Menu Close

ඉමක් නැති ගමන

pngtree-taobao-clothing-cool-summer-cartoon-beach-banner-image_160228


අපමණ පෙණ පිඩු විසිරෙන වෙරළේ – දහසක් සටහන් වියැකී යනවා

අනේක සඳ හිරු තරු තිබුණද අහසේ – අඳුරෙන් අඳුරට අප යනවා …

තුන් යම තුන් කල්ප ගෙවාගෙන – ඇස නිදි නොලබා ගාටනවා 
සහන් එළිය මායාවක පැටලී – ගල් කුළු නැග බැස ඇවිදිනවා …

කරදිය වෙරළේ ඇවිදින විටදී  – වෙහෙසෙන පා යුග කකියනවා

පිපාසයෙන් ගත මිලිනව යද්දී – කඳුළැල්ලෙන් ඇස බොඳ වෙනවා … 

එතෙරක් නොපෙනෙන මේ දිගු ගමනේ  – දළ වැලි පොළවක අපි යනවා
බර පොදි එකිනෙක වැඩිවන ගමනේ – වෙහෙසෙන් ගත සිත මැළවෙනවා … 

මල් පෙණ පිඩු නැත පා සටහන් නැත – මඟ ඇති සළකුණු නැති වෙනවා
ලොව්තුරු පණිවිඩයක් රැඳී බොල් පෙන -වෙරළේ හැපෙමින් මිය යනවා …

%d bloggers like this: