Menu Close

වාහන විත්ති 401 – කැනඩාවේ ඇල්බර්ටා හි විදුළි මෝටර් රථ භාවිතය .

Untitledමේ සිතියම දුටු විගස ඔබ මෙන්ම මාද සිතුවේ, එය ඇමරිකාවේ සිදුවන කොරෝනා ව්යාප්තිය ලෙසය. එය එසේ නොවේ.
 
මුලින් කැනඩාව දෙස බලමු.
 
වැඩියෙන් මෙන්ම, වඩා හොඳ ආරෝපණ මධ්යස්ථාන ලැබීම නිසා, ඊළඟ ගිම්හානයේදී සංචාරකයින් තම විදුලි වාහන වලින්, කැනඩාවේ ඇල්බර්ටා ප්රදේශයේ කිලෝමීටර් දහස් ගණනක් ධාවනය කරනු ඇත.
සංචාරක ගමනාන්ත දුසිම් ගණනක් සම්බන්ධ කරන දුම්රිය ස්ථාන ඉදි කිරීම් මේ වසර අවසන් වන විට සාර්ථකව අවසන් වනු ඇත. ඊට අමතරව මහ නගර සභා එකතුවේ අරමුණ “ඊවී විදුළි වාහන සංචාරක ව්යාපාරය” [EV] සඳහා මුදල් යෙදවීමයි.
 
විදුළි වාහන භාවිතා කරන්නන් හට ඒවා තවත් දියුණු කිරීමට ආරාධනා කිරීමෙන්, ඔවුන්ද ඊට මූල්යමය ආධාර කරනු ඇතැයි යන බලාපොරොත්තුව බළධාරීන්ගේ ඇත.
 
මෙහි විශේෂත්වය නම්, එය සිදුවන්නේ තෙල් රටක වීමය. වසරෙන් භාගයක පමණ කාලයක් හිරු එළියේ මඳ කම නිසා, සූර්ය පැනල වලින් බලය ලබාගැනීම එහි එතරම් කාර්යක්ෂම නැතිවීම එක හේතුවකි. කැනඩාවේ ඇල්බර්ටා හි අපිරිසිදු ජාලයට විදුළි වාහනයක් [EV] සම්බන්ධ කිරීම මෝඩ වැඩක් සේ පෙනුනද, ඇත්ත වශයෙන්ම එය මෝඩ කමක් නොවේ. මෙහිදී, ‘අපිරිසිදු ජාළය’ යයි කියනු ලැබුවේ, එහි බල ශක්තියේ වැඩි ප්රමාණයක් ගල් අඟුරු වලින් ලබා ගැනීම හෙයිණි.
 
ඩොලර් මිලියන 2 ක ව්යාපෘතියකින් දකුණු ඇල්බර්ටා හි, ‘සෘජු ධාරා සීඝ්ර ආරෝපිත ස්ථාන’ (DCFC) සහ 2 මට්ටමේ දුම්රිය ස්ථාන [Level 2 stations ] 20 ක් දැකගත හැකිය.
 
එය පරිසරයට ඉතා හිතකාරී වේ. ගල් අඟුරු බලයෙන් වුවද ඔබේ ඉලක්කය වන්නේ, කාබන් අඩිපාර [Carbon foot print] අඩු කිරීම නම්, විදුළි වාහනයක් ධාවනය කිරීම ඒ බලාපොරොත්තුව ඉටු වීමකි. විදුළිය ජල වේලි වලින් ජනනය වන විට, එය ජනක යන්ත්රවලට බලය සපයන ගංගාවේ ජලය තරම්ම පිරිසිදු ය. නමුත් ඇල්බර්ටා හි විදුළියෙන් වැඩි ප්රමාණයක් ජනනය කරනු ලබන්නේ ගල් අඟුරු බලාගාර වලිනි.
 
2030 වන විට ගල් අඟුරු බලාගාර අඩක් ඉවත් කිරීමට සැලසුමක් ඇත. නමුත් ඇල්බර්ටාහි විදුළි බල පද්ධතියට විදුළිය සැපයීම සඳහා සැළකිය යුතු ගෑස් ප්රමාණයක් භාවිතා කරයි. වර්තමානයේ, ඇල්බර්ටා හි විදුළියට පුනර්ජනනීය බලය හරහා ලැබෙන්නේ ඉතා සුළු ප්රතිශතයක් පමණි. සූර්ය හා සුළං වැනි පුනර්ජනනීය බලශක්ති ප්රභවයන්ගෙන් එය සියයට 30 දක්වා වැඩි කිරීමට 2030 වසරේ බලාපොරොත්තු වේ.
 
ඛනිජ තෙල් දහනය කරන, ‘ෆෝර්ඩ් F-150’ වාහනයකට වඩා ගල් අඟුරු මගින් ජනනය වන විදුළියෙන් ධාවනය වන විදුළි වාහනයක් [EV] ධාවනය වීමේ ඇති පරිසර වේදිත්වය කුමක්දැයි සංශයවාදීන් තර්ක කිරීමට හේතු වී ඇත්තේ මෙම අපිරිසිදු ජාළකයයි. එහෙත් එම සංශයවාදීන් වැරදිය. සම්පූර්ණ ප්රදේශයේම හෝ රටක වාහන සියල්ල එකවර විද්යුත්කරණය කිරීමේ කළ නොහැක. එය හොඳ අදහසකි. එහෙත් ප්රායෝගික නැත. ලංකාවේ සමහර විශේෂඥයන් කියන අයද එය පෙන්වා දී ඇත. 🙂
 
එයත් හරියට, … “නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් සොයනවා වැනිය”… කිසියම් දිනෙක එය වනු ඇත. ඒ සඳහා අවශ්ය යටිතල පහසුකම් මුලින්ම සැපයිය යුතුය. ඒ නැතිව ප්රායෝගික නොවන විසඳුම් පෙන්වීමෙන් කාටවත් ඇති පලක් නැත. ඒ අනුව ලංකාවේ ඊනියා බල ශක්ති විශේෂඥයන් කියන්නන්, ජනතාවගේ ඇහැට වැලි ගැසීමක් කරති. පැහැදිළිවම ප්රවාහනය නිසා වන විමෝචනය වඩා වැඩිය. එහෙත් ඒ විමෝචනය අඩු කිරීම සඳහා කැප කල යුතු දේ බොහෝ වැඩිය.
 
ඒ සඳහා ආණ්ඩුවක් මගින් කල යුතු බදු සහන නීති සංශෝදන සහ විදුළි වාහන ප්රවර්ධනය සඳහා අවශ්ය පියවර ගැනීම් වැනි කාළය ගතවන වෙනම පිළිවෙතක් අනුගමනය කල යුතු වේ.
 
කැනඩාවේ වන්නේ එයය.
 
එතරම් කාබන් විමෝචනයක් නැති පෙට්රල් වලින් දිවෙන කුඩා හොණ්ඩා සිවික් වාහනයක් භාවිතා කරනවාට වඩා ඇල්බර්ටා හි අපවිත්ර බල ශක්ති ජාළයෙන් ආරෝපණය කරන ලද විදුළි වාහනයක් ධාවනය කිරීම වඩාත් පරිසර හිතවේදී වේ. තවද විදුළි වාහනය භාවිතා කිරීම ලාභද වේ. මෙයට හේතුව වන්නේ ඇල්බර්ටා හි, සම්පූර්ණ බල ශක්තිය ජනනය කරන්නේ ගල් අඟුරු වලින් නොවීමත්, තිබෙන ගල් අඟුරු බලාගාර සාමාන්ය ෆොසිල ඉන්ධන වාහනයකට වඩා කාර්යක්ෂම වීමත් හේතුවෙනි.
 
මෙහිදී සැළකිය යුතු තවත් කාරණයක් නම්, ඇල්බර්ටා හි පෙට්රෝලියම් ඉන්ධන මිල කැනඩාවේ අනෙක් ස්ථාන වලට වඩා අඩු බවය. එසේ වීත්, විදුළි වාහන භාවිතය ලාභ වේ. නැතිනම් පසුගිය 2020 මාර්තු මාසයේ ඇල්බර්ටා හි විකුණු වාහන වලින් 60%ක් විදුළි වාහන වූයේ ඇයි ?.
 
ඇල්බර්ටා හි විදුළි වාහන සංගමයේ අධ්යක්ෂක, ‘විලියම් යෝක්’ පවසන්නේ “අපට ගල් අඟුරු ජාලයක් ඇති බැවින් අපි විදුළි වාහන ධාවනය නොකළ යුතුය”… යන්නය. ඒ තර්කය වැරදිය. හේතුව ඇල්බර්ටා හි සදහටම ගල් අඟුරු බලාගාර පවතින්නේ නැති හෙයිණි. අද දින වන විටද ගල් අඟුරු බලාගාර වලින් භාගයක් භාවිතා වන්නේ නැත. තවත් හේතුවක් ඇත.
 
කැනඩාව ඉතා සීතල රටකි. කැනඩාවේ ඇල්බර්ටා හි විදුළි වාහන ක්රියාත්මක වීමේදී, ‘ඒ සීතල නිසා ගැටළු පැන නගින්නේය’ යන්න ඊළඟ සැකය වේ. විශේෂයෙන් දැඩි සීතල ඇති සීත සෘතුවේ විදුළි වාහන වල යෑමට හැකි දුර අඩුවේ. විශේෂයෙන්ම වාහනයේ අභ්යන්තරය උණුසුම් කිරීමට ‘හීටර්ස්’ එවිට ක්රියාත්මක කල යුතු හෙයිණි. එහෙත් මෝටරයේ හෝ අනෙක් යාන්ත්රණ ක්රියාත්මක වීමට ඒ සීතල බලපාන්නේ ඉතාමත් අඩු වශයෙන් බව ‘AAA’ යන ඇමරිකානු සංවිධානය පවසයි.
 
නමුත් වාහනය උණුසුම් කිරීමට බැටරි වල බලය භාවිතා වන හෙයින් ඒ යා හැකි දුර ප්රමාණය 41% කට අඩු වේ. මෙය විදුළි වාහනයකට පමණක් පොදු දෙයක් නොවේ. ෆොසිල ඉන්ධන වාහන වලටද එය පොදු දෙයකි. තවද විදුළි වාහනයක් ඉතා ඉක්මනින් උණුසුම් කල හැක. ෆොසිල ඉන්ධන වාහනයක් එසේ උණුසුම් කල නොහැක්කේ රත් කිරීම සඳහා විශාල තාප ධාරිතාවයක් අවශ්ය එන්ජිම සහ අනෙකුත් උපාංග රත් වීමට කාලයක් ගත වන හෙයිණි.
 
උදාහරණයක් සේ සෙන්ටිග්රේඩ් අංශක සෘණ ප්රමාණයට සීතල වූ රාත්රියක ‘ටෙස්ලා මොඩල් 3’ වාහනයක් මිනිත්තු දෙකකට අඩු කාලයකදී සෙන්ටිග්රේඩ් අංශක 20- 25 කට පමණ උණුසුම් කල හැකිය.
 
ලංකාවට ඉන් වැඩක් නැති වුවද, කැනඩාව වැනි ඉතා සීතල රටකට එය ඉතා වැදගත් දෙයකි. නමුත් ඕනෑම රටකට වැදගත් එක දෙයක් ඇත. එනම් ෆොසිල ඉන්ධන වලින් දිවෙන වාහනයක අඩු කාර්යක්ෂමතාවය වේ. ඔබ පෙට්රල් හෝ ඩීසල් මිලට ගන්නේ, ගමනක් යෑමට මිසෙක ගිණි ගොඩක් ගැසීමට නොවේ. එහෙත් ඒ ගමන යෑමට එම පෙට්රල් වලින් 80% පමණ භාවිතා කර ගිණි ගොඩක් ගසයි. එනම් ඉන් වාහනයේ එන්ජිම ඇතුළු උපාංග රත් කරයි.
 
ඉතිරිය වන 20% ක පමණ ප්රමාණය පමණක් ප්රවාහනය සඳහා යෙදේ. … “මා තවමත් ගිණි ගොඩවල් ගසන්නෙක්ද ?… යන්න අප, අපෙන්ම විමැසිය යුතුය.
 
කැනඩාවේ විදුළි වාහන පදවන්නන් කියන තවත් දෙයක් නම්, … “විදුළි වාහන ෆොසිල වාහන මෙන් සීත කාලයේ ලෙඩ දෙන්නේ නැත”… යන්නය. ඇත්තටම විදුළි වාහනයක් ගැටළු ඇති නොකරන්නට, සීතල බාධකයක් නොවන්නා සේම, එහි ඇති උපාංග ප්රමාණය අවමයක් වීමද තවත් හේතුවකි.
 
ලංකාව වැනි රටකට මෙහි වාසි සහ අවාසි දෙකම ඇත. වාහනයක ඇතුලාන්තය පිටට වඩා විශාල වෙනසකින් රත් කිරීමක් ලංකාවට අනවශ්යය. බැටරියේ ගැබ්ව ඇති බල ශක්තිය එතරම් වැය නොවීම එවිට වාසියකි. එහෙත් බාහිර උෂ්ණත්වය වැඩි වීම බැටරි වලට හොඳ නැත. මේ තත්වය නම්, දැන් දැන් වෙනස් වෙමින් පවතින්නේ, ටෙස්ලා, රෙනෝල්ට් වැනි විදුළි වාහන වල බැටරි සක්රීය සිසිලකරණය [Active cooling] මගින් වන හෙයිනි.
 
එනම් බැටරි හරහා සිසිලණ ද්රවයක් සංසරණය වේ.
 
උදාහරණයක් සේ 2019 වසරේ නිසාන් ලීෆ් රථයේ බැටරි සඳහා සක්රීය සිසිලකරණයක් නැති වුවද, උෂ්ණත්වය අනුව බැටරි වල තත්වයේ බාල වීම, පැරණි නිසාන් ලීෆ් රථයේ මෙන් වේගයෙන් සිදු නොවේ. එනම් එය අවමයක් වූයේ බැටරි තාක්ෂණය එන්න එන්නම වෙනස් වූ හෙයිණි.
 
පසුගියදා ටෙස්ලා වැනි විදුළිය මගින් පමණක් දුවන මෝටර් රථ වලට බැටරි සපයන චීන සමාගම සැතපුම් මිලියනයක් හෙවත් කිලෝ මීටර් මිලියන් 1.4 ක් ගමන් කිරීමට ආයු කාලය ඇති බැටරියක් නිෂ්පාදනය කල බව පවසා තිබුණු බව ඔබ අසන්නට ඇත. සාමාන්ය රියදුරෙක් වසරකට කිලෝ මීටර් 20,000 ක් පමණ වාහනය පදවයි. ඒ රියදුරා කිලෝ මීටර් 25,000 ක් ධාවනය කලද, ඔහුට ඉහත කී බැටරිය ඇති වාහනයක් වසර 54ක් ධාවනය කල හැක.
 
මේ ලිපිය බලන කෙනෙක් වසර 54ක් ඔය ආකාරයට වාහන ධාවනය කර තිබේද ?
 
“ෆෝඩ් එෆ්- කාණ්ඩයේ වාහනය”, යනු පළාතේ මෙන්ම කැනඩාවේ සෙසු ප්රදේශවලද වැඩියෙන්ම අලෙවි වන වාහනයයි. එබැවින් බොහෝ ඇල්බර්ටා වැසියන්, ඊට සාපේක්ෂව ‘ටෙස්ලා’, ‘නිසාන් ලීෆ්’ හෝ ‘කියා සෝල්’ වලට කැමති නැත. නමුත් මේ තත්වය කෙමෙන් වෙනස් වන බව ෆෝර්ඩ් සමාගම දනී. ඒ නිසා ඒ ෆෝර්ඩ් වාහනයේ විදුළි වාහනය අනාගතයේ F-Series වලට ඇතුළත් වනු ඇත.
 
වාහන නිෂ්පාදනයේ දැවැන්තයෙක් වන ෆෝර්ඩ් සමාගම, ටෙස්ලා වැනි සමාගම් ඉදිරියේ තවත් ‘කොඩැක් සෙලිලොයිඩ් පට සමාගමක්’ වන්නේ නැති බවට ලකුණු දැනටමත් පෙන්වා ඇත. එනම් ඔවුන් වේගයෙන් විදුළි වාහන නිර්මාණයේ ලා උත්සුක වෙති.
 
ඉහත සිතියම මගින් පෙන්වන්නේ, ඇමරිකාවේ කොරෝනා ව්යාප්තිය නොව, විදුළි ආරෝපිත ස්ථාන ව්යාප්තිය වේ. ඩේටා තිබේ නම්, පහත ලින්ක්ස් බැලුවාට අහක යන්නේ නැත.
ෆෝර්ඩ් සමාගම සිය පළමු පූර්ණ විද්යුත් එෆ්-ශ්රේණිය ලබන වසරේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන අතර, එය එහි අනෙක් විදුළි වාහන වලට වඩා ඉදිරියෙන් ඇති බවත් වඩා විශාල ධාරිතාවයක් ඇති බවට පොරොන්දු වේ.
 
%d bloggers like this: