Menu Close

ශ්‍රි ලංකාවේ නීති වලට එකඟවන්න බැරි විදේශ තානාපති නිලධාරින්ට රටට ඇතුල්වන්න ඉඩදෙන්නේ නෑ. එක්සත් ජාතීන්ගේ දුතයින්ටත් වලංගුයි.

    පසුගියදා තමා යටත් ඇමෙරිකානු ව්‍යවස්ථාවට පමණක් බව කියමින්  PCR   පරික්ෂණ වලට භාජනය විම ප්‍රතික්ෂේප කරමින් මෙරටට ඇතුල් වු ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියා ගේ වනචර ක්‍රියා කලාපයට පිළිතුරු වශයෙන් රජය මෙම පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවට ඇතුළු වන රාජ්‍යතාන්ත්‍රිකයන් සඳහා PCR පරීක්ෂණ සහ නිරෝධායන ක්‍රියා පටිපාටි අනුකුල විය යුතු බවට නියම කර තිබේ.
විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අදාල නිවේදනය පහත දැක්වේ.
කොරෝනා වයිරස වසංගතයෙහි ව්‍යාප්තිය වැළැක්වීම සහ අවම කිරීම සඳහා කොළඹ සිටින කොළඹට අනුයුක්ත රාජ්‍යතාන්ත්‍රිකයින් ශ්‍රී ලංකාවට ඇතුළු වන විට නැවත පිටවන විට ඔවුන් සම්බන්ධයෙන් සිදු කළ යුතු PCR පරීක්ෂණ සහ නිරෝධායන ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් 2020 ජුනි 4 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංශෝධිත උපදෙස් නිකුත් කිරීමෙන් අනතුරුව එම උපදෙස් කොළඹ පිහිටි සියලු රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල,එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාල සහ එහි විශේෂිත නියෝජිතායතන, ජාත්‍යන්තර සංවිධාන සහ නිර්වේතනික කොන්සල් කාර්යාල වෙත රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ දැනුම් දීමට විදේශ සබ‍ඳතා අමාත්‍යාංශය වහාම පියවර ගත්තේය.
මෙම සංශෝධිත උපදෙස් පහත පරිදි වේ :
  •  අදාළ බලධාරීන්ගෙන් පූර්ව අනුමැතිය ලබා ගැනීම පිණිස රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමට නැවත පිටවීමට නියමිතව සිටින රාජ්‍යතාන්ත්‍රිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් පිළිබඳ තොරතුරුල අදාළ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල විසින් විදේශ සබඳතා අමාත්‍යාංශයට වාචික සටහනක් (Note Verbal) මගින් කල්තබා දැනුම් දිය හැකිය.
  • එම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් විසින් අදාළ රටවලින් පිටත්ව යාමට පෙර පැය 72 ක් ඇතුළත ලබාගත් PCR පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ යුතු වේ.
  • එම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අදාළ PCR පරීක්ෂණ වාර්තා ලබා දීමට නොහැකි නම්ල ඔවුන් කටුනායක,බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අනිවාර්ය PCR පරීක්ෂණයකට භාජනය කරනු ඇත.
  •  දූත මණ්ඩල ප්‍රධානීන් සහ පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ නිල නිවාසවල දී ස්වයං නිරෝධායනයට ලක් විය යුතුය පැමිණෙන අනෙකුත් සියලුම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් දූතමණ්ඩල ප්‍රධානීන්ගේ එකඟතාවයට හා අධීක්ෂණයට යටත්ව දින 14 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරනු ලබන හෝටලයක (වෙන් වෙන් වශයෙන් පිහිටි නිවාස නොමැති නම්) නිරෝධායන ක්‍රියා පටිපාටීන් අනුගමනය කළ යුතුය.
  • මෙම දින 14 ක නිවාස නිරෝධායනය අවසන් වූ වහාම ඒ බව රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයින් විසින් විදේශ සබඳතා අමාත්‍යාංශයට දැනුම් දිය යුතු වන අතර කොරෝනා වයිරස් වසංගතය පැතිරීම පාලනය කිරීමට සහ වැළැක්වීම සඳහා දූත මණ්ඩලය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ට අනුව එම නිලධාරියා දූත මණ්ඩලයෙහි සේවය නැවත ආරම්භ කිරීමට පෙර දූත මණ්ඩලය මඟින් සිදු කරන ලද දෙවැනි PCR පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කළ යුතුය.
  • රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ගමන් විස්තර ඔවුන් පිටත් වීමට අවම වශයෙන් පැය 48 කට පෙර රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිත කාර්යාල මඟින් මෙම අමාත්‍යාංශයේ සංධාන ප්‍රධානී වෙත යැවිය යුතුය.
ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන ඉහත ක්‍රියා පටිපාටීන් අනුගමනය කිරීම සඳහා ඇති එකඟතාවයට යටත්ව රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණීම අනුමත කරන බව විදේශ අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.
විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ.
2020 ජුනි 5 වැනි දින
%d bloggers like this: