Menu Close

කොරෝනා වලක්වන මුඛ ආවරණය

                                        375_250-coronavirus__002_කුඩා රෙදි කෑල්ලකින් ලොකු දෙයක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා වටහා ගත්තේ පසුවය. කොරෝනා රෝගය ඉදිරියේ ඉන් එතරම් වැඩක් නැති බවක් ඇඟවෙන තොරතුරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල් අවදියේ පළවිය. ඇත්තටම මුඛ ආවරණයක් මගින් ඊට වඩා විශාල දෙයක් වන බව, සොයාගෙන ඇත. 

කොරෝනා මාරයා තවම අප අතර සැරිසරයි. ඕනෑම මොහොතක ලංකාවේ සුභවාදී තත්වය වෙනස් විය හැකි බව පසුව අන් රට වල රෝගය වැළඳුනු ආකාර බලන විට පෙනී යන දෙයකි. සමාජ දුරස්ථකරණය පවත්වාගෙන යමින් සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීම අද ඊයේට වඩා වැදගත් වන්නේ එහෙයිණි. 

 

ඔක්තෝබර් 1 වන විට, ‘වොෂිංටන් විශ්ව විද්‍යාලයේ’, සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනය ඇමරිකාවේ පුරා මරණ 159,497 සිට 213,715 දක්වා පරාසයක් සහිත ආකෘතියක් බදාදා නිකුත් කළේය. 2020 ඔක්තෝබර් වන විට COVID-19 හි එක්සත් ජනපද මෙසේ මරණ 180,000 ක් පමණ විය හැකි වුවද, මුඛ ආවරණ භාවිතයෙන් 33,000 ක් ජීවිත බේරා ගත හැකිය. බොහෝ විට මේ ආකෘතිය පරිඝනක දත්ත මගින් සොයා ගන්නට ඇත.

ආයතනයේ අධ්‍යක්ෂ, ‘වෛද්‍ය ක්‍රිස් මරේ’ පැවසුවේ වෙස්මුහුණු පැළඳීම වසංගතයට “ප්‍රබල බලපෑමක්” ඇති කරන බවයි. වෙස්මුහුණක් පැළඳීම “අතිශයින්ම අඩු වියදමකින් යුක්ත වන අතර, පුද්ගලයාට තුනෙන් එකක  – භාගයක් තරම් ඉහළ – සම්ප්‍රේෂණ අවදානම අඩු කරයි” යනුවෙන් ඔහු වීඩියෝ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. … “නමුත් ප්‍රජා මට්ටමින් ගත හොත්, අසාමාන්‍ය ජීවිත ගණනක් බේරා ගත හැකිය”…

ඇමරිකාවේ විශාලතම සිනමාහල් දාමය වන AMC හී “අවශ්‍ය නම් පමණක් මුහුණු ආවරණ” සේ වෙනස් කිරීම මහජන විරෝධය නිසා සිදු විය. කරයි. රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින්, …“වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා සරල රෙදි මුහුණු ආවරණ භාවිතා කරන්න”… යනුවෙන් අප්‍රේල් මාසයේදී උපදෙස් දුන් අතර පසුගිය කාලයේ ඒ තත්වය සමහර ප්‍රාන්ත වල ලිහිල් විය.

ඇමරිකාව එක්තරා විකාර රටකි. නිදහස මිනිසුන්ට අවශ්‍යය. එහෙත් මරණය පෙනී පෙනී නිදහස සොයන එක මෝඩ කමකි. නිදහස්ව ජීවත් වීම සහ සෞඛ්‍යමය ආරක්ෂාව යන්න සමබර විය යුතු වේ. එය නොපිළිගන්නා සාමාන්‍ය මිනිසුන් කියන්නේ, මුඛ ආවරණය පැළඳීම හෝ ඉන් වැළකීම ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් බවය. අවශ්‍ය නම් නිර්වස්ත්‍රව පාරේ ඇවිදිය හැකි රටක මුඛ ආවරණයේ වැදගත්කම අවබෝධ කර දීම අපහසු බවක් පෙනී යයි. ඔවුන් එය සළකන්නේ තමන්ගේ නිදහස නැති වීම සේය.

මේ සඳහා කිව හැකි සත්‍ය සිදුවීමක් වසර කීපයකට පෙර ඇමරිකාවේ සිදුවිය. මෝටර් සයිකල දැන්වීමක් සඳහා සම්පූර්ණයෙන්ම නිරුවත්ව, තරුණියක් ඒ මෝටර් සයිකලය පැද ගෙන ගිය අතර, ඇයව පොලිසිය මගින් නවත්වා දඩයක් නියම කරන ලදී. දඩය වූයේ හෙල්මට් එකක් නොපැළඳීම විය. නිරුවත්ව රිය පැදවීම ඒ ප්‍රාන්තයේ ගැටලුවක් නොවේ. අවාසනාවට මට මේ සිද්ධිය සිදුවූ ප්‍රාන්තය මතක නැත. 

තවත් අවස්ථාවක එක් ගැහැණියක් තමාගේ කුඩා බලු පැටවා නාවා, වෙලන්නට මයික්‍රෝ වේව් උදුනට දැම්මාය. ප්‍රතිඵලය නිශ්චිතය. එනම් බලු පැටවා මිය ගියේය. උදුන් නිෂ්පාදනය කරන සමාගමට විරුද්ධව නඩු කී ඇයට විශාල වන්දියක් ලැබිණි. හේතුව වූයේ උදුන හා සම්බන්ද උපදසේ පත්‍රිකාවේ සුරතල් සතුන් ඒ ඇතුලට නොදමන්න යයි නොලියා තිබීම විය. 

කොරෝනා වැළැක්වීම සඳහා උත්සාහ කරන ඇමරිකානු බළධාරීන්ට මේ විකාර තත්වයන්ට මුහුණ දෙන්නට සිදුවී ඇති බව පහත ආරංචි වලින් පෙනී යයි. 

මුඛ ආවරණ පැළඳීම මින්සුන් විසින් දේශපාලනීකරණය කරගෙන ඇත. එනම් මුඛ ආවරණ අනවශ්‍ය යයි විරෝධය දැක්වූ රැලි තිබිණ. 

ඇරිසෝනාවේ ආණ්ඩුකාර ‘ඩග් ඩියුසි’ විසින් මුඛ ආවරණ අවශ්‍ය බවට ප්‍රාදේශීය ප්‍රජාවන්ට බලය ලබා දුන් අතර, ස්කොට්ස්ඩේල් නගරාධිපති ‘ජිම් ලේන්’ සහ ෆීනික්ස් නගර සභාවද මුඛ ආවරණ අවශ්‍ය බවට නීති  නිකුත් කළහ. COVID-19 පැතිරීම මන්දගාමී කිරීම සඳහා ප්‍රසිද්ධියේ මුහුණු ආවරණ අවශ්‍ය වන බව වොෂිංටන් හී ආණ්ඩුකාර ‘ජේ ඉන්ස්ලී’ විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර, බදාදා උතුරු කැරොලිනා ආණ්ඩුකාර ‘රෝයි කූපර්’ ප්‍රසිද්ධියේ මුහුණු ආවරණ අවශ්‍ය විධායක නියෝගයකට අත්සන් තැබීය.

ඇරිසෝනා රෝහල් විසින් අඟහරුවාදා වාර්තා කරන ලද COVID-19 රෝගීන් සඳහා, මෙතෙක් ඇඳන් සහ වාතාශ්‍රය සපයන යන්ත්‍ර [ventilators] වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ජනරජය වාර්තා කරයි. USA වල දෙවැනි රැල්ල පළමුවැනි රැල්ලට වඩා බරපතළ වෙමින් ඊයේ [2020 ජූනි 24] වැඩිම රෝගීන් සංඛ්‍යාව ලෙස රෝගීන් 40,184 ක් වාර්තා විය.

ඇරිසෝනා හි නිවසේ රැඳී සිටීමේ ඇණවුම මැයි මැද භාගයේදී කල් ඉකුත් විය. නමුත් ජුනි මස මැද භාගය වන විට ප්‍රසිද්ධියේ මුහුණු ආවරණ පැළඳීමෙන් නව රෝගීන් 450,000 ක් පමණ වළක්වා ගත හැකි බව සෞඛ්‍ය කටයුතු සඟරාව විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

මුහුණු ආවරණ ඉතාමත් ප්‍රයෝජනවත්ය.  ඒවා ලෝකයේ ඕනෑම රටක අනිවාර්ය විය යුතුය.

‘සක්‍රමේටෝ ප්‍රෙස් ක්ලබ්’ සමඟ බදාදා ෆේස්බුක් සමඟ සජීවීව, රටේ ඉහළම බෝවන රෝග විශේෂඥ යෙක් වූ වෛද්‍ය ‘ඇන්තනි ෆවුසි’ පැවසුවේ, … “සෑම කෙනෙක්ම එළියට එන විට වෙස්මුහුණක් පැළඳිය යුතු”… බවයි. … “එය දේශපාලන ප්‍රශ්නයක් නොවිය යුතුයි”… “එය තනිකරම මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක්”… “දේශපාලනය අමතක කරන්න, දත්ත දෙස බලන්න”…

ඇරිසෝනා, කැලිෆෝනියා, ටෙක්සාස්, ෆ්ලොරිඩා, ඔක්ලහෝමා සහ දකුණු කැරොලිනාව මේ පසුගිය සතියේ වාර්තාගත ඉහළ දෛනික කොරෝනා වෛරස් රෝගීන් වාර්තා කර ඇති අතර, එක්සත් ජනපද ප්‍රාන්තවලින් අඩකට වඩා වැඩි සංඛ්‍යාවක සිද්ධි ගණනය කිරීම් අඛණ්ඩව ඉහළ යමින් පවතී.

… “තහවුරු වූ රෝගීන්ගේ වයස වාර්තා කරන රාජ්‍යයන් යෝජනා කරන්නේ, වයස්ගත පුද්ගලයින්ට වඩා සැලකිය යුතු ලෙස අඩු මරණ අවදානමක් ඇති තරුණ තරුණියන් තුළ වැඩි වශයෙන් රෝගීන් හඳුනාගෙන ඇති බවයි,” මුරේ පැවසීය. “ඉදිරි සති කිහිපය තුළ මෙය දිග හැරෙන්නේ කෙසේදැයි බැලීමට ඉතිරිව ඇත. සම්ප්‍රේෂණය දිගටම ඉහළ යන්නේ නම්, අවදානම් සහිත ජනගහනය තුළ ආසාදන වැඩි වන බව අපට පෙනෙනු ඇත.”

CDC නම් ආයතනය කියා සිටියේ, … “රෙදි මුහුණක් ආවරණය කිරීම පළඳින තැනැත්තා ආරක්ෂා නොකරනු ඇත, නමුත් එය පැළඳ සිටින තැනැත්තාට වෛරසය පැතිරීම වළක්වා ගත හැකිය”… “ප්‍රසිද්ධියේ රෙදි ආවරණයක් පැළඳීමෙන් අන් අයට සම්ප්‍රේෂණය අඩු කිරීමෙන් වෛරසය පැතිරීම මන්දගාමී විය හැකිය”… “ CDC විසින් ගෙදර හැදූ මුඛ ආවරණ නිර්මාණය කිරීම පිළිබඳ උපදෙස් ද නිකුත් කර ඇත.

… “සරල රෙදි මුහුණු ආවරණ නිවසේදීම සාදා ගත හැකි අතර COVID-19 පැතිරීම වැළැක්වීමට උපකාරී වේ”…සේ ඔවුන් ප්‍රකාශ කරති.

සමාජ දුරස්ථකරණය පවත්වාගෙන යමින් සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරමු. කොරෝනා මාරයා තවමත් අප අතර ගැවසේ. සමූහයක් සේ එක් වුවහොත් පමණක් කොරෝනා මාරයා පැරදවිය හැක.

https://www.msn.com/en-us/news/us/new-forecast-180-000-u-s-deaths-of-covid-19-by-october-but-mask-order-can-save-33-000/ar-BB15WkvE?ocid=OWAHP

 

%d bloggers like this: