Menu Close

රුසියාවෙන් සිරියානු ගුවන් හමුදාවට මිග්-29 ෆයිටර් ජෙට් යානා

syrian-air-force-receives-advanced-mig-29-fighter-jets-from-russia

රුසියාව වැඩි දියුණු කල මිග්-29 ෆයිටර් ජෙට් යානා කාණ්ඩයක් සිරියානු අරාබි ගුවන් හමුදාවට ලබා දුන් බව සිරියානු අරාබි පුවත් සේවය මැයි 30දා නිවේදනය කලේය.මෙය රුසියාවෙන් සිරියාවට ලබා දෙන දෙවන මිග්-29 ෆයිටර් ජෙට් යානා කාණ්ඩයයි.

සිරියාවේ දකුණු ලටාකියා හි රුසියානු මෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ පවත්වන ලද නිල උත්සවයකින් පසුව මෙම යානා කාණ්ඩය සිරියානු ගුවන් හමුදාව භාර දුන්නේය.

පුවත් වාර්තාවට අනුව මෙම ජෙට් යානා එහි කලින් පරම්පරාවට වඩා කාර්ය සාධනයක් සහිතය.ජෙට් යානා නිල වශයෙන් සිරියාවට ලබා දීමෙන් පසුව ඒවා සිරියානු අරාබි ගුවන් හමුදාවේ ගුවන් හමුදා කඳවුරු බලා පිටත්ව ගියහ.

මෙම යානා සිරියානු ගුවන් හමුදාවේ සේවයට එක් වන්නේ ජූනි පළමුවෙනිදා පටන් යැ‍යි සඳහන්වේ.

ලබා දුන් මිග්-29 යානා ගණන හෝ ඒවාහි විශේෂාංග හෝ වෙනත් කිසිදු විස්තරයක් හමුදාව ප්‍රසිද්ධ කලේ නැත.පසුගිය දිනවල මිග්-29 ෆයිටර් ජෙට් යානා ගණනාවක් මෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ දැක ගන්නට ලැබිණි.ඒවා ලිබියානු ජාතික හමුදාවට ලබා දෙන්නට ගෙන ආ යානා යැ‍යි එක්සත් ජනපදය පැවසුවද,ඔවුන් ඡායාරූප ගත කර තිබෙන්නේ සිරියානු ගුවන් හමුදාවට භාර දුන් මිග්-29 යානා බවට දැන් සැකයක් නැත.

අලුත් යානා කාණ්ඩය සැපයීමට ප්‍රථමයෙන් අවම වශයෙන් මිග්-29 ෆයිටර් ජෙට් යානා 20ක් වත් සිරියානු අරාබි ගුවන් හමුදාව සතුව තිබිණි.සිරියාවට ලබා දුන් ජෙට් යානා ‘SM’ නම් ප්‍රමිතියට වැඩිදියුණු කල ඒවාය.ඒ හරහා ඇසට නොපෙනෙන මානයේ තිබෙන ගුවන් ඉලක්ක වෙත මිසයිල දියත් කිරීමටත්,නියතාර්ථ නියාමක අවි ගොඩබිම් ඉලක්ක වලට එරෙහිව යොදා ගන්නටත් අවස්ථාව ලැබේ.ඊට අමතරව මිග්-29SM යානා සක්‍රීය සංඥා අවහිර කිරීමේ පද්ධතිවලින් ද සමන්විතය.

ටැලිස්මන් නම් වාසර ආරක්ෂක පද්ධතියෙන් සන්නද්ධ සිරියානු මිග්-29 ජෙට් යානයක්

හමුදා මූලාශ්‍ර සඳහන් කරන පරිදි අලුතින් ලබා දුන් මිග් යානා කලින් සිරියාව සතුව තිබූ යානාවලට වඩා උසස් තත්ත්වයේ ඒවාය.එනම් අලුත් කාණ්ඩය මිග්-29SMT හෝ මිග්-29M සංස්කරණවලට අයත්ය.

අවසන් වරට තුර්කිය සමග යුද වැදුණු සමයේ වයඹදිග සිරියාවට ඉහළ අහසේ පියාසර නිෂේධන කලාපයක් බලගැන්වීමට අසමත් වූ සිරියානු ගුවන් හමුදාවට අලුත් මිග්-29 යානාවලින් සැලකිය යුතු බලයක් හිමිවේ.

source:southfront.org

%d bloggers like this: