Menu Close

ලය පළන් මියගිය – කොවුලෙක් මේ මෙතන!

dead-bird-mika-jones

Image :- Dead Bird is a drawing by Mika Jones

ලය පළන් මියගිය – කොවුලෙක් මේ මෙතන!
හේතුවක් දන්නේ නෑ, ඇසූ දුටු කෙනෙක් නෑ –
වියළිලා කඳුලක්, හොට අගට ගලා ආ
.

මොකට මැරුණා ද අපරාදේ!
කාටහරි කියන්නත් තිබුණා,
අහන්නත් අය ඉන්නැති –
ඔහොම ඔය යන්නැත්තෙ
වෙලාව ම වෙන්නැති.
.

ඊයෙත් සිංදු කිව්වා,
තාලෙට හොට වන වනා,
තට්ටකුත් වනාගෙන
වේදිකාවෙන් බැස ගියා

.

අද උදේ මැරිලා!

.

උගුර ලේ රහ වෙනකම්,
කොවුලා කියා ඇත
හිතේ දුක කාට කාටත් –
වෙලාවම වෙන්නැති
ඇහිල තිබුණේ කාටත්
සිංදුවක්!
.
.
.
.
ඉතින් එන්න…
කරුණාවේ පිනි බිංදු වගුරන්න,
දරාගනු නොහැකි තැන ලය පලන් මළ
කොවුලාගෙ සොහොන මත වැළපෙන්න –
ඔබට පුලුවන් සබඳ හොඳම කඳුලට උරුම
පළමු තැන නිතරගෙන් ලැබගන්න!

 

%d bloggers like this: