Menu Close

13. දොලොස් වෙනි දිග හැරුම

සුවදිසියෙන් ටිකට් කපා උදාර නිවසට පැමිණියේ තාරක සමගින්මය…
.
” උදාර ..එකක්…දැන් උඹ ඉන්නෙ සෙල්ලම් වයසක නෙවේ…බලහන් ප්‍රෙශර් එක එදා වැඩිවෙල…මොකක් හරි උනානම්….ඇයි තාම උඹට බැරි උඹව කන්ට්‍රෝල් කරගන්න….”
.
උදාර කිසිත් නොකියා සුසුමක් හෙළීය …
.
” ඔය හැඟීමෙන් එලියට වරෙන්..මම උඹේ ඩොක්ටර් නෙවේ යාලුවා විදියට මේ කියන්නෙ….අවුරුදු ගාණක් ගිහිල්ලත් ඔය සිද්ධියෙන් විඳවන එක නවත්තපන් දැන්….ඒ දේ වෙන්න තිබ්බ දෙයක් නම් එදා උඹ අම්මල එක්ක ගියත් නැතත් ඒක වෙනව …අනික උඹ ඔහොම පිස්සු නටන්න ගත්තම මැරුණ මනුස්සයන්ගෙ ආත්ම වලට වත් සැනසීමක් නෑ ….”
.
තාරක ගේ හඬ තදින් එහෙත් ලෙන්ගතුව ඇසෙයි….උදාර ඒ දෑත අල්ලාගත්තේ සැබෑ සහෝදර සෙනෙහසිනි… .
.
” තැන්ක් යූ මචං…..දැන් උඹ ගෙදර යන්නත් ඕනනෙ….චාපා බලන් ඇති…මේ ටිකේම මං නිසා උඹ රෑවුණා යන්නත් …”
.
” දැන්වත් …උඹත් උඹ ගෙදර එනකල් බලන් ඉන්න කෙනෙක් ගැන හිතපන්කො…” උදාර ගේ හිසට අතින් සෙමෙන් අනිමින් තාරක නැගී සිටියේය….උදාර සිනාසී නිහඬ විය …
.
” ඒයි…ඒයි…මස්සිනා…උඹෙ ඒ හිනාව නම් මට ඇල්ලුවෙ නෑ …වෙනදට ඔහොම එකක් කීවම පරල වෙන එකා .මොකෝ මේ ..ආ ..කියපන්…කියපන්…” තාරක යළි ඇඳේ හිඳගත්තේය….
.
” පිස්සු නොකර පල්‍යන් බං….මට ඇති කෙහෙල්මලක් නෑ…මට ලෙඩ හොඳ වුණා විතරයි උඹ ආයෙ මාව ඇඩ්මිට් කරහන් පුලුවන් නම් …” උදාර සෙමින් ඔහුව තල්ලු කරමින් කීය…
.
” හරි හරී …එක හීනෙන් ඔක්කොම එලිවෙන්නෑ පුතා….අපි ත් ඉන්නවනෙ….එහෙනම් මම ගියා ….ටේක් කෙයා මචං ..ඕනවුනොත් කෝල් කරපන් හරිද….” තාරක උදාර ගේ හිස කෙස් අතින් අවුල් කරදමා කාමරයෙන් පිටව ගියේය…..
..
.ජීවිතය පෙරදාක නොවූ විරූ ලෙස තමා ඇදගන්නට යන්නේ කුමන ඉසව්වකටදැයි උදාර මඩුගල්ලේ දෑස් වසා ගෙනම කල්පනා කලේය….ඇය….ජීවිතය ට එබිකම් කරන්නීද…. ?.
.
අවසාන වශයෙන් දිවා කල ගත් ඇමතුම් අංකය දෙස බලාඋන් ඔහු එය නාමවලියට ගබඩා කලේය…

” සඳමිණි ” නමින් ගබඩා කල අංකය දෙස මොහොතක් බලා සිට දෑස් වසා සිනහසුනේය….
.
*****************************
.
කාර්‍යාල සේවය කෙතෙක් පහසු වුවද නිවසට එන කාලය සහ ගමනාගමන අපහසුව තරම් ජීවිතය හෙම්බත් කරන අන් කිසිවක් වෙන නැති තරම් ය….බසයෙන් බැස ඇනෙක්සියේ ගේට්ටුව හැර සෙමින් කාමරය දෙස ට එන සඳමිණි ගේ සිත සැහැල්ලුවෙන් සතුටින් බර වූයේ දොරකඩ රෝස ගසේ පිපි අලුත්ම පොහොට්ටුව දුටුවිටය…
.
” අනේ ඔයා ඇවිල්ල….මේ ටිකේ ඉතින් මට වැඩ වැඩිනේ….බලන්න උනේ නෑනෙ…..” හෙමි හෙමින් මුමුණමින් රෝස පොහොට්ටුව මත දෙතොල තැබූ ඇය ගෙතුලට සෙමින් ගොඩ වැදුණේ සතුටක් සිතේ දවටාගෙනය….
..
ස්නානයෙන් පසු උණුසුම් තේ බඳුනද අතට ගෙන වැරැන්ඩාවේ පුරුදු අසුනට බර වී දෙපා ඒ මතට ගත් සඳමිණි මොහොතක් දෑස් වසා ගෙන උන්නාය….ඈත කොහේ හෝ තැනකින් එන ගී රාවයක මන්ද ස්වරය ඇයගේ සවනට හෙමින් මුසුවෙයි …..
.
“නවාතැන් පොළ ඔබයි ඔබගේ සිනාවයි…
ජීවිතේ දිගු වන්දනා ගමනේ ……. “
.
ජීවිතය මහා චාරිකාවක් වුවත් එහි සොඳුරු නවාතැන් පලක් තමාට හිමි නොවීය….සමහරක් ගී හිත සැතකින් පාරවන්නාක් මෙන් වේදනා උපද්දයි…. “
.
අහම්බෙන් මෙන් සඳමිණිට උදාර මඩුගල්ලේ සිහිවිය…සර්ට කොහොමද දන්නෙත් නෑ…ඒත් කෝල් කරන එක හරි නෑ…ගෙදර වත් නම් …අනික නැති ප්‍රශ්න ඇතිවෙයි වයිෆ් එහෙම කොහොමද කවුද දන්නෙ…නමුත් ඉතින් ඊයෙ ආවට පස්සෙ අහන්නවත් වුණෙ නෑ ….ඒකත් හොඳ නෑ තමයි…හ්ම්ම්…හෙට ගිහින් බලනව …” තනිවම තමාටම කියාගත් ඇය…. ඈතින් ආ සියුම් ගී ස්වරයට යළි ඉව ඇල්ලුවාය…..
.
*****************************

බ්‍රහස්පතින්දා දිනය ….සඳමිණි කාර්‍යාලයේ අසුනට බර වූයේ දවසේ වැඩ ඇරඹීමටය….දොරට එක් තට්ටුවක් සමගින් විවෘත වූයේත් උදාර මඩුගල්ලේ කාර්‍යලයට ආවේත් එවිටය…
.
සඳමිණි වහා නැගිට සිටියාය…
.
” ගුඩ් මෝනින් සර්….”

” ගුඩ් මෝනින් සඳමිණි …” උදාර සිනහසෙන්නට තැත් දරමින් පැවසීය…වෙනදා නැති අපහසුතාවයක් ඇය අබිමුව තමන්ට දැනෙන්නේ කිමද….ඇය පුරුදු ලෙසම සන්සුන්‍ ය ….
.
” සර්ට සනීපයිද හොඳටම…” සඳමිණි සෙමින් ඇසුවාය ….උදාර ඇය දෙස සෘජුව බලා හිස වැනීය…
.
” අපි නම් ඉතින් අසනීප කෙනෙක් ගැන අඩුමගානේ කෝල් එකක් හරි දීලා බලනව…. ඒකට මගෙ සෙකට්‍රි….” උදාර විහිලුවක ස්වරයෙන් කියාගත්තේය…
.
” අනේ සර්…ඊයෙ හවසත් කෝල් එකක් දෙන්න හදලත් ඒත් සර් ගෙදර යන්න ඇති… ඉතින් ගෙදර අය එක්ක ඉන්න වෙලෙ මම කතාකරන එක හරි නෑනෙ…ඒකයි කතා නොකලෙ….”
.
සඳමිණි පසුතැවිලි ස්වරයෙන් පැවසුවාය…
.
” ගෙදර අය කීවෙ මගෙ ගෝලයා සුමනෙද….ආ මෑන් නම් මොකුත් හිතන්නෑ මට කෝල් ආවට….” උදාරට තමා පමණට වැඩිද යන්නත් සිතී නොසිතී ගියේය…
.
” නෑ නෑ සර්ගෙ නෝනා එහෙම මම කීවෙ….”
සඳමිණි මහත් ලැජ්ජාවෙන් පැවසුවාය…..
.උදාර ඇස් ලොකු කරගනිමින් මොහොතක් බලා උන්නේය ..පිපිරෙන්න ට ඔන්න මෙන්න එන සිනහව සමග මේ කතාබහ දුර යායුතු නැති බව ඔහුට වැටහුණි….
.
” ආ….ඒකද ….හරි හරි….දැන් තේරුණේ…. ඕකේ…සඳමිණි අද ශෙඩූල්ස් ටික බලන්නකො….” උදාර මැඩගත් සිනහවෙන් යුතුව පරිගණකය දෙසට හැරුණි…..
.
” මගේ නෝනා…. ” උදාරට යටි සිතෙන් මහා සිනහවක් යයි….ඔහොම හිතන් උන්නාවෙ….බලමුකො….ඔහු සිතාගත්තේය….
.
සඳමිණි සිය මේසය වෙත පැමිණ ලිපි ගොනුව දිග හැර අදාල ලේඛන ටික ගෙන උදාරගේ මේසය මත තැබීය…සිය ප්‍රධානියා ගේ කුමක් හෝ බරපතල වෙනසක් ඇතිබවක් හැඟෙයි…එහෙත් ඒ හැසිරීම් රටාව කුමක් දැයි වෙනස කුමක් දැයි සඳමිණිට වටහා ගත නොහැක….
.

*****************************
.
සෙනසුරාදා දිනය ලඟා වූයේ ඉක්මනින්මය….සඳමිණි හවස් යාමයේ පුස්තකාලය වෙත යෑමට සිතා පාරට බැස්සාය….
.
පුස්තකාලයේ පොත් අතර ගැවසෙමින් පැය ගණනක් හුන් පසු ඇනෙක්සියට යාමට යළි මාවතට බට ඇය ගේ දෙපා එක්වනම ගල් ගැසුනේ සිය අබිමුවට එන ඔවුන් දුටු මනතිනි….
.
සුධීර තවත් අලුත් ගැහැණු අයෙක් සමග…මේ තමා දික්කසාදය දෙන විට උන් කාන්තාව නම් නොවේ….සුධීරට සතියට එක් ගැහැණියකට වඩා එදත් උන් බව සඳමිණි දැනගත්තා ය…..
.
තමා අබිමුව නැවතුණ ඒ යුවල දෙස නෙත් කොණින් බලා මගහැර යන්නට සඳමිණි උත්සාහ කලද සුධීරට අවශ්‍ය වන්නේ තව දුරටත් තමා රිදවීම බව ඇය වටහා ගත්තාය ….එන දේකට මුහුණ දෙනව….ඇය සුසුමක් හෙලා හිස එසවූවාය….
.
” අහ් .කොහොමද මැඩම්….පාරෙ බස් එකෙ හිඟන පුස්තකාල ගානෙ යන පුරුද්ද තාම ඇරුණෙ නැද්ද ….. ? ” සුධීර මුහුණටම එබෙමින් අසන කල අතදිග හැර කම්මුලට පාරක් ගසාගන්නට නොහැකි ස්ත්‍රීකම ගැන සඳමිණි හිතෙන් විස්සෝප වූවාය ….
.
” මිස්ටර් සුධීරට මගෙ යන එන තැන් අදාල නැහැනෙ…ඒක මගෙ කැමැත්ත….” සඳමිණි සෘජුව ඔහු දෙස බලා පැවසුවාය…සුධිර සමග උන් ගැහැණියගේ මුහුණේ වූයේ ද අපහාසාත්මක සිනහවකි…සල්ලි වලට සතියට දෙකට එන ගැහැණුන්ගේ අපහාසයන් මායිම් කල යුතු නැත…..
.
” මොනව නැතත් කට නම් තාම එහෙම්මයි….අන්තිමට තාත්තා ත් දොණියැන්දව දරුකමෙනුත් පැන්නුවලු නේහ්….. මෝඩ ගෑනි…කූඩැල්ලන්ට මෙට්ටෙ ඉන්න පුලුවන් යැ…..ඕකේ බායී….ආපහු එන්න ඕන්නම් ඉඳහිට හරි සලකා බලන්නම්කො…” සුධීරගේ අවිනීත හිනාව සමග අර ගැහැණියගේ හිනාවද මුසු විය….
.
එතනින් හැකි වේගයෙන් ඉවත් වී ආවද… හිතට ආ පිළිකුල සහ ආවේගය දරාගත නොහැකි තැන සඳමිණි ට මහ මගම හැඬුණි… අතවූ ලේන්සුව දෑසට තද කරගත් ඇය හැකි වේගයෙන් පාරදිගේ ඇවිද ගියාය…..


%d bloggers like this: