Menu Close

The Jungle Ablaze

අය්යෝ! පාන්දර යාමයේ බොහොම කණගාටුදායක ආරංචියක් අනාවරණය වුනා. කුලීකරුවො කිසිම දෙනෙක් ඇවිත් නැහැ.

‘ඩාන්ටේගේ’ දර්ශනය! – ගිනිගත් වනය

දවස් දෙකකට ලැබුනු ගතමනාව ඔවුන්ට සතියකට ඇති. ඉතින් වැඩ කරන්නේ මොකටද? කොහොම වුනත් තෙවන දවසේ කිහිප දෙනෙක් පෙනී සිටියා.

Tea estate coolie lines - Housing accommodations
Ceylon Tea estate coolie lines – Housing accommodations by Plate & Co. [image courtesy: https://digitalcollections.nypl.org/ ]

කැළෑ භූමිය ගිනි තබා එළි කරන්නට ඕනි; මිනිස් ශ්‍රමයෙන්ම පමණක් කැලෑවක් එළි කරන්නට බැහැ. කුලී කරුවන් දුරින් දුරින් පොල් කොළ වලින් තැනූ ගිනි පන්දම් අල්වාගෙන සිටියා. වෙඩි හඬකින් ලද සංඥාවකට අනුව ඔවුන් වියළි ගස් අතුවලට ගින්දර තිබ්බා. බුර බුරා නැගෙන ගිනි ඝෝෂාවත් සමඟ විශිෂ්ට දර්ශනයක් මතු වුනා. ගිනි පුළිඟු වලින් වැගිරෙන ගිනි දැල් අහස උසටම නැගෙන්නට වුනා. දඹවන් දුමාරය ගිනි ඝෝෂාව මධ්‍යයේ දඟර ගැසි ගැසී ඉහළ වාතලයට මුසු වුනා. “ඩාන්ටේගේ කවියේ නරකාදිය වගේ!” සින්තියා හුස්මක් ගත්තා. [ඩාන්ටේ අලිගියෙරි, ඉතාලි ජාතික කවියෙකි (ca. 1200-1300). මධ්‍යකාලීන යුගයේ නරකාදිය (Inferno) ගැන සඳහන් වන ‘දිව්‍ය ප්‍රහසනය’ (The Divine Comedy) කාව්‍යය ඉතා ප්‍රචලිතය.]

Clearing forests to plant Tea, Ceylon
Clearing forests to plant Tea, Ceylon

ගින්නෙන් දුමින් නැගුනු යක්ෂයා – තඩි පිඹුරා මතුවූ සැටි

“බලන්න! අර බලන්න!” දුම් වළාවන් සහ බුර බුරා නැගෙන ගිනිදැල් අතරින් මතුවෙන තඩි පිඹුරෙක් දැක ඇය බෙරිහන් දුන්නා. ආරුක්කුවක් වගේ ඉස්සෙනවා, ආයෙ බඩින් ලිස්සලා ඉස්සරහට ඇදෙනවා. උගේ ලස්සන හමේ තිබුනු සලකුණු දරුණු ගින්දර ආලෝකයටයි හිරු ආලෝකයටයි දිලිසුනා. මේ දර්ශනයට හැමෝම වශී වුනා. තත්පරයකට දෙකකට ඌ සැඟවී ගියා, දුම අතරින් එතරම් හොඳට පෙනුනේ නැහැ. ඒත් ඉක්මනින්ම උගේ මැණික් කැට වගේ ඇස් දෙක බැබළෙන්නට පටන් ගත්තා. වේදනාවෙන් ඇඹරි ඇඹරි නළියන ස්වරූපය නැවත මතු වුනා. ඒ වියරු වැටුණු උත්සහය යෙදුනේ දවන ගිලදමන ගිනි දලු වලින් බේරීමටයි. ජීවිතය ලුහුබැඳ යන්නට කරන පුදුමාකාර දේවල්!

මේ කෘර ගිනි දළු යම් අරමුණකින් පසු වුනා වගේ පෙනනවා. හරියට යකෙකු ආරුඩ කරගන්නවා වගේ මේ කැලෑ ප්‍රාණියාව ආවේසයට ලක් කරගන්න හදනවා. උගේ පළායෑමත්, ගිනිදැල් ඌ ලුහුබැඳ යාමත් අවසන් වන තුරු කිසිවෙකුත් වචනයක්වත් කතා කලේ නැහැ. සිත් පිත් නැති ගිනිදලු ලුහුබඳින විට, පිඹුරා වේගවත් වන අතරේ මැණික් කැට වන් නෙත් වියරු වැටී දිලිසෙන්නට වුනා.

Boa Constrictor
Boa Constrictor photographed by Scowen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

ආත්මීය ත්‍රාසයක්

ඇවිළගත් වනයෙන් නැගෙන තාපය බොහොම අධිකයි. වනයේ වෙසෙන අනෙකුත් සතුන්ද පළා යන්නට උත්සහ දරන්නට එළිපහලියට ආවා. නමුත් ඉක්මනින්ම උන් ගින්නට අසුවී තව දුරටත් දැකගන්නට නොහැකි වුනා. තඩි පිඹුරා පමණයි බේරුනේ. ජීවිතය වෙනුවෙන් සටන් කරන තඩි පිඹුරා වේදනාත්මක කෙඳිරිල්ලේන් වෙලී සිටියත් බුර බුරා නැගෙන ගිනි ඝෝෂාව අතරේ සර්පයන්ගේ “හස්ස්ස්…. හස්ස්ස්ස්….” සද්දය පැහැදිලිව ඇසුනා. පිඹුරාගේ කෙඳිරිල්ල බොහොම වේදනාත්මකයි, අඳුරුයි. ඉන් නැගුනේ මරණයේ ස්වරය.

උගේ හයිරෝග්ලිෆික් වැනි සම ගින්නට අසු වූ වෙලේහි තේජාන්විත මධ්‍යාහේන හිරුට අභිමුඛව ඌ උගේ උපරිම තරම් දිගට දිග ඇදුනා. ඉන්පසු ගසක් වෙතට ඇදී එහි කඳ වටා වෙලී, ක්ෂණිකව ගහ බිමට පෙරළා දැමුවා. ගින්දරට ඉන්ධන, ඉන්ධන වැඩි වන විට ගිනිදැල් තව වැඩි වෙනවා පමණයි. උදුරා දැමුනු ගස එලෙසට දැවුනා. ඒත් මෙලෙස ඉන්ධන සැපයීම යම් උපායක් – සර්පයාගෙත් මොළේ හැටි! තත්පර කිහිපයකට කෑදර ගිනිදැල් තෘප්තියට පත් වුනා. මේ තත්පර කිහිපයේදි තමයි සියල්ල සිද්ධ වුනේ.

Snake Charmers
Snake Charmers photographed by Plate & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

නැණවත්, උපායශීලි තඩි පිඹුරා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්තා. එය තත්පර කිහිපයක් වුනද එය හොඳටම ප්‍රමාණවත් උවදුරින් ගැලවෙන්න. මේ විශාල ප්‍රාණියා යටිගාල උඩිනුත් යටිනුත්, කැඩි බිඳි විසිවී ගිය අතු අස්සෙනුත් වේගයෙන් ඇදි ඇදී ගියා. දඟර ගැසීම අඩු වෙලා, දිලිසෙන ඇස් බොඳ වෙලා ඌ ඈත වනයේ සැඟව ගියා. උගේ සලකුණක්වත් සොයා ගන්නට නැහැ. ඌව ආයේ කවදාවත් දැක්කෙත් නැහැ.

දඩ කෙළියට වඩා වටිනවා

“ඌට වෙඩි තියලා පිඹුරු හම ගත්තෙ නැත්තේ ඇයි?” අපේ යුරෝපීයයන්ගේ පළමු සහ නිතර ඇහෙන පැනය වුනා. නැහැ. දක්ෂම දඩයක්කාරයෙක් උනත් පැකිළෙන වෙලාවල් තියනවා. මේ ඒ වගේ වෙලාවක්. මේ මාහැඟි දර්ශනයේ මහිමයත්, බලාපොරොත්තු සුන්වූ තත්වයත් අමුතු පූජනීය බවක් ගෙනහැර පෑවා. නැතිනම් සින්තියා උනත් ඇගේ ආදර “තනි අලියාට” වෙඩි තියන්න තිබුනා.


කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 13

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 13


 

Alas! A piteous scene was revealed at dawn! None of the coolies turned up, moreover. The two days’ pay would keep them a week, why work? The third day, however, some of them put in an appearance. The forest land had to be burnt; no manual labour could effect that clearance. Coolies were consequently stationed at certain distances with blazing torches of rolled cocoanut leaves. At a given signal—the firing of a gun, they were to set fire to the dry and tangled branches. A swish and a roar and a magnificent spectacle was presented. Gigantic tongues of flames darted out from showers of sparks, with masses of purple smoke alternately belching forth and ascending in sunlit circles to the skies, amid a roar, a cracking and a stupendous glow. “A scene worthy of a Dante ! ” breathed Cynthia.

“Look! Look!” she cried, as from out the rolling clouds of smoke and the living tongues of flame there emerged a boa-constrictor! Now arched to the height of a giant, now gliding along on its belly, the marks on its beautiful skin glittered in the fierce light of fire and of sun. All looked on—fascinated by the sight. For a second or two it would be hidden or be seen very indistinctly through the smoke. But anon its gem like eyes would flash out, and its writhing, wriggling form reappear in a frantic endeavour to escape from the scorching, devouring flames. An exciting, an awful chase for life! It seemed there was purpose in those relentless flames. Like fiends they pursued, sometimes overtaking this monster of the forest. Not a word was spoken as the flight and pursuit went on. The jewel-like eyes scintillated frenziedly as the boa-constrictor sped on, the merciless flames pursuing.

The heat given out by the blazing forest was tremendous. Many other creatures of the jungle endeavouring to escape likewise came out. But they were speedily swallowed up, consumed, and seen no more. Only the boa-constrictor survived. Amidst the cracking and the roar the “hiss-hiss” of the cobra was distinctly audible, besides at times the muffled moan of the huge boa-constrictor in its flight for life. Dismal was that moan! It had the death-bell tone. Once, when the fire overtaking scorched the hieroglyphiced skin, the monster reared to well nigh its full length, facing the glorious midday sun. Then hurling itself at a tree, twined around the trunk, and uprooted it in an instant. Fuel for the fire, more fuel, which only made the blaze the greater. Ah, but it — the uprooted tree stayed its progress though! There was strategy in this supplying of fuel—the wisdom of the serpent. The rapacious flames were satisfied—for a few seconds. In these few seconds depended the issue of events.

The boa constrictor, cunning, wise, took advantage of this opportunity. A few seconds only. But that sufficed. Danger was left behind. With mighty leaps and bounds, at a pace pen cannot compete with, this huge creature coursed over and under the undergrowth, through the branches, many of which were broken and flung aside, its great coils diminishing, the flash of the glittering eyes becoming rarer and rarer, until the monster was lost in the distant jungle. Not a trace of him now, nor ever again was seen. “Why didn’t you shoot him and get his skin?” has been the first and frequent question asked by Europeans at home. No. There are times when the keenest sportsman hesitates. This was one of them. The grandeur of the scene, together with the desperation of the situation verged on the sacred. Cynthia would as soon have shot her darling “Rogue”—almost!


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 31

%d bloggers like this: