Menu Close

  BP යෝධයාගේ තෙලේ බලේ අඩුවීම.

                                    Petrol-diesel-ban-UK-8653961990 දශකයේ අග භාගයේ ෂෙල් ආයතනයේ එක්තරා විධායක නිළධාරියෙක් මගේ ජපන් බොස් ගේ හිතවතෙක් වී සිටියේය. ඒ කාලයේ සූර්ය පැනල ගැන තොරතුරු වැඩියෙන් ලැබෙමින් තිබුණු කාලය විය. ඒ ෂෙල් නිළධාරියා ෂෙල් ආයතනයේ නම සහිත වොට් 20 ප්‍රමාණයේ කුඩා සූර්ය පැනල කීපයක් ‘අඩු මිළකට’ විකිණීමට අපේ ආයතනයද ගෙන ආවේය. අද දින නම්, ඒ අඩු මිළට කරදරයක් නැතිව වොට්ස් 350ක පැනලයක් ගැනීමට හැකිය. 

සූර්ය පැනලයකට පුදුමාකාර ආසාවක් තිබි හෙයින්, එය මිළට ගතිමි. ලංකාවට ගෙන ආ එය වහළයේ සවිකර, ඉන් කාර් බැටරියක් ආරෝපණය වීමට තනා, නිවසම කුඩා ටෝර්ච් බල්බ් වලින් ආවරණය කලෙමි. විදුළිය නැති විටෙක ඒවා දල්වන්නට හැකි විය. කළා මැදිරි එලියකින් ඒවා දැල්වුනද, කරුවලේ එහෙ මෙහෙ නොහැපී යාමට එය ප්‍රමාණවත් විය. තවද රේඩියෝව ඉන් ක්‍රියාත්මක විය.  

ජපන් බොස් කියා සිටියේ, එය හුදෙක් පෙරහුරුවක් බවද, මේ සූර්ය පැනල වල මිළ අඩුවුවහොත් ෂෙල් කොම්පැණිය තෙල් විකිණීම නවත්වා සූර්ය පැනල හදන්නට ඉඩ ඇති බවය. ඔවුන් කුඩාවට හෝ එකළ සූර්ය පැනල නිෂ්පාදනය කලේ එබැවින්ය යන්න ඔහුගේ මතය විය. දශක තුනක් පමණ ගතවී ඇත. ඔහු නිවැරදි විය. අද දින [2020 ජූනි 8 ] ඒ විස්තරයට සමාන්තර පුවතක් වෙළඳ ලෝකයේ පැතිර යයි.  

එය, BP යන දැවැන්ත තෙල් කොම්පැනිය ඔවුන්ගේ තෙල් නිෂ්පාදනය පැත්තක තබා පුනර්ජනනීය බලයට අනුගත වීමේ පුවතයි.  

කොරෝනා වෛරස් අර්බුදයට ප්‍රතිචාර වශයෙන් බීපී සිය ශ්‍රම බලකායෙන් සියයට 15 ක් පමණ කපා හරිනු ඇති අතර තෙල් හා ගෑස් ප්‍රධාන පුනර්ජනනීය බලශක්තිය වෙත මාරු කිරීම ‘ප්‍රධාන විධායක බර්නාඩ් ලූනි’ ගේ සැලැස්මේ කොටසක් ලෙස එය සඳුදා ප්‍රකාශ කළේය. ගෝලීය සේ ඔන්ලයින් ඇමතුමකින් ලූනි සේවකයින්ට පැවසුවේ ලන්ඩන් පදනම් කරගත් සමාගම දැනට පවතින රැකියා 70,100 සිට රැකියා 10,000 ක් කපා හරින බවයි.

“අපි දැන් 10,000 කට ආසන්න පිරිසක් බීපී වලින් ඉවත්ව යන ක්‍රියාවලියක් ආරම්භ කරමු – ඒ බොහෝ දෙනා මේ වසර අවසාන වන විට ආයතනයෙන් ඉවත් කරනු ලැබේ.” යනුවෙන් ලූනි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. සමාගමේ මූලාශ්‍ර තුනක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මීට පෙර සැලසුම් කළ රැකියා කප්පාදුව වාර්තා කර තිබුණි.

පුදුමය වන්නේ [ඇත්තටම පුදුම වෙන්න හේතුවක් නැත.] ග්‍රිනිච් මධ්‍යහන වේලාවෙන් 1230 වන විට BP කොටස් සියයට 3.3 කින් ඉහළ ගොස් ඇති අතර එය පුළුල් යුරෝපීය බලශක්ති අංශයට සියයට 2.2 ක ලාභයක් ලබා දී තිබේ. රැකියා කප්පාදුවෙන් පහෙන් එකක් පමණ බ්‍රිතාන්‍යයේ සිදුවනු ඇති අතර බීපී හි 15,000 ක් සේවය කරන බව සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.

කොරොනා වෛරස් වසංගතය නිසා පෙර නොවූ විරූ ලෙස තෙල් ඉල්ලුම අඩුවීමෙන් පසු ලොව ප්‍රමුඛ පෙළේ බලශක්ති සමාගම් මෙන්ම BP සිය 2020 වියදම් සැලසුම් කපා හැර තිබේ. ඔවුන් මේ වසරේදී සියයට 25 ක කප්පාදුවක් ඩොලර් බිලියන 12 දක්වා සලකුණු කර ඇත. 

ලෝක ආර්ථිකය යන අත සහ, බල ශක්ති ක්‍රම වේගවත්ව වෙනස් වීම නිරීක්ෂණය නොකරමින් තීන්දු ගන්නා රටවල් කරන්නේ, කකුලට වෙඩි තියා ගැනීමකි. 

 

https://www.khaleejtimes.com/business/energy/oil-major-bp-to-cut-15-of-workforce

%d bloggers like this: