Menu Close

යුුක්තියේ කණපිට .. ශ‍්‍රියාණි එරෙහි ඉද්දමල්ගොඩ නඩුවට අවු: 20 යි.

ලසන්ත ජගත් කුමාර, අකල් මරණයට පත්ව වසර 20 කි. 
එහෙත් වධ දී, මරා දැමූ පොලිස් කාරයින්ට එරෙහිව, නීතිපති විසින් පවරන ලද නඩුව තවමත් කඵතර මහාධිකරණයේ පවතී.
මෙම මිනීමැරුම් නඩුවේ පළමු චූදිත වූ, පයාගල පොලීසියේ එවක අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රසන්න වික‍්‍රමරත්න, අධිකරණය මගින් ඇප මත මුදාහැරීමෙන් අනතුරුව අතුරුදහන් විය. ඒ ස්වේච්ඡුා අතුරුදහන් වීමකි.
දැනට අනාවරණය වී ඇති කරුණු වලට අනුව ඔහු ශ‍්‍රී ලංකාව තුළ නිදැල්ලේ සිටී. පොලීසිය අත්අඩංගුවට ගන්නේ නැත.
ලසන්ත ජගත් කුමාර මිය යන විට එක් දරු පියෙකි. හිටපු සොල්දාදුවෙකු වූ ඔහුව පයාගල පොලීසිය අත්අඩංගුවට ගන්නේ 2000 ජුනි 12 වන දින ය. දින 05 ක් පුරා වධ හිංසාවට පත් කර, 17 වන දින, ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරයි. එදා මහේස්ත‍්‍රාත් හැටියට වැඩ බැලූවේ නීතිඥයෙකි. ඔහු පොලීසියේ ඉල්ලීමට ලසන්ත ජගත් කුමාර ව රිමාන්ඞ් භාරයට පත් කරනු ලබයි. 2000 ජුනි 20 වන දින, වධ හිංසාවේ ප‍්‍රතිඵලයෙන් ඔහු මිය යන්නේ මැගසින් බන්ධනාගාරය තුළය.
ලසන්ත ජගත් කුමාරගේ බිරිඳ ශ‍්‍රියානි සිල්වා සැමියාගේ ඝාතනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 
2000/07/18 දින ඉදිරිපත් කළ එම පෙත්සම විභාගයට ගැනීමට, 2000/10/23 දින අවසරය ලබාදෙන ලදි.
ප‍්‍රධාන වගඋත්තරකරුවන් මෙම අවසරය ලබාදීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කරන ලද විරෝධතාවයන් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු විරෝධතාවයන් ප‍්‍රතික්ෂේප කරමින් අවසරය ලබාදීම තහවුරු කරන ලදි. එක් විනිසුරුවරයෙක්, විරෝධතාවයන් අනුමත කරමින් තීන්දුවක් ලබාදුන්නේය.
වගඋත්තරකරුවන්ගේ විරෝධතාවය සලකා බලන ලද ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට, එවක අගවිනිසුරු සරත් එන්. ද සිල්වා, ශිරාණි බණ්ඩාරනායක හා එදිස්සූරිය අයත් විය.
අවසරය ලබාදීම අනුමත කරමින් තීන්දුව ලියන ලද්දේ විනිසුරු ශිරාණි බණ්ඩාරනායක වන අතර, එය අගවිනිසුරු සරත් එන්. ද සිල්වා අනුමත කළේය.
විනිසුරු එදිස්සූරිය, අවසර දීමට එරෙහි වගඋත්තරකරුවන්ගේ විරෝධතා පිළිගනිමින් වෙනම තීන්දුවක් ලියන ලදි.
ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ දෙදෙනෙකු ගේ තීරණය පිළිගනිමින්, ලසන්ත ජගත් කුමාරගේ ඝාතනයට අදාළ මූලික අයිතිවාසිකම පෙත්සම විභාගයට ගන්නා ලදි.
2003 ජූලි 13 හා 14 යන දින දෙකේදී මෙම නඩු විභාගයට ගන්නා ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාර්ක් ප‍්‍රනාන්දු (සභාපති) විනිසුරු යාපා හා විනිසුරු ජේ.ඒ.එන්.ද සිල්වා ඉදිරියේදීය.
විනිසුරු මාර්ක් ප‍්‍රනාන්දු ලියන ලද තීන්දුවට සෙසු විනිසුරුවරුන් දෙදෙනාගේ අනුමැතිය හිමිවිය.
මෙම මූලික අයිතිවාසිකම් නඩුව ඉතිහාසගත හා සන්ධිස්ථානයක් ගත් නඩුවක් ලෙසට සැලකේ. නීති වාර්තාවලටද ඇතුළත් විය. අදටත් නීතිඥයන් මෙන්ම, නීති ශිෂ්‍යයන් විසින් අධ්‍යයනය කරන නිතර නිතර උපුටා දක්වන තීන්දුවකි.
මෙම වැදගත් තීන්දුව ගැන නීති විශාරදයින්, පොලිස් ලොක්කන් හා මානව හිමිකම් කාරයින් කථා කරති.
එහෙත් නොකියන දෙයක් ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය එදා, වසර තුනක් තුළ අසා නිම කරන ලද මූලික අයිතිවාසිකම් කඩ කිරීමේ නඩුවට අදාළ වූ ලසන්ත ජගත් කුමාර ඝාතනය කළ පොලිස් නිලධාරීන්ට එරෙහි මිනීමැරුම් චෝදනාව අදාළ නඩුව වසර 20 ක් ගතවූ මේ මොහොතේ ද අසන බව, විභාග වන මේ නීති විශාරදයින්, මානව හිමිකම් කාරයින් දන්නේ නැති බව අපට විශ්වාසය.
එදා වසර 3 ක් අරගෙන විසඳන ලද මූලික අයිතිවාසිකම් නඩු අද විසඳීමට කොපමණ කාලයක් ගත වන්නේද? 
යුක්තිය ගැන කථා කරන ඔස්තාර්ලගෙන් අපි අසමු.
එපමණක් නොවේ, මෙම සිද්ධියට අදාළ ලසන්ත ජගත් කුමාරගේ පවුලේ උදවිය විසින් වන්දි නඩුවක් පවරන ලදි. ඒ නඩුවද තවමත් ඉවර නැත.
පොලීසියට අවශ්‍ය විදියට, ලසන්ත ජගත් කුමාරව පරීක්ෂා කළ බවට සටහන් යොදමින්, ව්‍යාජ තොරතුරු ඇතුළත් පළමු අධිකරණ වෛද්‍ය වාර්තාව නිකුත් කළ එවකට නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පියසෝමට එරෙහිව, ශ‍්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය ඉදිරියේ පවරන ලද නඩුවෙන්, එම වෛද්‍යවරයා වැරදිකරු බවට තීරණය විය. නමුත් අදටත්, විශේෂයෙන් පර්යන්ත රෝහල්වල වෛද්‍යවරු පොලීසියේ පදයට ව්‍යාජ වෛද්‍ය වාර්තා නිකුත් කරනු ලබයි. ඒ ගැන කරන පැමිණිලිවලට දැන් වෛද්‍ය මණ්ඩලයේ ඉඩක් නැත.
දශක දෙකක් ඉකුත්ව ඇතත් නිම නොවී පවතින, මිනීමැරුම් නඩුව, වන්දි නඩුව මෙය පමණක් නොවේ.
මෙම ප‍්‍රමාදය අපේ යුක්තිය පසිඳලීමෙ ක‍්‍රමයට ආයතනගත වූවකි.
මෙම අධිකරණ ක‍්‍රියාවලියෙන් පොලීසියේ වධ දීම් ඇතුළු සිදුකරන අපරාධ ගැන ඉහළයින් කථා කරන්නේ නැත.
දේශපාලකයෙක් අපරාධ සැකකරුවෙකු වූ විට, තම අභිමථාර්තයන් ඉටු කරගන්න අධිකරණය උපයෝගී කරගැනීමට ක‍්‍රියා කරන විට අධිකරණයේ ස්වාධීනත්වය ගැන කථා කරයි.
දිනූ පාර්ශවයට එම තීන්දුව අපක්ෂපාතී වන අතර අධිකරණයේ ස්වාධීනත්වය ගැන උදම් අනති. පරාජිතයන් ට තීන්දුව ”පක්ෂපාතී” එකක් වේ. අධිකරණයේ ස්වාධීනත්වය ගැන ප‍්‍රශ්න මතු කරති.
මෙහෙම වෙන්නට පු`ඵවන්ද?
සාධාරණ කාලයක් තුළ නඩු අහලා ඉවර කරන්න බැරි රටක නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය හුදු වචන පමණි. නීති ”ලූමිනාරිස්ලා” විසඳුම් දෙයි. එදා හොඳයිෟ අද නරකයිෟෟ කියති. එදාත් නරකයි. අදත් නරකයි.
මේ නඩුවේ නොකියැවෙන කථාව, 
ශ‍්‍රියානි ද සිල්වා, ජගත් ලසන්ත කුමාරගේ වැන්දඹුවට මොකද වුනේ. එ් කථා වැළලෙන්නට ඉඩ දිය යුතුද? නැත. මන්ද අප සමාජයේ කැටපතකි එම කථාව.
ජගත් ලසන්ත කුමාර සමග විවාහ වුනේ පේ‍්‍රම සම්බන්ධයක් ඇති කරගෙන. එම විවාහයට ඔහුගේ පාර්ශවය විරුද්ධ විය. ඒ ශි‍්‍රයානි ද සිල්වා ගැහැණියක් නොවීම නිසා නොවේ. කුලය පහත් වීම? දෙමාපියන්, ව්‍යවස්ථාපිත නීති වලට පටහැනි රැුකියාවන්වල නිරත වීම? දුප්පත් වීම?
අසීරුවෙන්, මූලික අයිතිවාසිකම් නඩුවේ පෙත්සම්කාරිය ලෙසට ඉදිරිපත්වීමට ඇයව එකඟ කර ගන්නා ලදි.
ඇය කළේ නීතිඥවරුන් සකස් කළ ලේඛණවලට අත්සන් කිරීම පමණි.
නඩුව අවසන් විය. තීන්දුව ප‍්‍රකාශයට පත්විය. යුක්තිය ගැන බොරු සිහින මවපු අප ඇතු`ඵ සියලූ දෙනා උද්දාමයට පත්විය. ප‍්‍රකාශ නිකුත් කරන ලදි. සම්මන්ත‍්‍රන පවත්වන ලදි. අදටත් නීති ශිෂ්‍යයන් මේ නඩු තීන්දුව කට පාඩම් කරගෙන විභාග වලට උත්තර ලියති. නීතිඥයෝ, පොලිස්කාරයෝ අග මුල නොදන්නා පේ‍්‍රක්ෂකයින්ට දේශන පවත්වතිි.
ලසන්ත ජගත් කුමාර හමුදාවෙන් ,ඇබ්සන්ට්, වූවේ, බිරිඳ හා දරුවා තනිකරන්න බැරි නිසා. රට ජාතිය බේරා ගන්නට පෙර පවුල රැුක ගැනීමටය.
යුද්ධ සමයේ සු`ඵ සොරකම් වලට සැක කළේ ”ඇබ්සන්ට්” රණවිරුවන්ය. ලසන්ත ජගත් කුමාර සැකකරුවෙක් විය. එයට තවත් හේතු තිබෙන්නට පු`ඵවන.
ලසන්ත ජගත් කුමාරගේ අවසන් කටයතු ගමේ බසින්, මෘත දේහය අස්කළ පසු දින, සම්ප‍්‍රදායට පිටින් යමින්, මරණ කටයුතු කළ, සැමියාගේ මහ ගෙදරින් ඇය පිටවිය.
දරුවා ගේ වගකීම බාර ගත්තේ, සැමියාගේ පවුලේ උදවියයි. ඇයට සැමියාද දරුවාද අහිමි විය.
ශ‍්‍රියාණි සිල්වාට, ජගත් ලසන්ත කුමාරගේ වැන්දඹුව හැටියට, ඇයට රුපියල් ලක්ෂ අටක්                        වන්දියක් ගෙවන ලෙසට රජයට හා වගඋත්තර කරුවන්ට නියම විය.
එම ලක්ෂ අටෙන් ලක්ෂ හතරක පුතාගේ නමින් බැංකුවක් තැමිපත් කර, එයට මාසිකව ලැබෙන පොලිය, පුතාගේ නඩත්තුව සඳහා ඇයට ලබා ගැනිමට ඉඩ දෙන ලදි.
එම වන්දිය ගැනීම ශ‍්‍රියාණි ද සිල්වා ප‍්‍රතික්ෂේප කළේය. මට මිනිහා නැති වුනා. දරුවාද නැති වුනා. මිනිහාව මරාගත් එවුන්ගේ සල්ලි මට එපා. ඇය කියන්නට ඇතිෟ සිතන්නට ඇති.  
රුපියල් ලක්ෂ හතරක් හා මාසික පොලිය අත හරින්නට තරම් ගරුත්ත්වයක් ශ‍්‍රියාණි ද සිල්වාට තිබින. සල්ලි වලින් සෑම දෙයම විසඳන්නට දඟලන ගැහැණු පිරිමි සැමට ඇය ආදර්ශයකි. 
ඉතා කෙටියෙන් ඇය මේ වන විට ජීවතුන් අතර නැත. ඇගේ මරණයද ඛෙදවාචකයකිි. ඇය හා එකට සිටිය මිනිහා, නුවරඑළිය ලැගුම් හලකට ගෙන ගොස් ඇයව, මරා දමන්නේ ගෙල කපාය.
එ් ඝාතනය ගැනද නඩුවක් නුවරඑළිය මහාධිකරණයේ පැවතිනි. ප‍්‍රතිඵලය අපට ප‍්‍රශ්නයකි.
නඩු තීන්දු ගැන කථා කිරීම නතර කරමුද?
හයිකෝට් නඩුව?
නීතිපති, ලසන්ත ජගත් කුමාර ඝාතනය ගැන පයාගල පොලිස් ස්ථානයේ අපරාධ අශයේ හිටපු ස්ථානාධිපති ප‍්‍රසන්න වික‍්‍රමරත්නට එරෙහිව, මිනීමැරුම් චෝදනා යටතේ හා වධ හිංසා පනත යටතේ අධි චෝදනා ගොනු කරනු ලැබීය. අංක: HC 570/13 යටතේ කළුතර මහාධිකරණයේ මෙම නඩුව තවමත් පවතී.
පයාගල පොලිස් ස්ථානයේ අපරාධ අශයේ හිටපු ස්ථානාධිපති ප‍්‍රසන්න වික‍්‍රමරත්න, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට, ශ‍්‍රී ලංකාවේ පොලීසියට තවමත් බැරිවිය. නඩුව අසන්නේ චූදිත නැතිවය. මේ වන විට නඩුවට අදාළ වැදගත් ලේඛණ අතුරුදහන්ව ඇත. 
මෙය මේ නඩුවට පමණක් සීමාවූ නොවුවක් බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරමු. 
ගරු අධිකරණවල මෙවන් සිදුවීම් සාමාන්‍ය දෙයක් යයි කීම හෝ අපහාසයක් ලෙස හෝ සැළකීමට පුළුවන. 
%d bloggers like this: