Menu Close

Thappad – #Review

හොඳ කලර් ග්‍රේඩ් එකක්, ඩිබේටබල් ඩයලොග්ස් ටිකක් , හරිම සරල කාරණාවක්, එකම එක කම්මුල් පාරක්, ගෑණු ගොඩක් මැද්දේ දුවන female centric චිත්‍රපටියක්. සාරාංශයක් විදියට දැනට අපි එහෙම දකිමු. කම්මුල්පාරක් ෆිල්ම් එකේ මේන් ඉන්සිඩන්ට් එක වුණාට, මට හිතෙන්නේ ‘තප්පඩ්’ කියන්නේ ‘සමාව’ කියන වචනය අතරේ දෝලනය වෙන නිර්මාණයක්. හරි, අපි මුලක ඉඳන් පටන් ගමු.


හැබැයි ඊටකලින්, රිවීව් එකක් දෙන්න තරම් බයිස්කෝප් ගැන මහා ලොකු දැනුමක් මට නැහැ, සරලවම මම දන්නා බම්බුවක්ම නැහැ. ඒ නිසා මං ලියන්නේ ‘මම දන්නා පරාසයේ’ ඉඳලා නෙවේ, ‘මට දැනෙනා පරාසයේ’ ඉඳලා. අනිත් එක සමාජ කතිකාවතක් ගොඩ නැඟුණු නිර්මාණයකට රිවීව් එකක් අපිට ඕනෑ ඕනෑ හැටියට දෙන්නත් බැහැ. චරිතයක් අගය කරන්නත් විවේචනය කරන්නත් කලින් ඒ හැම චරිතයක් උඩ අපිටම හිටගෙන ඉස්සෙල්ලම බලන්න වෙනවා. ඒ ප්‍රශ්නෙට මූණ දෙන එක, ඒකට රිඇක්ට් කරන එක කොච්චර සාධාරණද අසාධාරණද කියන්න කලින්.

පහුගිය දවසක මගේ හිතවතෙක් මේකට රිවීව් එකක් ලියපං කියනවා, ලින්ක්ස් දෙක තුනකුත් එවනවා. ඒ ටික කියවන්න මම දෙපාරක් හිතනවා මොකද මගේ අදහසයි ඒ අදහස් ටිකයි කොයි කොයි විදියට ගැටිලා මං මගේ අදහස එඩිට් කරගනිවිද කියලා. එයාලා දැකපු විදියයි මං දකින විදියෙයි නොගැලපීමක් තියෙනවා. ඒ නිසා මං මේක ලියන්න ගන්නවා. හදිසියේ හරි සමාන වුණානම් මං මගේ හිතවතාට මැසේජ් එකක් යවලා මගේ කෝණ මාන අකුලා ගන්නවා. දැන් තත්වේ වෙනස් !

ප්ලොට් එකේ විදියට ‘අම්රිතා සාන්ධු’, ‘වික්‍රම්’ ව බැඳලා ගෘහණියක් විදියට සතුටින් ජීවිතය ගත කරනවා. ‘අයිඩියල් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්’ (Idol Husband and Wife) ප්‍රේක්ෂකයන් විදියට අපි ඔවුන්ව දකිනවා. ඒ අතරේ තව ෆ්රේම්ස් 7ක් තියෙනවා. ගැහැණු වර්ග 7ක් නිරූපණය වෙනවා. චිත්‍රපටියේ ඕපනින් ඩයලොග් එකයි එන්ඩින් ඩයලොග් එකයි අවසානයේ මුණ ගස්සනවා. ‘ඇයි අපි බඳින්න ඕනේ’ ඉඳන් ‘ඇත්තටම මම ඔයාගෙන් කවදාවත් සමාව ඉල්ලුවේ නෑ’ කියන තැනට ගේනවා. ‘වික්‍රම්’ අතින් පිරිසක් ඉදිරියේ ‘අම්රිතාට’ කම්මුල් පාරක් වදිනවා. ඉතිං ඒ ‘කම්මුල්පාර’ ඔවුන්ගේ විවාහය දෙදරවනවා, අපිත් එහෙම හිතනවා.

සම්පූර්ණ ෆිල්ම් එක ගැන මගේ ඇහැට keywords 3 ක් සෙට් වෙනවා;


1.     Apologizing;

මට හිතෙන්නේ කම්මුල්පාර ෆිල්ම් එක රන් කරවන්න දාපු ටූල් එකක්, බේස්මන්ට් එක ‘apologizing කොන්සේප්ට් එක උඩ දුවනවා. අම්රිතාගේ නෑනා ‘ස්වාති’ යි ‘කරනුයි’ අතරේ ප්‍රශ්න පැච් අප් වෙනවා, අම්රිතා, වික්‍රම් අතරේ දේවල් එහෙම නොවෙනවා. අපි ෆැන්ටසි ලෝකවල ඉඳන් හිතනවා, ගැහැණු කියවනවා අවසානයේ පිරිමි සමාව ගන්නවා විදියට. විවාහයකට පස්සේ ඒක එහෙම නෑ. සමාව ගන්නවා කියන්නේ පිරිමියෙකුගේ ලොකුම ඊගෝ එකක්. ඒක නිර්මාණකරුවා ඉස්මතු කරලා පෙන්නනවා.

2.     Popsicle;

ප්‍රධාන ෆ්රේම්ස් 7න් 5කම තියෙන තැඹිලි පාට පොප්සිකල් එක මෙතැන අයිකොනික් ඔබ්ජෙක්ට් එකක් විදියට තියෙනවා. මට හිතෙන විදියට ඒ දේවල් දෙකක් නිසා. එක; බයිසිකල් කට්ටේ ඉඳන් මර්සිඩීස් වාහනය පදින කෙනා දක්වා අයිස් පලමක් කියන්නේ මොළේට යනකම් දැනෙන සැර සීතල විඳගෙන කටේ ඔබගෙන කන්න කැමති දෙයක්. ඔව් සැර සීතල විඳින්න කැමතියි. හරියටම අපි බැඳීම් හදාගෙන ඒවගේ දුක බලෙන් විඳවනවා වගේ දෙයක්. දෙක; ඒ හැම අවස්ථාවකම අයිස් පලම කන්නේ චිත්‍රපටියේ කතා කරන්න ඕනෑමය කියන චරිත, හරියට මයික් එකක් අතට දීලා කතා කරන්න කියනවා වගේ, අයිස් පලම අල්ලන් කතා කරනවා, ඒ සැර සීතල විඳ විඳ.

3.     Woman as a Wife;

මේක තමා හොඳම පොයින්ට් එක, ෆිල්ම් එක නැට්ටෙන්ම ඇල්ලෙන කොටස, ස්ත්‍රීවාදය, feminism කර පින්නා ගෙන කර පන්නා ගෙන එන කොටස. මගේත් ෆෙමිනිස්ට් ගති ලක්ෂණ වැඩියි. හැබැයි පොඩි අවුලක්, ෆෙමිනිස්ම් කියන්නේ ‘පිරිමි වැරදි ය, පිරිමි එපා ය’ කියන ප්රෝටෙස්ට් එක නම් මගේ නම එතැනින් කපාදාන්න. මං ඉන්නේ වෙනත් අදහසක. ගෑණියෙකුට අත උස්සන්න පිරිමියෙකුට බෑ, ඒක සදාචාර සම්පන්න නෑ, ඉතිං ‘අම්රිතාට වුණේ අසාධාරණයක්, ඇගේ ඉමෝෂන්ස් සාධාරණ යි’ ඔව් ඒක ඇත්ත, ඒත් වරද වික්‍රම්ගේ විතරද, physical වැරැද්ද මත අපිට පිරිමි සංහතියක් නිර්ණය කරන්නට හැකිද? අම්රිතාට mentally වැරද්දක් ඇය ආශ්‍රය කළ ගෑණුන්ගෙන් වුණේ නැද්ද ? ‘වික්‍රම් හොඳට නිදාගත්තද, ඔයා එයාට කතා කළාද’ පහුවදා උදේම නැන්දම්මා අසත්පුරුෂ වචන ටිකක් හරිම කාරුණික ටෝන් එකකින් අම්රිතාගෙන් අහනවා. ‘බැන්දාට පස්සේ අපි මහත්තයාට ජීවිතේම කැප වෙන්න ඕනේ’ තමන්ගේම අම්මා දුවගේ අභිමානය ගලවලා විසි කරනවා.

ඔය අතරේ මට පුද්ගලික අත්දැකීමක් මතක් වෙනවා. මගේ සහෝදරයාගේ දුව, ආන්‍යා  ඉස්කෝලේ ඇරිලා අඬාගෙන ගෙදර එනවා, ඉස්කෝලේදී කොල්ලෙක් තල්ලු කරලා දණිස් දෙක පදමට බිම උලච්චි කරගෙන. මුලින්ම නඩුව හැන්ඩල් කරන්න ආවේ මට. ‘ඉතිං තමුසේ අඬාගෙන ගෙදර ආවද? උගේ පිට පැලෙන්න ගහන්න තිබ්බා නේද, ආ ?’ කටු රත් වුණු මාත් පොඩි එකාටම බැන්නා. ඌ තව හයියෙන් අඬනවා. ‘ඔයාගේ කට නම් අන්තිමයි, ළමයෙකුට කියල දෙන ඒවද මේ ? මරු නැන්දා’ ඒ අපේ අම්මා. ඉහළින් මට සද්ද අකුලගන්න නියෝග ආවා. ඒක ‘වයලන්ස් ප්‍රොමෝෂන්’ එකක් දක්වා දුරදිග ගියා. එදා දවසම මම ගෙදර නරක ගෑණි වුණා. මං අදටත් පොඩි එකාට කියපු එකේ වරදක් නොදකිනවා. ‘බැන්නොත් බැනපන් ගැහුවොත් ගහපං, at the end, you have to save yourself


ෆිල්ම් එක අවසානයේ වරද කැරකිලා අම්මටම එනවා, දුවෙක්ව ගොඩ නැගිය යුතු විදියට උස මහත් නොකිරීමේ වරද අවසානයේදී අම්මට පැටවෙනවා. පුද්ගලිකවම මාවත් අපේ අම්මා ඒ විදියටම හදන්න හිතනවා. මං ඒ විදියට හැදෙන්න තීරණය නොකර ඉන්නවා. ඒ නිසා ඒ වරද පැටවීම කොච්චර සාධාරණද අසාධාරණද කියන්න මිනුමක් මං තාම හිතනවා. 


ගැහැණියකගෙන් සාධාරණය පටන් ගෙන ගැහැණියක ගෙන්ම අසාධාරණය සිදුවෙන තැනට තප්පඩ් ෆිල්ම් එක ‘අනුබව් සින්හා’ ගාණට රූලට සෙලෝලයිඩ් කරනවා. වික්‍රම් සහ තප්පඩ් කියන්නේ ඔහු ෆිල්ම් එක රන් කරන්න පාවිච්චි කරපු මෙවලම් දෙකක් විතරමයි. මං කියන්නේ නෑ පිරිමියා හරිම හොඳය, මල් වගේය කියලා. හැබැයි අපි සාධාරණව කතා කරමු, මැද ඉඳන් කතා කරමු. මං වෙනම මතයක් දරනවා වෙනුවට, ඒ හැම එකක් එක්කලාම මේකත් එකතු කරලා අපි බයිස්කෝප් එක කතා බහට ලක් කරමු. තව කතා කරන්න ඕනෑ නම් ඩයලොග්ස් පිටින් මං ලැහැස්තියි කයියකට සෙට් වෙන්ඩ බියර් එකකුත් බොනගමනෙම.

තාප්සී පන්නු you did the best !

අනූ පෙරේරා | සිත්තම් මායා

%d bloggers like this: