Menu Close

ඉවසන්න තවත් ඉවසන්න

ඔබ නිවැරැදි නම්

එය ඉවසන්නට බැරිව
මුලින් ඔවුන් බනිවි
ඒත් ඔබ ඉවසන්න

එයත් ඉවසන්න බැරිව
දෙවනුව ඔවුන් නින්දා කරාවි
ඒත් ඔබ ඉවසන්න

එයත් ඉවසන්න බැරිව
තෙවනුව ඔවුන් පහරදේවි
ඒත් ඔබ ඉවසන්න

එයත් ඉවසන්න බැරිව
සිව්වනුව ඔවුන් ජීවිතය තොර කරන්න යාවි
ඒත් ඔබ ඉවසන්න

ඉවසලා ඉවසලා බැරිම තැන තවත් ඉවසන්න

එවිට ඔවුන්ට ඔවුන්ගේ වැඩපිලිවෙල ගැන කලකිරේවි
ඔවුන්ට ඔබ ගැන ගරුත්වයක් ඇතිවේවි
ඔවුන් ඔබ අගය කරාවි

%d bloggers like this: