Menu Close

ජූලි මස සිනමාහල් 50%කින් විවෘත කෙරෙයි

කොරෝනා වසංගත තත්වය මෙරට තුල ව්‍යාප්ත වීමත් සමග මාර්තු 14 වැනිදා සිට සිනමා ශාලා වසා දැමීමට රජය තීරණය කළා. වසංගත ව්‍යාප්තිය වැලැක්වීමට ගත් මේ පියවර හේතුවෙන් සිනමා සහ සමස්ථ විනොදාස්වාදන කර්මාන්තයද අර්බුධයකට ලක්වුනා. කෙසේ නමුත් නැවත සිනමාහල් විවෘත කිරීමේ දිනයක් පිළිබඳව මේ වනවිට විවිධ අදහස් මතුවෙමින් තිබෙනවා. සිනමාහල් විවෘත කිරීමේ තීරණයක් ගෙන තිබේද..? එසේ නම් ඒ කවදා සිටද යන කාරණය පිළිබඳව අප, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් කළා.

මේ වනවිට තෝරාගත් මහජන ඒකරාශිවීම් වෙනුවෙන් අදාළ උපදෙස් සහ ආරම්භ කළ හැකි කාල වකවානු පිලිබඳ සටහනක් අමාත්‍යංශය මගින් ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

දැනට විවෘත කළ නොහැකි බවට කළු පැහැයෙන්ද, 50%ක් විවෘත කළ හැකි නම් රතු පැහැයෙන් සහ 75%කින් විවෘත කළ හැකිනම් නිල් පැහැයෙන් මෙම නිර්දේශ සටහන දක්වා තිබෙනවා. ඒ අනුව ජූලි 06 වැනිදා සිට 12 වැනිදා අතර කාලය තුළ 50%කින් ස්නාමාහල් විවෘත කළ හැකි බවට දැනට මෙම සටහනින් දක්වා තිබෙනවා.

නමුත් සෞඛ්‍ය අමාත්‍යංශ තොරතුරු අනුව මෙම කටයුත්තට අදාළ මාර්ගපදේශයන් මේ වනවිට සකස් කෙරෙමින් පවතින බව සඳහන්. එම මාර්ගෝපදේශ අදාළ ආයතන වෙත නිළ මට්ටමින් නිවේදනය කළ පසුව පමණක් සිනමාහල් 50%කින් විවෘත කළ හැකිවනු ඇති බවත්, මේ කාල වකවානු ඉදිරියේ වාර්තා වන සිදුවීම් සහ තත්වයන් මත වෙනස් වීමේ හැකියාවක්ද පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යංශ මුලාශ්‍ර පවසනවා.

06/18/2020 – 11:30am

Share

%d bloggers like this: