Menu Close

වසර 16කට පසුව ගුවාම් කඳවුර හැර යන ඇමෙරිකානු බෝම්බ හෙළන යානා

US-Bombers-Leave-Guam-After-16-Years

පැසිෆික් සාගරයේ පිහිටා ඇති උපාය මාර්ගිකව වැදගත් ගුවාම් නම් දූපතේ තිබෙන ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුර තුල අඛණ්ඩව වසර දෙකකට ආසන්න කාලයක් රදවා තිබූ බෝම්බ හෙළන යානා බලඝනය නැවතත් මව් භූමිය කරා පිටත්ව යන්නේ පසුගිය අප්‍රේල් 16දාය.2004 වර්ෂයේ පටන් ගුවාම් හි ඇන්ඩර්සන් ගුවන් හමුදා කඳවුරේ සිට මෙහෙයුම් සිදු කල බී-52 බෝම්බ හෙළන යානා පහක් මෙලෙස කඳවුර හැර ගියහ.

චීනය පැසිෆික් සාගරයේ සිය යුද මෙහෙයුම් වැඩි කරමින් සිටින සමයක,විශේෂයෙන් ඔවුන්ගේ ගුවන් යානා ප්‍රවාහන නෞකා චීනය අවට මුහුදු කලාපයේ යොදවා සිටියදී,ඇමෙරිකානු ගුවන් හමුදාව කාලයක් තිස්සේ දියත් කර තිබූ බෝම්බ හෙළන යානා ඉවත් කර ගැනීම පුදුමයට කරුණකි.

ඩීඑෆ්-26 හෙවත් “ගුවාම් මරුවා” නම් බැලස්ටික් මිසයිල චීනය විසින් ස්ථානගත කිරීම වර්ධනය වීමත් මෙම සිදුවීමත් අතර සම්බන්ධයක් තිබිය හැකිය.

බටහිර පැසිෆික් කලාපය තුල චීනය සහ උතුරු කොරියාවට අභියෝගයක් එල්ල කිරීමේ මෙවලමක් වශයෙන් මෙම බෝම්බ හෙළන යානා දිගු කාලයක් සේවයේ යොදවා තිබිණි.

2020 අප්‍රේල් 13දා Elephant Walk ඉසව්වක් සඳහා සහභාගී වූ බී-52 බෝම්බ හෙළන යානා පහ

බී-52 යානා දිගු දුර මෙහෙයුම් සඳහා විශේෂයෙන් නිර්මාණය කර තිබෙන අතර ඒවාට සාම්ප්‍රදායික කෲස් මිසයිල,බෝම්බ මෙන්ම න්‍යෂ්ඨික අවිද රැගෙන යා හැකි නිසා ගුවනේදී නැවත ඉන්ධන ලබා ගැනීමකින් තොරව චීනයේ හෝ උතුරු කොරියාවේ ඕනෑම ඉලක්කයකට පහරදිය හැකිය.මෙම බෝම්බ හෙළන යානා සතු හැකියාව,චීනය ඇතුලුව අනෙකුත් බොහෝ රටවල් විසින් ලබා ගැනීමට තරඟ කරයි.චීනය සිය පැරණි එච්-6 බෝම්බ හෙළන යානා ඒ සඳහා භාවිතා කරන අතර ඔවුන් එම යානා කිහිපවරක්ම වැඩිදියුණු කර,සී ජේ-10 වැනි දිගු-දුර කෲස් මිසයිල රැගෙන යා හැකි තත්ත්වයට පත් කර තිබේ.

චීනය සතු ෂියාන් එච්-6 බෝම්බ හෙළන යානයක් මිසයිලවලින් සන්නද්ධව පියාසර කරන අයුරු

ගුවන් ආරක්ෂක පද්ධතිවල සහ අන්තඃඛණ්ඩන ගුවන් යානාවල මෙහෙයුම් පරාසයන්ගෙන් පිටත සිට මෙම බෝම්බ හෙළන යානාවලට දියත් කිරීමේ හැකියාව,ලබා දෙන්නට ඉහත කී කෲස් මිසයිල සමත්ය.නමුත් ප්‍රශ්නය වන්නේ ඒවා සෙමින් පියාසර කිරීමයි.මෙම විශාල උපායමාර්ගික බෝම්බ හෙළන යානා ශබ්දයේ වේගයට අඩු වේගයකින් පියාසර කරනවා මෙන්ම ඒවා රැගෙන යන කෲස් මිසයිලවල වේගයද ශබ්දයේ වේගය ඉක්මවා නොයයි.

බී-52 යානා ගුවාම් කඳවුර හැර යාමට දින කිහිපයකට මත්තෙන් සිදු කල Elephant Walk ඉසව්වක ඡායාරූපයක්,2020 අප්‍රේල් 13.

ඒ නිසා බටහිර පැසිෆික් වැනි විශාල කලාපයක මෙවැනි බෝම්බ හෙළන යානාවලට ඔවුන්ගේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට බොහෝ කාලයක් ගත වේවි.

අධිධ්වනි අවි සහ සාම්ප්‍රදායික බැලස්ටික් මිසයිල භාවිතය ඉහළ යෑම ආදී දෑ සමග නූතන සංග්‍රාමය ක්‍රමයෙන් සීඝ්‍රගාමී වෙමින් තිබේ.චීනය මෙම අවි දෙවර්ගයේම අවි වැඩි වශයෙන් නිෂ්පාදනය කරයි.ඔවුන් සතු ඩීඑෆ්-26 මිසයිලයට “ගුවාම් මරුවා” යන අන්වර්ථ නාමය ලැබී තිබෙන්නේ එම මිසයිලයට ගුවාම් දූපතට ලගා වීමට හැකියාව ඇති නිසාය.එවැනි මිසයිලයක පියාසර කාලය මිනිත්තු 20 පමණ වන නිසා,එක්සත් ජනපද හමුදාවට ගුවාම් දූපතේ තිබෙන බෝම්බ හෙළන යානා ඉවත් කර ගන්නට ප්‍රමාණවත් කාලයක් නොලැබෙන තරම්ය.එහි අර්ථය වන්නේ බෝම්බ හෙළන යානා කඳවුර තුලදීම විනාශ වීමයි.වසර ගණනාවක් දූපත තුල ස්ථිර නේවාසිකයෙක් ලෙස සිටි මෙම බෝම්බ හෙළන ඉවත් කර ගන්නේ ඉහත කී තර්ජනයට ප්‍රතිචාරයක් වශයෙන් යැ‍යි කටකතා සංසරණය වේ.තවද ආරවුල් වර්ධනය වන කාල සීමාවන්හි මෙවැනි දෑ සිදු වන බව පෙනේ.එවැනි අවස්ථාවන්හි දී ඉදිරි පෙළ කඳවුරු වඩාත් අවදානමට පත් වන අතර විශ්මිත ප්‍රහාරයකින් විනාශ වීම වළක්වා ගන්නට ගුවන් යානා පෙරමුණේ සිට වඩාත් ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන යනු ලැබේ.ඒත් සමග අඛණ්ඩව බෝම්බ හෙළන යානා දියත් කිරීම අවසන් විය.

චීන ඩීඑෆ්-26 අතරමැදි පරාස බැලස්ටික් මිසයිලයට ගමන් කල හැකි උපරිම දුර කිලෝමීටර් 4000කි

බී-52 යානා ගුවාම් කඳවුර හැර ගොස් සති දෙකකට පසුව,එනම් මැ‍යි පළමු වෙනිදා බී-1බී බෝම්බ හෙළන යානා තුනක් කඳවුරට ලඟා විය.කෙසේවෙතත් ඇමෙරිකානු හමුදාව පවසන පරිදි මෙම දියත් කිරීම තාවකාලික එකකි.දෙරට අතර යුද්ධයක් ආරම්භ වුවහොත්,ඇමෙරිකාව සිටින්නේ ප්‍රතිචාර දැක්විය හැකි ස්ථාන වල නම් නොවේ.චීනය අයිතිවාසිකම් කියන තායිවානය,ඉලක්ක කරගෙන ආක්‍රමණයක් දියත් කලේ යැ‍යි අනුමාන කලහොත්,ඊට ප්‍රතිචාර දක්වන්නට ඇමෙරිකානු එක්සත් ජනපදය ගිවිසගෙන තිබේ.එවැනි අවස්ථාවක ජපානය සහ දකුණු කොරියාව යන රටවල පිහිටා ඇති ඇමෙරිකානු හමුදා කඳවුරු,සිය ගණනක් නැතිනම් දහස් ගණනක් වූ චීන බැලස්ටික් මිසයිලවල මෙහෙයුම් පරාසය ඇතුලතට පවතියි.ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කිරීමම,එම කඳවුරු වසා දැමීමට ප්‍රමාණවත්ය.ජපානය සහ දකුණු කොරියාව,ඇමෙරිකානු යුද ගුවන් යානාවලට සිය රටවල සිට මෙහෙයුම් සිදු කරන්නට ඉඩ දුන්හොත්,චීනය ඒ රටවලට එරෙහිව යුද ප්‍රකාශ කර,පහරදෙන්නේ යැයි ජපාන සහ දකුණු කොරියානු රජයන්ට දැනුම් දෙනු ඇත.

ගුවාම් හි ඇන්ඩර්සන් ගුවන් හමුදා කඳවුරට ඉහළින් පියාසර කරන බී-1බී බෝම්බ හෙළන යානයක්,2020 මැයි 21.

චීනයෙන් තායිවානය ආරක්ෂා කර ගැනීමට එක්සත් ජනපදයට ඉතිරි වන කඳවුරු පිහිටා තිබෙන්නේ ගුවාම් වැනි ඔවුන්ගේම භූමි ප්‍රදේශවල පමණි.එනමුත් ඩීඑෆ්-26 වැනි චීන මිසයිලවලින් එල්ල වන තර්ජනය සලකා බලද්දී,අනෙකුත් කෙටි දුර මිසයිලවලට සාපේක්ෂව චීනය සතුව තිබෙන්නේ ඩීඑෆ්-26 මිසයිල සුළු ප්‍රමාණයකි.ඒවාහි නිරවද්‍යතාවයද එතරම් ඉහළ මට්ටමක නොමැත.එනම් මිසයිලවලින් 50%ක්ම ඉලක්කයේ සිට මීටර් 200ක් පමණ දුරකින් පතිත වනු ඇත.කෙසේවෙතත්,ඒවා රැගෙන යන කිලෝග්‍රෑම් 1,500ක් බර අවි ශීර්ෂයකට විශාල ප්‍රදේශයක් විනාශ කිරීමේ හැකියාව තිබේ.නමුත් බෝම්බ හෙළන යානයක්,තෙල් ගබඩාවක් වැනි විශේෂිත ඉලක්කයක් විනාශ කිරීමට ඉහත කී නිරවද්‍යතාවය ප්‍රමාණවත් නොවේ.

චීනයෙන් තායිවානය ආරක්ෂා කර ගැනීමට එක්සත් ජනපදයට ඉතිරි වන කඳවුරු පිහිටා තිබෙන්නේ ගුවාම් වැනි ඔවුන්ගේම භූමි ප්‍රදේශවල පමණි.එනමුත් ඩීඑෆ්-26 වැනි චීන මිසයිලවලින් එල්ල වන තර්ජනය සලකා බලද්දී,අනෙකුත් කෙටි දුර මිසයිලවලට සාපේක්ෂව චීනය සතුව තිබෙන්නේ ඩීඑෆ්-26 මිසයිල සුළු ප්‍රමාණයකි.ඒවාහි නිරවද්‍යතාවයද එතරම් ඉහළ මට්ටමක නොමැත.එනම් මිසයිලවලින් 50%ක්ම ඉලක්කයේ සිට මීටර් 200ක් දක්වා වූ පරාසයක් තුල පතිත වේ.කෙසේවෙතත්,ඒවා රැගෙන යන කිලෝග්‍රෑම් 1,500ක් බර අවි ශීර්ෂයකට විශාල ප්‍රදේශයක් විනාශ කිරීමේ හැකියාව තිබේ.නමුත් බෝම්බ හෙළන යානයක්,තෙල් ගබඩාවක් වැනි විශේෂිත ඉලක්කයක් විනාශ කිරීමට ඉහත කී නිරවද්‍යතාවය ප්‍රමාණවත් නොවේ.

තවද,උතුරු කොරියාවේ අනතුරු ඇඟවීම්වලට ප්‍රතිචාර වශයෙන් ස්ථානගත කල THAAD හෙවත් පර්යන්ත ඉහළ උන්තාංශ ක්ෂේත්‍ර ආරක්ෂක පද්ධතිය නම් ප්‍රති-බැලස්ටික් මිසයිල පද්ධතිය තවමත් ගුවාම් දූපතේ තිබේ.කෙටි දුර සහ අතරමැදි පරාස බැලස්ටික් මිසයිල බිම හෙළීමේ හැකියාව මෙම මිසයිල පද්ධතිය සතුය.

THAAD ප්‍රති-බැලස්ටික් මිසයිල පද්ධතිය මිසයිලයක් දියත් කරන අයුරු

පහත දැක්වෙන්නේ එම මිසයිල පද්ධතියක් ගුවාම් දූපතේ ස්ථානගත කර තිබෙන අයුරු පෙන්වන චන්ද්‍රිකා ඡායාරූපයකි.බෝම්බ හෙළන යානා ස්ථීරව යෙදවීමේ වැඩසටහන අවසන් වීමට එකම හේතුව චීනයේ මිසයිල තර්ජනය නොවන බව පැහැදිලිය.තමන්ගේම සාම්ප්‍රදායික බැලස්ටික් මිසයිල වැනි අලුත් අවි පද්ධති දියත් කිරීමේ අරමුණින් තම සම්පත් තැනින් තැනට මාරු කිරීම තවත් විය හැකි හේතුවකි.

ගුවාම් දූපතේ THAAD පද්ධති ස්ථානගත කිරීම:චන්ද්‍රිකා ඡායාරූපය

අතරමැදි පරාස න්‍යෂ්ඨික අවි සීමා කිරීමේ ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුව,පසුගිය දෙසැම්බරයේදී අලුත් මධ්‍යම පරාසය බැලස්ටික් මිසයිලයක් අත්හදා බලන්නට එක්සත් ජනපදය ක්‍රියා කලේය.අවසානයේදී චීනය සහ උතුරු කොරියාව මට්ටු කිරීමට එම මිසයිල බටහිර පැසිෆික් කලාපය තුල ස්ථානගත කරනු ඇතැයි අනුමාන කල හැකිය.එවැනි කර්තව්‍යයක් සඳහා ඔට්ටු තැබිය හැකි හොඳ මර්මස්ථානයක් ලෙස ගුවාම් කඳවුර වැදගත්ය.එනමුත් තවත් වසර කිහිපයකින් මෙපිට එවැන්නක් සිදු නොවනු ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය සතු AGM-183 නම් අධිධ්වනි මිසයිල බී-1බී බෝම්බ හෙළන යානාවල රැගෙන යන බවත්,වර්ෂ 2022 වන තෙක් එය මෙහෙයුම් සඳහා එක් නොවනු ඇති බවත් නිවේදනය කර තිබේ.ඒ අනුව “ජෑසම්” වැනි ගොඩබිම් ප්‍රහාරක කෲස් මිසයිල සහ “ලරෑසම්” නම් නවතම නෞකා-නාශක මිසයිල වලින් සන්නද්ධ බී-1බී බෝම්බ හෙළන යානා දැනට මාරුවෙන් මාරුවට යෙදවීම කල යුතුව තිබේ.

එක්සත් ජනපදයේ AGM-183 අධිධ්වනි මිසයිලයක්(සුදු පැහැයෙන්) රැගෙන පියාසර කරන බී-52 බෝම්බ හෙළන යානයක්

පසුගිය අප්‍රේල් මාසයේදී පැසිෆික් සාගරය ඇතුලත සක්‍රීය මෙහෙයුම් කල හැකි ගුවන් යානා ප්‍රවාහන ප්‍රහාරක කණ්ඩායමක් නොතිබිණි.මාර්තු මාසයේදී කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් වීම නිසා යූ එස් එස් තියොඩෝර් රූස්වෙල්ට් ගුවන් යානා ප්‍රවාහන නෞකාව ගුවාම් හි නැංගූරම් ලෑවේය.එම නෞකාව නැවතත් මුහුදට ප්‍රවේශ වන්නේ මාර්තු 21දාය.

2020 ජූනි 4 වන විට ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවල පිහිටීම:CVN 71 යනු යූ එස් එස් තියොඩෝර් රූස්වෙල්ට් නෞකාවයි

 යූ එස් එස් ලින්කන් සහ රේගන් යන නෞකා නඩත්තු කටයුතු සඳහා සිය මවු කඳවුරු බලා ගොස් තිබිණි.යූ එස් එස්  නිමිට්ස් නෞකාව නැවත දියත් කිරීමට ප්‍රථමයෙන් සිදු කරන පෙරපුහුණුවීම් වල නිරතව සිටියේය.ඒ අනුව බී-52 බෝම්බ හෙළන යානා ගුවාම් කඳවුරෙන් ඉවත් කර ගන්නේ අවදානම් සහගත කාල සමයකයි.

 source:youtube@Covert Cabal

%d bloggers like this: