Menu Close

Wild Buffaloes Break-in

පාන්දර හයට පත්තුවෙන තුවක්කු සද්දය කුලීකරුවන්ට එක් රැස් වෙන්නට ලැබෙන සංඥාවයි. ඔවුන් එයට අලසව බුම්මාගත් මුහුණුවරින් කීකරු වෙනවා. කොහොමටවත් සිත්ගන්නාසුළු කණ්ඩායමක් නොවෙයි.

සින්තියාගේ කැලෑ නිවසේ පළමු පාටිය

කොහෙද මේ පාලක තැන? තාමත් නෑ. ලක්දිවේදි ඒ වගේ දේවල් කවුරුවත් දන්නේ නෑ. කුලීලා උදැල්ලෙන් පොළව හාරන්නට පටන් ගත්තා. එහෙම දෙයක් කරවගන්න පටන් ගන්න එක එච්චර අමාරුවක් නැහැ. ඒත් ඒ වැඩේ දිගටම කරවගන්න එක තමයි අමාරු. සුදු මිනිස්සු හැරිලා යනවත් එක්කම උදලුත් බිම හිටවෙනවා. අධීක්ෂණයක් නැතුව මෙහෙ කිසි දෙයක් හරියට සිදුවෙන්නේ නැහැ.

යටි කැළෑවෙන් නැගෙන මත් කරවන සහ විෂ සහිත දුමාරය සින්තියාට කරකැවිල්ල ඇති කළා. එනිසා ඇයට නැවත බංගලාව වෙත යෑමට සිදුවුනා. වාසනාවකට වගේ ඔවුන් එහි එනවිට ගෙන ආ සඟරා, ඒ නීරස දවසේ ඇයට පිහිට වුනා. පැය කිහිපයකට පමණ පසුව එයින් නෙත් ඉවතට ගෙන බැලූ ඇයට ස්වදේශික කාන්තාවන් දුසිමකට අධික ප්‍රමාණයක් ඉබාගාතේ යන පෙරහැරක් මෙන් ඈ අභිමුවට පැමිණෙනු දැකගත හැකි වුනා. සියලුම සිදුවීම් වලින් මේ සිදුවීම ඇගේ පාළුව සහ ඒකාකාරි බව බිඳලන්න සමත්වුනා.

“මොනාද උඹලට උවමනා?” සමහර විට ඇගේ සිංහල බසෙහි අඩුපාඩුකම් නිසා වෙන්නට ඇති පිළිතුරකට වඩා ගල්වූ බැල්මක් පෙරලා ලැබුනේ.  සින්තියා කෝකියා කැඳෙව්වා, ඇයට නැතුවම බැරි මානව සම්පත – ඔහුට සිහියක් තියන වෙලාවට.

“පලයන්!” ඔහු කීවා.

“නෑ, උන්ට යන්න කියන්න එපා. අහන්න උන්ට මොනාද උවමනා කියලා,” සින්තියා කිව්වා.

“ඉංග්‍රීසි නෝනාව බලන්න ඇවිත්,” ඊට පරිවර්තනය වූ පිළිතුර ලැබුනා. “ඊට කලින් ඉංග්‍රීසි නෝනා කෙනෙක් ජීවිතේට දැකලා නෑලු.”

“ඕ! එහෙමද! එහෙනම් උන්ට ඇවිත් ඇතිවෙනකන් බලාගන්නයි කියාපන්.” කෝකියා විරිත්තා ආරාධනාව කියා පෑවා.

Vintage colonial topee
Vintage colonial topee

සින්තියා ඊට ගෙවන්න වෙන වන්දිය ගැන දැන සිටියේ නැහැ. මේ ස්වදේශිකයන් බොහොම සරල මිනිස්සු. ඔවුන් සෑම බිම් අඟලකම අරක්ගත්තා. ගෑනු එක්කෙනා එක්කෙනා පෝලිමට ආවේ, හරියට නිකන් පෙළට ආවොත් පිටිපස්සේ යකෙක් ඉඳියි වගේ. ඔවුන් සියලු දෙනාම වෙලාවටම ඇවිත්, සින්තියාගේ හිසේ ටෝපියේ (හිස්වැසුම් වර්ගයක්) සිට ලෙදර් අඩි සහිත සපත්තු සහිත පාදාන්තය දක්වාද, පාදාන්තයේ සිට හිස දක්වාද බලා, වෙලාවටම පිට වුනා. ඔවුනගේ වඩාත්ම සිත් ගත්තේ බොත්තම් දොළසක් ඇති මුව හමින් සැකසු අත් වැස්මයි. අත් වැසුම් වලට ඔවුනගේ විශාල කලු ඇස් වශී කරගන්නට හැකි වුනා. සින්තියා මේ අත්වැසුම් බොහොම වැදගත් දෙයක් ලෙස සැලකුවා. ඒවා අතේ ගානටම ගැලපුනා. සින්තියා කැලෑවේදි අත්මේස් ගැන මෙච්චර සැලකිල්ලක් දක්වන්නේ, ඒවා නොමැති විට ඇගේ අත් මදුරුවන්ට කදිම බෝජන සංග්‍රහයක් වෙන හන්දයි.

Vintage Long Elbow Length Gloves Washable Doeskin
Vintage Long Elbow Length Gloves Washable Doeskin

ගැහැණියකගේ උඬගුකමට වැදුනු පහරක්

“ඔවුන් මගේ අත්වැසුම් ගැන වර්ණනා කරනවා ඇති,” ඇය සිතුවා. “කොහොම හරි අන්තිමට සොබාදහම හන්දා කැලෑවෙදි උනත් අපි ඔක්කොම එක වගේ,” සින්තියා දාර්ශනිකව සහ ඒ සමඟම ස්ත්‍රී ආශාවන් හාස්‍යයට ලක්කරමින් දිගටම සිතුවේ ඇගේ සුදු මුවහම් අත්වැසුම සෙමෙන් අතගාමින්. තාමත් දුසිමක් හෝ ඊට වැඩිය කලු ඇස් ගෝල යුගල් ඒ වෙත රැඳිලා. කිහිප වෙලාවකට පසු ඒ බැල්ම බොහොම ඒකාකාරි නීරස දෙයක් වුනා. හරියට කන්න වගේ බලා සිටින බැල්මක් වගේ.

“හ්ම්!” ඒ එකාකාරි බව බිඳින්නයි. ඒත් ප්‍රතිචාරයක් නැති තැන, “අහ්ම්! කෝකියා?” යැයි පැවසුනා.

“මම එනවා නෝනා.”

“අහපන් උන් මම ගැන හිතන්නේ මොනාද කියලා?” සින්තියා අහංකාර ආඩම්බර කාන්තාවක් නොවෙයි, අනෙක් අය වගේ. ඒත් ඇය සිතුවේ මේ අත්වැසුම් එක්ක ඇය රැජිනක් වගේ කියාවි කියලයි. කෝකියා ඇගේ කැමැත්ත ඉටු කළා. ගැහැණුන් එකිනෙකා මුහුණට මුහුණ බලා පහත් හඬින් වචන ස්වල්පයක් කිව්වේ හොර රහසේ සින්තියා දෙසත්, ගැඹුරු තිර නෙතින් අත් වැසුම් දෙසත් බලමින්. කෝකියා නියවා නිශ්ශබ්ද වුනා.

“උන් මොනාද කියන්නේ?” සින්තියා ඇසුවා. ඇයට සිතුනේ කෝකියා බොහොම තරුණ අවිවාහක මිනිසෙකු නිසා ඔවුන්ගේ වර්ණනාව පරිවර්තනය කරන්නට ලැජ්ජා වී ඇති බවයි. එනමුත් ඇය බොහොම කුතුහලයෙන් සිටියේ එය දැන ගන්නට.

“කියපන් මනුස්සයෝ,” ඇය ඔහුට අනුබල දුන්නා.

“මේ සිංහල ගෑනු කියනවා නෝනාට පිස්සු කියලා,” ඔහු අවිචාරයෙන් පිළිතුරු දුන්නා.

“පිස්සු! දෙයියනේ ඒ මොකද?”

“මේ සිංහල ගෑනු කියනවා නෝනා අතටත් ඇඳුම් අන්දවනවා කියලා. නෝනාට පිස්සුලු. උන් බයවෙලා යන්නදැයි අහනවා.” සින්තියා සිනහසුනා, නමුත් බොහොම සුහදවම නෙවෙයි. “ඔව් ඔව්, උන්ට යත හැකි.” එවෙලේම කෝකියා වටා කල්ලි ගැසුනු ඔවුන් මහා ගාලගෝට්ටියක් පටන් ගත්තා.

“දැන් මොකද? කියපන් උන්ට යන්න කියලා – දැන්මම” කෙනෙකුට පිස්සු කියල සිතන එක ප්‍රසන්න දෙයක් නෙවෙයි. ඊටත් වඩා ඒක කියන එක. විශේෂයෙන්ම ඔබ සිතා සිටිනවා නම් තමන් රැජිනක් වගේ කියලා.

“මේ සිංහල ගෑනු කියනවා උන්ට හාලුයි-සල්ලියි ඕනාලු,” කෝකියා පරිවර්තනය කළා. “උන්ට හාල් දීපන්. ආ මෙන්න මේවත් දීපන්” – තඹකාසි අහුරක් දික්කර, “උන්ට කියාපන් ආයෙ එන්න එපාය කියලත්.” මෙය සින්තියාගේ කැලෑ බිමේ පළමු පාටිය වුනා. සින්තියාගේ ප්‍රාර්ථනය වූයේ මෙය එහි අවසානයත් වේවා කියලයි.

සුවබර රාත්‍රියකට බාධා – කුළු හරකුන්ගේ ආක්‍රමණය

ඒ රාත්‍රියේ සඳ නැගුනේ බොහොම පමා වෙලා. ඒ වගේම අවට බොහොම නිස්කලංකයි. ඒ නිසා ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට ඔවුන් පැය හයක සැප නින්දකට වැටුනා.

Stamp on Wild Buffalo
Stamp on Wild Buffalo

පාන්දර එකට විතර කොහොම නමුත් අමුතු කලබගෑනියකින් ඔවුන් අවදි වුනා. කුළු හරක් ඇවිදින්. වාසනාවකට සඳ පායලා. සියල්ලෝම නැගිට එවිගසම ලක ලැහැස්ති වුනා. ඇරුණු දොරකින් අපූර්ව දසුනක් ප්‍රදර්ශනය වුනා: කුළු හරක් රංචුවක් සඳ එලියේ පිම්මේ දුවනවා. උමතු සහ දාමරික ලෙස තප්පුලනවා. ආරක්ෂාකාරී උස්බිමක ඉඳන් නම් බලනවිට එය අපූරු දර්ශනයක්. අපොයි! ඒත් මෙහි කිසිම තැනක් ආරක්ෂාකාරි නැහැ. උන් රංචුව හැරිලා මේ පැත්තට ආවොත් මේ මුළු කඳවුරම නටඹුන් කරාවි. එවෙලෙම තුවක්කුත් රිවෝල්වරත් ග්‍රහණයට ගැනුනා. වෙඩිල්ලකට පසු තව වෙඩිල්ලක් පත්තු වුන නිසා වියරු වැටුනු ගර්ජනා වා තලයට මුසු වුනා. බාග වෙලාවට භීතියත් කෝපයත් හේතු කර ගෙන වෙන්න ඇති කුළු හරකුන් දැන් ගුගුරමින්, වැටත්, ඔවුන් ඉදිරියේ ඇති හැම දෙයක්මත් කඩා බිඳගෙන තමයි යන්නේ.

සියල්ලෝ නැගිට සන්නද්ධ වී

තුවාල ලැබුවන් මොර නගන හඬ තැතිගන්වනසුලුයි. ඒත් මොනා කරන්නද? මිනිස් ජීවිතත්, දේපළත් අවදානම් තත්වයේ. මේ තත්වයේදි ඔවුන්ගේ උපරිම ශක්තියත් සියලුම පතරොම් උණ්ඩත් අවශ්‍ය වුනා බියවූ කෝපාවිෂ්ඨ වූ තිරිසනුන් පළවා හරින්නට. ගණන් කරන්නටත් බැරිතරමට විශාල ප්‍රමාණයක්. කවුරු බිම වැටුනත් ඒ හිඩැස පුරවන්නට තව එකෙකු මතු වෙනවා. එය සඳ එළියේ බිය උපදවන මායාකාරි දර්ශනයක්. ලේ ගඳ නිසල වාතය වෙලා ගත්තා. නමුත් යුද්ධය දිගටම යනවා. වියරු වැටුනු සතුන්ගේ පැහැදිලිවම අදහස වුනේ බංගලාවට කඩා වදින්න. ඔවුන් අරගත් අමාරු උත්සහයට වැඩක් වුනේ තැබූ වෙඩි මුරය විතරයි. කණ්ඩායමෙන්ම පස් දෙනෙකුට විතරයි මිනිස් ජීවිත වෙනුවෙන් වෙඩි තබන්න හැකියාවක් තිබුනේ. වාසනාව හැම තිස්සේම තිබුනේ කුලු මීමුන් වෙත.

Buffaloes and Cows used for Threshing Paddy
Buffaloes and Cows used for Threshing Paddy by Skeen & Co.

සඳ එළියෙන් නැහැවුනු බංගලාවේ මනහර දර්ශනය සහ එහි වැසියෝ භායනක අනතුරක

කුපිතව වලිගය ගසමින්, වියරු ලෙස හිස වනමින්, දුසිම් භාගයක්වත් එක් ප්‍රහාරයකට එක්වුනා. හැම ප්‍රහාරයක්ම අධිෂ්ඨාන සහිතව දියත් වුනා. හැම සතෙක්ම කලින් හිටියට වඩා කලබලකාරි වෙලා. සමහරවිට මිනිස් හදවත් තුල බලාපොරොත්තුව දැල්වුනේ උද්වේගය නිසා වෙන්න පුලුවන්. ඔවුන් බොහෝදුරට තේරුම් ගත්තේ වෙන්නට යන අනතුර ගැන නොව ඔවුන් එනතුරු බලා සිටින ඉරණම ගැන. ඔවුනට බයක් දැනුනේ නැහැ. ඇත්තෙන්ම එහෙම අදහසක් ඔලුවට ආවෙත් නැහැ. එය ඔවුනට ක්‍රීඩාවක්- මහර්ඝ ක්‍රීඩාවක්. සින්තියා පවා ඒ ගැන උනන්දුවෙන් හිටියේ.

Ceylon Buffaloes Ploughing in Paddy Fields
Ceylon Buffaloes Ploughing in Paddy Fields by Plate & Co.

තේජවන්තයෙකු අබියස

“නවතින්න! අර මොකද්ද?” ප්‍රථම වරට ඇය කතා කලා. ගිනි දුමාරය පිරි වාතලයේ වියරු වැටී දුවන සතුන් අතරේ දැවැන්ත කලු දේහ රූපකායක් උන් සී සී කඩ විසුරුවමින් මහේශාක්‍ය ලෙස එහා මෙහා වෙනවා ඇය දුටුවා. ඌ පසුපස හරවා සිටින විට යෝධයෙකු ලෙස දිස් වුනා. උගේ පිටේ වැදුනු වෙඩි උණ්ඩ පවා පොළා පැන්නා.

“දෙවියනේ අලියෙක්”

“දුර බලන කණ්නාඩිය- ඉක්මනට!” වාතය දුමින් පිරී තිබූ නිසා පැහැදිලිව යමක් දකින්න අමාරු වුනා. “අලියෙක්, දෙවියනේ!” තුවක්කු සහ රිවෝල්වර පහත් වුනා. කෑ මොර දෙන කුළුමීමන් අතරින් මේ දැවැන්ත හස්තියා, මරා දමන ලද ශරීර කූඩු මතින් තම මඟ සලසාගෙන ආ ස්වරූපයේ යම් උදාර ගතියක්, මුළුමනින්ම පූජනීය බවක් තිබුනා. ඌ එනවිට ඔවුන් සියලු දෙනා හුස්ම නොහෙලා බලා සිටියා. නියම කැලෑ රජා, රාජකීයයි, උදාරයි!

හැම තැනකම සිටින සතුන් විසිරුවාහරිමින් යන උගේ අචල ගමන් ලීලාව නිසා සියල්ලෝ නොසැලකිලිමත් වුනා. කුළුමීමන් තමන්ටම  කියා යන්නට පාරක් ලැබෙනතුරු තමන්ට ඉහළින් ආ අභියෝගය ගැන පුදුම වුනා. ඌ ආවේ උන්ගේ පාරෙමද, හැම මිනිස් සිතකම සිතුවිල්ල වුනා. සින්තියාගේ ගැහැණු සිතම ඊට පිළිතුරු දුන්නා. “නැහැ.” තවදුරත් ඇගේ සිත කීවේ මේ තෙජස් ප්‍රාණියා, මේ කැළැවේ රජ්ජුරුවෝ, ඔවුන්ගේ ආරක්ෂකයා, ඔවුන්ගේ මිතුරා කියලයි.

“ආදරණීය තනි අලියා!”

“අනේ ආදරණීයයා! ආදර තනි අලියා!” ඇය ඇයටම කෙඳිරි ගෑවා. “ඌ ආවේ ඌට කන්න දීපු අත ප්‍රවේසම් කරන්න.” සඳ ඇති රාත්‍රියේ කැළෑ අභ්‍යන්තරයට පියනගන ඌ, මේ අලියා, දෙස බලන්නට සින්තියා වෙහෙස වනවිට ඇගේ දෑස් මත කඳුළු බින්දු රැඳුනා. ඌව තව දුරටත් පෙනුනේ නැහැ. ආක්‍රමණයට ආ කුළු මීමන් පරාජයට පත් වුනා. මේ වගේ වෙලාවක සාමාන්‍යයෙන් සින්තියාට කලන්තය වගේ එනවා වුනත් ඇය මේ මොහොතේ කලාන්ත වී වැටුනේ නැහැ. ජීවිතයේ ප්‍රථම වරට හිස්ටීරියාව හැදුනෙත් නැහැ. ඒ වෙනුවට ඇය විස්කි සහ සෝඩා පානය කලා. ඉන්පසු නින්දට පිවිසියා. හැමෝම සැප නින්දේ පසුවද්දි ඇය මිමිනුවේ, “ආදර තනි අලියෝ, උඹ කන්න දීපු අත බේරගන්න ආවා නේද?”

Wild Elephants in Rain Forrest - Ceylon
Wild Elephants in Rain Forrest – Ceylon (ca. 1885)

කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 12

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 12


At 6 A.M. the firing of the gun was the signal for the coolies to assemble. They obeyed, with laggard step and sullen countenance. Not an interesting group by any stretch of the imagination. Where was the superintendent? Still non est. Nobody knew; nobody ever does in Ceylon. The coolies commenced hacking away with the mamoties. Not so very difficult to get thus far, but to keep them at it! As soon as the white backs turned, down went the mamoties.

Without supervision nothing would have been done. The narcotic and poisonous fumes emitted by the undergrowth caused such vertigo Cynthia was compelled to return to the bungalow and while away the dreary day with the aid of magazines they had fortunately brought with them. After a couple of hours or so, on raising her eyes she beheld some dozen or more native women approaching in straggling procession.

This was, at all events, a break in the lonesome monotony. “What do you want?” Perhaps it was the imperfect Sinhalese, which failed to elicit more by way of reply than a fixed stare. Cynthia summoned the cook, her unfailing resource—when sober. ‘”Palyan!” said he (“be off”). “No; don’t send them away. Ask them what they want,” said Cynthia. “Come to see English Lady,” was the translated answer. “Not seen English Lady never before.” “Oh! Then let them inspect to their hearts’ content.” The cook grinned, and passed on the invitation.

Cynthia little knew the price of it, though! The natives are so literal. They take both the inch and the ell—and the yard, and more. The women came up, one by one, always afraid of the devil behind if they walk side by side. They came in time, all of them, and gazed from the top of her (Cynthia’s) topee to the sole of her leather shoe, then backwards, or rather, upwards. What appeared to fascinate them most were the twelve buttoned doe-skin gloves. Their big black eyes were hypnotised by them. Cynthia set great store by these gloves. They fitted like skin, and the reason why she indulged in such extravagance in the jungle was that otherwise her arms would have been tables d hote for mosquitoes.

“They’re admiring my gloves,” she was thinking. “After all, there is that ‘touch of Nature that makes us all akin,’ even in the jungle,” she went on, philosophising and humouring her feminine vanity at the same time as she stroked her white doe-skins. Still the dozen or more pairs of black orbs remained fixed upon them. It became monotonous, that gaze, after awhile—a veritable “eat-’em-up ” sort of gaze.

“Ahem!” This to break the monotony. Without result, however. “Ahem! Cook?” “I coming, lady.” “Er—ask them what they think of me?” Now Cynthia was not a vain woman, not vainer, that is, than most; but she never imagined they’d say aught less than a queen, with those gloves on! The Cook did as desired. The women looked at one another and spoke a few words very low, glancing at Cynthia furtively, and again rivetting that deep, fixed stare on the gloves. The Cook grinned, but was silent. “What do they say?” asked Cynthia. It occurred to her the cook, being a young man and a bachelor, might be shy to translate a gush of admiration. And yet she was curious, very curious, to know.

“Come, speak out, man,” she continued, encouragingly. “Sinhalese women say ‘Lady crazy,’” he blurted out. “Crazy! And why, pray?”

“Sinhalese women say Lady wear clothes on hands. Lady must be crazy. Sinhalese women ‘fraid, and ask to go.” Cynthia laughed, not too amiably. “Oh yes, they may go—certainly.” Thereupon a babel of tongues, as the women grouped around the cook.

“What now? Tell them to be off — at once” It is not pleasant to be thought crazy, and to be told so, particularly when you think you’re being regarded as a Queen. “Sinhalese women say they want rice-money,” the cook continued translating. “Give them rice; and there”—throwing a handful of coppers, “And tell them, not to come again.” This was Cynthia’s first At Home in Jungle land; she intended it to be the last. That night the moon rose late, and it was much quieter, so they resolved to improve the opportunity by having a good six hours’ sleep.

About 1 A.M., however, they were awoke by a strange commotion. Buffaloes had broken in. Luckily the moon was up. All were aroused, and ready promptly. A singular sight presented itself on opening the door: a herd of wild buffaloes careering about in the moonlight, and setting up savage and distracting bellowings. From a safe vantage it was a wonderful spectacle. Alas! No vantage of safety was there, however. Should the herd dispose to turn in that direction the whole “encampment” might be demolished. Guns and revolvers were immediately in requisition. Wild roars rent the air as shot after shot was fired. Possibly now, more from fright than fury, the buffaloes bellowed and bounded, breaking down the fence and everything that came in their way.

The howling of the wounded was horrifying. But what else to do? Property, human lives were at stake. It demanded all their efforts, all the ammunition likewise to keep the terrified and infuriated beasts at bay. There seemed no limit to them too. No matter how many fell, others filled the gaps. It was an eerie, witching spectacle in the moonlight. The still atmosphere soon began to reek with the odour of blood. But the battle went on. The intention of the frenzied creatures was evidently to storm the bungalow. Desperate endeavours they made, only kept back by the volley of shot, for every one of the party, five all told, continued firing for dear life. The odds were in favour of the buffaloes all the same.

Lashing their tails, tossing their heads wildly, half a dozen of them would band together to make an attack, each attack more determined, each animal more frantic than before. Perhaps it was the excitement that kept hope burning in the human breast. More likely they realised not the peril, the terrible fate which surely must await them. No such fear, indeed, no such thought ever entered their heads. It was sport —glorious sport. Cynthia even was carried away by it. “Stay! What is that?” For the first time she spoke, as through the smoke-charged atmosphere she beheld a large dark form moving majestically amongst the wildly careering animals, scattering and dispersing them. Colossal it looked as it wended its way, the very shots ricochetting as they struck the monster’s back.

“The field-glass — quick!”—the air being too thick with smoke to see distinctly. “An elephant, by Jove!” Guns and revolvers were laid low. There was something grand, almost sacred, in the way that huge creature made a path for himself amongst the bellowing buffaloes. All held their breath as on he came, stepping over slain and expiring carcases—a veritable king of the jungle, regal, grand!

All unconcerned he trod his steady way, dispersing the beasts far and wide, the buffaloes awe-stricken by the dominating presence, until it had the path to itself. Would it come their way, was now the thought in each human mind. Cynthia’s feminine intuition answered, “No.” Furthermore it told her this magnificent creature, this king of the jungle, was their protector, their friend. “Dear old thing! Dear old Rogue,” she found herself murmuring; “he has come to protect the hand that fed him.” There were tears in her eyes as she strained them to watch him, this elephant, as he passed on in the moonlight—on, into the heart of the jungle, and was seen no more. The invading army of buffaloes was vanquished. Then Cynthia ought to have fainted, but she didn’t, nor even had hysterics for the first time in her life. No, she had a whisky and soda instead, and afterwards went to sleep again, when all was safe and quiet, murmuring, “Dear old Rogue! He came and saved the life of the hand that fed him? “


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 30

%d bloggers like this: