියෝජනය කරයි. නවාංශකයද සිංහ හෙයින්, ගුරු එතනද 8 අධිපති වේ. ගුරු ග්‍රහයා සඳු ගෙන් කේන්ද්‍රගත වන නිසා, සෞම්‍ය ග්‍රහයෙක් වීමේ දෝෂයද මාරක ගෙන දේ. 

නමුත් ගුරු ඔහුගේ නවාංශකයේ කටකයේ උච්චව සිටි හෙයින්, යාන්තම් මරණයෙන් බේරී රටෙන් එළියට පැන ගන්නට හැකි විය. රජෙක් වන්නට රාජකීයත්වය ධනය පමණක් නොසෑහේ. එනම් යුධ බලයද තිබිය යුතුය. යුද්ධයට අධිපති කුජ ග්‍රහයා ඔහුගේ කේන්ද්‍රයේ මෙන්ම නවාංශකයේ, කුජගේම රාශියේ පතිත වී සිටියේය. සිංහ ලග්නයේ 4 වන රාශිය වන වෘශ්චිකයේ කුජ සිටියේ ශුක්ෂම කල්පනා සහිත කේතු සමඟ වීම නිසා ඔහු යුධ උපක්‍රමයේ අති දක්ෂයෙක් විය. රවි 12 සිටියද බුද සිටියේද රවි සමඟින් හෙයින් දුර දකින ඥානයක් ඔහුට තිබිණ. එසේ හෙයින් ඉහත ලියා ඇති උපදෙස්, එකලට ගැලපෙන සේ දෙන්නට ඔහුට හැකි විය.  

ගුරු මහ දශාවෙන් පසුව පැමිණි ශනි මහ දශාවේ ශනි අන්තරය ඵල රහිතව ගෙවී ගියේය. ඊළඟට එන්නේ ශනි ගේ බුද අන්තරය විය. ඒ කාලයේ ඔහුගේ බලය වර්ධනය විය. බුද යනු චන්ද්‍රයාගෙන් 10 වැන්නාධිපති වී රජයට හිමි කම් කියන තැනකි. තවද බුද සහ සඳු පරිවර්ථනය වී ඒ ග්‍රහයන් දෙදෙනාම ඉතා බලවත් විය. පරිවර්ථන යෝග දුර්ලභ වේ. බොහෝ විට රජුන්ට සහ ජන නායකයන්ට පමණක් ලැබෙන වාසනාවක් වේ. එපමණක් නොව සිකුරු සහ බුද නවාංශකයෙද පරිවර්ථනය වී තිබිණ  ඒ අතර ලග්නයේ සිටි ශනිට 7 වැන්න අයත් විය. 7 වැන්න ජනතාව නියෝජනය කරයි. මේ කාලයේ ජනතාවගේ සහාය නොමඳව ඔහුට ලැබිණි.  

එසේ හෙයින් බලයට නැවත ඒමට එම කාලයේ මහ දශාව මෙන්ම අතුරු දශාව ඔහුට ප්‍රයෝජනවත් විය. ඉතාලි හමුදාව පළවාහැර, නැවත රට එක සේසත් කරන්නට එම කාලයේ ඔහුට හැකි විය.  

මේ වෘතාන්තය අතීතයේ වූ දෙයක් සේ ලිව්වද, මේ ආකාරයටම වචනයක් නොවරදවා එය වන බව ආචාර්ය රාමන් මහතා ඔහුගේ සඟරාවේ සටහන් කර තිබිණි. අනාවැකි කියන්නේ මෙන්න මේවාට මිසෙක වචන ගොන්නක් කියා, පසුව නිවැරදි වන එක වචනයක් අල්ලා ගෙන දැඟලීම නොවේ. ජ්‍යෝතිෂය වූ කලී පිස්සන්ට, බොරු කාරයන්ට සහ මගඩින්ට ගෝචර වන දෙයක් නොවේ. 

ඉතියෝපියානු රජුගේ ආගමනය ඔහු කී එක් අනාවැකියක් පමණි. මේ ආකාරයේ බොහෝ දේ පවසා ඔහු මහත් කීර්තියක් අත් කරගත්තාක් පමණක් නොව, ජ්‍යෝතිෂය සත්‍ය වූද ලොවට ප්‍රයෝජනවත් විද්‍යාවක් බවද සාධනය කිරීමට සමත් වූයේය.                       

 

 

%d bloggers like this: