Menu Close

හැඟුම් දඩමීමාට වහංවී – තෙවෙනි කොටස

ඔපරේෂන් කාමරයේ ඈට නියමිත කුදු-මහත් කාර්යයන් කරමින්……

….. මගේ වාට්ටුවේ ඉන්න අමරා දේවී මතක් වෙලා මෙයාට.

අමරා අපේ වාට්ටුවේ ජ්‍යෙෂ්ටතමයා වයසින්. ඔපරේශන් කාමරේ ඈට නියමිත කුදු මහත් සියලු කාර්යයන් මනාව කරන අතරම ඈ වැඩිමහලු සහෝදරියක මෙන් මගේ කෑම බීම ගැන නිරන්තරයෙන් සොයා බලනවා. මම දවසට තේ/කෝපි 15-20ක් බොනවනෙ!

ඒත් ලඟදි ඉඳල මම කොලඹ එන දවසට ‘මෙන්න මේ සුදුලූනු මාලුව තකහනියෙ හදල දෙන්නෙ කාටද’ කියල මට දැන් තේරිල තියෙන්නෙ! මල කෝලං!! මේ ඔක්කොම වාට්ටුව ගාව අඹ ගහ යටදි නිමල් අයිය අමරට චොකලට් එකක් දුන්නට පස්සෙනෙ. මේව මිනී මරාගන්න වෙන වැඩ ඕයි!

‘එතැනදී මෙයා අත් මිටි කරල හකුලල, අරය අත හොඳට දිග ඇරල පෙන්නන්න ඇතිගවීන්.

ඊට පස්සෙ ඒ එක test එකෙන්ම අමරව pass කරල චොකලට් එක දෙන්න ඇති!’ – මර්වින්.

‘මෙයා කොහෙද අපේ ඇහැට වැලි ගහන්නේ?’ – නෙවිල්.

නිදහසට කිසිවක් නොකියමි. තත්වූ පරිද්දෙන් පමණක් කියමි. දිනක් වාට්ටුවේ පිරිසට කුඩා කෘතවේදී සංග්‍රහයක් කළෙමි. එදින අමරා මිසී නිවාඩුය. එනිසා ඊළඟ වතාවේ යද්දී චොක්ලට් එකක් ගෙනගොස් ඇයට දුන්නෙමි!

එහෙත් ‘ආනන්ද සමරකෝන්’ එය හඳුන්වන්නේ ‘රාධා ක්‍රිෂ්ණා’ පෙම් පුවත වශයෙනි…………..

ඔය කතන්දරේ වෙච්චි වෙලාවේ මර්වින්ගෙන් පිටවුණු හමාර වාක්‍යයත් මෙතනට ඔබන්නලු! ඔන්න එහෙනම්: ‘නිමලය කුකුළා!’

අප්පද බොල, පීරිස් මහත්තයා දැන් කියන්නෙත් ‘කුකුළා අතින් අරගෙන’ කිරි වෙළෙඳාමේ යන යුවතිය ගැනමයි.

මෙන්න බලන්න නිමල් අයියේ, ආනන්ද සමරකෝන්ගෙ මේ ගීතයෙ විවරනය හාත්පසින්ම වෙනස්. මේක මම ගත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ආනන්ද සමරකෝන් අධ්‍යයනය පොතෙන්.

පුංචි සුදා සුදු කැටියාගීතය උදෑසන කිරි ගෙන යන ගැමි ළඳකගේ සහ ගැමි තරුණයකුගේ ප්‍රණය කලහයක් සේ පෙනෙන්නකි. එය එසේ වටහා ගැනීමෙහි ද වරදෙක් නැති. එහෙත් සමරකෝන් එය හඳුන්වා දෙන්නේ රාධා ක්‍රිෂ්ණාපෙම් පුවත වශයෙනි. ඔහු කරන විස්තරය බලන්න; හිස මත කිරි සැළියක් තබා සුරතින් සේරුවක් ද රැගෙන හිමිදිරියේ මාවතක් දිගේ ගමන් කරන රාධාට තම ආදරවන්ත ක්‍රිෂ්ණා මුණ ගැසුණි. ගෝපාලයෙකුගේ වෙස් ගෙන සිටි ක්‍රිෂ්ණා ඈට හඳුනා ගැනීමට නොහැකි විය.

ඔහු කුසගිනි බව පවසා ඇගෙන් කිරි ස්වල්පයක් ඉල්වූ නමුත් මුදල් නැතිව එය දීමට බැරි යැයි කියමින් ඈ යන්ට ගියා ය.

එවිට ක්‍රිෂ්ණා උදහස් ව තම ඉණේ සඟවා තිබූ වස් දඬුව ගෙන පිඹිමින් නැටීමට පටන් ගත් විට රාධාට ඔහු තම ආදරවන්ත ක්‍රිෂ්ණා බව හැඳින ගැනීමට පුලුවන් විය. ඈ ආපසු විත් කිරි සැළිය බිම තබා සේරුවට කිරි වත්කර ඔහුට ආදරයෙන් පිළිගැන්වූවා ය. 

සමහරුන් කියන්නාක්සේ පුංචි සුදා ගීතය ‘where are you going my …’ සිහි කරවන්නක්ද?

ප්‍රයෝගයෙහි දක්ෂ වූ ඔහු එය ප්‍රතික්ෂේප කළෙන් රාධා නැවත නැවතත් එය පිළිගන්නා මෙන් ආයාචනය කළා ය.

මඳ වේලාවක් මෙසේ යාඤා කළ පසු ක්‍රිෂ්ණා එය පිළිගෙන පානය කළේ ය. අන්තිමේ දී දෙදෙන පෙර සේ ම මිත්‍ර වූහ.

පුංචි සුදා ගීතය, ‘වෙයාර් ආ යූ ගොයිං මයි ප්‍රිටි ලේඩි නමැති ඉංග්‍රීසි ප්‍රබන්ධය සිහි ගන්වන ගීයක් ලෙස ද ඇතැම් ලේඛකයන් හඳුන්වා දී තිබේ.’

ඉතින් එකම ගීතයක් කී විදියකට පෙනෙන්න පුලුවන්ද? මම හිතන්නේ කලා කෘතිවල එන අත්දැකීම් අපේ පොදු අත්දැකීම්. අපි ජීවිතය/ සමාජය අත්දකින්නෙ අපේ අත්දැකීම් තුලින් බිහිවන පාට කන්නාඩිවලින්. ඒ නිසා ඒ තුලින් ජනිත වන කලා කෘති නිර්මානය වෙන්නෙත්, රස විඳීම හා අවබෝධය වන්නෙත් ඒ ඒ පාට කන්නාඩි හරහාමයි.

ඒ නිසා කලා කෘති දැකීමේ විවිධ කෝන අතර, නිර්මානකරුවගේ කෝනය වැදගත් උනත් එය තවත් එක් කෝනයක් විතරයි. 

හැබැයි ඉවසීමෙන්- එකඑක කෝන පූර්ව විනිශ්චයන්ගෙන් මිදී මනසිනුත්, හදවතිනුත් දකින්න පුලුවන් නම් අපේ ජීවන දෘශ්ඨිය පෘථුල වේවි; අපි වඩා සුන්දර මිනිසුන් වේවි.

හැමෝම වගේ ජීවිතය දිහා බලන්නෙ එක-එක වර්ගයෙ පාට කන්නාඩි දමාගෙන………

කිරි වෙලඳාමේ යන තරුනිය මේ ගීතය කිව්වට පස්සේ කියන්න වෙන ගීතය නම්:

මගෙ හිතේ සියුම් තැන් සොය සොය – රිදෙව්වත් නුඹයි 

ඒත් නුඹෙන් සිත නොමිදෙයි – පුදුමයක් තමයි

වැස්ස නුඹ වගෙයි….

කරුනාරත්න දිවුල්ගනේ ගයන්නේ. යමුනා මාලනිගෙ පද රචනය. මේකෙ සංගීතය ගුනදාස කපුගේ නේද?

ඔබ හිතනවා ඇති මම තේ කෝප්පෙ කුනාටු දකින්නෙක් කියල. ඔව්, වෙන්න පුලුවන්. මම තේ කෝප්පවල කුනාටු දකින්නෙක් වෙන්න පුලුවන්.

මේ දශක දෙකකට වැඩි රෝහල් ජීවිතේ මම උවමනාවටත් වඩා දැක තියනවා කිරි පොඩියක් නෙමේ; උගත් පෙම්වතියගේ බැංකු ගිනුම් ශේශය, ස්ථාවර තැන්පතු, ලිංගික සත්කාර, දෙමවුපියන්ගෙන් ලැබුනු ඉඩම් කෑල්ල ලියාගන්නා ප්‍රේමවන්තයින්;එච්චර අරගෙනත්  එක්කෝ දවසක ඈව පන්නා දමන, එහෙම නැත්නම් ඈව රෙදි හෝදන; ලමයි වදන; කෝකියන් බවට පමනක් පත් කරන්නවුන්.

ඒත් නුඹෙන් සිත නොමිදෙයි – පුදුමයක් තමයි…..

තමා අතීත වීරයෙකුට සමාන කරමින් මුසෝලිනීත් නිතරම ‘සීසර්’ව ඉස්සරහට ගත්තේය! ඒ හැඟීම් සංකීර්ණය මත ක්‍රියා කිරීමේ උපක්‍රමයෙන් වැඩ ගනිමිනි. 
කොහොම නමුත් මේ ගීත දෙකේදිමත්, ඊලඟට අප දකින උදාහරනවලත්, පොදු සාධකය තමා කෙනෙක්ගෙ හැඟීම් සංකීර්නය මත ක්‍රියා කිරීම මගින් වශී කිරීම/ වසඟයට ගැනීම; working on emotional complex!

මොකද්ද මෙයින් අදහස් වෙන්නෙ?

මුලින්ම කියන්න ඕන, මම මේ පදය නයට ගන්නෙ මහාචාර්ය සුචරිත ගම්ලත්ගෙ ගුරු ගුණ සමර පොතෙන් කියල. එහිදි ඔහු මෙහෙම කියනව.

‘සරච්චන්ද්‍රයන් සමග මගේ ඇසුර තව දුරටත් පැවතී ගෙන ගිය ආකාරයක් විය. එනම්, ගුණදාස අමරසේකරයන් හරහා ය. අමරසේකරයන්ගේ කාව්‍යවලටත් නවකථාවලටත් එකල පැවති, මෙකල නැති අදහස්වලටත් මහත් සේ ඇලුම් කළ මම අමරසේකරවාදියෙක් ව සිටියෙමි

…..මම අමරසේකරයන්ගෙන් බොහෝ දේ උගතිමි. ඉන් ප්‍රධාන ම දෙය නම් අමරසේකරයන් මට ඉගැන්වූ, මගේ දිවි හිමියෙන් මා හැර නො යන පාඩම යි. එනම්, කාව්‍යය හා සාහිත්‍යය ප්‍රථම කොටත්, ප්‍රමුඛ කොටත් පාඨකයාගේ හැඟීම් සංකීර්ණය මත ක්‍රියා කළ යුතු බව යි. සාහිත්‍යයට එසේ කළ හැකි වන්නේ….

ගුරු ගුණ සමර (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පිළිබඳ සැමරුමමහාචාර්ය සුචරිත ගම්ලත්1997)

ඈත අතීතයේ නම් කාය ශක්තිය, ආයුධ තියෙන කෙනාටයි දිනන්න ලැබුණේ. ඒත් අද….

අපි අතීතයෙ නම් කාය බලයෙන් ප්‍රශ්න විසඳගත්තා. ඔබට කැලේ අනික් ඉසව්වේ රැහේ එකියක් කැලේට ඇදගන යන්න හිතෙනවද? ඒකි ගාව ඉන්න එකා ඔලමොල ගොබිලෙක්/හාදයෙක්ද? යමු. අද රෑට; අපි ගිහින්… හතර පස් දෙනෙක් ඉවර කර, තව දහ පහලොස් දෙනෙක්ගෙ අතපය කඩා ඒකිවත් තව කැකුලියොනුත් කුදලාගෙන එමු; උනුත් ඒකම කලානෙ මීට හඳවල් (පෝය) තුනකට කලින්!


මේ විදියට වඩා සුව පහසු ගල්ගුහා, සරු දඩබිම්, ලිංගික සහකාරියන් වෙනුවෙන් අතින් පයින්, පොලු මුගුරුවලින්, මොට්ට/ තියුනු ආයුධවලින් සටන් කරමින් අපි පරිනාමය උනා.

ගැහැනු වඩවඩාත් ආයුධ එක්ක කරන ගනු දෙනු අඩු වෙද්දී, සහකාරියන් සහ මවුවරුන් ලෙස කරන කාර්යයනටම ලිංගික ශ්‍රම විභජනයෙන් තල්ලු වෙද්දී, එක්තරා විදියකට සුකොමල හා සුවිශේශි බවක් ඔවුන් ලැබූ නමුත්, අනික් අතට ඔවුන් බලරහිත උනා. 

ආයුධ දරන පිරිමින්ගේ බලග්‍රහයේ ඉන්නා අතරම, ආයුධවලින් තොරව ඔවුන්ගෙන් බලය සොරා ගන්නා විද්‍යාව/ කලාව අලුතෙන්ම ගොඩනගන්නත් ඔවුන්ට සිද්ධ උනා. පිරිමින්ගේ හැඟීම් මත ක්‍රියා කිරීමයි මෙම කලාවේ පදනම.

තමන්ව හෙළා දුටු ස්නාවක ජුවාම් තුමාගේ හිස රජ්ජුරුවන් ලවාම තැටියක තියලා ගෙන්නාගත්ත සැලොමි පිරිමින්ගේ හැඟීම් මත ක්‍රියා කළ යුතු විදිහ ප්‍රගුණ කරන්නැති!

“ඒකට නම් එකඟ වෙන්න බැහැ මචං. එහෙම කිව්වම නිකං, පිරිමි අපි සෙකන්ඩ් වෙනවා වගේනෙ!” ඒ අදහස අයියෝමය පුරුෂයෙකුගේ. හූමිටි දෙක තුනකුත් එකතු වුණා; ඒකට.

“පයන්නෝ, කියන ටික අහගෙන ඉඳලා තීරණේකට වරෙන්.” ඒ මොහොතේ නම් අපේ රසකාමියාට තරහ ගිහින් වගේ….

මෙන්න, අහගනිල්ලා.

එබසට දූ තුන්දෙන කියන්නාහු ස්වාමීනි අපට නොකියා ඒ හා පිරිසක් ගෙන ගොස් කුමට විඩා වූ සේක්ද? අපට කිවහොත් එක බල පිරිසකුත් නැතිව අපි තුන්දෙන ගොස් ඔහු කාම නමැති මලින් බදා ගෙන මුවපොල්ලකු සේ පෑලම්හ. දැනුදු ශෝක නොගෙන නුඹවහන්සේගේ දිව්‍යශ්‍රීම වුන මැනව……

අප මහ බෝසතානන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ශයක් දස පාරමිතා පුරා, සිදුහත් තාපසව, සොත්ථිය බමුනා දුන් කුසතනමිටි අටෙන් සිය පාරමිතාබලයෙන් වජ්‍රාසනය නිමවා, සිරිබෝ කඳට පිට දී ඉඳගත් කල, ඔවුහු බුද්ධත්වයට පත්වීමෙන් තමන්ට වන ව්‍යසනය දැක, වශවර්ති මාර දිව්‍ය පුත්‍රයා සිය සියලු සේනා, සියලු අවි ආයුධ, ගිරිමේඛලා ඇතු ඔහුට විරුද්ධව මෙහෙයවා දැන් මම තෝ දෙකකුලෙන් ගෙන පරසක්වල ගසමි; වහා තෝ මගේ වජ්‍රාසනයෙන් නැගිටිනු විධාන කල මුත්, සිදුහත් තාපසතුමා තම උදව්වට කැඳවූවේ අවිගත් බලගතු හමුදා නෙමේ; මහී කාන්තාව ව.

බුදු හිමියන් සමඟ සටනින් පැරදුණු මාරයා උදව් අරගන්නේ දුවලා තිදෙනාගෙන්… ගැහැනුන්ගෙන්…

බුදුවරයෙක් බුදු වීමට තවත් බුදුවරයෙක්ගෙන් නියත විවරන ලබද්දීත්, බුදු වීමට පෙර වෙස්සන්තර ජාතියෙහිදී හත් වාරයකදීත්, අවසන මාර පරාජයේදීත් වශයෙන් මහී කාන්තාව සාක්ශි වශයෙන් ගුගුරනවා නිමල් අයියේ, ශතඝෝශා, සහස්‍රඝෝශා ආදිය පවත්වමින්, දස දහසක් සක්වල දහ දහසක් මහ පොලෝ ගුගුරුවමින්, මාර පරාජයේදී නම් මීට අමතරව මහ පොලොව පැලී එකසියතිස්හතක් නරකාදි පාමින්.

මේ විදියට වශවර්ති මාර දෙවි පරාද වූ කල්හි තමන්ට දෙව් භවනේ ඉන්නට ලැජ්ජා නිසා දඹදිව අඥාත වීදියක මගී වෙසක් ගෙන වාඩි ලාගන, නිකට අතක තබාගන සුසුම් ලන කල්හි, ඊලඟට මෙසේ සටන අතට ගත්තේ කවුද? ඔහුගේම දියනියන් තිදෙනා: තන්හා, ආරතී (රතී), රඟා. අක්කා, නංගලා දෙන්නට මෙහෙම කියනවා:

නඟිනි (නංගිලා), පුරුෂයන්ගේ සිත් නම් නොයෙක් ආකාරය. සමහරකෙනෙක් බාලස්ත්‍රීන් කැමති වෙති. සමහරකෙනෙක් යෞවන ස්ත්‍රීන් කැමති වෙති. සමහරකෙනෙක් මධ්‍යමස්ත්‍රීන් කැමති වෙති. සමහරකෙනෙක් වෘද්ධස්ත්‍රීන් කැමති වෙති. ඒ සිද්ධාර්ථකුමාරයාගේ අදහස් නොවරදවා බදා ගනුම්හයි මන්ත්‍රණය කොටලා

දොළොස් හැවිරිදි කෙළි රූ සියයෙක, සොළොස් හැවිරිදි පළමුවන යෞවනයෙහි සිටි ස්ත්‍රී රූ සියයෙක, එක් දරුවන් ලද ස්ත්‍රී රූ සියයෙක, දෙදරුවන් ලද උත්තම ස්ත්‍රී රූ සියයෙක, එක දෙක නර දුටු ස්ත්‍රී රූ සියයෙක, විලිකුන් කෙස් ඇති මැහැලි රූ සියයෙකැයි මෙසේ සසියයක් වෙස් මවාගෙන

නානාප්‍රකාර ගැහැනු හයසීයක් තායම්-මායම් පාමින් කෙලෙස් වඩන්නට හැදුවත්……………

සිද්ධාර්ථයා අප පියාණන් මුහුණ ගෑ දැලි අද පිස හරිමෝමය. ඔහු සිල් බිඳිමෝමය කියකියා නන් විසිතුරු මලින් සරහන ලද නිල්වරලසින් හා කන් නමැති මධු ගුහාවට ගමන් ගත් නීලභෘඞ්ග…..

පූජාවලී/ මයුරපාද හිමි (ශාස්ත්‍රීය සංස්කරනය/ මහාචාර්ය ඒ. වී. සුරවීර, එච්. ඒ. පී. අභයවර්ධන, හර්බට් පතිරන1998)

ඉහත අප දුටුවේ ඒ අවස්ථාව මයුරපාද පරිවේනාධිපති වහන්සේ පූජාවලියේ දක්ශ කතාකරුවෙක් ලෙස විස්තර කරන අයුරුයි. මේ කොටසෙනුත්, ඊලඟට එන ඡේද කීපයෙනුත් අඩු ගනනේ පූජාවලිය ලියන කාලයෙදි පුරුශයන්ගේ සහකාරියන් තේරිලි (preferences),

පුරුශයන්ගේ සිත් ගන්නේ ලියන් කුමක් කරමින් හිටියොත්ද ආදී කරුනු ඉතා රසවත්ව උන්වහන්සේ සාරාංශ කරනවා.

(මගේ පැතුම; සිය තරුපහේ හෝටල් බඳු පන්සල් හා අති සුඛෝපභෝගී යාන වාහන උදුරාගත් කලෙක මෙන් මුසුප්පුව- ලමයින්ට ලිංගික අධ්‍යාපනය නොදෙන්නයි කෑ මොර දෙන බහුභාන්ඩික විභජ්ජවාදී නොවන යතිවරු, බොහෝ පන්සල්වල ඇති මේ අනඟි; සැබැවින්ම අතිපූජනීය ග්‍රන්ථය නොදකීවා යන්නයි!).

මෙසේ කාන්තාවන් පොදුවේත්; නගරසෝබිනී ගුරුකුල විසින් විශේශයෙනුත් ආයුධ රහිතව, හැඩිදැඩි ඔලමොල හැසිරීම් හෝ වචන රහිතව, විනීත සමාචාර සීමාවේ සිට, ඉතා සූක්ශමව, චෙස් ක්‍රීඩාවකදී මෙන් සිය ප්‍රතිවාදියා කලබල නොකර, පියවර ගනනාවක් ඉදිරියට සැලසුම්කර සැක නොහිතෙන කුඩා පියවරවලින් බලය අල්ලන විද්‍යාව මහත් සේ පෝශනය කලා.

“ඈ? ගෑනු එහෙම කළා?”

“හරියටම හරි. ඊට පස්සේ…..?”

දෙවෙනි ලෝක යුද්ධයේදී කාන්තාවන් ඉස්සරහට ගෙන්වාගත්තා………… දැන්වීම්වලින්…

ක්‍රමයෙන් පිරිමින්ට, මේ ගැහැනුන් විසින්ම දියුනු කර පිරිපහදු කල විද්‍යාව ප්‍රගුන කරන්න සිද්ධ උනා;

ගැහැනුන්ගේ බල අරගල තේරුම් ගන්න/

රාජ සබාවල අමාත්‍ය මන්ඩලවල හිනා වෙවී ප්‍රශස්ති ගායනා ගයන ගමන්, දිය යටින් ගිනි අරන් යමින් ක්‍රමයෙන් සිය බලය ව්‍යාප්ත කරන්න- නැත්නම් රජුට ලං වෙන්න- එහෙමත් නැත්නම් රජු බලයෙන් පහකර රජකම උදුරගන්න/

විදේශ තානාපති සේවයේදි/ රහස් ඔත්තු සේවා මූලධර්ම නිර්මානයේදී තම සතුරු මිතුරු රටවල් පාලනය කරන්න- 

වෙලෙඳ ගිවිසුම්/ දේශපාලන ගිවිසුම්වලදි අවස්ථාවාදීව තම රටට වැඩි වාසි නොදැනෙන අයුරින් ලබා ගන්න…..

ඒ විතරක් නෙමේ ගැහැනුන්ගේ ඒ විද්‍යාවම භාවිත කොට ගැහැනුන්වම වසඟ කරගන්න: යුධයට නිරායුධව ගොස් සතුරන්ගේ ආයුධ උදුරා උන්ටම කෙලනා සේ…..

යුරෝපීය රාජසබාවල, විශේශයෙන්ම ප්‍රංශයේ දහදහතර වන ලුවී රජුගෙන් පටන්ගෙන, පහලොස්වන හා දහසය වන ලුවී රජු කාලයේ, බැස්ටීලය බිඳවැටී ජාතික ඇසැම්බ්ලිය නිර්මානය වෙද්දි මෙම විද්‍යාව උච්චත්වයට ලඟා වී ආයෙ බහින්නත් උනා කියලයි මට හිතෙන්නෙ. 

අද වෙද්දි මෙම හැඟීම් සංකීර්නය මත ක්‍රියාකිරීමේ විද්‍යාව භාවිත කරන්නට ගැහැනු පිරිමි බේදයක් නෑ.

ඇයි ලංකාවේ දුම්රියවලට ගැහැනු නම් විතරක් දමලා තියෙන්නේ?

වැඩිමනත් මේක යොදාගන්නෙ බඩු විකුනන්න; ධම්ම ජාගොඩගෙ මිහිකතගේ දරුවෝ ටෙලි නාට්‍යයේ කියන්නාක් මෙන් ගෙදර කිරිවැස්සි විකුට, ඒ සල්ලිවලින් කිරිපිටි පැකට් එකක් ගන්න පොලඹවන ආකාරයේ මෙහෙයුම්වලට…..

මේ අනිකාගේ හැඟීම් සංකීර්නය මත ක්‍රියාකිරීම, කෙනෙක්ගෙ සිත ඇද ගැනීමේ, වසඟයට ගැනීමේ, තමා වෙත එක පැහැර තබා ගැනීමේ පදනමයි.

මෙය ප්‍රගුන කල තැනැත්තා/ තැනැත්තී එක්කෝ හොඳ සන්නිවේදකයෙක්/ අලෙවි නියෝජිතයෙක්/ සාර්ථක ස්ත්‍රී/ පුරුශ සොඬෙක්/ ජනප්‍රිය දේශපාලන නායකයෙක්/නායිකාවක්…..

‘එහෙම එවුන් අද ඉන්නවද පීරා?”

“ඕනි තරං ඉන්නවා මචං. ඒක පෙනෙන්නෙ මම කියන දේ හොඳට තේරුම් ගත්තම…. තියරිය තේරුම් ගන්නකොට නිකම්ම ඥානය පහළ වෙයි…. එතකොට නහයෙන් පෙන්වන්න; ඇඟිල්ලෙන් අනින්න ඕන්නෑ.” අයස්මන්ත මහත්තයා කීවේ ඉඟි මරමිනි.

මම වෛද්‍ය භූමිකාව කරද්දි මගේ රෝගීන්ගෙ හැඟීම් සංකීර්නය අල්ලගන්න වෙනව. ඔහුට/ ඈට ඇති බිය සැක සංකා දකින්නම වෙනව.

ඒවාට පිලියම් නොදුන්නහොත්, ලෝකයේ තියන විද්‍යාත්මකම; නිවරැදිම ප්‍රතිකාරය මම දුන්නත් සුව වෙන්නේ බාගෙට කඩින් කඩ.

ගං ඉවුරේ තරුණයා කොච්චර දක්ෂයිද කිව්වොත් තරුණිය හිතුවේ ඇය ඔහුව වසඟයට ගත්තා කියලයි!

අනෙක් අතට,මිනිසුන්ගෙ මානසිකත්වය තේරුම් ගෙන, රෝගය හා සමානව හෝ ඊටත් වඩා ප්‍රමුඛත්වය දී හැඟීම් සංකීර්නයට ප්‍රතිකාර කරන හොර වෙදා ගාව රෝගීන් රැස්කනු ඇති.ඔවුන්ට ඇත්තටම කායික මානසික සුවයට අමතරව, හොර වෛද්‍යතුමා විසින් වුනත් හරි  වෛද්‍යතුමා කල යුතුම කාර්යය හරියට කල නිසා- තමා වටිනා පුද්ගලයෙක්ය යන්න තමන්ට ම දැනෙන්න සලස්වපු නිසා.

ගං ඉවුරේ තරුනයා එය මනාව කලා. කෙතරම් හොඳින් කලාද කියතහොත් ගීතයේ පසු බාගයේදි තරුනිය හිතන්නෙ ඈ විසින් තරුනයාව බාගත් බවයි.

කිරි විකුනන්නිය හා තරුනයා සිදුවීමෙ නම් උනේ ත්‍රස්තවාදී ආක්‍රමනයක්. ඊට පසු සියල්ල හොඳින් පැවතුනා නම් එච්චරයි. හැබැයි එතනදීත් උනේ තරුනියගෙ අනුකම්පාව අවුස්සා තම වසඟයට ගැනීම.

එහෙනම්, වසඟයට ගැනීම, වසඟයට පත්වීම ආදරවන්තයින්ට පමනක් නෙමේ වෙනත් වෙනත් සම්බන්ධකම්වලදීත් නිරන්තරයෙන් සිද්ධ වෙන දෙයක්. දෙදෙනෙක් අතරෙ යෞවන ප්‍රේමය රාජ්‍ය පාලනයට යොදාගන්න පුලුවන්ද?

“අම්මට සිරි…”

“මේ, මැද්දට පනින්න එපා, ආයෙත් ඒ මනුස්සයාගේ mood එක බස්සලා….  ඉතින්, ඉතින්. මොකක්ද පීරිස් ඔය ආදර කතන්දරේ?”

“ මේක නිමල් අයියේ, චීන- ප්‍රංශ ආදර කතාවක්… ඒ වගේම දේශපාලන කතාවක්….”

****** 

‘මම නමින් ශී පෙයි පූ. චීනයේ.

ප්‍රංශ එම්බසියේ දෙවෙනියගේ නිවසේ, 1964 විතර තිබුණු සාදයට චීන ජාතික මටත් ආරාධනාවක් ….

නමසිය හැට ගනන්වලදි මම ජීවිකාව ලෙස තානාපති සේවාවල නියුතු වූවන්ට හා ඔවුන්ගේ දරුවන්ට අපේ චීන බස (මැන්ඩරින්) උගන්නනවා.

ප්‍රංශ එම්බසියෙ දෙවැන්නාගෙ නිවසේ අනෙකුත් මිතුරු විදේශ තානාපති කාර්ය මන්ඩලවල මිතුරු මිතුරියනුත්, ඔවුන් හා ගනුදෙනු කරන චීන ජාතික මටත් ආරාධිතව ඉරනම් සහගත සාදයක් පැවතුනෙ 1964දි වගෙ. කිසිවෙක් එක්ක වැඩි කතාබහක් නැතිව කාන්සියෙන් එකෙල මෙකෙල වෙන ප්‍රංශ තරුනයෙක්ගෙ ඇස් මටත් නොදැන හොරෙන් මාව හඹන්න උනා. ඒ මොනවදෝ හොයන ඇස්- අතෘප්තිමත් ඇස්! මොනවද ඔය හොයන්නේ? මොනවද ඔහුට ඕනේ?

ටික වෙලාවක් යද්දී ඔහුට දැනුනා මමත් ඔහුව නරඹන බව.

ඒත් මම එතරම් ඔහුව තැකීමකට ගත්තෙ නෑ. ඔහුට තව දුරටත් කෙලින්ම විවෘතවම  මා දිහා නොබලා ඉන්න බැරි උනා; මගේ ඇස්! මඟ හරින්න බැරි; හදවත විනිවිද යන ඇස්. 

අප එකිනෙකා අදුන්වාගත්තා. ඔහු නමින් බෙයනාර් බුසිකො (Bernard Bouriscot); ප්‍රංශ එම්බසියෙ ගනකාධිකාරිවරයෙක්. කතා කරගන යද්දී මට දැනුනා ඔහුගෙ පැරනි චීනය ගැන ඇති අතිමහත් ගෞරවයත්;දැන ගැනීමට ඇති නොතිත් ආශාවත්.

ඔහුට මගේ- සිහින් ගෙලත්, සිහින් කුඩා ඇඟිලිත් දිහා වරින්වර නොබලා ඉන්න බෑ වගේ. මගේ කටහඬත් ඔහුට මිහිරක් වගෙයි.

මගේ ඇස්… මඟාරින්න බැරි ඇස්…. හදවත විනිවිද යන ඇස්….

ඒ වෙනකොට ඔහු සිහිනෙන් මෙන් කියවා- අසා තිබූ රාජකීය චීනය නෙමේ ඔහුව පිලිගත්තේ; බටහිර ධනවාදී ජාතිකයන් දිහා සැකමුසුව බලන, රජයේ අවසරයකින් තොරව විදේශිකයන් සමග ඇයි හොඳයිකම් තහනම් වූ චීනයක්. ඔහුගේ කුහුල ඔහුව නොදන්න දීපංකරේක අතරමං කලා වගේ කලකිරීමකින් ඉන්න බව මට හොඳට දැනුනා.

ක්‍රමයෙන් අපි……….

%d bloggers like this: